පරිසරය, පාරිසරික ගැටලු හා පරිසර සංරක්‌ෂණය පිළිබඳව අපේ සමාජයේ බොහෝ දෙනකු දැනුවත් ය. පාසලේ හා විශ්ව විද්‍යාලයයේ දී පමණක් නො ව වෙනත් විවිධ ස්‌ථානවල දී ද පරිසරය පිළිබඳව විවිධ මට්‌ටමේ දැනුවත් කිරීම් සිදු වන ආකාරය දැකිය හැකි ය. විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ ද පරිසරය පිළිබඳව දැනුවත් කිරීම් දැකිය හැකි ය. මේ අනුව අපේ සමාජයේ සැලකිය යුතු පිරිසක් ඉහත කී කරුණු පිළිබඳව දැනුමක් ඇති පිරිසක් විය යුතු ය. විශේෂයෙන් වයස අවුරුදු 40ට අඩු තරුණ පිරිස් පිළිබඳව සලකන්නේ නම් ඔවුන් ගෙන් බහුතරයක් අයත් වන්නේ සාපේක්‌ෂව වැඩි පාරිසරික දැනුමක් ඇති කාණ්‌ඩයට ය. එහෙත් අපේ සමාජයේ අප දකින දේ අනුව එය එසේ ම යන ගැටලුව ඇති වේ.
මඟ තොටේ දකින ඇතැමුන් අපද්‍රව්‍ය තැනින් තැන දමන ආකාරය නිතර දැකිය හැකි ය. කැළි කසළ ද තැනින් තැන දමන ආකාරය ද සුලබ දසුනකි. එසේ ම නිවෙස්‌වලින් තෝරා වෙන වෙන ම ලබා දෙන කැළි කසළ වෙන් වෙන් ව එකතු කිරීම වෙනුවට කසළ එකතු කරන සේවකයන් එකට ම දමා ගන්නා අයුරු ද දකින්නට ලැබෙන දසුනකි. විවිධ දැන්වීම්වලින් පවා පෙන්වා දෙන ලද නමුත් කාර්යාලයෙන් හෝ කාමරයකින් පිටතට යන විට විදුලි පහනක් හෝ විදුලි පංකාවක් හෝ නිවා නො දමන පිරිස තවමත් ඉහළ ය. ඒවායින් නික්‌මෙන වායු විෂ සහිත විය හැකි බව දැන දැන ම පොලිතින් හා ප්ලාස්‌ටික් ආදිය ගිනි තබන්නන් ද බොහෝ ය. එසේ ම හැකි අවස්‌ථාවල දී පවා පොලිතින් හා ප්ලාස්‌ටික් බෑග් භාවිතය අත්හැර ඇත්තේ කීයෙන් කී දෙනෙක් ද?
මේ තත්ත්වය එතැනින් නො නවතී. වනාන්තර ගිනි තැබීම විනාශයක් බව දැන දැන ම සැම වසරක දී ම වනාන්තර ගිනි තැබීම සිදු කරන ආකාරය අපට දැකිය හැකි ය. කඩොලාන බිම් වනසන ඇතැම් පිරිස් ඒවායින් ලැබෙන ප්‍රයෝජන භුක්‌ති විඳින්නන් ම ය. තම වගාබිම්වලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බොහෝ අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය යොදන පිරිස් මෙරට ගොවීන් අතර සුලබ ය.
මෙසේ වන්නේ ඇයි? පරිසරය පිළිබඳව දැනුවත් වූ පිරිස් අතරින් පවා තමන් ගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදු වන බලපෑම් ගැන දෙවරක් සිතන්නේ කීයෙන් කී දෙනෙක් පමණක් ද? මේ තත්ත්වය අපේ අවධානයට යොමු විය යුතු තත්ත්වයකි. ඒ තත්ත්වය අපේ රටට පමණක් සීමා වූ ගැටලුවක් ද නො වේ. කෙතරම් උගත් නමුත්, කෙතරම් දැනුවත් වී ඇති නමුත් තම කටයුතුවල දී මේ පිරිස් පරිසරයට වන බලපෑම් පිළිබඳව නො සිතන අතර හා පාරිසරික කරුණුවලට මුල් තැනක් නො දෙති. එනම් පාරිසරික සවිඥානිකතාව නොමැති වීම ය.
පාරිසරික අධ්‍යාපනය අසාර්ථක ද?
පාරිසරික අධ්‍යාපනය (Environmental education) අධ්‍යාපනයේ මෙන්ම පරිසර සංරක්‌ෂණයේ ද වැදගත් අංගයකි. නූතන පරිසර සංරක්‌ෂණ ව්‍යාපාරය තුළ මෙය විශේෂයෙන් වැදගත් ලෙස සලකා තිබේ. එසේ ම මේ සඳහා විවිධ ක්‍රමවේද ද භාවිත කර ඇත. මෙහි දී සැලකිල්ලට ගෙන ඇති වැදගත් කරුණක් වන්නේ ළමා වියේ දී, එනම් වැඩිහිටියන් බවට පත් වීමට ප්‍රථම ලබා දෙන අධ්‍යාපනය තුළින් පුද්ගලයකු තුළ යම් වෙනසක් කළ හැකි ය යන්න ය. මේ නිසා පාරිසරික අධ්‍යාපනයේ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ පාසල් ළමයින් වෙත ය. ඔවුන් කේන්ද්‍ර කරගත් විධිමත් මෙන්ම අවිධිමත් පරිසර අධ්‍යාපනික උපක්‍රම ලෝකය පුරා ක්‍රියාත්මක කර ඇත.
අපේ රටේ පරිසර අධ්‍යාපනය ද කලක් තිස්‌සේ සිදු වී තිබේ. එය විධිමත් ව පාසල් අධ්‍යාපනය තුළින් ද සිදු වී ඇති අතර අවිධිමත් ලෙස විවිධ රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධානවල ක්‍රියාකාරිත්වය හරහා ද පොත් පත් හා ජනමාධ්‍ය ඔස්‌සේ ද සිදු වී ඇත. විධිමත් අධ්‍යාපනය යටතේ පරිසරය පිළිබඳව පාසල් විෂය නිර්දේශය තුළ සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා දේ. මෙය බොහෝ විට යොමු වී ඇත්තේ පරිසරයේ ඇති සම්පත් ආදී පොදු කරුණු පිළිබඳව හැදෑරීමට ය. පාරිසරික ගැටලු හා පරිසර සංරක්‌ෂණය පිළිබඳව කරුණු සඳහා ලැබෙන්නේ සාපේක්‌ෂව අඩු අවස්‌ථාවක් බව පෙනේ. නව දැනුම අධ්‍යාපන විෂයට එක් වීම සිදු වන්නේ ද ප්‍රමාදයක් සහිත ව ය.
මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධානවල මැදිහත් වීමෙන් අවිධිමත්ව සිදු වන පාරිසරික අධ්‍යාපන කටයුතු වැදගත් වේ. එය පාසල් මට්‌ටමින් ඔබ්බට ගිය පුළුල් වූ අධ්‍යාපනික වැඩසටහනකි. එහි හඳුනාගත හැකි ප්‍රධාන අරමුණක් වන්නේ පාරිසරික ගැටලු හා ඒවා සඳහා වන විසඳුම් වැඩි අවධානයකට ලක් වීමයි. මෙවැනි දැනුවත් කිරීම් වැඩසටහන් ගත වූ දශක තුනක කාලයක් තුළ මෙ රට බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වී තිබේ. (එසේ නො වේ නම් ඒ ත්‍රස්‌තවාදී අර්බුදයකින් සියලු සිවිල් කටයුතු අඩපණ ව පැවැති උතුර හා නැඟෙනහිර යන පළාත්වල හා ඊට ආසන්න ප්‍රදේශවල පමණකි.) මේ කටයුතු ඔස්‌සේ දැනුවත් වී ඇති පිරිස ද විශාල වේ.
කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් අපේක්‌ෂිත ප්‍රතිඵල ලැබී තිබේ ද? තවමත් පරිසර විරෝධී කටයුතු සිදු වෙමින් තිබේ. රැකගත යුතු බව හොඳින් ම දන්නා වනාන්තර වනසා කිසිදු අරමුණක් නොමැති මාර්ගයක් තැනීමට එරෙහි ව ජනතාව උද්ඝෝෂණය කරන්නේ (හෝ උද්ඝෝෂණය කිරීමට ඔවුන් පෙලඹවිය හැක්‌කේ) ඇයි? 'ලෝක උරුමය' වෙනුවෙන් 'ජනතාව ගේ උරුමය' නො සලකා හැරීමක් ගැන පුවත්පත්වල ලියෑවෙන්නේ ඇයි? අනාදිමත් කාලයක් තිස්‌සේ පරිසරය සමඟ සහජීවනයෙන් විසූ ජනතාවක් දැන් දැන් අලින් පමණක් නො ව රිලවුන් වඳුරන් පවා මිනිස් ජනාවාසවලින් ඉවත් කරන්නැයි පවසන තැනට කටයුතු සිදු වී තිබේ. මෙසේ වන්නේ ඇයි?
කෙසේ වෙතත් ලෝකයේ පාරිසරික අධ්‍යාපනය කෙතරම් සාර්ථක ද යන්න ගැටලුවකි. මේ අධ්‍යාපනික වැඩසටහන්වලින් අපේක්‌ෂිත ප්‍රතිඵල ලැබී තිබේ ද යන්න ගැටලුවකි. අපේ රටේ පමණක් නො ව ලෝකයේ බොහෝ රටවල ඇත්තේ මේ හා සමාන තත්ත්වයකි. මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනවලට අනුව මේ සඳහා සරල පිළිතුරක් ලබා දිය හැකි ය. පාරිසරික අධ්‍යාපනයක් කෙතරම් ලබා තිබුණ ද කෙතරම් දැනුවත් වීමක් සිදු වී තිබුණ ද තම එදිනෙදා කටයුතුවල දී පාරිසරික කරුණු කාරණා පිළිබඳව නො සලකා හැරීමට හේතුව නම් ඒ කරුණු ජනතාව (හෝ ඇතැම් පිරිස්) තම ජීවිතවලට එක් කරගෙන නො තිබීම ය. පාරිසරික වශයෙන් සිතීමට ඔවුන් තවමත් නො පෙලඹී තිබීම ය. මේ අනුව පෙනෙන්නේ දැනුවත් වූ පමණින් ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරයෙන් මිනිසුන් ගේ ආකල්ප, චින්තනය වෙනස් වී නොමැති බව ය. මෙය පාරිසරික සවිඥානිකතාවක් නො තිබීමේ ප්‍රතිඵල සේ දැක්‌විය හැකි ය. මීට විවිධ සාධක බලපායි.
පළිබෝධනාශක පාලනයකින් තොර ව යෙදීම මේ සඳහා යෝග්‍ය නිදසුනකි. මේ නිසා පරිසරයේ වෙසෙන හිතකර ජීවීන් පවා විනාශ වන අතර පරිසරය ද දූෂණයට ලක් වේ. මේ බව පාසල් අධ්‍යාපනය තුළින් ද ජනතාවට ලබා දී ඇති දැනුමට ඇතුළත් ය. එහෙත් උඩරට ප්‍රදේශවල එළවළු වගාව සඳහා මෙන්ම වී ගොවිතැනට ප්‍රසිද්ධ දිස්‌ත්‍රික්‌කවල ද පළිබෝධනාශක හා රසායනික පොහොර වැනි කෘෂිරසායනික ද්‍රව්‍ය නිර්දේශිත ප්‍රමාණ ද ඉක්‌මවා යොදාගන්නා ආකාරය බොහෝ විට දැකිය හැකිය. මෑත දී අප සමඟ අදහස් දැක්‌වූ මේ ප්‍රදේශවල සමාජ-පාරිසරික ක්‍රියාකාරීන් පෙන්වා දුන් කරුණක් වූයේ එළවළු මෙන්ම වී වගාව සඳහාත් පළිබෝධනාශක පාලනයකින් තොර ව යෙදීමේ ඇති අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කිරීම තබා ඒ ගැන කතා කිරීමට වත් ගොවීන් කැමැත්තක් නැති බව ය. ඔවුන් වෙනත් මාර්ගවලින් ඒ පිළිබඳව බොහෝ සේ 'දැනුවත් කර' ඇති බවක් පෙනේ. මේ බව ඇතැම් ප්‍රදේශවල ගහක් ගහක් හා ලියෑද්දක් ලියෑද්දක් ගානේ ඇති කෘෂි රසායන ලේබල අනුව ද පෙනේ. පෙර කී ආකාරයෙන් පරිසරය පිළිබඳව දැනුවත් වී ඇති තරුණ පිරිස් පවා ආර්ථිකය හා ආදායම පිළිබඳව කරුණු හමුවේ දැනුවත්භාවය යටපත් ව ඇති බවක් මේ අනුව පෙනේ.
පාරිසරික සවිඥානිකතාව
පාරිසරික සවිඥානිකතාව (Environmental consciousness) පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වන්නේ මේ නිසා ය. පාරිසරික සවිඥානකතාව යනු පරිසරයට සිදු වන හානිකර බලපෑම් අවම කර ගනිමින් ජීවත් වීම යනුවෙන් සරලව හැඳින්විය හැකි ය. මෙය පුද්ගල හැසිරීම හා සම්බන්ධ සංකල්පයකි. ඇතැම් අවස්‌ථාවල 'පාරිසරික සැලකිල්ල' (environmental concern) ලෙස ද හඳුන්වනු ලබන්නේ මේ අදහස ම බව පෙනේ.
මේ අර්ථකථන අනුව පාරිසරික සවිඥානිකතාව සම්බන්ධව කරුණු කිහිපයක් වැදගත් බව පෙනේ. ඒවා නම් පුද්ගලයන් සතු පාරිසරික දැනුම හා අවබෝධය ඉහළ වීම, ඔවුන් ඒ ගැන දරන ආකල්පය, පරිසර හිතකාමී ලෙස ක්‍රියා කිරීමට ඇති කැමැත්ත හා ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම (ජීවත් වීම) යන කරුණු මඟින් එය සම්පූර්ණ වේ. පරිසරය ඔවුන් ගේ ජීවන වටිනාකම් අතර කුමන ස්‌ථානයක තිබේ ද යන්න ද වැදගත් ය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පරිසර හිතකාමී ජීවන පිළිවෙතක් ඇති සමාජයකි.
පාරිසරික සවිඥානිකතාව නිර්ණය කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කළ හැකි ය. එක් ක්‍රමයක් වන්නේ මිනිසුන් ගේ පාරිසරික වගකීම කලක් තිස්‌සේ නිරීක්‌ෂණය කිරීමයි. නිදසුනක් ලෙස පරිසරයට බැහැර කරන දිරා යන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීමක් සිදු වන්නේ නම් ඉන් පෙනෙන්නේ ජනතාව දිරා යන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කරන බව විය හැකිය. එසේම පොලිතීන් වැනි ද්‍රව්‍ය බැහැරලීම අඩු වන්නේ නම් ඉන් පෙනෙන්නේ ඒවා පරිහරණයේ අඩුවීමක් විය හැකිය.
විය හැකිය. මේ ආකාරයෙන්ම පරිභෝජනය, ප්‍රතිචක්‍රිකරණය හා නැවත භාවිතය පිළිබඳව ඔවුන් දක්‌වන උනන්දුව ද මෙහි නිර්ණායකයකි. බලශක්‌ති සංරක්‌ෂණය ද එවැන්නකි.
ලෝකයේ ඇතැම් රටවල මේ පිළිබඳව විවිධ අධ්‍යයන සිදු කර තිබේ. මේවායින් හෙළි වන කරුණු අතර ඇතැම් කරුණු විශේෂ වේ. නිදසුනක් ලෙස ගතහොත් කාන්තාවන් අතර පාරිසරික සවිඥානකත්වය පිරිමින්ට වඩා ඉහළ බව පෙන්වා දී ඇත. එසේම කාලය සමග ඇතැම් රටවල ක්‍රමයෙන් පාරිසරික සවිඥානකත්වය ඉහළ යන බව ද පෙන්වා දී තිබේ. එසේම තවමත් වර්ධනය වෙමින් පවත්නා සංකල්පයක් ලෙස හැඳින්විය හැකි පාරිසරික සවිඥානකතාව තිරසරභාවය සඳහා දර්ශකයක් සේ දැක්‌වීමේ දී යොදාගත හැකි බව ද පෙන්වා දී තිබේ.
මේ කරුණු අනුව යහපත් පරිසරියක් සඳහා අවශ්‍ය වන්නේ ද, පරිසර සංරක්‌ෂණය සඳහා වැදගත් වන්නේ ද පාරිසරික දැනුවත්භාවයෙන් ඔබ්බට ගිය පාරිසරික සවිඥානකතාව බව පැහැදිලිය. එය වඩා යහපත් වන තත්ත්වයක් ඇති කිêමට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ධනේෂ් විසුම්පෙරුම
විදුසර පුවත්පත

0 Comments