විද්‍යාත්මක පදනම මත රැඳෙමින් නමුත් එය වඩා නොඋළුප්පමින් සමාජ විමර්ශනාත්මක දැක්‌මකින් යුතුව අප විසින් කීප වරක්‌ම සමරිසි සංස්‌කෘතිය පිළිබඳව ඉරිදා දිවයින තුළින් ඉදිරිපත් කරන ලද ලිපි කීපය වෙත දිනපතා ප්‍රතිචාර ලැබෙමින් පවතී. අපගේ එම ලිපියට ප්‍රතිචාර වශයෙන් දුරකතන ඇමතුම් ඊමේල් ලිපි මෙන්ම පසුගිය ඉරිදා දිවයින සංග්‍රහය හරහා සමරිසියන් වෙනුවෙන් සෘජුවම පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘති නිලධාරියෙක් මේ පිළිබඳව විදවතුන් කිපදෙනෙකුගේ අදහස් දායකත්වයෙන් සංවාද සටහනක් ඉදිරිපත් කර තිබුණි. ඔහු සෘජුවම මවිසින් ලියන ලද ලිපියේ කරුණු උකහා ගනිමින් මගේ සමහර කරුණු පිළිබඳ විවේචන ඉදිරිපත් කර තිබු නිසා එයට පිළිතුරක් වශයෙන් මෙම සටහන තබන්නට කැමැත්තෙමි.
ඔහු ඉන් මට කරන චෝදනාවක් වන්නේ මගේ එම ලිපිය තුළ පාඨකයාට ගත යුතු කිසිවක් නැති බවත් එම ලිපියෙන් මා කුණු රසය අවුස්‌සා ඇති බවත්ය. මගේ ලිපියෙන් ඔහුට ගතයුතු කිසිවක් නැති විය හැකිය. මම ඔහුගේ අදහසට ගරු කරමි. නමුත් මගේ ලිපි කියවූ සිය ගණනක් පාඨකයන් දිනපතා මට ලබා දෙන ප්‍රතිචාර සහ අදහස් නිසා ඔහු කියා ඇති දේ මට පිළිගත නොහැක. කලාවේ එන නව නලු රසයෙහි කුණු රසයක් කියා දෙයක් මා අසා නැත. නමුත් ලියුම්කරු පවසන්නේ භීබත්සය හෙවත් පිළිකුල් රසය ගැන නම් මට කියන්නට ඇත්තේ එම ලිපියෙන් පමණක් නොව අද සමරිසියන් විකුණාගෙන කන සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කියමින් විදෙස් රටවලින් ඩොලර් සහ යූරෝ පොම්ප කරගන්නා සංවිධාන සියල්ලක් ගැනම මට ඇත්තේ භිබත්සයක් හෙවත් මහත් පිළිකුලක් බවය. ඇත්ත තිත්ත විය හැකිය. එමෙන්ම අප (පෞද්ගලිකව මම) කොතෙක් සාධාරණ ලෙස සුහද ලෙස විනිශ්චයෙන් තෙරව බැලුවද අද සමාජය සමරිසියන් හෙවත් සමලිංගිකයන් පණ්‌ඩකයන් හා එවන් අය දෙස බලන්නේ පිළිකුලෙනි. ඒ ඔවුන්ගේ බාහිර පෙනුම හෝ කතා බහ උච්චාරණ ස්‌වරය නිසා නොව මෙවැනි පුද්ගලයන් බහුතරයක් විසින් සමාජයට කරන අවර බලපෑම් සහ සමාජ සම්මතයෙන් තොරවූ ක්‍රියාවන් නිසාය. (සම්මතය ගැන ඉදිරියේ කතා කරමු) සමාජ විමර්ශකයෙක් වශයෙන් මහපොළවේ සිට සත්‍ය කතා කළහොත් අඳුරු වීදි කොනක හෝ තුන්වන පන්තියේ හෝටල් කාමරයක එසේත් නැත්නම් ඒකපාර්ශව නේවාසිකාගාරයක (හොස්‌ටල් එකක) හෝ තවත් එවැනි රහස් ස්‌ථානයක තම සමරිසි සහකරු හෝ සහකාරිය සමග තනිවන සමරිසියාට වඩා අද සමාජය පිළිකුලෙන් බලන්නේ ඔවුන්ගේ නමට මුවාවී එය නීතිගත කරන්නට ඉල්ලීම් ඉල්ලන්නට සහ ඒ මුවාවෙන් ගාණක් හොයාගන්නට දත කන එන්ජීයෝ දෙසයි. ටයිකෝට් දැම්මත් කොන්ඩය කොහොම කැපුවත් මොන මොන ලස්‌සන නම් භාවිතා කළත් ආකර්ෂණීය බෝඩ් ලෑලි වලින් සංවිධාන පිහිටුවා ගත්තත් සාමාන්‍ය ජනයා දැන් ඇත්ත වටහාගනිමින් සිටී.
මගේ ලිපියට සංවාද සටහනක් තබන රචකයා කියන පරිදි මවිසින් ලියන ලද ලිපියේ සාරාංශය සහ අරමුණ ඉතා හොඳින් ඔහු වටහාගෙන ඇත. මා එදත් අදත් පුනා පුනා කියන්නේ සමාජයට රෝග පතුරවන සමාජ ගැටලු ඇතිකරවන තමා විසින්ම තම වටිනා ජීවිතවලට අවමන් ලබාගන්නා මෙම තත්ත්වයෙන් ඔවුන් ගලවා ගත යුතු බවයි. අප භාෂා විශාරදයන් නොවන නිසා එල්ජීබීටී යන ඉංග්‍රීසි අකුරු වල පර්යාය පදාර්ථයන් කීපයක් මදක් එහෙ මෙහෙ ගොස් ඇති බව විවාදයකින් තොරව පිළිගන්නා අතර පවතින තත්ත්වයන් මත එම පර්යායයන් නිවැරදිව ඉදිරිපත් කිරීමද අගය කරමි.
රචකයා තේරුම් ගෙන ඇති පරිදි සමරිසියන් විශේෂයෙන්ම වාණිජ ලිංගික ශ්‍රමිකයන් වශයෙන් වීදියට මහ පාරට බහින සමලිංගික ගණිකාවන් ගැන අප අනුකම්පාවෙන් බැලිය යුතුය. ඔවුන් ඒ තත්වයෙන් මුදවා ගත යුතුය. එසේම ඔවුන් ගැන කිඹුල් කඳුලු හෙළන බොරදියේ මාළු බාන්නන් ගැන රටට හෙළි කළ යුතුය. අතීතයේ පටන් හැංගි හැංගි කළ දේ අද එළිපිට කරන්නට ඉල්ලන අයිතියට ඉඩ නොදිය යුතුය. සහ අවසානයේ පිරිමින් හා පිරිමින් සංවාසයේ යෙදීම ගැහැනුන් සහ ගැහැනුන් ලිංගික ක්‍රියාවලියේ යෙදීම යනු ඔවුනට කොතරම් රසවත් වුවත් වින්දනයක් ලැබුවත් එයටම ඇබ්බැහිව සිටියත් ආදායමක් ලැබුවත් ඒ ක්‍රියා සම්මතයට විරුද්ධ අසම්මත ක්‍රියාවක් බව පිළිගත යුතුය යන මතයේ මම තවම සිටිමි.
මගේ ලිපියට පිළිතුරු වශයෙන් සංවාද සටහන් තබන ලේඛකයා ඒ සඳහා අපූරු විද්වත් ලේඛකයන් හය දෙනෙකු හරහා කරුණු ඉදිරිපත් කරයි. තමන්ගෙ මට්‌ටම් තම්මැට්‌ටම් කීවාසේ ඒ ඒ විද්වතා තම දැනුම උගත්කම පරිනතභාවය අත්දැකීම මත ඉතා වටිනා කරුණු ඉදිරිපත් කරයි. ඒ ගැන කිසි ගැටලුවක් අපට නැත. නමුත් ඔවුන් මෙහිදී සමරිසියන්ගෙන් සමාජයට ඇතිවන බලපෑම සහ සමාජ ගැටලු ගැන කතා නොකිරීමට වග බලාගන්නේ සංවාද සටහන මෙහෙයවන්නාගේ ඉල්ලීම හෝ බලපෑම මතද එසේත් නැත්නම් ස්‌වයං වාරණයකින්ද කියා අපට ගැටලුවක් මතුවෙයි. මා මිත්‍ර වෛද්‍ය රුවන් මෙහිදී අති ප්‍රයෝගකාරී ෂේප්සයිඩ් න්‍යායක් අනුගමනය කරන සේයාවක්aද මට හැඟේ.
තම අදහස් ලිපියට මුසු කරන එක් ආචාර්යවරයෙක් සම්මතය කුමක්‌දැයි ප්‍රශ්න කරයි. හරියට හතයි තිස්‌පහට තුන්වන වේදිකාවට විදුලි දුම්රියක් පැමිණ එය හතයි තිස්‌නමයට යළි පිටත්වීම ජපානයේ සම්මතය වූවද අටයි තිහට පළවන වේදිකාවට එන ගම්පහ බලා යන දුම්රිය නියම වෙලාවට පැමිණීම ලංකාවේ සම්මතය නොවුණත් කලිsසම හෝ සරම ඉණට ඇඳීම, තොප්පිය හිසෙහි ලෑම, පාන් සමග පරිප්පු කෑම පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන් සුදු කපටි සූට් ඇඳීම, පොතක් මුල සිට අගට කියවීම, තෙල් ගා හිස පීරීම වැනි දේ අප දන්නා අපගේ සම්මත සිරිත්ය. නමුත් මේවා දේවභාෂිත හෝ අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්ද නොවේ. ඒවා කඩ නොකළා කියා දඬුවමක්‌ද නැත. නමුත් සමාජ අවමානයට හෝ දෙවරක් බැලීමට ඒවා තුඩු වන හේතුවෙයි. එසේම බහිස්‍රාවීය ඉන්ද්‍රීයන් ලිංගික කටයුතු වලට යොදා ගැනීම, ආහාර ගැනීමට සහ රස බැලීමට ඇති ඉන්ද්‍රියන් කාමය උද්දීපනයට යොදා ගැනීම සම්මත ක්‍රමයෙන් වෙනස් ක්‍රියා බවද සිහි කළ යුතුය. මේවා තම කැමැත්ත මිස දඬුවම් දිය යුතු දඬුකඳේ ගැසිය යුතු වැරදි කියාද නොපවසමි. නමුත් සම්මතය නොවන බව කාටත් තේරුම් ගත යුතුය.
මා හිතවත් වෛද්‍යවරයෙක් කියා සිටි පරිදි ගුද සංසර්ගය නිසා ඇතිවන තුවාල, ආසාධන, රුධිර වහනය, සමාජ රෝග ව්‍යාප්තිය, පසුකාලීනව අනවශ්‍ය අන්දමින් ගුදය තුළින් අසුචි වහනය වන්නට පටන් ගැනීම, ඒඩ්ස් හැදෙන එච් අයිවී වෛරසය ගුද මාර්ගයේ පටක ඉරීයාම නිසා ඉක්‌මණින් සංක්‍රමණය වීම වැනි දේ සිදු වෙයි. මුඛය පිළිබඳවද ඔහු බොහෝ දේ කියා සිටි අතර අප රචකයා ඔහුගේ ලිපියෙන් කී පරිදි කුණු රසය ඇතිවිය හැකි නිසා වැඩිය ඒ ගැන කතා නොකරමි. අවසාන වශයෙන් මතක් කළ යුත්තේ සමරිසියන් නිසා ඇතිවන සමාජ ගැටලු කීපයක් ගැනයි. වින්දනයක් ලබා ගැනීමට හෝ මුදල් සෙවීමට අඳුරු කාලයේ මහමගට හෝ පාලු තැන්වලට ඇදෙන සමකාමීන් නිසා බාල පරම්පරාව ලිංගික කටයුතුවලට යොමුවෙන අවස්‌ථා බහුලය. වැඩිහිටියෙක් සමරිසියෙක් සොයා යන්නේ තම කැමැත්තට විය හැකිය. නමුත් ලාබාල නව යොවුන් තරුණයෙකු සමරිසියෙකුගේ හෝ සල්ලාල සමලිංගිකයෙකුගේ පෙළඹවීමකට අසුවීමේ ප්‍රවනතාවය අද සමාජයේ ඉතා වැඩිය. බාලිකා පාසල් වල නේවාසිකාගාරවල දී වැඩිහිටි සමරිසි අක්‌කලාගේ පෙළඹවීම මත සමකාමී ලිංගික ක්‍රියාවලියට ඇබ්බැහිවූ කුඩා නංගිලාගේ කතා අප අනන්තවත් අසා ඇත. ලොකු අයියලාගෙන් හොස්‌ටල්වල මල්ලිලාට වුණු අතවරද, පන්සල්වල ලොකු හාමුදුරුවන්ගෙන් පොඩි හාමුදුරුවන්ටත් සෙමනේරියේ ලොකු බ්‍රදර්ගෙන් පොඩි බ්‍රදර්ටත් කොන්වන්ට් එකේ ලොකු මදර්ගෙන් සිස්‌ටර්ලටත් බෝ වුණ සමරිසි සින්ෙඩ්‍රාaම අද අනන්තය, අප්‍රමාණය. ඇත්තටම මා පෞද්aගලිකව විශ්වාස කරන පරිදි සමරිසිභාවය යනු උපතින් එන දෙයකට වඩා උගන්නා චර්යාවක් බවයි (ඛැaරබැd ඉeය්ඩසදර)
සමරිසි අයිතිය ගැන කතා කිරීම වරදකි. එය තහනම් කරනු කියා කියන්නට අපට කිසි අයිතියක් නැත. නමුත් අප ඉල්ලා සිටින්නේ සමරිසියන්ගෙන් සමාජයට වන අහිතකර බලපෑම් අවම කරන්නටත් හැකිතාක් දුරට ඉන් වෙන්වී සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට ඔවුන්ගේ සිත් උනන්දු කරන ලෙසත්ය.
මෙයට සමරිසියන් විරුද්ධ රිසියන් වනු දැක්‌මට කැමති
මිත්‍ර ශ්‍රී කරුණානායක
0 Comments