කැනරි දූපත්හි වන සම්පත් සංරක්ෂණ ව්‍යාපෘතිය

ස්පාඤ්ඤයේ කැනරි දූපත් සංචාරකයනට ආකර්ෂණීයයි. ස්වාභාවික පරිසරය ආරක්ෂා වී පවතියි. මෙහි ශාක හා සත්ව ප්‍රජාව මිනිසාගේ තර්ජනවලින් නිදහස්ය. මෙම දිවයින් හි ෙජෙවගෝලීය පරිසරය, පවිත්‍රය, දර්ශනීයය.
ජෛවගෝලයේ ඇති ස්වාභාවික පරිසර පද්ධතීන්හි දක්නට ලැබෙන ශාක හා සත්ව ප්‍රජාව මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එම සාධකවල විනාශය හෝ දූෂණය, මිනිසාගේ විනාශය හා දූෂණය කෙරෙහි බලපාන බව දැන් පෙනී ගොස් ඇත.

කාළගුණය මිනිසාගේ නිෂ්පාදනයක් බවට පත්ව ඇති තරමට ෙජෙවගෝලය දූෂිත වී ඇත.අද ස්වාභාවික ජලමාර්ග අපවිත්‍රය. ස්වාභාවික වනපෙත් විනාශ වෙමින් පවතියි. හඳුනා ගත නොහැකි ලෙඩ රෝගවලින් සත්ව හා ශාක ප්‍රජාව පීඩා විඳියි.  භූමිය කෘත්‍රිම රසායන ද්‍රව්‍යයන්ගෙන් මිශ්‍රව පවතියි. ඵලදායිතාවය අඩුයි. වාතයේ කාබන්ඩයොක්සයිඩ් හා මොනොක්සයිඩ් ප්‍රතිශතය අනතුරුදායක මට්ටමක පවති. මෙබඳු තත්ත්වයක් පරිසරයේ නිර්මාණයකර ඇත්තේ මිනිසාමය. “ස්වාභාව ධර්මයා පරිසරය හිතකරව, සුන්දරව මැව්වා එහෙත් ඒවාට මිනිසා අත තැබූ විගස විෂම වූවාය”යි වරක් ප්‍රංශ දාර්ශනිකයෙකු වූ පෘෘඩොන් ප්‍රකාශකර තිබුණේය. වනසතුන්ගේ වාසභූමි මිනිසා ආක්‍රමණය කරයි. එමනිසා වනසත්ව හා මිනිස් ගැටුම්වලින් අඩුවක්ද නැත.

මේ හේතූන් නිසා අද ලොව මුහුණ පාන ප්‍රශ්නවලින් එකක් වන්නේ මිනිසාට හිතකරව පරිසරය
සංරක්ෂණය කරගන්නේ කෙසේද? යන්නය.ස්වාභාවික පරිසරයේ ඇති සම්පත් සීමා රහිතව මිනිසා ප්‍රයෝජනයට ගනියි. වනයෙන් දැව සම්පතත්ද, නගරයෙන්, මත්ස්‍ය සම්පතක්ද තරගයට මෙන් විශේෂයෙන් සංවර්ධනය වූ රටවල් අසීමිතව ඩැහැගනු ලබයි. “ෙජෙවගෝලයේ තිබෙන සියලුම ස්වාභාවික සම්පත් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා පවතී” යන්න බොහෝ දියුණු රටවල ස්ථාවරයකි. ජපානයේ තල්මසුන් දඩයම මෙයට කදිම නිදසුනකි. සම්පත් මිනිසාගේ ප්‍රයෝජනයට ගත යුත්තේ පරිසරය සමතුලිත වන ආකාරයෙන් සම්පත් සංරක්ෂණ ක්‍රමවේද, ව්‍යාපෘති සැලසුම් කරමින් බව තවත් රටවල ස්ථාවරයයි. ඒ දියුණුවෙන රටවල්ය.

ස්පාඤ්ඤය, මේ වන විට මෙබඳු ව්‍යාපෘතියක් ක්‍රියාත්මකර ඇත. ඒ ඔවුන් සතු කැනරි දූපත්වලය. මේ දූපත්, සංචාරක ව්‍යාපාර හා සම්බන්ධව පවතී. කැනරි දූපතක් වූ එඩධතඥ ඵතචදඤ (හෝල් දූපත්හි) ඹ්චදලචපචබඥ (ලැන්සරටි) වන සංරක්ෂිතය ස්වාභාවික ශාක හා සත්ව ප්‍රජාව උත්පාද වූ ගුණයෙන් තවමත් පවතී. විදේශ සත්ව හෝ ශාක ප්‍රජාවක් මෙහි මුහු වී නැත.

මේ වන සංරක්ෂිතය ලැන්සරටි අන්තර් සම්බන්ධිත කලාප ත්‍රිකයකින් සමන්විත වේ. මෙහි
විශේෂය වන්නේ මේ සංරක්ෂිතයට සාගරයෙන්ද හෙක්ටයාර් 38,000ක ජලාශ්‍රිතයක් ඇතුළත් වීමයි.
මේ වන සංරක්ෂිතය සියලුම බාහිර සංස්කෘතික ආක්‍රමණයන්ගෙන් නිදහස්ය. ආරක්ෂා වී ඇත. මේ කලාපය බොහෝ නීතිරීති යටතේ පාලනය වේ. මිනිසාට නිදහසේ ඇතුළු වීමට ද නොහැකිය.මේ මධ්‍යස්ථ කලාප වටකරගෙන ඇති ඊළඟ කලාපයේ අන්තාරවය කලාපයට මේ කලාප සියල්ල මැනුම්කර මායිම් දක්වා ඇත. අන්තාරවය කලාපය මැද කලාපයට ආරක්ෂාව සපයයි. අන්තාරව කොටසේ වන උද්‍යාන, වනසත්ව උද්‍යාන හා වෙනත් සංරක්ෂණ ව්‍යාපෘති දක්නට ලැබෙයි. මිනිස් පිවිසුමට නිදහස්ය. මධ්‍ය රක්ෂිතයට බලපාන නීතිරීති මේ කලාපයට බලපාන්නේ නැත.

තුන්වන කලාපය වූ ක්‍රාන්ති කලාපය මේ මැද හා අන්තාරව කලාප වටකර ඇති කලාපයයි. මේ කලාපයේ සීමාසහිතව ජනාවාසද ඇත. මෙය ඉතා වැදගත්ම කලාපයක් / පෙදෙසක් ලෙස හඳුන්වයි. මේ කලාපය, ඉංග්‍රීසියෙන් හඳුන්වනේ ඤරදචදඪජ ලධදඥ ධට ජධ-ධනඥපචබධඪද කියාය. සහයෝගිතාවයේ ක්‍රියාශීලී කලාපය ලෙස එය අරුත් ගැන්විය හැකිය. මේ ලැන්සරටි රක්ෂිතයේ සියලුම කළමනාකරණ කටයුතු කෙරෙනුයේ මේ කලාපයේ සිටයි. වන සංරක්ෂණය හා සම්පත් පිළිබඳ දැනුම හා අධ්‍යාපනය, ප්‍රචාරණය ලබා දෙන්නේ මේ ප්‍රදේශයේ සිටයි. විවිධ පර්යේෂණ අත්හදා බැලීම් හා භාවිතයට ගැනීම් කරනු ලබන්නේ මේ කලාපය තුළය.

මේ සංරක්ෂිතය පිහිටා ඇත්තේ හෝල් දිවයිනේ ඹඩධතඥ ඪඵතචදඤ නිරිත දිග සමුදුර සහිත වෙරළබඩ ප්‍රදේශයේය. මේ සංරක්ෂිතයේ දක්නට ලැබෙන ශාක ප්‍රජාව අතර තිබෙන වැල් වර්ගවල පැවැත්ම, මුහුදු සුළඟින් ආරක්ෂාකර ගැනීම සඳහා බැමි විශේෂයක්ද වෙරළාශ්‍රිත ප්‍රදේශවල බැඳ ඇත. ඒ පෙදෙසේ ඇති යමහල් පාෂාණවලින් අඩසඳ ආකාරයට එකිනෙකට එකක් සම්බන්ධවන පරිදි කලාත්මකව මේ බැමි බැඳ ඇත. මළ යමහල් මේ රක්ෂිතයට අලංකාරයක්ද ලබාදෙයි. මෙම දිවයින් සංචාරකයනට ආකර්ෂණය වී ඇත්තේ මෙබඳු විද්‍යානුකූල හා සෞන්දර්යාත්මක සංකලනයෙන් ක්‍රියාත්මක වන වනගොමු සංරක්ෂිත ව්‍යාපෘති නිසා බව වාර්තා වේ. කැනරි දූපත් ස්පාඤ්ඤයට අයත් වුව ද ඒවා පිහිටා ඇත්තේ අත්ලාන්තික් සමුදුරේ වයඹ දිග අප්‍රිකාවේ මොරිටේනියාවට කි.මී. 200 පමණ ආසන්නවය.

කේ.ඩබ්ලිව්.චන්ද්‍රරත්න
ලක්බිම

Post a Comment

0 Comments