වර්ෂාව හා වනාන්තර අතර සම්බන්ධයක් ඇති බව පොදුවේ පිළිගන්නාවූ කරුණකි. එහෙත් වනාන්තර හා ජලය අතර ඇති සම්බන්ධය පිළිබඳව පැහැදිලි විද්‍යාත්මක මත දෙකක් පවතී. ඉන් එක් අදහසක් වන්නේ වනාන්තර මගින් සමස්‌තයක් ලෙස පරිසරයෙන් ජලය උරාගැනීමක් පමණක් සිදුවන බව ය. මෙය ඉල්ලූම් චින්තනයක් (Demand side thinking) ලෙස හැඳින්විය හැකි ය. මෑත කාලයේ දී ප්‍රකාශයට පත්ව ඇති අධ්‍යයන ගණනාවක් මගින් මේ මතයට සාධක ලැබී තිබේ. විශේෂයෙන් කුඩා ජල පෝෂක ප්‍රදේශ පිළිබඳව මෙහි යම් සත්‍යතාවයක් පවතින බව පෙනේ. මේ මතය දරණ පිරිස් ඇතැම් විට පෙන්වා දෙන එක් කරුණක් වන්නේ ජල සැපයුම යථා තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා වනවගා කිරීමේ (Aforestation) හෝ නැවත වන වගා කිරීමේ (Reforestation) ඇති ප්‍රයෝජන අඩු බව ය. ඒ වැඩි වැඩියෙන් වනාන්තර වැවීම නිසා පරිසරයෙන් ජලය ඉවත් වීම ඉහළ යාමෙන් පහළ ප්‍රදේශවල ජල සැපයුම සීමා වන නිසා ය.
මේ පිළිබඳව ඇති අනෙක් මතය වන්නේ සැපයුම් චින්තනයයි (Supply side thinking). ඊට අනුව වනාන්තර මගින් ජලය පරිසරයට සපයනු ලැබේ. ඔවුන්ට අනුව වනාන්තර වැඩි වැඩියෙන් පැවතීම මගින් පහළ ප්‍රදේශවල ජල සැපයුම ඉහළ යයි. කෙසේ වෙතත් මේ අදහස සඳහා ඇති පර්යේෂණාත්මක සාධක තරමක් අඩු ය. ඊට හේතු වී ඇත්තේ වනාන්තර නිසා ජල චක්‍රයේ ඇති වන බලපෑම් ඉතා පුළුල් ප්‍රදේශයක ව්‍යාප්තව ඇති නිසා ය.
මේ මත පිළිබඳව විමසීම සඳහා කරන ලද සමාලෝචනයක් පසුගිය මාසයේ දී ප්‍රකාශයට පත් විය. ඉන් පෙන්වා දෙන පරිදි පුළුල් ලෙස සැලකීමේ දී වර්ෂාපතනය සඳහා හේතු වන ජල වාෂ්ප සැපයීම සඳහා වනාන්තර මගින් වැදගත් මෙහෙයක් ඉටු කරනු ලැබේ.
වැසි ඇතිවීමට වනාන්තර බලපාන ආකාරය
මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති පරිදි සැලකිය යුතු තරම් ජලවාෂ්ප ප්‍රමාණයක් වනාන්තර මගින් වාතයට සපයනු ලැබේ. ඒ වාෂ්පීකරණ-උත්ස්‌වේදන (Evapotranspiration) ක්‍රියාවලිය මගිනි. ජල පෝෂක ප්‍රදේශයක සිදුවන මේ ක්‍රියාවලිය මගින් සැලකිය යුතු ජලවාෂ්ප ප්‍රමාණයක් වායුගෝලයට එක්‌වේ. මේ ජලවාෂ්ප වෙනත් ප්‍රදේශ කරා ද ගමන් කළ හැකි ය. ඒ නිසා වර්ෂාපතනය ඉහළ නැංවීමක් සිදුවේ. මේ ආකාරයෙන් වැසි ඇතිවීම වැදගත් වන්නේ සාගර ප්‍රදේශවලින් බොහෝ ඈත පිහිටා ඇති මහාද්වීප අභ්‍යන්තර ප්‍රදේශවලට ය. එවැනි ප්‍රදේශවලට වැසි ලැබෙන ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ වනාන්තරවල සිදුවන වාෂ්පීකරණයයි. ලෝකයේ ඇතැම් වියළි ප්‍රදේශවලට වැසි ලැබෙන්නේ වනාන්තර ආවරණයකින් වැසී ගිය ප්‍රදේශවල සිට ලැබෙන ජල වාෂ්පවලිනි.
මේ අනුව වනාන්තර විනාශ වීම නිසාත්, වනාන්තර ඉඩම් කෘෂිකර්මය වැනි අවශ්‍යතා සඳහා යොදා ගැනීම නිසාත් වර්ෂාපතනය අඩුවීමක් සිදුවිය හැකි ය. සුළු ප්‍රදේශයක දී මෙන්ම කෙටිකාලීනව සැලකීමේ දී මේ කරුණ නිරීක්‌ෂණයට ලක් නො විය හැකි ය. එහෙත් යම් ප්‍රදේශයක වනාන්තර දිගින් දිගට ම අඩු වන්නේ නම්, ඒ ප්‍රදේශයේ වර්ෂාපතනයේ මෙන් ම ජල සැපයුමේ ද අඩුවීමක් ඇති වේ. නැවන වන වගා කිරීමේ මෙන් ම වන වගාවේ ද යම් වැදගත්කමක් ඇති බව මේ අනුව පෙනේ. එ මගින් වර්ෂාපතනය අඩුවෙමින් පවත්නා ප්‍රදේශවල වායුගෝලයේ තෙතමනය ඉහළ නැංවිය හැකි ය. ඒ අනුව වන ආවරණය වර්ෂාපතනය සමඟ වෙන්කළ නො හැකි ලෙස සම්බන්ධ වී තිබෙන බව පැහැදිලි ය.
වනාන්තරවල වැදගත්කම නො සලකා හැර තිබේ
මේ අනුව වනාන්තරවලින් සිදුවන මේ මෙහෙය වැදගත් බව ඉතා පැහැදිලි ය. අවාසනාවකට මෙන් වනාන්තරවලින් සිදුවන මේ මෙහෙය ඇතැම් අවස්‌ථාවල දී එතරම් සැලකිල්ලට ලක්‌ව නැති බව පෙන්වා දී තිබේ. යුරෝපා සංගමයේ ජලය හා සම්බන්ධ ප්‍රතිපත්තිවල දී මේ වටිනාකම සැලකිල්ලට ගෙන නොමැති බව මේ සඳහා එක් නිදසුනකි. එහි දී වනාන්තර හා ශාක සලකනු ලබන්නේ ජලය පරිභෝජනය කරනු ලබන ව්‍යqහයක් ලෙස ය. ජනප්‍රිය සංකල්පයක් වී ඇති ජල පියසටහනෙහි (Water footprint) දී ද වනාන්තර පිළිබඳව දක්‌වා ඇත්තේ ඒ ආකාරයේ ම අඩු සැලකිල්ලකි.
ජල චක්‍රය කෙරේ වනාන්තර බලපාන ආකාරය පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා වනාන්තරවල ඉහත කී සේවය සැලකිල්ලට ගැනීම වැදගත් බව මේ අනුව පැහැදිලි ය. ඒ පිළිබඳ අදාළ කණ්‌ඩායම්වල අවධානය යොමු වීම අත්‍යවශ්‍ය බව මේ අධ්‍යයනයෙන් පෙනෙන කරුණකි. එසේම වනාන්තර "ජගත් පොදු ද්‍රව්‍යයක්" (Global public goods) සේ සැලකිය යුතු බව ද යෝජනා කර තිබේ. එ නම්, ඒ ද්‍රව්‍යය එක් අයකු විසින් පරිභෝජනය කිරීම නිසා වෙනත් අයට ලැබීම අඩු නොවිය යුතු අතර කිසිවකුට මේ සම්පත භුක්‌ති විඳීමට ඇති අයිතිය ඉවත් කළ නො හැකි ය. එසේම ලෝකය පුරා මේ සම්පත පැවතිය යුතු ය. මේ සංකල්පය වෙන ම සාකච්ඡා කළ යුතු කරුණකි. (මූලාශ්‍රය( Global Change Biology, DOI: 10.1111/j.1365-
2486.2011.02589.x)
ජලයෙන් බැර ලෝහ ඉවත් කළ හැකි ක්‍රමවේදයක
ජලයේ බැරලෝහ අන්තර්ගත වීම බරපතළ පාරිසරික ගැටලූවකි. විවිධ කාර්මික ක්‍රියාවලිවල ප්‍රතිඵලයක් ලෙස පරිසරයට එක්‌වන බැර ලෝහ ජල මාර්ගවලට එක්‌වීම ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි තත්ත්වයකි. මේ අපද්‍රව්‍ය බොහෝ දිගු කලක් තිස්‌සේ ජලයේ පැවතිය හැකි අතර මේවා සුළු ප්‍රමාණවලින් පැවතීම නිසා ද විවිධ ගැටලූ ඇති විය හැකි ය. මේ අපද්‍රව්‍ය ජලයෙන් ඉවත් කිරීම සඳහා අධික වියදමක් දැරිය යුතු අතර ඊට සැලකිය යුතු කාලයක් ද ගත වේ. එසේම මෙතෙක් යොදාගන්නා බොහෝ ක්‍රමවේදවල කාර්යක්‌ෂමතාව අඩු ය.
මේ පිළිබඳව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස දූෂිත ජලයේ ඇතුළත් කැඩ්මියම්, තඹ හා නිකල්a යන ලෝහ වර්ග කාර්යක්‌ෂම ලෙස ඉවත් කළ හැකි ක්‍රමයක් යෝජනා වී තිබේ. මෙහි දී ජලයේ අංශු මාත්‍ර වශයෙන් ඇතුළත් වන බැරලෝහ වර්ගවල සාන්ද්‍රණය ඉහළ නංවනු ලබන අතර ඉන් පසුව පිළිගත් බැරලෝහ ඉවත් කරන ක්‍රමවේදයක් මගින් ජලයෙන් රසායන ද්‍රව්‍ය ඉවත් කළ හැකි ය. මේ සඳහා මෙතෙක් පැවැති ගැටලූව වූයේ ජලයේ මේ බැර ලෝහ සාන්ද්‍රණය අඩු වීමයි. එහෙත් මේ නව ක්‍රමවේදය මගින් බැර ලෝහ සාන්ද්‍රණය ඉහළ නංවන බැවින් මේ අපද්‍රව්‍ය සියයට 99කින් පමණ, එනම් හානිකර යෑයි පිළිගැනෙන මට්‌ටමට වඩා, අඩු කළ හැකි ය. අනෙක් අතට වෙනත් රසායනික ක්‍රමවේදවල ඇති ගැටලූව වන්නේ ඒවා ඉවත්කිරීමේ දී ඇති වන ලෝහමය රොන්බොරවලට කළ හැකි දෙයක් නොමැතිවීම ය. මේවා අධික සේ විෂ සහිත ය. එහෙත් මේ නව ක්‍රමවේදයේ දී එවැනි අතුරුඵල නො සෑදෙන අතර බැරලෝහ ඝන ලෙස ලබා ගත හැකි ය. මේවා උක්‌ත ලෝහ නැවත ලබාගැනීම සඳහා ද යොදා ගත හැකි ය.
ඉතා වැදගත් පර්යේෂණයක් බව කිවයුතු මේ ක්‍රමවේදය චක්‍රිය විද්යුත් නිස්‌සාරණය/ අවක්‌ෂේපන පද්ධතිය (Cyclic electrowinning/
precipitation (CEP) system) ලෙස නම් කර තිබේ. ඒ නිසා එය කාර්යක්‌ෂම ක්‍රමවේදයක් සේ දක්‌වා ඇති අතර වාණිජ වශයෙන් ලාභදායී බව පෙන්වා දී ඇත. පාරිසරික ප්‍රතිකර්ම හා ලෝහ ප්‍රතිසාධනය වැනි කටයුතු සඳහා මේ ක්‍රමවේදය යොදාගත හැකි ය. (මූලාශ්‍රය( Chemical Engineering
Journal, DOI: 10.1016/
j.cej.2011.09.062)
පුවත් සැකෙවින්
ෆුකුෂිමා අර්බුදය අවසන් ද?
පසුගිය වසරේ මාර්තු මාසයේ දී අනතුරට ලක්‌වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක තුනක් වසා දමා ඇති (Cold shutdown) බව පසුගිය දෙසැම්බර් මැද භාගයේ දී පමණ ජපාන රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. එහෙත් බලාගාරයේ කොටස් ආරක්‌ෂිත ලෙස සම්පූර්ණයෙන් ම ගලවා ඉවත් කිරීම සඳහා තවත් වර්ෂ තිහ හතළිහක් පමණ තරම් කාලයක් ගත විය හැකි බව පෙන්වා දී ඇත. ඒ අනුව භාවිත කළ ඉන්ධන ඉවත් කිරීම ඉදිරි වර්ෂ දෙක තුළ ආරම්භ වීමට නියමිත අතර උණුව ගිය ඉන්ධන ඉවත් කිරීම ආරම්භ වීම සඳහා තවත් වර්ෂ දහයක් පමණ ගතවිය හැකිය.
මේ සිදුවීම සඳහා රාජ්‍ය මට්‌ටමින් විශාල ප්‍රචාරයක් ද ලබා දී තිබිණි. ජපාන බලධාරීන් මේ අවස්‌ථාවේ දී උත්සාහ කළේ හුදෙක් ගැටලූව අවසන් බව ප්‍රකාශ කිරීමට බව පාරිසරික ක්‍රියාකාරීන් විසින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ඉන් අදහස් වන්නේ ගැටලූව නිමා වූ බවක් නම් නො වේ. නිදසුනක් ලෙස අදාළ අනතුර නිසා අවතැන්වූවන් අතරින් බොහෝ දෙනාට පසු තමන් පදිංචිව සිටි ප්‍රදේශවලට ආපසු යැමට තවත් කෙතරම් කලක් ගතවේ ද යන්න සැක සහිත ය. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුත්ත වන පවිත්‍රකරණය තවමත් ආරම්භ වූවා පමණි.
වාතය මගින් ද රසදිය පරිසරයට එක් වේ
රසදිය මගින් සිදුවන විවිධ පාරිසරික හා මානව බලපෑම් නිසා අවධානයට ලක්‌ව ඇති මූලද්‍රව්‍යයකි. පසුගියදා මේ පිළිබඳව හෙළි වූ කරුණු අනුව රසදිය පරිසරයට එකතුවන ක්‍රම මෙතෙක් සිතා සිටියාට වඩා සංකීර්ණ වේ. වායුගෝලයේ පහළ ස්‌ථිර ගෝලයේ හා ඉහළ පරිවර්තී ගෝලයේ මූලද්‍රව්‍යමය රසදිය අඩුවෙන් හා ඔක්‌සිකරණය වූ රසදිය වැඩි වශයෙන් ඇති බව ප්‍රකට කරුණකි. එහෙත් ස්‌තරිගෝලයේ මේ ඔක්‌සිකරණය සිදුවන බවට නිශ්චිත සාධක මෙතෙක් කලක් තිබුනේ නැති තරම් ය.
මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී ස්‌තරගෝලයේ මේ ඔක්‌සිකරණය සිදුවන බවට සාධක ලැබී තිබේ. ඉන්ධන දහනය වැනි ක්‍රම නිසා වාතයට එක් වන රසදිය වාෂ්ප පසුව ඔක්‌සිකරණය වී වැසි හා හිම සමඟ පොළොවට පතිත වේ. පසේ සිටින බැක්‌ටීරියා මගින් ඒවා මෙතිල් මර්කරි බවට පරිවර්තනය වේ. මේ මෙතිල් මර්කරි ආහාර දාමය ඔස්‌සේ ජීවීන් තුළට සාන්ද්‍රණය වන අතර ඒ නිසා පාරිසරික වශයෙන් ගැටලූ ඇති විය හැකි ය. මේ අනුව ලෝකයේ එක් ප්‍රදේශයකින් පරිසරයට එක්‌වන රසදියවල අහිතකර බලපෑම් ඇතිවන්නේ බොහෝ ඈත පිහිටි වෙනත් ප්‍රදේශයකට ද විය හැකි ය. (මූලාශ්‍රය( Nature Geoscience, DOI: 10.1038/
ngeo1353)
ජෛව ඉන්ධන පර්යේෂණවල වැදගත් සොයාගැනීමක්
ජෛව ඉන්ධන පිළිබඳව ලෝකයේ ඇත්තේ මිශ්‍ර ආකල්පයකි. ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේදවල දී පරිසරය හා ලෝක ආහාර නිෂ්පාදනය සඳහා ගැටලූ ඇති වීම මීට හේතු වේ. එවැනි බලපෑම් සිදු නොවන ආකාරයෙන් ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම පිළිබඳව පර්යේෂණ සිදුකරනු ලබන්නේ ඒ නිසා ය. නිදසුනක් ලෙස දැව හා භෝග ශේෂ යොදා ගනිමින් ජෛව ඉන්ධන නිපදවීම දැක්‌විය හැකි ය.
මෙවැනි පර්යේෂණයක ප්‍රතිඵල පසුගිය සතියක වාර්තා විය. ඉන් අනාවරණය වන්නේ ක්‌ෂුද්‍රජීවීන් යොදාගනිමින් දැව ජෛව ස්‌කන්ධ මගින් බියුටනෝල් නිපදවීමට හැකි ක්‍රමවේදයකි. ඒ අනුව පල්ප සකස් කිරීම සඳහා මෙතෙක් යොදාගත් ක්‍රමවේදය තරමක් වෙනස් කිරීමෙන් ක්‌ෂුද්‍රජීවීන් මගින් බියුටනෝල් නිපදවිය හැකි ය. ජෛව ඉන්ධනයක් ලෙස මෙන් ම වෙනත් රසායනික අවශ්‍යතා සඳහා ද යොදාගත හැකි රසායනික ද්‍රව්‍යයක් වන බියුටනෝල් මෙතෙක් ප්‍රධාන වශයෙන් නිපදවන ලද්දේ උක් සීනි හා පිෂ්ටය මගිනි. ඒවා ආහාරමය ද්‍රව්‍ය වන බැවින් ඒ පිළිබඳ විවේචන තිබිණි.
(මූලාශ්‍රය( Bioresource Technology, DOI: 10.1016/
j.biortech.2011.09.034&)
විදුසර පුවත්පත

0 Comments