ආක්‍රමණකාරී ආගන්තුක ශාක ජාතික ලැයිස්‌තුව ශාක තිහකින් (30) පමණ සමන්විත වේ. මෙම ශාක මගින් ශ්‍රී ලංකාවේ වගාබිම්, වාරිමාර්ග, ජලාශ, සහ ස්‌වභාවික පරිසර පද්ධති, ජෛව විවිධත්වයටම දරුණු බලපෑම් එල්ල කරයි. එසේම මිනිසා ඇතුළු ජීවී වර්ගයාගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කිරීම මෙන්ම රටේ ආර්ථිකයට හානි කිරීමද ආක්‍රමණකාරී ආගන්තුක ශාක විශේෂයන්ගේ ප්‍රධාන ලක්‍ෂණයකි. එබැවින් මෙවන් ශාක වර්ග පැතිරීයැම පාලනය කිරීමත්, රට තුළට ඇතුළුවීමට ඉඩකඩ අහුරාලීමත් සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය මගින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇත. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයට අනුබද්ධිත ආක්‍රමණකාරී ආගන්තුක ජීවීන් ඇතුළුවීම පාලනය සඳහා වන ධාරිතාවර්ධන ව්‍යාපෘතිය මේ සඳහා දැන් කටයුතු කරගෙන යයි.
ආක්‍රමණකාරී ආගන්තුක ශාක ජාතික ලැයිස්‌තුවේ සඳහන් සියලුම ශාක කෙදිනක හෝ විදේශීය රටකින් අප රටට ගෙන එන ලද හෝ නොදැනුවත්කමකින් ඇතුළු වූ ශාක වේ. මෙම ශාක අඩු වැඩි වශයෙන් ආක්‍රමණකාරී හැසිරීමක් පෙන්වමින් අපේ රටේ පරිසර පද්ධති තුළ පැතිර යයි. මේවායින් ඇතැම් ඒවා භෞමික පරිසරයේදී හමුවන අතර තවත් සමහරක් වගුරු (ජලාශ්‍රිත) පරිසරවලදී හමුවේ. තවත් කොටසක් දිය ගොඩ පරිසර දෙකේදීම එනම් උභය පරිසර පද්ධති තුළ හමුවේ. එසේම මෙවන් ආක්‍රමණකාරී ශාක පැතිරෙන දේශගුණික කලාපද එකිනෙකාගෙන් වෙනස් වේ. ඇතැම් ශාක වියළි කලාපයේදී හමුවන අතර තවත් කොටසක් හමුවන්නේ තෙත් කලාපයේ වන ලැහැබ් හා වනාන්තර තුළිනි. තවත් කොටසක් කඳුකර ශීත කලාපයේ දී දැකගත හැකිය. සමස්‌ත රටපුරාම කිසිදු භේදයක් තොරව පැතිර යන ආක්‍රමණික ශාකද වේ. මේවා අතරින් කෘෂිකර්මාන්තයට සෘජුව බලපාන රටේ ආහාර නිෂ්පාදන ඵලදායිතාව බිඳ දමන ශාකද ඒ අතර වන නිසා වර්තමානයේ එවන් ශාක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට මේ පිළිබඳව කටයුතු කරන පරිසරවේදීන්, විද්‍යාඥයන් හා සංරක්‍ෂණවේදීන් මෙන්ම එවන් ආයතනද කටයුතු කරයි. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේද එවැනි ආක්‍රමණකාරී ආගන්තුක ශාක විශේෂ දෙකක් පිළිබඳවය. ඒ "යෝධ නිදිකුම්බා" සහ "පාතීනියම්" ය.
පාතීනියම් ශාකය 1989 දී ඉන්දියන් සාම සාධක හමුදාව (ෂඡණF) මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද ශාකයක් බවට විශ්වාස කරයි. මෙම ශාකය පළමුව (1999-2000) වාර්තා වී ඇත්තේ වව්නියාව ගොවිජන සේවා මධ්‍යස්‌ථාන භූමියේදීය. වර්තමානයේ වව්නියාවෙන් ඉහළට ඇති උතුරු ප්‍රදේශයේ යාපනය දක්‌වා වගාබිම්, මාර්ග දෙපස හා ලඳු කැළෑ වසා පැතිරෙන මෙම ශාකය වාර්ෂික පඳුරු ශාකයක් ලෙස වැඩේ. වර්තමානයේ දී යාපනය අර්ධද්වීපය දරුණු ලෙස මෙම ශාකයට ගොදුරුව පවතී. එහි හටගන්නා පුෂ්පවලින් නිපදවන දහස් ගණන් බීජ සුළඟ මගින් ව්‍යාප්ත වීම සිදු වේ. එනිසා ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම ශාකය වගාබිම් ප්‍රමුඛ එළිමහන් ප්‍රදේශවල ඉතා ඉක්‌මනින් වැඩේ. වගාබිම්, ලඳු කැළෑ, මංමාවත් දෙපස වසා පැතිරේ. ගොවීන්ට මහත් පීඩාවක් ගෙන දෙන අතර මර්දනය ඉතා අපහසුය. අතින් ගලවා පුළුස්‌සා දැමීම කළ යුතු නමුත් ඒ සඳහා ශ්‍රමය යොදා ගැනීම උතුරේ ගොවියා මුහුණපා සිටින බරපතළම ගැටළුවයි. මෙනිසා අස්‌වනු හානිය සිදු වේ. එය ජාතික වශයෙන් ආර්ථිකයට හානි සිදු කිරීමකි.
එසේම සුළඟේ පැතිර යන පාතීනියම් ශාකයේ පරාග මගින් ශ්වසන ආබාධ සිදුවන බවට හඳුනාගෙන ඇත. මෙහි පත්‍ර හා එම පරාග මගින් ජනයාට ආසාත්මිකතා ඇති කරන බවට හඳුනාගෙන ඇති අතර සමේ රෝගද ඇතිවන බවට වාර්තා ලැබී තිබේ.
"පාතීනියම්" ශාකයට ඉංග්‍රීසි බසින් යොදන්නේද එම නාමයම වේ. එනම් ඡ්රඑයෑබසමප ය. එහි විද්‍යාත්මක නාමය ඡ්රඑයෑබසමප යහිඑeරදචයදරමි ය. ඉන්දියානු ගොඩබිමේ බහුලව වැඩෙන මෙම ශාකය ඉන්දියාවට අමතරව ඔස්‌ටේ්‍රලියාව, අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලද වාර්තා වේ. ශ්‍රි ලංකාවටද පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ පෝක් සමුද්‍ර සන්ධිය ඔස්‌සේය. ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා සහභාගි වන කාලයේදී ඔවුන් විසින් කුමන හෝ අවශ්‍යතාවන් සඳහා පාතීනියම් අප රටට ගෙන එන්නට ඇතැයිද නැතහොත් ඔවුන්ගේ ආහාර සඳහා මෙරටට ගෙන එන ලද එළුවන්ගේ කුරවල දැවටී මෙම ශාකයේ බීජ මෙරටට පැමිණෙන්නට ඇතැයිද විශ්වාසයක් පවතී.
අප දන්නා "අටපෙතියා" ශාකය මෙන් වැඩෙන එම ප්‍රමාණයේම හා තරමක් දුරට එහි හැඩහුරුකම් ඇති මෙම ශාකය මාංශල කඳක් සහිතය. පාතීනියම් සුළඟේ විසිරෙන බීජ නිපදවීම අටපෙතියා ශාකයට වඩා වෙනස් ගති ලක්‍ෂණයක් ලෙස පෙන්වයි. පත්‍රවල හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද පාතීනියම් අටපෙතියා ශාකයට තරමක් සමානය. පුෂ්පවල ප්‍රමාණයෙන් හා හැඩයෙන් පාතීනියම් ශාකය අටපෙතියාවලට වඩා වෙනස්‌ය.
zකොම්පොසිටේZ කුලයට අයත් ශාකයක් බැවින් මෙම ශාකය පරිසර තත්ත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙමින් වැඩේ. ජීවන කාලය මාස 6-8 කි. එනමුත් අහිතකර කාලගුණික තත්ත්වයන් පවතී නම් පාතීනියම් ශාකය මාස 4 කදී පමණ පරිණත වී බීජ නිපදවීම විශේෂ ලක්‍ෂණයකි. සාමාන්‍යයෙන් එක් පැළැටියක් බීජ 2000 -15,000 අතර ප්‍රමාණයක් නිපදවයි. බීජ විවිධ පාරිසරක තත්ත්වයන්ට ඔරොත්තු දෙමින් වසර 2-20 දක්‌වා නොනැසී පැවැතිය හැකිය. එනම්, දැනට ඇති සියලුම ශාක වර්තමානයේ මර්දනය කළද තවත් වසර 20 කින් ශ්‍රී ලංකාවේ පාතීනියම් නැවත වාර්තා විය හැකිය.
උෂ්ණත්වය අධික ප්‍රදේශවල භෞමික (ගොඩ) ඉඩම්වල වැවෙන පාතීනියම් ශාකය මඩ වගුරුවලදී කුණුවී විනාශ වී යයි. බීජ ද කුණුවී යයි. එබැවින් කුඹුරුවලදී මෙය විනාශ කිරීම පහසුය. සුදු පැහැති කුඩා zබොත්තම්Z වැනි පුෂ්ප හට ගන්නා මෙම ශාකයේ එක් පුෂ්පයක් තුළ බීජ 4-6 ප්‍රමාණයක් ඇත. සාමාන්‍යයෙන් අඩි 2.5-3 ත් අතර ප්‍රමාණයකට උසින් වැඩෙන මෙම පැළෑටිය අඩි 5 ඉක්‌මවන අවස්‌ථා ද ඇත. යාපනයේ මිරිස් සහ මාළු මිරිස් වගාවන්ට තරගකාරීව තර්ජනයක් ඇතිකරන පාතීනියම් එහි ඵලදාව අඩුකරයි. අතින් ගලවා මර්දනය කිරීම ඉතාම අපහසුය.
ආක්‍රමණකාරී ආගන්තුක ශාක ජාතික ලැයිස්‌තුවේ සඳහන් සියලුම ශාක කෙදිනක හෝ විදේශීය රටකින් අප රටට ගෙන එන ලද හෝ නොදැනුවත්කමකින් ඇතුළු වූ ශාක වේ. මෙම ශාක අඩු වැඩි වශයෙන් ආක්‍රමණකාරී හැසිරීමක් පෙන්වමින් අපේ රටේ පරිසර පද්ධති තුළ පැතිර යයි. මේවායින් ඇතැම් ඒවා භෞමික පරිසරයේදී හමුවන අතර තවත් සමහරක් වගුරු (ජලාශ්‍රිත) පරිසරවලදී හමුවේ. තවත් කොටසක් දිය ගොඩ පරිසර දෙකේදීම එනම් උභය පරිසර පද්ධති තුළ හමුවේ. එසේම මෙවන් ආක්‍රමණකාරී ශාක පැතිරෙන දේශගුණික කලාපද එකිනෙකාගෙන් වෙනස් වේ. ඇතැම් ශාක වියළි කලාපයේදී හමුවන අතර තවත් කොටසක් හමුවන්නේ තෙත් කලාපයේ වන ලැහැබ් හා වනාන්තර තුළිනි. තවත් කොටසක් කඳුකර ශීත කලාපයේ දී දැකගත හැකිය. සමස්‌ත රටපුරාම කිසිදු භේදයක් තොරව පැතිර යන ආක්‍රමණික ශාකද වේ. මේවා අතරින් කෘෂිකර්මාන්තයට සෘජුව බලපාන රටේ ආහාර නිෂ්පාදන ඵලදායිතාව බිඳ දමන ශාකද ඒ අතර වන නිසා වර්තමානයේ එවන් ශාක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට මේ පිළිබඳව කටයුතු කරන පරිසරවේදීන්, විද්‍යාඥයන් හා සංරක්‍ෂණවේදීන් මෙන්ම එවන් ආයතනද කටයුතු කරයි. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේද එවැනි ආක්‍රමණකාරී ආගන්තුක ශාක විශේෂ දෙකක් පිළිබඳවය. ඒ "යෝධ නිදිකුම්බා" සහ "පාතීනියම්" ය.
![]() |
පාතීනියම් |
එසේම සුළඟේ පැතිර යන පාතීනියම් ශාකයේ පරාග මගින් ශ්වසන ආබාධ සිදුවන බවට හඳුනාගෙන ඇත. මෙහි පත්‍ර හා එම පරාග මගින් ජනයාට ආසාත්මිකතා ඇති කරන බවට හඳුනාගෙන ඇති අතර සමේ රෝගද ඇතිවන බවට වාර්තා ලැබී තිබේ.
"පාතීනියම්" ශාකයට ඉංග්‍රීසි බසින් යොදන්නේද එම නාමයම වේ. එනම් ඡ්රඑයෑබසමප ය. එහි විද්‍යාත්මක නාමය ඡ්රඑයෑබසමප යහිඑeරදචයදරමි ය. ඉන්දියානු ගොඩබිමේ බහුලව වැඩෙන මෙම ශාකය ඉන්දියාවට අමතරව ඔස්‌ටේ්‍රලියාව, අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලද වාර්තා වේ. ශ්‍රි ලංකාවටද පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ පෝක් සමුද්‍ර සන්ධිය ඔස්‌සේය. ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා සහභාගි වන කාලයේදී ඔවුන් විසින් කුමන හෝ අවශ්‍යතාවන් සඳහා පාතීනියම් අප රටට ගෙන එන්නට ඇතැයිද නැතහොත් ඔවුන්ගේ ආහාර සඳහා මෙරටට ගෙන එන ලද එළුවන්ගේ කුරවල දැවටී මෙම ශාකයේ බීජ මෙරටට පැමිණෙන්නට ඇතැයිද විශ්වාසයක් පවතී.
අප දන්නා "අටපෙතියා" ශාකය මෙන් වැඩෙන එම ප්‍රමාණයේම හා තරමක් දුරට එහි හැඩහුරුකම් ඇති මෙම ශාකය මාංශල කඳක් සහිතය. පාතීනියම් සුළඟේ විසිරෙන බීජ නිපදවීම අටපෙතියා ශාකයට වඩා වෙනස් ගති ලක්‍ෂණයක් ලෙස පෙන්වයි. පත්‍රවල හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද පාතීනියම් අටපෙතියා ශාකයට තරමක් සමානය. පුෂ්පවල ප්‍රමාණයෙන් හා හැඩයෙන් පාතීනියම් ශාකය අටපෙතියාවලට වඩා වෙනස්‌ය.
zකොම්පොසිටේZ කුලයට අයත් ශාකයක් බැවින් මෙම ශාකය පරිසර තත්ත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙමින් වැඩේ. ජීවන කාලය මාස 6-8 කි. එනමුත් අහිතකර කාලගුණික තත්ත්වයන් පවතී නම් පාතීනියම් ශාකය මාස 4 කදී පමණ පරිණත වී බීජ නිපදවීම විශේෂ ලක්‍ෂණයකි. සාමාන්‍යයෙන් එක් පැළැටියක් බීජ 2000 -15,000 අතර ප්‍රමාණයක් නිපදවයි. බීජ විවිධ පාරිසරක තත්ත්වයන්ට ඔරොත්තු දෙමින් වසර 2-20 දක්‌වා නොනැසී පැවැතිය හැකිය. එනම්, දැනට ඇති සියලුම ශාක වර්තමානයේ මර්දනය කළද තවත් වසර 20 කින් ශ්‍රී ලංකාවේ පාතීනියම් නැවත වාර්තා විය හැකිය.
උෂ්ණත්වය අධික ප්‍රදේශවල භෞමික (ගොඩ) ඉඩම්වල වැවෙන පාතීනියම් ශාකය මඩ වගුරුවලදී කුණුවී විනාශ වී යයි. බීජ ද කුණුවී යයි. එබැවින් කුඹුරුවලදී මෙය විනාශ කිරීම පහසුය. සුදු පැහැති කුඩා zබොත්තම්Z වැනි පුෂ්ප හට ගන්නා මෙම ශාකයේ එක් පුෂ්පයක් තුළ බීජ 4-6 ප්‍රමාණයක් ඇත. සාමාන්‍යයෙන් අඩි 2.5-3 ත් අතර ප්‍රමාණයකට උසින් වැඩෙන මෙම පැළෑටිය අඩි 5 ඉක්‌මවන අවස්‌ථා ද ඇත. යාපනයේ මිරිස් සහ මාළු මිරිස් වගාවන්ට තරගකාරීව තර්ජනයක් ඇතිකරන පාතීනියම් එහි ඵලදාව අඩුකරයි. අතින් ගලවා මර්දනය කිරීම ඉතාම අපහසුය.
යෝධ නිදිකුම්බා
ආක්‍රමණකාරී ආගන්තුක ශාක ලේඛනයේ හයවැනි තැන හිමි වන්නේ යෝධ නිදිකුම්බා ශාකයටයි. එය ශාක දහයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආක්‍රමණකාරී ආගන්තුක ශාක ලැයිස්‌තුවේද නම සඳහන් දැඩි ආක්‍රමණකාරී ශාකයකි. 1980 දී මෙම ශාකය අප රටට පැමිණි බවට හඳුනාගෙන ඇත.
යෝධ නිදිකුම්බා වල් පැළෑටිය රට අභ්‍යන්තරයේ ජලාශ්‍රිත ප්‍රදේශ, වගුරුබිම් සහ ප්‍රධාන වශයෙන් මඩ (කුඹුරු) ඉඩම් ඉතාමත් ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින් වසර පහක පමණ සිට දිගින් දිගටම පැතිර යමින් පවතී.
1997 වකවානුව වන විට කුඩා ප්‍රදේශයක් වසා පැතිර තිබූ මෙම ශාකය අද වන විට මහවැලි ගඟ ඔස්‌සේ බොහෝ දුරට පැතිරී ඇති බව පෙනේනට තිබේ. කටුගස්‌තොට ජලාශ්‍රිත ප්‍රදේශ සහ කටුගස්‌තොට අඹතැන්න, අකුරණ ඇළ මාර්ගය ඔස්‌සේද පොල්ගොල්ල හැරවරුම්වේල්ල, උකුවෙල සහ සුදු ගඟ ඔස්‌සේ පැමිණ බෝවතැන්න ජලාශයේ ඉවුරු මුළුමනින්ම පාහේ මෙම ශාකයේ ග්‍රහණයට නතුව ඇත. බෝවතැන්න ජලාශය ආශ්‍රිත නාලන්ද ඔය දෙපසද (මේ අවට කුඹුරු ඉඩම් බොහෝමයක් පිහිටා ඇත) මේවා ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇත.
බෝවතැන්න ජලාශය ඉදිවන්නේ මහවැලි නදියේ අතු ගංගාවක් වන අඹන් ගඟ හරස්‌කොට ඉදිවන වේල්ලකිනි. මෙම ජලාශයේ එක්‌රැස් වන ජලය බෝවතැන්න සිට වාරිමාර්ග උමග ඔස්‌සේ සෘජුවම රජරට වැව් පුරවාලීමටත් බෝවතැන්න වේල්ලෙන් පිටවන අඹන් ගඟේ ප්‍රධාන ජල ප්‍රවාහය පොළොන්නරුවේ සහ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවල වැව් පුරවාලීමටත් දියවර ගෙන යයි. ඒ අනුව බලන කල බෝවතැන්න යනු අප රටේ වාරිමාර්ග ජල වහන පද්ධතියේ ප්‍රධානතම සන්ධිස්‌ථානයි.
අද වන විට බෝවතැන්නේ මෙම වේල්ල හා උමං පිවිසුම දෙපස ඉවුරු සම්පූර්ණයෙන්ම පාහේ යෝධ නිදිකුම්බා ගාල්වලින් වැසී ඇත. එයින් ගම්‍ය වන්නේ දැනටමත් මෙම ශාක මගින් නිපදවූ බීජ උතුරු මැද සහ උතුරු නැගෙනහිර (අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික් තුන ප්‍රධාන කොට) පිහිටා ඇති සියලුම ප්‍රධාන වැව් දක්‌වා බෝවතැන්න වාරි ජලය ඔස්‌සේ ව්‍යාප්තව ඇති බවයි. එය එසේ වන්නේ නම් එම ප්‍රදේශවල වැව් ඉවුරුද වැඩි කලක් යන්නට මත්තෙන්ම බරපතළ අයුරින් යෝධ නිදිකුම්බා උවදුරට ගොදුරුවීම වළක්‌වාලනු නොහැකි වනු ඇත.
සිංහලෙන් යෝධ නිදිකුම්බා ලෙසද ඉංග්‍රීසි බසින් ඨස්‌බඑ Seබිසඑසඩැ ඡක්‌බඑ ලෙසද, උද්භිද විද්‍යාත්මකව ඵසපදිa චසටර් ලෙසද හැඳින්වෙන මෙම ශාකය බළල් නිය තරමටම විශාලව කටු පිහිටන බැවින් සාමාන්‍ය වහරේ දී "බළල් නිය නිදිකුම්බා" ලෙස හැඳින්වේ.
අප දන්නා සාමාන්‍ය නිදිකුම්බා (ඵසපදිa චමාසජ්) ශාකයේ ව්‍යqහයට බොහාa සෙයින්ම සමාන මෙම පැළෑටිය අඩි 13-20 ක් පමණ උසට වැඩේ. එබැවින්ම මෙයට යෝධ නිදිකුම්බා නම් නම ලැබී තිබේ. සාමාන්‍ය නිදිකුම්බා ගසක මෙන්ම මෙහිද පිපෙන්නේ ගෝලාකාර රෝස පැහැති මල් පොකුරකි. නමුත් එය ප්‍රමාණයෙන් විශාලය. පොකුරු ලෙස හටගන්නා කරල් කොළ පැහැයෙන් යුක්‌තය. දුඹුරු පැහැවන් බූවකින් වැසී තිබේ. මෙම ශාකය හඳුනා ගැනීමට ඇති හොඳම ලක්‌ෂණය වන්නේ එහි පත්‍රවල ඇති සැකැස්‌මයි. ඒ ප්‍රධාන කොළ කිනිත්තක (සංයුක්‌ත පත්‍රයක) සාමාන්‍යයෙන් කුඩා කොළ කිනිති යුගල් දහයකට වඩා පිහිටීමත් එම කොළ කිනිත්තකද සිහින් පත්‍රිකා යුගල් දහයකට වඩා පිහිටීමය.
තවද සෑම කොළ කිනිති දෙකක් අතරම ඊට සමාන්තරව කුඩා කටු යුගලක්‌ද කොළ කිණිති යුගය අතරේ ඊට ලම්බකව කටුව බැගින්ද පිහිටීම මෙම ශාකයට විශේෂ වේ. වසරක් තුළදී බීජ 9000 - 22,0000 ක් පමණ නිපදවන මෙම ශාකයේ බීජ පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දෙමින් වසර 22 ක් පමණ නිෙද්‍රdaපගතව (සජීවී ලෙස) පවතී. එනම් දැනට ඇති ශාක සියල්ලම විනාශ කර දැමුවද තවත් වසර 22 කින් පමණ නැවත එය උවදුරක් ලෙසට පැතිරී යැමේ හැකියාවෙන් යුක්‌තය. එක් ශාකයක් යට පසෙහි වර්ග මීටරයක ප්‍රදේශයක් තුළ බීජ 2300-46000 ක් දැනට සොයාගෙන ඇත.
1997 දී පමණ මහවැලි නදියේ දී හඳුනාගනු ලැබූ මෙම පඳුරු විශේෂය අද වන විට මහවැලි මව් ගංගාවේද, එයින් බෙදීයන අතු ගංගාධාරවලද ඉවුරු දැඩි ලෙසම ආක්‍රමණය කරමින් පැතිර යමින් පවතී. මේ ශාකය ඕනෑම වගුරු බිමක පමණක් නොව සූර්යාලෝකය හොඳින් ලැබෙන ඕනෑම ස්‌ථානයක ඉතා ඉක්‌මනින් තම ග්‍රහණයට නතුකර ගැනීමට සමත් කමක් දක්‌වයි.
අසූව දශකයේ දී මෙම ශාකය අප රටේදී ඇස ගැටී තිබුණද නිල වශයෙන් හඳුනාගනු ලැබුවේ 1997 දී මහනුවර තැන්නේකුඹුර පාලම අසල ප්‍රදේශයෙනි. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරී ආචාර්ය ලක්‍ෂ්මන් අමරසිංහ සහ පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය බුද්ධි මාරඹේ යන මහත්වරුන් විසිනි.
මධ්‍යම ඇමරිකානු කලාපය නිජබිම කරගත් මෙම යෝධ නිදිකුම්බා පඳුරු විශේෂය සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලිමීටර් 750-2250 අතර වර්ෂාපතනයෙන්ද, සෙන්ටිග්‍රේඩ් අංශක 20-30 උෂ්ණත්වයෙන්ද යුත් ඝර්ම කලාපීය ප්‍රදේශ තුළ ඉතාම ආක්‍රමණශීලීව පැතිර යමින් ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. දැනටමත් ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, මෙක්‌සිකෝව, බ්‍රිතාන්‍යය, වියට්‌නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල තෙත්බිම් ආශ්‍රිතව මෙම ශාකය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. එම රටවල ගොවීන්ට මෙන්ම රජයන්ටද මෙය මහත් හිසරදයක් වී ඇත. එයට ප්‍රධානතම හේතුව වන්නේ අනෙකුත් වල්පැළෑටි මර්දනය කිරීමට යොදා ගන්නා සාමාන්‍ය ක්‍රම මගින් මෙය මර්දනය කිරීමට නොහැකි වීමයි. කටු සහිත ශාකයක් බැවින් ඒ අතර ගැවසීමටද නොහැකිය. ඒ සමගම අක්‌කර දහස් ගණනාවක් වූ මෙවැනි ව්‍යසනකාරී ශාක සහිත කැළෑ ඉඩම් සඳහා එම රටවල් ගුවන් යානා යොදා වල්නාශක ඉසීමද අසාර්ථක වී ඇත. ඒ නිදිකුම්බා කුලයේ ශාකයක් බැවින් වල්නාශක ඉසින විට මෙය පත්‍ර හකුළුවා ගන්නා නිසාය. එබැවින් තායිලන්තය, පිලිපීනය වැනි රටවල් මෙම ශාකය මර්දනය කිරීම අතහැර දමා ඇති බවද වාර්තා වේ. කුඹුරු ඉඩම් වසා පැතිරීම, කටු සහිත මෙම ශාකයේ පීඩාව මෙන්ම අස්‌වනු පාලු කිරීම මෙහි අනිසි බලපෑම් අතර ප්‍රධාන වේ.
පර්යේෂණ පිටපත - ජගත් කණහැරආරච්චි
පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයට අයත් ආක්‍රමණකාරී ආගන්තුක ජීවීන් ඇතුළුවීම පාලනය සඳහා වන ධාරිතාවර්ධන ව්‍යාපෘතිය අනුග්‍රහයෙනි.
(අතිරේක තොරතුරු - මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගෙනි)
දිවයින පුවත්පත
0 Comments