ලොව්තුරා බුදු හාමුදුරුවනේ...! අවසරයි අපිට.
පුංචි කතාවක් කියන්නට...
අදමිටු මිසදිටුවන් අතලොස්සක් කොතෙක් ගැරහුවත් ඔබ වහන්සේ දේශනා කළ ඒ මහා ශ්‍රී සද්ධර්මය, මේ පුංචි ශ්‍රී ලංකාවෙ තවමත් විරාජමානව වැඩසිටිනවා අපේ බුදු හාමුදුරුවනේ.. ඒ මහා දර්ශණය ඉදිරියටත් සදහකාළිකවම වැඩ සිටින බවට අපට විශ්වාසයි අපේ බුදු හාමුදුරුවනේ..
කසළ ශෝධක සුනීSතට, මළ මිනියක් ගැට ගහල අමු සොහොනට දමා තිබූ සෝපාකට, සිය පවුළම අහිමිව පිස්සියක් මෙන් මහ පාරෙ දිව ගිය පටාචාරාට, රඡ්ජුමාලාට, අංගුළිමාලට, කිසාගෝතමීලාට ඔබවහන්සේ පිහිට වුණු හැටි, පොත පතින් වගේම ධර්මදේශනාවලින් කියවා අසා සිත් සතන් සනසා ගත්ත අපිට ඊයේ පෙරේදා ඔබ වහන්සේගේ මහා ගුණ කඳ තවත් අසරණ අහින්සකයින් පස් දෙනෙකුට පිහිට වුණු අවස්ථාවක් දැක බළා ගන්න ලැබුණා අපේ බුදු හාමුදුරුවනේ..
ඒ කිතලගම ශ්‍රී සීලාලංකාර මාහිමියෝ ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්ත දිඹුලාගල ආරන්ණ්ය සේනාසණ පින්බිමේ සිදුවෙච්ච මහා පිංකමක්, භාග්‍යවතුන් වහන්ස..
සිත්තරවේලි සුංදරලිංගම් දමිළ ජාතික අහිංසක දුප්පත් මනුෂ්‍යයෙක්. පොලොන්නරුවෙ වැලිකන්ද ප්‍රදේශයේ කරපොල දමිළ ගම්මානයේ ජීවත් උනේ. දරුවන් 04 දෙනයි. එක දුවයි, පුත්තු 03 දෙනයි. සුංදරලිංගම්ගෙ ඇසක් නොපෙනීම ගිහින්. අනෙත් ඇසෙත් පෙනීම දුර්වල වෙමින් පවතින්නේ. එයාගෙ බිරිඳ කන්දකුට්ටි කමලපූර්ණි. දරුවන් 04 දෙනාට උගන්නල අනාගතේ හදල දෙන්නයි, සුන්දරලිංගම් එක්ක ජීවිගේ ඉතුරු කාලය සතුටින් ගතකරන්නයි කියලා ජීවත්වෙලා හිටිය ඉඩමත් උකස් තියල අරාබි රටකට ගියා බැළ මෙහෙවරකම් කරල හරි සල්ලි ටිකක් හොයාගෙන එන්න. අපේ බුදු හාමුදුරුවනේ.
ඒත්, කමලපූර්ණි ගෙදරට කතා කළේ අවුරුද්දයි මාස දෙකක් විතරයි. දැන් මාස 06ක ඉඳන් කතා කරන්නෙත් නෑ. තොරතුරක් ලැබෙන්නෙත් නෑ. සිත්තරවේලි සුංදරලිංගම් දරුවොත් එක්ක තනිවෙලා. දරුවන්ට කන්න දෙන්නවත් සුංදරලිංගම්ට වත් කමක් නෑ.. කුලියක් කරන්නවත් ඇස් පේන්නෙ නෑ. ගේත් උකසට සින්න වුණා. එන්න එන්නම අසරණකමේ පතුලට මිසක් පේන තෙක් මානෙක සහනයක් තිබුණෙ නෑ.. දවසකට එක වේලයි දරුවො කෑවෙ. ඒකත් හුඟක් වෙලාවට පාං කෑල්ලක් අපේ බුදු හාමුදුරුවනේ.
ගේත් අහිමි උනාට පස්සෙ දිඹුලාගල සති පොල භූමියේ ගරා වැටුණු කඩ කෑල්ලක දරුවො හතර දෙනත් එක්ක නැවතිලා හිටියෙ. සල්ලි තියෙන නෝනා කෙනෙක් නිතරම ඇවිත් දරුවෝ හතර දෙනා ඉල්ලනවා. දරුවන්ට මිලක් නියම කරලා ලක්ෂ 20ක. සුංදරලිංගම් බඩ ගින්නෙ මලත් දරුවන් විකුණන්න කැමති උනේ නෑ අපේ බුදු හාමුදුරුවනේ.
ඔන්න ඔය අතරෙදි තමයි එක් ගුරු මහත්මයෙක් ඔබවහන්සේගේ මහා ගුණ කඳ ගැන, එදා අසරණ අහිංසකයින්ට ඔබවහන්සේ පිහිට වුණු හැටි සුංදරලිංගම්ට කියා දුන්නේ. ඒ මහා බුද්ධ දර්ශණේ ගැන පැහැදුණු සුංදරලිංගම් දරුවො 4 දෙනත් එක්ක දිඹුලාගල ආරන්ණ්ය සේනාසනේ වර්ථමාන විහාරාධිපති මල්දෙණියේ ජිනාලංකාර මාහිමියන් ගෙන් බණ අහල උන්වහන්සේ යටතේ තමන්ගේ දරුවන් 04 දෙනාම ශ්‍රී සම්බුද්ධ ශාසනේට ඇතුලත් කලා අපේ බුදු හාමුදුරුවනේ.
එකම දියණිය පොලොන්නරුව නව නගරයේ අසරණ සරණ සුගත විශාඛාරාමයේදී සිංහපුර සමිතදීරා සිල් මෑණියන් යටතේ විදාතාදේවානි සිල්මාතාව ලෙස සසුන් ගත වෙනකොට තමන්ගේ සහෝදරයෝ සෙවණපිටියේ ධම්ම දේවාලංකාර, සෙවණපිටියේ ධම්මසේනා ලංකාර, සෙවණපිටියේ ධම්මදීපාලංකාර යන නම්වලින් සංඝ සාසනේට ඇතුලත් උනා. මේ පුංචි සාමණේර හිමිවරු කසාවතින් සැරසිලා දානෙට වඩිනකොට බලන්න ලස්සයි අපේ බුදු හාමුදුරුවනේ..
නිවැරදි බුදු දහම තුළ ඇති කරුණාව, දයාව, මෛත්‍රීය පෙරදැරි කරගත්ත මේ පුංචි සාමණේර හිමිවරු තමන්ගෙ තාත්තව දිඹුලාගල ආරන්ණ්ය සේනාසනේම නවත්තාගෙන තමන්ට ලැබෙන දානෙ වේලෙන්ම පොAෂණය කරනවා අපේ බුදු හාමුදුරුවනේ..
උන්වහස්සේලාගේ එකම ඉල්ලීම තමන්ගේ තාත්තට ජීවිතේ ඉතුරු කාලය පිනක් දහමක් කරගෙන පාඩුවෙ ඉන්න පුංචි කාමරයක් හදල දෙන්න පින්වතෙක් ඉන්නව නම් ඒ උදව්ව කරන්න කියලයි. ඔබ වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය සරණ යන පින්වත් මහත්මයෙක්, නැත්නම් නෝනා කෙනෙක්, ඒ මහා පිංකම කරගනී කියල අපි හිතනවා අපේ ලොව්තුරා බුදු හාමුදුරුවනේ..
අමරසිංහ මාලගේ
0 Comments