නිර්මාංශ නොවී බවුන් වැඩිය නොහැක

මහාමංගල සූත්‍රයේ දැක්‌වෙන එක්‌ මංගල කාරණාවකි ඉහතින් සඳහන් වූයේ. මෙම ධම්ම සාකච්ඡාවට අවිහිංසාවාදය, නිර්මාංශ ජීවිත ගත කිරීමේ බලවත් අනිසංසමය වටිනාකම වර්තමානයේ වැදගත් විෂය කරුණ වන්නේ කලාකතුරකිනි. මෙම බුදුදහමේ ඇති වටිනාකම විෂය සංකල්පය සාකච්ඡාවට භාජනය කරන උතුම් බුද්දිමත් ගිහි පැවිදි පඬිවරුන් තරමක්‌ විරල බව පෙනේ. ධර්ම දේශනා අවවාද අනුශාසනා සහ මෙම විෂය සම්බන්ධ පොත්පත්ද එසේම මේ පිළිබඳ 'කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං'ද එක සේ විරලය.

ඕනෑම දුර්වල කාරණයක්‌ තම පෘතග්ජන වාසියට හා ප්‍රයෝජනයට යොදා ගැනීමට පුරුදු පුහුණුවී සිටින බෞද්ධ යෑයි කියාගන්නා සමාජයකින් වැඩි යමක්‌ බලාපොරොත්තු වීමද කාලෝචිත නොවේ. සැදැහැවතුනි, බුදුරජාණන් වහන්සේ කිසිවිටෙක මස්‌ මාශ වළ¹ නැත. එසේ කළා නම් මාධ්‍යම යාමයේ සිට පාන්දර යාමය තෙක්‌ දෛනිකව සියලු සත්වයන් කෙරෙහි කරුණා සමාපත්තියට පත්වීමට උන්වහන්සේට කිසිසේත් නොහැකි වනු ඇත. රහතන් වහන්සේලාද එසේමය. සිහි නුවණ ඇති බෞද්ධයන්ද, මගඵල ප්‍රාර්ථනා කරනඒ සඳහා කැපවී සිටින ගිහි පැවිදි උතුමන්ලාද එසේමැයි. 

මිනිස්‌ සත්වයින් සහ සියලු අනෙකුත් සත්වයින්ගේ ඉපදීමද මියයාමද ජිත්වීමද දුක්‌ඛ සත්‍යයේ එක්‌ පැතිකඩක්‌ නම් ලෝකෝත්තර සැප හෙවත් පරම සුඛාස්‌වාදය සොයායැමට දුක්‌ඛ සත්‍යය අනුභවය හෝ වැළඳීම කෙතරම් අනුචිදැයි සිහියට ගැන්මට කාලය දැන් පැමිණ ඇත. එයම මෙනෙහි කළ යුතු ධර්මතාවකි. මහන්සිවී දාඩිය පෙරාගෙන අපිරිසිදුව, කිලිටි වූ මනසකින් යුතුව පැමිණි සැනින් භාවනාවක යෙදිය නොහැකිවාක්‌ මෙන් නිර්මාංශිකව තම ශරීරය පිරිසිදු කර නොගෙන බවුන් වැඩීමක්‌ කළ නොහැක. සමාධිගත කරත හැකි සිතක්‌ද නොමැත.

එසේ කළ හැකි යෑයි පවසන අයද පූර්ණ රැවටිලිකාරයෝය. උගුරට හොරා බෙහෙත් කන්නන්ය. සක්‌සුදක්‌ සේ එය එසේමය. කවුරුන් කෙසේ දෙසුවත් ලීවත් තම තමන්ගේ සිහි බුද්ධියෙන් නැණ පමණින් විමසාගත යුත්තේය. බුදුපියාණන් වහන්සේ දේශනා කළේද එයයි. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් මංචකයේදී උන්වහන්සේ දෙසා වදාළේ මාංශ අනුභවයෙන් හදවතේ ස්‌වභාවයෙන් ඇතිවන කරුණා නමැති බීජය විනාශයට පත්වන බවය. එම බණපදය නිරතුරුව සිහිපත් කර ගැනීම මිල කළ නොහැකි වටිනාකමකි.

මාංශ භක්‌ෂණය සත්තකින්ම භවනාවට බාධාවකි. මෛත්‍රී භාවනාව වඩනවිට තමන් ආහාරයට ගන්නා ජීවිත තුරන් කර ලබාගත් මාංශ අයත් සතුන් රූපය මෙලොව හැරදමා නාමය රැගෙන ඊළඟ භවයට යැමට වේදනාවෙන් කම්පාවෙන් වෛරයෙන් දඟලන හැටි මෙනෙහි නොවේ නම් දැන්වත් එය හොඳින් මෙනෙහි කරගන්න. මාංශ කුස්‌ තුළ රඳවාගෙන සිතද එකඟකරගෙන සියලු සත්වයෝ නිරෝගීවෙත්වා, සුවපත් වෙත්වා, සැනසෙත්වා, සියලු සත්වයෝ නිරෝගි වෙත්වා නිවන් ලබත්වා යෑයි පැතීම මොන තරම් විහිලුවක්‌ද?, එයින් වන්නේ තමාද රවටාගෙන මුළු රටම රවටා තමාට දානය දුන් පින්වතුන්ද රවටා තම මුළු ආත්මය රවටා සමාධි ගතවීමක්‌ද, නැතිනම් තමන්ම තමාව නිරයේ එළිපත්තට ළඟා කර ගැනීමක්‌ද? මඳක්‌ නැවතී සිතන්න...

තවද රාගාදී ක්‌ලේශයන් සහ ද්වේෂ නමැති මාරදූතයින් පසුපස හඹාඑද්දී කුණුවූ මාංශයන්ගේ අපිරිසිදු දුඟද ශරීරයෙන් වහනය වෙද්දී, කය නොසොල්වා දෙනෙත් පියාගෙන සිටියත්, කුලු හරකකු ගාලකඩාගෙන දුවන්නාක්‌ මෙන් උමතුවෙන් නොවටිනා දේ කරා දුවන සිත එක්‌තැන් කරගන්නේ කෙසේද? ඔබ නොදැනුවත්ව අනුභවකළ සත්වයන්ගේ යක්‌ෂ, ප්‍රේaත බවට පත්වූ නාම කදම්බයන් ඔබ වටේ නිරතුරු කරකැවෙමින් ඔබ ප්‍රාර්ථනා කරන භාවනා තලයන්ට ඒමට ඔවුන් බාධන නොවේදැයි මොහොතක්‌ සිතා බැලුම වටී.

එවැන්නක්‌ ඔබේ පියවි සිතට නොදැනුනත්, සිත එකලස්‌ කිරීමට අපහසුකම් වැඩීවීමෙන්, එය එසේ සිදුව ඇති බව පසක්‌ කර ගන්න. යම් අදෘශ්‍යමාන බලවේගයක්‌ විසින් ඔබව හරස්‌ කපනු ඇති බව ඔබට වැටහී යනු ඇත. වසර හත අට භාවනා පන්තිවලට හා භාවනා වෙළෙඳපලවලට ගොස්‌ නොයෙකුත් දුෂ්කරතා මැද යෝගවචරයන්ව සිට බලන්නකුට හත් අවුරුද්දක්‌ උණ පුරුක තුළ බහාලු සෙයින් තමුන් කලින් සිටි තැනටම ආපසු පැමිණ ඇති බව දැනගත් බොහෝ අයවලුන්ගේ ශෝකජනක කතා අප අසා ඇත.

කාරණා කටයුතු කෙසේ වුවත් ඔබ යම්කිසි ශීලයක හෝ සමාධියක නොපිහිටා භාවනාව අතරමග ඇනහිටියොත් ඔබට දානය දුන් අයවලුන්ගේ අදහස්‌ මුදුන්පත් නොවනු ඇත. එවිට ඔබ මුqලු සසරේදීම ඒ පින්වතුන්ගේ සංසාරගත ණයකාරයන් හෝ ණයකාරියන් වනු ඒකාන්තය. එවිට එය පවක්‌ බව නොදන්නා පින්වතුන් පිනක්‌ වේ යෑයිපූජා කළ මාංශ දානය නිසා සිත් එකඟ නොවී යෑයි ඇඟ බේරා ගැන්මට නොහැකි බව පසක්‌ කර ගන්න. මක්‌නිසාද ඔබට ඇකැප දෙයක්‌ ඔබ වැළඳීමෙන් එයින වැලකී සිටීමට ඉඩ ප්‍රස්‌ථාව හොඳට තිබුණත් රස තෘෂ්ණාව ඉහවහා ගිය නිසා බොළඳව තෘෂ්ණාවට යටත්වීමට ඔබට සිදුවූ නිසාය.

මේ සියල්ල මෙසේ නොවලහා ලිවීමෙන් යම් අයවලුන්ගේ සිත් රිදීමට බෙහෙවින් ඉඩකඩ ඇති බවද අප දනිමු. එහෙත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වාදෙන අය මෙලොව දුර්ලභ නිසා වන ශාසනික හානිය මෙතකැයි මිනිය නොහැකිය. උදාහරණ වශයෙන් සඳහන් කළ හැක්‌කේ තුවාලයක්‌ සනීප කිරීමට නම් එය රිදවා සුද්ධ කළ යුතුමය. එය හොඳින් පිරිසිදු කරන විට තුවාලය ඇති ලෙඩාට රිදේ. එහෙත් පසුව බෙහෙත් ගැල්වීමෙන් තුවාලය පිරිසිදු බැවින් එය වහා සුවපත් වේ. එයද විශ්ව න්‍යායක්‌ බව ඒත්තු ගැනීම වටී.

මව් කුසින් බිහිවන සියලු සතුන්ගේ පැවැත්ම පූර්ණ වශයෙන් ර¹ පවත්නේ මව් සෙනෙහස නිසාය. කෙටියෙන්ම මුqලු ලොවම මව් සෙනෙහස මහ මෛත්‍රිය මහා කරුණාව, දයාව, ශාන්තිය, මුදිතාව මත ර¹ පවතින බව බවුන් වැඩීමකින් හෝ නුවණැතිව පසක්‌කර ගැන්ම නිර්වානයේ ප්‍රථම පියවර සාක්‌ෂාත් කර ගැන්ම බව තේරුම් කරදීමට අවස්‌ථාවක්‌ ලැබීම මේ ලියන අපගේද වාසනාවක්‌ වන්නේ යෑයි හඟිමු.

සියලු දෙනාට තිසරණ සරණයි
පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

Post a Comment

0 Comments