බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසරක් පුරා දෙවි මිනිසුන් වෙත පතළා වූ මහා කරුණාවෙන් ඔවුන් යහමඟට යොමු කොට වදාළේ තම දේශනාව මාධ්‍යකර ගනිමිනි. උන්වහන්සේ ලොව ශාස්‌තෘවරුන් අතර වචනයෙන් බොහෝ සෙයින් වැඩ ගත් උතුමෙකු ලෙස දැක්‌විය හැක. උගත් වූයේ නමුදු සෑම කෙනකුටම සාර්ථක සන්නිවේදකයකු විය නොහැකි බවට සමාජයේ නිදසුන් කොතෙකුත් දැකිය හැක. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඇසීමෙන් දහස්a සංඛ්‍යාත පිරිස් එකෙණෙහිම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ගඵලවලට පත්වීමෙන් ම උන්වහන්සේ මිහිතලයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම දේශකයාණෝ ලෙස අවිවාදයෙන් පිළිගත හැකි බව පෙනී යයි. උන්වහන්සේගේ දේශනා රටාව හඳුනා ගැනීමට පළමු රහත් හැට නම අමතා කළ ප්‍රකාශය බෙහෙවින් ඉවහල් වේ.
"දෙසෙථ භික්‌ඛවෙ ධම්මං ආදිකල්‍යාණං. මජ්ඡේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං සබ්‍යCඳ්ජනං, කෙවල පරිසුද්ධං පරිපුණ්‌ණං.."
දේශනා කරන්නා වූ ධර්මය මුල මෙන්ම මැදත්, මැද මෙන්ම අගත් යහපත් විය යුතුය. අකුරක් අකුරක් පාසා අර්ථවත් දෙයක්‌ම පැවසිය යුතු ය. උන්වහන්සේගේ මෙම දේශනා ක්‍රමවේදය නිසා උන්වහන්සේ අවබෝධ කරගත් මෙම ධර්මය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. උන්වහන්සේගේ දේශනාවේ දක්‌නට ලැබුණු අංග අටක් 'අෂ්ටාංග සමුපෙත බ්‍රහ්මස්‌වර' නමින් හඳුන්වනු ලැබේ. මහා බ්‍රහ්මයාගේ අංග අටකින් යුතු හඬට සමාන නිසා මෙනමින් හැඳින්වේ. ඒවා මෙසේය.
01. ශබ්දය පහසුවෙන් මුවින් පිට වීම (විස්‌සට්‌ඨතා)
02. අදහස වහා අවබෝධ වීම (විඤ්ෙඤ්‍යයතා)
03. මිහිරි බව (මඤ්ජුතා)
04. සවණට සැප ගෙන දීම (සවනියතා)
05 අතර බිඳීම් නැතිවීම (බින්දුතා)
06. පැහැදිලි වීම (අවසාරිතා)
07. ගැඹුරු වීම (ගම්භිරතා)
08. පිරිස කෙළවර සිටින අයට පවා ඇසීම (නින්නාදිතා)
යහපත් පරිපූර්ණ දේශකයකු තුළ අවශ්‍යයෙන්ම තිබිය යුතු අංග අට බුදුරදුන් සතු විය. ඉහතින් සඳහන් අංගයන් එකින් එක ගෙන බැලූ කල්හි දේශනයක් ප්‍රතිඵලදායක වීමට ඒවා කොතරම් අවශ්‍ය වන්නේ දැයි මැනවින් දත හැක.
දේශනයක් කිරීමෙන් පසුව එම දේශනය ශ්‍රවණය කරන ලද පිරිසගෙන් ප්‍රතිචාර දේශකයාට ලැබෙයි. බුදුරජාණන් වහන්සේට ද එවැනි ප්‍රතිචාර බොහෝ සෙයින් ලැබිණි. උන්වහන්සේගෙන් ධර්මය අසන ශ්‍රාවකයා තුළ කෙබඳු උත්තේජනයක් ඇති වූයේ දැයි පහත ප්‍රකාශ තුළින් පැහැදිලි වේ.
"භගවත් ගෞතමයන් වහන්ස, ඔබවහන්සේගේ ධර්ම දේශනය ඉතා යහපත් ය. එය යටිකුරු කොට තිබූ භාජනයක් උඩුකුරු කොට තබන්නාක් වැනිය. යටපත් වූ නිධානයක් මතු කරන්නාක් වැනි ය. මංමුළා වූවෙකුට මඟ කියන්නාක් මෙනි. ඇස් ඇත්තෝ රූපෙ දකිත්වායි තෙල් පිරූ විලක්‌කුවක් දරන්නාක් මෙන් ඔබ වහන්සේ විසින් නොයෙක් කරුණු ගෙනහැර දක්‌වා ධර්ම දේශනා කරන ලදී."
(අභික්‌කන්තං භෙ ගොතම අභික්‌කන්තං භො ගොතම සෙයHථාපි භො ගොතම. නික්‌කුජ්ජිතං වා උක්‌කුජ්ජෙයH පටිචිඡන්තං වා විවරෙයH, මුල්හස්‌ස වා මග්ගං ආවික්‌ඛෙයH. අන්ධකාරෙ තෙල පජ්ජොතං ධාරෙයH චක්‌ඛුමන්තං රූපානි දක්න්තිති එවමෙවං භො ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො)
බුද්ධ දේශනාවේ ඇති නිරවද්‍යතාවය සහ අර්ථවත් බව මෙවැනි ප්‍රතිචාර ලැබීමට හේතු විය. බුදුන් වහන්සේගෙන් ධර්මය අසා දහස් සංඛ්‍යාත පිරිස් එකවර මාර්ග ඵලයන්ට පැමිණියහ. සංනිවේදනය සඳහා තාක්‍ෂණික උපකරණ නොමැති වූ යුගයක දහස් ගණනක් වූ පිරිසකට ධර්ම දේශනා කොට එය ඔවුනට අවබෝධ කර දීමට උන්වහන්සේ දැක්‌වූ දක්‍ෂතාවය අපූරුය. ශ්‍රාවකයාගේ බුද්ධි මට්‌ටම සහ තත්ත්වය වටහා ගෙන ඊට උචිත වන පරිදි කළ දේශනාවෝ ශ්‍රාවකයාගේ සිත් ගත්තේය. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයාට ධර්මය අවබෝධ කරවීමට දේශනාව පමණක් උපයෝගී කොට නොගත්හ. ඒ බව කිසාගෝතමී, චුල්ල පන්ථක, අක්‌කෝසක, ආලවක ආදී චරිත කතා තුළින් පැහැදිලි වේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ සංවාද මගින් ශ්‍රාවකයාට ධර්මාවබෝධය ලබාදී ඇති අතර ඒවා මනෝවිද්‍යාත්මක පසුබිමකින් ද යුක්‌ත වේ.
එක්‌තරා අවස්‌ථාවක එක් ගම්වැසියකු තම නැති වු හරක් සොයන්නට ගොස් විඩාපත්ව ඡේතවනාරාමයට පැමිණියහ. ඒ තැනැත්තා දුටු බුදුන් වහන්සේ ධර්ම දේශනා කිරීමට ප්‍රථමයෙන් ඔහුගේ කුස පුරවා ධර්මය ශ්‍රවණය කිරීමට යහපත් මානසික තත්ත්වයක් ගොඩනැගුවේය. එමෙන්ම කස්‌සප, මොග්ගල්ලාන ආදී මහ රහතන් වහන්සේලා ගිලන් වූ අවස්‌ථාවල එහි ගොස් ඔවුන්ගේ සැප දුක් විමසා බලා කළ සංවාදය මනරම් ය.
"කස්‌සප ඔබගේ සැප සනීප කෙසේද? යෑපීම් කෙසේද? කිම දුක් වේදනාවෝ අඩු වෙත්ද? නො නැගෙත්ද? අඩුවන බවක් පෙනෙයි ද. වැඩි වන බවක් නොපෙනෙයි ද?"
(කච්චි තෙ කස්‌සප ඛමනියං කච්චි යාපනියං, කච්චි දුක්‌ඛා වෙදනා, පටික්‌කමන්ති නො අභික්‌කමන්ති, පටික්‌කමොසානං, පඤ්ඤායති නො අභික්‌කමොති.)
ඇතැම් ආගම්වල ශාස්‌තෘන් වහන්සේලා වෙත දක්‌වන බියමුසු භක්‌තියක් බුදුන් වහන්සේ වෙත ඇති කර නොගැනීමට බෞද්ධයාට හැකිවූයේ උන්වහන්සේගේ මෙවැනි පොදු මානුෂීය ගුණාංගයන් නිසා ය.
බුදුන් වහන්සේ වෙත පැමිණෙන පිරිස් වෙත එකෙණෙහිම ධර්ම දේශනා කිරීමට බුදුරජුන් යුහුසුළු නොවූ අතර ඔවුන් සමඟ ආ ගිය තොරතුරු පිළිබඳ පිළිසඳර කතාවක නිරත වීම උන්වහන්සේගේ සිරිත විය. බුදුන් හා වාද කොට පරාජය කරමියි ද්වේශ සහගත හැඟීSමෙන් පැමිණි උදවිය උන්වහන්සේ සමඟ පිළිසඳර කතාවක යෙදීමෙන් අනතුරුව වාද නොකොටම ධර්මය අසා මාර්ග ඵලාවබෝධය ලබා ගත්හ. මෙවැනි ගුණාංගයන් aනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ටික කලකින් සමාජගත විය. බුදුන් හමුවට පැමිණි පිරිස් සමඟ සතුටු විය යුතු සිහි එළවියයුතු කථාවල නිරත වූ බව පෙනේ.
"සද්ධිං සම්මොදී, සම්මොදනියං කථං සාරණියං වීතිසාරෙත්වා........."
බුදුන් වහන්සේගෙන් යමෙකු ප්‍රශ්නයක් ඇසීමේදී එයට බුදුන් වහන්සේ පිළිතුරු දුන් ආකාර කිහිපයක් දැකිය හැක. යම් කිසි පැනයක් විමසූ විට එයට එකහෙළා උත්තර ලබා දුන් අවස්‌ථා දැකිය හැක (එකංස ව්‍යාකරණ) සංවාදමය ස්‌වරූපයෙන් ද ප්‍රශ්න විසඳන අයුරු ත්‍රිපිටකයේ දැක්‌වේ. එසේම යමෙකු ප්‍රශ්නයක් විමසූ විට බුදුරදුන් පෙරළා ඔහුගෙන් ප්‍රශ්න කිරීම තුළින් ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ඔහුට ම ප්‍රත්‍යක්‍ෂ කර දී ඇත. (පරිපුච්ඡා ව්‍යාකරණ) අසන ලද බැරෑරුම් ප්‍රශ්නය කොටස් කිරීම තුළින් ඒවාට සරිලන පිළිතුරු සැපයූ අවස්‌ථා ඇත. (විභජ්ජ්ජ ව්‍යාකරණ) එසේම ඇතැම් ප්‍රශ්නවලට 'ඨපනිය' වශයෙන් පිළිතුරු ලබා දීමෙන් වැළකී සිටියේය. නිර්වාණගාමී මාර්ගයට ඒවා අදාළ නොවන බැවිනි. ඒවා 'දස අව්‍යකෘත' ප්‍රශ්න නම් වේ.
බුදුරදුන් වහන්සේගේ ධර්ම දේශනාවේ ඇති අදාළ ගුණාංගයන් සුමංගල විලාසිනියේ මැනවින් සවිස්‌තරව දක්‌වා ඇත. උන්වහන්සේගේ ධර්මය ශ්‍රද්ධාව උපදවයි. (සද්ධා ජනනතො) ප්‍රඥාව උපදවයි. (පඤ්ඤා ජනනතො) අර්ථ සහිතය (සාත්ථතො), බ්‍යංජන සහිතය (සඛ්‍යංජනනතො) ප්‍රකට වචන ඇති බැවින් (උත්තානපදතො), ගැඹුරු අර්ථ ඇත. (ගම්භීරත්ථතො), කණට මිහිරිය (කණනසුඛතො). හෘදයාංගමය (හදයංගමතො) තමන් පිළිබඳ වර්ණනා නොකරයි (අනත්තුක්‌කංසනතො) අනුන් හෙළා නොදකියි (අපරවම්භනතො) කරුණා සීතලය (කරුණා සීතලතො), ප්‍රඥාවෙන් පිරිසුදු ය. (පඤ්ඤාවදානතො) ඉඳුරන් රමණීයයි (අපාථ රමණියතො) මැඩීමට සමත් ය. (විමද්දක්‌ඛමතො) ඇසීමට සැපය (සූයමාන සුඛතො) විමසීමට ප්‍රියය (විමංසියමාන හිතතො)
ඉහත සඳහන් කරුණු දෙස විමසිලිමත්ව අවධානය යොමු කළ කල්හි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම සන්නිවේදකයාණන් වහන්සේ වූ බව මැනවින් පෙනී යයි.
පූජ්‍ය මීපාවල සාන්ත හිමි
කැලණිය විශ්වවිද්‍යාලය.

0 Comments