දුම්වැටි මත්ද්‍රව්‍ය මත්පැන් ලිංගික බෙලහීනතා ඇතිවෙනවා

ජිවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ලිංගික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි. මේ ක්‍රියාවලියේදී ලිංගික නිරෝගී බව ඉතාම වැදගත් තැනක් ගන්නවා.

ලිංගිකව රෝගී වූ අයෙකුට ජීවිතයේ බොහෝ දේ නොලැබී යනවා. ඒත් ඒ ගැන කිව නොහැකිව බොහෝ දෙනා ලතැවෙනවා. මේ ලිපියේ අරමුණ විවිධ කායික රෝග නිසා ඇතිවෙන ලිංගික බෙලහීනතාවයන් හා ඊට අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමයි.

ලිංගික දුබලතාවයන්ට හේතුවන රෝග පිළිබඳවත් ඉන් මිදී සාර්ථක ජීවිතයක් ගතකරන ආකාරය පිළිබඳවත් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

ලිංගික බෙලහීනතාවයකට බලපෑහැකි කායික රෝග ආකාර කීපයකින් දැක්විය හැකියි. විශේෂයෙන් හෝමෝනවල (Testosterone ටෙස්ටස්ටෙරෝන් ) බලපෑම් නිසා ලිංගික දුබලතා ඇතිවෙනවා. සමහර කායික රෝග නිසා මේ හෝමෝනය නිපදවීම අඩුවෙනවා. එවැනි තත්ත්වයකදී ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි. මෙහිදී මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් සහිත රෝග තත්ත්ව ප්‍රධාන තැනක් ගන්නවා. මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටිවල ඇති රසායනික ද්‍රව්‍ය නිසා සිරුරේ ඇතිවෙන වෙනස්කම් හේතුවෙන් මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවෙනවා.

මත්පැන්, මත්ද්‍රව්‍ය ලිංගික උත්තේජකයක් ලෙස භාවිතාකරන අයත් අප අතර සිටිනවා. ඇත්තෙන්ම මෙය උත්තේජකයක් නොවෙයි. නමුත් බොහෝ කාම අපරාධකරුවන් මේවා පාවිච්චි කරන්නේ තම ලැජ්ජා බය දෙක නැතිකර ගැනීමටයි. නමුත් මෙහි ඇති සත්‍ය කථාව නම් දිගුකාලීනව මත්පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ලිංගික බෙලහීනතා රෝග ලක්‍ෂණ ඇතිවීමයි.

ඇතැම් ආසාදන රෝග තත්ත්ව නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවෙනවා. කම්මුල්ගාය රෝගී ත්ත්ත්වය වෘෂණ කෝෂවලට බලපෑම් ඇතිකරනවා. මේ හේතුව නිසා වෘෂණ කෝෂවල දැඩි වේදනාකාරී තත්ත්වයක් ඇතිවෙනවා.

එවැනි අයට පසුකාලීනව ටෙස්ටස්ටෙරෝන් හෝමෝනවල ස්‍රාවයේ ගැටලු ඇතිවීම නිසා ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි.

බරවා රෝගය නිසා වෘෂණ කෝෂ ඉදිමීම සිදුවෙනවා. මේ නිසා ටෙස්ටස් ;ටරෝන් හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවෙනවා.

හෘද රෝග තත්ත්ව නිසාත් ලිංගික දුබලතා ඇතිවිය හැකියි. විශේෂයෙන් රුධිරවාහිනී පටුවීම නිසා (Atherosclerosis - ඇතරොස්ක්ලෙරෝසිස් ) නිවැරදිව රුධිර සැපයුම සිදුනොවීමෙන් ශරීර ඉÁද්‍රිය ක්‍රියාකාරීත්වය අඩුවීම සිදුවෙනවා. මේ නිසාත් ලිංගික පද්ධතියට බලපෑම් සිදුවෙනවා.

වකුගඩු හා මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝග නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවෙනවා. වකුගඩු අක්‍රිය වීම (Hydrocoele) නිසාත් වෘෂණ කෝෂයේ පිටත තිබෙන ශිරා විස්තාරනය වීම Varicocele -වැරිකොසිල් ) නිසාත් ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය නිපදවීම අඩුවෙනවා.

ශරීරයේ තිබෙන බොහෝ බරපතළ ආබාධ නිසා ශරීරයේ් ඉÁද්‍රියන්ට වන බලපෑම් හේතුවෙන් ලිංගික බෙලහීනතා ඇති වෙනවා.

දියවැඩියා රෝගී තත්ත්වයේදී ශරීරයේ පර්යන්ත ස්නායු පද්ධතියට කෙරෙන බලපෑම නිසා ලිංගික උත්තේජනයක් නොලැබීයා හැකියි. මෙහිදී වන්නේ ඉන්සියුලීන් ක්‍රියාකාරීත්වයේ අඩු-වැඩි වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයි.

ශරීරයේ හෝමෝන නිපදවන ග්‍රන්ථි එකින් එක සම්බන්ධතා පවත්වනවා. මේ නිසා තයිරෝයිඩ් ග්‍රන්ථියේ අඩු හෝ වැඩි ක්‍රියාකාරීත්වයද ලිංගික බෙලහීනතා ඇතිකරවීමට එක් හේතුවක් වෙනවා.

ස්නායු පද්ධතියේ ආබාධ ශරීර ඉÁද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට බලපෑම ඇති කරනවා. මේ නිසා නිවැරදිව ශරීරය පුරා පණිවුඩ හුවමාරුව සහ රුධිර ගමනා ගමනය සිදු නොවීම හේතුවෙන් ලිංගික ඉÁද්‍රියන්ට ද බලපෑම් ඇතිකිරීම නිසා ලිංගික බෙලහීනතා ඇතිකරනවා. අපස්මාර රෝගයේ ටෙම්පෝරල් ලෝබ් Temporal lobe සහ එපිලෝසි Epilepsy තත්ත්වයේදීත් ලිංගික ආබාධ ඇතිවිය හැකියි.

මොළයේ ඇතිවෙන රෝගී තත්ත්ව නිසාත් ලිංගික දුබලතා ඇති වෙනවා. මොළයේ ඇතිවෙන අසාමාන්‍ය වර්ධනයන් ( ගෙඩි) හේතුවෙන් ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවෙනවා. මේ නිසා ලිංගික දුබලතා ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. වසවිස මෙන්ම පළිබෝධ නාශක දීර්ඝ කාලීනව ශරීර ගතවීම නිසාත් ලිංගික දුබලතා ඇතිවෙනවා. ලිංගික අවයව සහ ගුදමාර්ගය ආශි‍්‍රත පෙදෙසේත් යටිබඩ ආශ්‍රීතවත් කෙරෙන ශල්‍යකර්මවලින් පසුව ඇතැම්විට ලිංගික බෙලහීනතා තත්ත්ව ඇතිවිය හැකියි. මෙහිදී සිදුවන්නේ එම ප්‍රදේශ ආශි‍්‍රතව ඇති ස්නායු පද්ධතියට හානිවීම් නිසා ශරීර ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑමයි.

ලිංගික ප්‍රදේශය ආශි‍්‍රතව කෙරෙන විකිරණ ප්‍රතිකාර නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි. ලිංගික බෙලහීනතාවය සඳහා කායික රෝග තත්ත්ව බොහෝ දුරට බලපානවා. එවැනි අයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ රෝග ඉතිහාසය, මානසික තත්ත්වය, පවුලේ තත්ත්වය සොයා බැලිය යුතුයි.

කායික රෝගී තත්ත්වයක් නම් එම කායික රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාදීම කෙරෙනවා. කායික රෝගී තත්ත්වවලදී ලිංගික උත්තේජක ඖෂධ භාවිතය අවශ්‍යවන්නේ නැහැ. කායික රෝගී තත්ත්වය පාලනය කරගන්නා ඕනෑම අයෙකුට සාර්ථක ලිංගික සබඳතාවක් ජීවිතයේ වැඩි කාලයක් තුළ පවත්වාගෙන යාමට හැකි වෙනවා. මානසික රෝගී තත්ත්වයක් නම් උපදේශනය මඟින් එම රෝගියාට අවශ්‍ය දැනුම්වත් කිරීම් කළ යුතු වෙනවා.

මත්පැන්, මත්ද්‍රව්‍ය , දුම්පානයට ඇබ්බැහි වීම සෘජුවම ලිංගික ගැටලු ඇතිකරන තත්ත්වයක් මෙවැනි අවස්ථාවලදී කළයුතු හොඳම ප්‍රතිකාරය වන්නේ එවැනි වැරදි පුරුදුවලින් ඉවත්වීම පමණයි.

- දුමින්ද සම්පත්
දිනමිණ පුවත්පත

Post a Comment

0 Comments