වසර 300කට පමණ එහා ඉතිහාසයකට දිවෙන චීන කටු වෛද්‍ය ක්‍රමය රෝගී තත්ත්වයන්ට පමණක් නොව රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේදීද බොහෝ වැදගත් වන බව සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. චීන කටු වෛද්‍ය ක්‍රමය බොහෝදෙනා අතර මේ වන විට ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්ව ඇතත් ඇතැමුන් මේ පිළිබඳ ඇති අනවශ්‍ය බිය නිසා මෙම ප්‍රතිකාරවලට එළැඹීමට බියක් දක්වයි. එවැනි අයට කිවයුතු වන්නේ චීන කටු වෛද්‍ය ක්‍රමය අපහසුතාවට හෝ අනවශ්‍ය බියකට ලක්විය යුතු වෛද්‍ය ක්‍රමයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් නොවන බවයි. ඔබගේ ශරීරයේ නිරෝගීතාව මෙන්ම සුන්දරත්වයද ආරක්‍ෂා කරදෙන චීන කටු වෛද්‍ය ක්‍රමය ඔස්සේ අපගේ ශරීරයේ ප්‍රධාන අංගයක් වන සම ආරක්‍ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි විමසා බලමු.
සම රැක ගැනීම, සමෙහි පැහැය, සමෙහි වර්ණය සහ නිරෝගීතාව රැක ගැනීම සඳහා සාර්ථක උපදෙස් සහ සාර්ථක ප්‍රතිකාර චීන කටු තුළ තිබේ. අතීත චීන ජාතිකයෝ තම රූ සපුව, නිරෝගීතාව රැක ගැනීම සඳහා චීන කටු ක්‍රමයේ පිහිට පැතූහ. වර්තමානය වන විට ඇමෙරිකාව, ජර්මනිය, කැනඩාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය වැනි යුරෝපීය රටවලත්, ආසියාවේත් චීන කටු ප්‍රතිකාර ක්‍රමයට වැඩි වශයෙන් යොමු වීමේ ප්‍රධාන හේතු කාරණා දෙකක් පවතී. ඒ,
1. අතුරු ආබාධ නොමැති වීම.
2. පෙති හෝ දියර වර්ග ශරීරයට ඇතුළු නොකිරීම.
මිනිස් සත්ත්වයා හට හටගනු ලබන්නා වූ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එම රෝගයට ආදාළ ස්ථානය නීඩ්ල් (ව්ඥඥඤතඥ) කර ප්‍රතිකාර කිරීම මෙහිදී සිදුවේ. විශේෂයෙන්ම කළුබෝවිල චීන කටු වෛද්‍ය මධ්‍යස්ථානයේදී සමෙහි පැහැය, වර්ණය සහ රැලි වැටීමේ තත්ත්වය වළක්වා ගැනීම සඳහාත් ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි ප්‍රතිකාර ක්‍රමවලට රෝගීන් යොමු කිරීම සිදුවේ.
විශේෂයෙන්ම සම ආරක්‍ෂා කර ගැනීමට, නඩත්තු කිරීමට, සමට ප්‍රතිකාර කිරීමට ප්‍රථමව තමන්ට තිබෙන්නේ කවරාකාරයේ සමක්ද යන්න දැන ගැනීම විශේෂයෙන් වැදගත් කරුණකි. අපගේ ශරීරයම වසා පැතිර ඇති ශරීරයේ විශාලතම අවයවය වන සම බාහිර අලංකාරය වෙනුවෙන් පමණක් නොව, ඉන් ඔබ්බට වැදගත් කාර්යයන් රැසක් ඉටු කරනු ඇත. විශේෂයෙන්ම විස බීජ, දුම්, දූවිලි ආදී අපද්‍රව්‍යයන්ගෙන් ශරීරය ආරක්‍ෂා කරන්නේ සම මඟිනි. එමෙන්ම සීතල උණුසුම් හැඟීම් පාලනය කරන ඉන්ද්‍රියද සම වේ. මෙකී කාර්යයන් රැසක් ඉටුකරන සම ආරක්‍ෂා කර ගැනීමට රූපලාවණ්‍ය සත්කාර පතන ඔබට චීන කටු තුළින් විශේෂ සහනයක් ලබා දෙනවා නොඅනුමානය.
අනෙක් ඉන්ද්‍රියන් මෙන්ම සමද රෝගී වේ. ඒජභනභදජබභපඥ (ඇක්‍යුපන්චර්) වෛද්‍ය ක්‍රමයේදී නිල ස්ථානවලට නීඩ්ල් (ව්ඥඥඤතඥ) කර නිරෝගීතාව රැක ගැනීම සිදුකෙරේ.
ඔබේ සම කවරාකාරයේ සමක්ද?
මිනිසාගේ සමෙහි වර්ණය තීරණය වන්නේ උප්පත්තියෙන්මය. මිනිසා ජීවත් වන දේශගුණික කලාපවලට අනුව එහි ඇති බාහිර පරිසරයන්ට ඔරොත්තු දිය හැකි ආකාරවලට සමේ මෙලනින් ප්‍රතිශතය අඩු වැඩිව පිහිටමින් සමෙහි සත්‍ය පැහැය තීරණය වේ. ශීත දේශගුණයක් ඇති රටවල මෙලනින් ඉතා අඩු වීමෙන් ඔවුන්ට සුදු සමක්ද ලංකාව වැනි ඝර්ම කලාපයීය රටවල මෙලනින් වැඩි වීමෙන් ඔවුන්ට අඳුරු පැහැති සමක්ද පිහිටයි. සමෙහි මෙලනින් අඩංගුතාව වැඩි තරමට නිරෝගීතාවද ඉහළ යනු ඇත.
සමේ ස්වභාවය හඳුනා ගැනීමේදී සම මත නිතරම තෙල් ගතිය සහිතව දිලිසෙන ස්වභාවයක් ගනී නම් ඒ සම තෙල් සහිත සමක් වේ.
නිතරම කොරළ මතුවන, වියළෙන, යම් තැනක වැදුණු විට ඉතා ඉක්මනින් වියැළෙන, සීරිම්, කැසීම් සහිත සම වියළි සමක් වේ.
මෙම ස්තර දෙක අතර පවතින සම අප හඳුන්වන්නේ සාමාන්‍ය සමක් වශයෙනි.
පාරම්පරික චීන කටු වෛද්‍ය ක්‍රමයේදී අකලට සම රැලි වැටීම, එල්ලා වැටීම මෙන්ම සිනාසෙන විට ඇතිවන රැලි, දුක්මුසු අවස්ථාවේ ඇති වන රැලි, බෙල්ලේ ඇතිවන රැලි, අත්වල ඇති වන රැලි ආදී තත්ත්වයන් මඟ හරවා ගැනීමට හැකියාව තිබේ.
විශේෂයෙන්ම මේ සඳහා අදාළ නිල ස්ථාන පද්ධතිය හඳුනාගෙන ඒවාට ව්ඥඥඤතඥ කර පැයක් පමණ කාලයක් රැඳී සිටිය යුතු අතර, එවැනි වාර 10ක්, 15ක් පමණ ප්‍රතිකාර කිරීමේදී සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. මෙහිදී නිල ස්ථාන තෙරපීමට විද්‍යුත් උත්තේජක යන්ත්‍ර, කොස්මැටික් ඇපරේටස් යන්ත්‍රය, මෝක්‍ෂා වර්ණ චිකිත්සාව සහ කොපර් නීඩ්ල්, සිල්වර් නීඩ්ල් සහ ගෝල්ඩ් නීඩ්ල් යන නීඩ්ල් වර්ගවලින් එකක්ද චීන කටු ක්‍රමයේදී භාවිත කෙරේ. විශේෂයෙන්ම මේවාට බිය විය යුතු නැත. රිදීමක් සිදුවන්නේද නැත.
එමෙන්ම පොතු කබර, කුරුලෑ, ලප කැලැල් යන තත්ත්වයන්ද නිට්ටාවටම සුව කිරීමේ හැකියාව මෙම චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ ඇත. විශේෂයෙන්ම කිවයුතු වන්නේ සම රැලි වැටීම වැනි තත්ත්වයන්ට දින 8ක්, 12ක් ඇතුළත මෙම ප්‍රතිකාර ක්‍රමය තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වීමයි.
මීට අමතරව චීන කටු තුළින් සුවකළ හැකි තවත් ප්‍රධාන පෙළේ බෝ නොවන රෝග කිහිපයක්ද ඇත. අංශභාගය, දියවැඩියාව, උස නොයාම, නහර ගැට ගැසීම, අධික හිසරදය, වකුගඩු ආබාධ, තුනටියේ වේදනාව, අකලට හිසකෙස් වැටීම, ගැලවී යෑම, ලිංගික දුබලතා, කෙට්ටු වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි දේද මෙමඟින් ඉතා කෙටි කාලයක් තුළ සුව කළ හැකි වීම විශේෂත්වයකි.
උපදෙස් - කළුබෝවිල චීන කටු වෛද්‍ය
සායනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය,
ප්‍රසාද් දේශප්‍රිය
071 429977
සටහන - චාමිකා මුණසිංහ
මව්බිම පුවත්පත

0 Comments