මගේ මේ බඩේ මැද හරිය කැක්‌කුමක් තියෙනවා. හැම තැනින්ම බෙහෙත් ගත්තා. හැමෝම ගැස්‌ට්‍රයිටිස් කිය කිය බෙහෙත් දුන්නා. අන්තිමට ඉස්‌පිරිතාලෙට ආවම බඩේ ගෙඩියක්‌ලු. පරක්‌කු වෙලා ආවේ ඇයි අහනවා.
"බඩේ මැද හරියේ කැක්‌කුමක් තියෙනවා. පපුවේ දැවිල්ලකුත් තියෙනවා. දරුවෝ කියනවා බෙහෙත් ගන්න යන්න කියලා. අනේ මේ ගැස්‌ට්‍රයිටිස් වෙන්න ඇති. හපල කන පෙත්තක් ගත්තම අඩු වේවි."
මේ අත්දැකීම ඔබටත් පොදු වන්නට ඇත. විවිධාකාර උදරාබාධ පවතින පුද්ගලයින් වෛද්‍යවරුන් වෙතට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි විට නිසි රෝගී පරීක්‍ෂාවකින් තොරව දිගින් දිගටම "බය වෙන්න එපා, මේ ගැස්‌ට්‍රයිටිස් වගේ. මේ බෙහෙත් ටික බොන්න, එතකොට අඩු වේවි"යි පවසන වෛද්‍යවරුද සිටිති. එසේ නැතහොත් තමාට උදරය හෝ පපුව ආශ්‍රිත පවතින රෝගය ගැස්‌ට්‍රයිටිස් යයි තමාම උපකල්පනය කොට ප්‍රතිකාර නොගෙන සිටින රෝගීහුද සිටිති. තමාට පැවැති බඩේ දැවිල්ල මාරාන්තික හෘදයාබාධයක් බව දැන ගන්නා විට අශ්වයා ඉස්‌තාලයෙන් පැන ගොස් හමාරය.
ඇතැම් අවස්‌ථාවලදී නොසලකා හරින ලද පපුවේ දැවිල්ල අවසන් වන්නේ මාරාන්තික හෘදයා බාධයකිනි. මේ අනුව පෙනී යන්නේ ආමාශයික වණ හෙවත් ගැස්‌ට්‍රයිටිස් රෝගය ගැන පුළුල් අවබෝධයක් සමාජයේ සියලු දෙනාටම තිබිය යුතු බවයි.
ගැස්‌ට්‍රයිටිස් රෝගයේදී ආමාශයේ පිටත ආවරණ ස්‌ථරයේ ආසාදන ප්‍රතික්‍රියා සිදුවෙයි. මෙම ප්‍රතික්‍රියාවලදී රුධිර භක්‍ෂක සෛල අධික ලෙස මෙහි එකතු වෙයි. මෙම ප්‍රතික්‍රියා වේගවත් වන විට ආවරණ ස්‌ථරය පලුදු වී තුවාල සිදුවෙයි. මෙම තත්ත්වය දිගින් දිගටම පවතින විට මෙම තුවාල පිපිරී බරපතල වාතාවරණයක් නිර්මාණය වෙයි. මෙය මාරාන්තික අතුරු ප්‍රතිඵල ජනිත කරයි. මේ අනුව පෙනී යන්නේ ගැස්‌ට්‍රයිටිස් රෝගය දිගින් දිගටම පැවැතීම මරණය පවා ළඟා කරදෙන බවයි.
ගැස්‌ට්‍රයිටිස් රෝගයට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ඇස්‌ප්‍රීන් හෝ එම කාණ්‌ඩයට අයත් වේදනා නාශක ඖෂධ දීර්ඝ කාලයක් ලබා ගැනීමයි. දීර්ඝ කාලයක් හන්දි ආබාධ ආදියෙන් පෙළෙන පුද්ගලයන් මෙම නිසා ගැස්‌ට්‍රයිටිස් රෝගයට ගොදුරු වීමට වැඩි ඉඩක් පවතියි. ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය නිසි පරිදි සක්‍රීය නොවන විටද ගැස්‌ට්‍රයිටිස් රෝගයට ගොදුරු වෙයි. ඉහත සඳහන් කරන ලද ඖෂධ මගින් ආමාශයේ ආවරණ ස්‌ථරය නිර්මාණය හවුල් වන රසායනවල ක්‍රියාව අවහිර කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආමාශයේ පවතින ආම්ලික ශ්‍රාවයන් හමුවේ ආමාශ පටක විනාශ වී යයි.
ගැස්‌ට්‍රයිටිස් රෝගයට බලපාන තත්ත්වයට හේතුවක් වන්නේ මධ්‍යසාර භාවිතයයි. ආමාශයික ආවරණ ස්‌ථරය මෙම මධ්‍යසාර දීර්ඝ කාලයක් භාවිතය හමුවේ විනාශයට පත්වෙයි. කිසියම් පුද්ගලයෙකු දිගු කලක් මානසික ආතතියෙන් පෙළීම නිසාද ගැස්‌ට්‍රයිටිස් රෝගයට ගොදුරු විය හැක. විභාග ආදියට මුහුණදීමට සිටින සිසුන් මේ මානසික ආතතියට නිතර ගොදුරු වීම සුලභ අත්දැකීමකි. නැතහොත් කාර්යාලයේ රාජකාරි ගැටලු පැවතීම, නිවසේ අඹු සැමි ගැටලු උත්සන්න වීම ආදියද පිළිස්‌සීම් තුවාල පැවතීම, වකුගඩු අක්‍රීයතා පැවතීම අක්‌මාව ආශ්‍රිත ගැටලුද ගැස්‌ට්‍රයිටිස් රෝගයට අතවනයි.බොහෝ විට රෝග නිධානය මගින් රෝගය හඳුනා ගැනීමට අවස්‌ථාව සැලසෙයි. මීට අමතරව උදරයේ ඉහළ කොටසේ වේදනාව ඕක්‌කාරය, වමනය ප්‍රධාන රෝග ලක්‍ෂණ වෙයි. කෑම අරුචිය පපුවේ දැවිල්ල ලේ වමනය යැම සහ තාර පැහැයට මළ පිටවීම අනෙක් රෝග ලක්‍ෂණයි. ග්‍රහණිය ප්‍රදේශයේ ඇති වන තුවාල නිසා වණ රෝග ලක්‍ෂණ රාත්‍රි කාලයේදී වැඩි වෙයි. රෝගියා නිරාහාරව සිටීම රෝග ලක්‍ෂණ වැඩි කරයි. ප්‍රති ආම්ලික ඖෂධ භාවිතය රෝග ලක්‍ෂණ අවමකරයි. ආම්ලික ශ්‍රාවය නිසා පපුවේ දැවිල්ල ඇති වෙයි. බඩ පපුවේ දැවිල්ල සමග කොන්ද ප්‍රදේශයේ ඇතිවන වේදනාව ආමාශයික තුවාලවල පිපිරීමක ලක්‍ෂණ හඟවයි.
ඉතා කනගාටුදායක තත්ත්වය නම් ආමාශයික වණ පවතින පුද්ගලයන්ගෙන් සියයට පනහකට පමණ එම තුවාල පිපිරී යන තුරු කිසිදු රෝග ලක්‍ෂණ ඇති වීමයි. මේ නිසා වලක්‌වාගත නොහැකි මරණ සිදුවෙයි. බොහෝ රෝගීන්ගේ රෝග ලක්‍ෂණ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර වලින් තොරව සුවපත් වෙයි. කෙසේ වුවත් දිගින් දිගටම රෝග ලක්‍ෂණ පවතින විට අන්නස්‍රොතය හරහා විශේෂ බටයක් දමා කැමරාවක් මගින් ආහාර මාර්ගය පරීක්‍ෂාව හෙවත් එන්ඩොස්‌කොපි (eබාදිජදචහ) පරීක්‍ෂණය සිදුකළ යුතුයි.
ගැස්‌ට්‍රයිටිස් රෝගී තත්ත්වය කෙටි කාලයකදී (aජමඑe) ඇතිවන මෙන්ම දිගු කාලයක් (ජයරදබසජ) පවතින ආකාරය ලෙස වර්ග කළ හැක. දිගු කලක් පවතින ආකාරයට මූලික හේතුව Heකසජදඉaජඑeර චහකදරස නම් බැක්‌ටීරියාවේ ක්‍රියාකාරීත්වයයි. ආමාශය තුළ වන ප්‍රතිදේහ, ප්‍රතිදේහ ජනක ප්‍රතික්‍රියා, දිගු කාලයක් ඇස්‌ප්‍රීන් කාණ්‌ඩයේ ඖෂධ ලබා ගැනීම මෙන්ම පිත පරිවහනය අඩාල වීමද දිගු කලක් ගැස්‌ට්‍රයිටිස් රෝගය පැවතීමට හේතුවෙයි.
මෙවැනි අවස්‌ථාවකදී උදරයේ අපහසුතාව දිගු කලක් නොවෙනස්‌ව පවතියි. රෝග ලක්‍ෂණ ඇති නොවී රෝගය ශරීරය තුළ පැවතීමටද පුළුවනි. දුම්පානය තවත් හේතු සාධකයකි. මින් වැදගත්ම හේතුව වන්නේ Hග චහකදරස ආසාදනයයි. මෙම බැක්‌ටීරියාව ප්‍රධාන වශයෙන් ආමාශය සහ ග්‍රහනිය ආශ්‍රිතව ජීවත් වන අතර රෝගය මිනිසාට බෝවන අන්දම සම්බන්ධව මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නැත. සංවර්ධනය වෙමින් පවතින රටවල සහ අඩු සමාජ ආර්ථික තත්ත්වයකින් සිටින ජන සමාජය තුළ මෙම රෝගය සුලභ බව පර්යේෂක මතයයි. සංවර්ධිත රටවල මෙම රෝගය වැඩිහිටි ජනගහනය තුළ සුළබය.
Hග චහකදරස බැක්‌ටීරියාව ආකාර කිහිපයකට අපගේ ආමාශයේ ආවරණ ස්‌ථරය විනාශ කර දමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආවරණ ස්‌ථරය විනාශ කර දැමීමට හේතු වන රසායන ශ්‍රාවය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආමාශයේ වණ ඇති වෙයි. තීව්‍ර අවස්‌ථාවේ සිට දිගු කලක් ඇතිවන තත්ත්වය දක්‌වා ආමාශයික වණ පැතිර යයි. රෝගියාගේ ප්‍රතිශක්‌තීකරණ පද්ධතියේ දුර්වල වීමද මෙයට අත වනයි.
දිගු කලක් ගැස්‌ට්‍රයිස් රෝගය පැවතීම නිසා ආමාශය ආවරණ ස්‌ථරය වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස පිළිකා රෝගී තත්ත්ව පවා නිර්මාණය වෙයි. මේ නිසා ගැස්‌ට්‍රයිටිස් රෝගය නොසලකා හැරිය යුතු රෝගයක් නොවන බවයි.
ගැස්‌ට්‍රයිටිස් රෝගී තත්ත්වය ඇති වන්නේ අන්නස්‍රොaතයේ සිට ආමාශය දක්‌වා පමණක් නොවෙයි. ඉන් පහළ ප්‍රදේශයේ ග්‍රහණියද (dමදාeබ්ක) මෙවැනි වණ ඇතිවන කලාපයක් වන අතර ආමාශයික වණවලට වඩා තුන් ගුණයකින් පමණ මෙම අවධානම වැඩිය. මෙම රෝග ආසාධන නිසා ආහාර මාර්ග පද්ධතියේ ආවරණ පටක වලට හානි සිදුවෙයි. රුධිර ගලනයන් සිදුවෙයි.
ඇතැම් රෝගී තත්ත්ව වලදීද ආමාශයික වණ ඇතිවීමේ අවධානය වැඩි වෙයි. තුරාත් තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම වැඩි වීම, සිරෝසිස් රෝගය, ශ්වසන රෝගවලට නිතර ගොදුරුවීම ආදිය නිදසුනකි. ඇතැම් ජාන වෙනස් වීම්ද තවත් සාධකයකි. නිදසුනක් ලෙස ධ චදිසඑසඩැ රුධිර ඝන දරන පුද්ගලයන් ආමාශයික වණ ඇති වීමට වැඩි ඉඩක් දරයි.
මෙම රෝගී තත්ත්වයන්ට ඖෂධීය ප්‍රතිකාර මෙන්ම ශල්‍ය කර්ම මගින් සුවය ලබාදිය හැක. ආමාශයේ ආම්ලික තත්ත්වය අඩු කරන ඖෂධ මේ අතර ප්‍රධාන වෙයි. අපගේ ආහාර පුරුදු රටාව වෙනස් කර ගත යුතුය. මධ්‍යසාර තෙල් සහිත ආහාර, කෝපි පානය, දුම්පානය ආදිය නතර කළ යුතුය. ආමාශයික වණ සඳහා පවතින ශල්‍ය කර්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මේ අනුව පෙනී යන්නේ ගැස්‌ට්‍රයිටිස් රෝගය සරල රෝගයක් ලෙස නොසලකා හැරිය යුතු නොවන බවයි. ඒ අතරම ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත වෙනත් රෝගාබාධ සමග මෙය පටලවා ගත යුතු නොවන බවයි. රෝගියාට මෙන්ම වෛද්‍යවරයා ද මේ සම්බන්ධව මනා අවබෝධයක් තිබිය යුතුයි.
වෛද්‍ය ජී.ජී.චමල් සංජීව : දිවයින

0 Comments