මිනිස්‌ අතින් වද කරන්නට යන සත්ත්ව ලෝකයේ ආදිතමයා

පෞද්ගලික කැස්‌බෑ සංරක්‌ෂණ මධ්‍යස්‌ථාන පවත්වාගෙන යාම තවදුරටත් විධිමත් කර ඒවා වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම සදහා අමාත්‍ය මණ්‌ඩලය විසින් තීරණය කරනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. වාර්ෂික බලපත්‍ර ක්‍රමයක්‌ යටතේ මෙම මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැමට අවසර ලබාදීම සඳහා අමාත්‍යාංශ මේ අනුව ඉදිරියේදී නීතිරීතිs සැකසෙනු ඇත. කැස්‌බෑවා අයත් වෙන්නේ වදවී යැම අභිමුව සිටින සත්ත්ව කොට්‌ඨාශ අතරටය. මේ නිසා උන්ගේ බිත්තර රැකගනිමින් කැස්‌බෑවුන් සයුරට මුදා හැරීම සංරක්‌ෂිත කර්තව්‍යයකි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කොටසක්‌ ලෙස දකුණු මුහුදු තීරය ආශ්‍රිත කරගනිමින් පුද්ගලික ආයතන ලෙස කැස්‌බෑ මධ්‍යස්‌ථාන රාශියක්‌ බිහිවී තිබේ. ඒවා පිළිබද කාලයක පටන් ගැටළු රාශියක්‌ පැවතුන අතර 'සුදු කැස්‌බෑවා සිද්ධිය' එම ආයතන සදහා තියුණු රාජ්‍ය නිරීක්‍ෂණයක්‌ යළිත් වරක්‌ අවධාරණය කරන ලද්දේය. දකුණු ප්‍රදේශයෙන් වාර්තා නොවෙතත් සමහර ප්‍රදේශ වල ඇති කැස්‌බෑ සංරක්‌ෂිත මධ්‍යස්‌ථාන කැස්‌බෑවුන්ගේ මසට ලොල් බැඳ ඇති අපායගාමීන්ගේ ආශාව සන්තර්පණය කිරීම උදෙසා මස්‌ සපයා නීතිය හමුවට පවා පමුණුවා තිබුණි. කැස්‌බෑවා වැනි මිහිමව ලද දායාදයක්‌ අපේ දේශය අසල නොව අවට ගැවෙසෙන විට එය ප්‍රදර්ශන භාණ්‌ඩයක්‌ පමණක්‌ බවට පත්කර ගන්නා බංකොලොත් තත්ත්වයෙන් අප මිදිය යුතුය. ඒ සදහා වන පළමු ක්‍රියාකාරකම වනුයේ කැස්‌බෑවා හඳුනා ගැනීමය. 

සාගරයේ ජීවත්වන උරගයකු ලෙස හඳුන්වන කැස්‌බෑවා වසර දශ ලක්‌ෂ සියයකටත් ඈත අතීතයේ සිට පරිණාමය වෙමින් වර්තමානය දක්‌වා ගමන් කර ඇති බව විද්‍යාත්මක සාධක මගින් සනාථ වෙයි. පෘථිවිය මත ජීවත් වන සාර්ථක ජීවී කණ්‌ඩායමක්‌ ලෙස කැස්‌බෑවුන් පිළි ගැනේ. මොවුන්ගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස්‌ වන බැවින් උදය කාලයේදී සාගරය මතුපිටට පැමිණ සූර්ය කිරණ මගින් උෂ්ණත්වය වැඩි කර ගනී. මොවුන් පෙනහලු මගින් වාතය ආශ්වාස ප්‍රශ්වාස කරයි. කැස්‌බෑවන් රාත්‍රිය ගෙවා දමන්නේ අක්‍රියවය. සාගර පත්ලේ ඇති ගුහා හෝ පැලුම් තුළට වී නිදා ගැනීම සිදු කරයි.

කැස්‌බෑවුන් වර්ග කිහිපයක්‌ ලංකාව ආශ්‍රිත වෙරළ තීරයේදී නිරීක්‌ෂණය කළ හැකි වීම අපගේ දේශය ලබා ඇති භාග්‍යයකි. ලංකාවේ බූන්දල ජාතික උද්‍යානයේ දකුණු සීමාව, බළපිටිය, මන්නාරම දකුණු වෙරළ, නැඟෙනහිර කුච්චවේලි සිට කෝකිලායි දක්‌වා සහ කොඩයිමුඩෙයි සිට කච්චතිවු දක්‌වා වෙරළ තීරය, යාපනය අර්ධ ද්වීපය කැස්‌බෑවන් බිත්තර දමන වෙරළ තීරයන් වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට බිත්තර දැමීම සඳහා පැමිණෙන කැස්‌බෑවන් වර්ග පහක්‌ හඳුනාගෙන ඇත.

දාර කැස්‌බෑවා Leather back Turtle (Dermochelys coriacea)

පිටෙහි දාර මෙන් පිහිටා ඇති නෙරුම් කිහිපයක්‌ නිසා මේ නමින් හදුන්වයි. තුන්දානි කැස්‌බෑවා, වවුල් කැස්‌බෑවා හා නැව් කැස්‌බෑවා ආදී නම් රාශියකින් ද මෙම වර්ගය හඳුන්වනු ලබයි. දාර කැස්‌බෑවා ගොදුරු සොයා ගැනීමට කි. මී. දහස්‌ ගණනක්‌ දුර ගමන් කරයි. ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාව නිසා සීතල සාගරයේ වුවද පිහිනා ගොස්‌ ආහාර සොයා ගැනීමට හැකි වී තිබේ. කැස්‌බෑ වර්ග අතරින් විශාලම වර්ගය ලෙස දාර කැස්‌බෑවා හැඳින්විය හැකිය. උගේ සාමාන්‍ය බර කි.ග්‍රෑ.600 ක්‌ පමණ වේ. මෙම කැස්‌බෑ වර්ගයේ පිරිමි සතුන් කිසිවිටෙකත් මුහුදින් ගොඩට නොඑයි. අතර ඇඳක්‌ තරම් ප්‍රමාණය දරන මෙම කැස්‌බැ වර්ගය ලොව බරින් වැඩිම සහ විශාලතම උරගන් වර්ගයක්‌ ලෙස සැලකෙන අතර අන් කැස්‌බා වර්ග ලෙසම බිත්තර දැමීමට ගැහැනු සතුන් ගොඩබිමට පැමිණේ. දාර කැස්‌බෑවන් සියයක්‌ පමණ ලංකාව අවට මුහුදු සීමාවේ ජීවත් වේ. 

දියවැල් හරහා විශාල දුරක්‌ ගමන් කරන මෙම කැස්‌බෑ වර්ගය මීටර් 1200 තරම් ගැඹුරු මුහුදේ කිමිදේ. මෙම වර්ගයේ පිටතින් ඇත්තේ කටුවකට වඩා වෙනස්‌ අධික ඝනකමින් යුත් සමකි. වැඩිහිටි දාර කැස්‌බෑවකු දිගින් මීටර් 2.5 පමණ වන අතර ඉහත සඳහන් කළ විශේෂිත පිට කටුවේ ඇති දාර මගින් මෙම කැස්‌බෑ වර්ගය හඳුනාගත හැක.

දැල්ලන්, ඇල්ගී වර්ග සහ ජෙලි මාළුන්a ආහාරයට ගන්නා දාර කැස්‌බෑ වර්ගය සාමාන්‍යයෙන් මුහුදේ සිටින ජෙලි මාළුන් ගහනය පාලනය කරන සාධකයක්‌ ලෙස ක්‍රියාකරයි. මොවුන් සිය කැදලි, වැල්ලේ ගැඹුරට හෑරීම විශේෂත්වයකි. එක කැදැල්ලක බිත්තර 130 පමණ දැකගත හැකි අතර බිත්තරයක්‌ සෙන්ටිමීටර් 5 පමණ දිගකින් යුත් වේ.

ඔලුගෙඩි කැස්‌බෑවා Logger head Turtle (Caretta caretta)

අන් කැස්‌බෑ වර්ග හා සැසදීමේදී විශාල හිසක්‌ සහිත වීම නිසා ඔලුගෙඩි කැස්‌බෑවා යන නමින් හැඳින්වේ. අතීතයේදී කන්නාඩි රාමු සෑදීමට මෙම කැස්‌බෑවාගේ කටුව භාවිත කිරීම නිසා කන්නාඩි කැස්‌බෑවා ලෙසද ව්‍යවහාර වේ. මීටරයක්‌ පමණ දිගට වැඩෙන ඔලුගෙඩි කැස්‌බෑවා සාමාන්‍යයෙන් කි.ග්‍රෑ.180 ක්‌ පමණ බරකින් යුක්‌තය. හදවතක හැඩය සහිත කටුවක්‌ හිමි ඔලුගෙඩි කැස්‌බෑවා, එකවර බිත්තර 150 ක්‌ පමණ දමයි. මෙම සතාගේ මස්‌ මිනිසුන්ට අහිතකර නිසා අවම මානව තර්ජනයකට ලක්‌ව තිබේ. 

මීටර් 1.2 පමණ දිගට වැඩෙන කන්නාඩි කැස්‌බෑවන් පහසුවෙන් හඳුනාගත හැක්‌කේ ඔවුන්ගේ රතු දුඹුරු වර්ණය සහ විශාල හිස නිසාය. කලපු, මෝය සහ මුහුදු බොකු ආශ්‍රිතව වෙසෙන මෙම කැස්‌බෑ වර්ගය crustacean iy mollusc සහ පදකකමිජ සතුන් ආහාරයට ගන්නේ ඒ සඳහාම පරිණාමය වූ උල් හොටය භාවිතයෙනි. ඉතා දුර්ලභ මෙම කැස්‌බෑවා ලංකාවේ දකුණු සහ ගිනිකොණ වෙරළාශ්‍රිතව සැප්තැම්බර් සහ මාර්තු මාස වලදී දැකගත හැකිය. කන්නාඩි කැස්‌බෑ වර්ගය වරකට බිත්තර 175 පමණ දමන අතර පැටවුන් එන්නේ බිත්තර දමා මාස දෙකකට පමණ පසුවය

පොතු කැස්‌බෑවා / ලෙලි කැස්‌බෑවා Hawksbill Turtle (Eretmochelys imbricata)

පනා හා ආභරණ සෑදීම සඳහා කටුව (පොත්ත/ලෙල්ල ) භාවිතා කරන නිසා පොතු කැස්‌බෑවා හෝ ලෙලි කැස්‌බෑවා ලෙස හඳුන්වනවා විය යුතුය.

ඔලිව් කොළ පැහැති පිටත කටුවක්‌ සහිත පොතු කැස්‌බෑවා සාමාන්‍යයෙන් තරමින් විශාල වන අතර මොවුන්ගේ මුඛයේ යටි ඇන්ද ඉදිරියට නෙරා ගොස්‌ සිහින් වන්නේ උකුස්‌සෙකුගේ හොටයක්‌ මෙනි. Hawksbill (උකුසු හොට) කැස්‌බෑවා ලෙස මොවුන් හඳුන්වන්නේ එබැවිනි.

බොහෝවිට ගල්පර, මෝය ආශ්‍රිත පෙදෙස්‌, කලපු හි දක්‌නට ලැබෙන මෙම කැස්‌බෑ විශේෂය වඩාත් ඇලුම් කරන්නේ ඇල්ගී, කොරල් සහ ගල්මාළු ආහාරයට ගැනීමටය.

පොතු කැස්‌බෑවුන් වරකට බිත්තර 175 පමණ දමන අතර පැටවුන් පැමිණීමට මාස දෙකක්‌ පමණ ගත වේ. පොතු කැස්‌බෑ මස්‌ විෂ සහිත වන අතර ඒ ආශ්‍රිත මරණ කිහිපයක්‌ වාර්තා වී ඇතත්, මොවුන් වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇත්තේ කැස්‌බෑ කටු වලින් කරන විවිධ පනා, ආභරණ ආදිය සඳහා දඩයම් කිරීම නිසාය.

ගල් කැස්‌බෑවා Green Sea Turtle (Chelonia mydas)

ගල් කැස්‌බෑවා හෙවත් කොළ කැස්‌බෑවා ලෙස මෙම වර්ගය හදුන්වන්නේ කටුවට යටින් ඇති කොළ පැහැති මේද ස්‌තරය හේතුවෙනි. මෙම මේද ස්‌තරය සුප් සෑදීමට යොදා ගන්නා නිසා ගල් කැස්‌බෑවුන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටී. මීටර් 1 ක්‌ පමණ දිග ගල් කැස්‌බෑවා කි.ග්‍රෑම්.180 ක්‌ පමණ බරින් යුතු වේ. කුඩා කාලයේ මාංශ භක්‌ෂක වන අතර වැඩුණු පසු ඇල්ගී ශාක මත යෑපෙන ශාක භක්‌ෂකයින් බවට පරිවර්තනය වේ. තරමක්‌ විශාල ප්‍රමාණයකට වැඩෙන ගල් කැස්‌බෑවාගේ කටුව ඔලිව් හෝ අඳුරු කොළ/දුඹුරු මිශ්‍රිත පැහැයක්‌ ගනි. අන් කැස්‌බෑවුන් මෙන් වකුටු වූ හොටයක්‌ මෙම වර්ගයට නොමැති අතර පිරිමි සත්වයා ගැහැනුq සත්වයාට වඩා තරමින් කුඩා වේ.

මෙම කැස්‌බෑ වර්ගය වසර පුරාම බිත්තර දමන අතර කැදැල්ලක සාමාන්‍යයෙන් බිත්තර 100 - 175 පමණ දැකගත හැක..

නිවර්තන කලාපිය මුහුදු වල වැඩිලෙස සැරිසරන මෙම කැස්‌බෑවා වැල්ල සහිත දුපත් වල වැඩි වශයෙන් දැකගත හැක. ICUN හෙවත් රතු ලෑයිස්‌තුවේ තර්ජනයට ලක්‌ව ඇතිල සත්ත්ව කාණ්‌ඩයට මෙම කැස්‌බෑවා නම් කොට ඇත.

බටු කැස්‌බෑවා Olive ridley sea turtle (Lepidochelys olivacea)

ලංකාවේ වෙරළ තිරයේ සැරිසරන කැස්‌බෑවුන් අතරින් බරින් සහ ප්‍රමාණයෙන් කුඩාම ලෙස සැලකෙන මෙම කැස්‌බෑ වර්ගයේ පිටතින් ඇති කටුවේ ලා කොළ/අළු පැහැය නිසාම ඔවුන්ට මෙම නම වැටී ඇත. මෙම කැස්‌බෑවුන් දිගින් සෙන්ටිමීටර් 80 පමණ වන අතර ඔවුන්ටම ආවේනිකවූ වකුටු වූ උඩු ඇන්ද නිසා හඳුනාගැනීම පහසු වේ.

ලංකාවේ වැල්ල ආසන්න ප්‍රදේශ වල කැදලි තැනීමට පැමිණෙන මෙම බටු කැස්‌බෑවන් සතුන් සියගණනක්‌ හෝ, විටෙක දහස්‌ ගණනකින් පමණ සමන්විත වන කැදලි සංකීර්ණ සාදන අතර එක බටු කැස්‌බෑවකු වරකට සෙන්ටිමීටර් 3-4.5 පමණ දිගින් යුත් බිත්තර 50-160 අතර ප්‍රමාණයක්‌ දමයි. සති 6-8 පමණ කාලයකදී බිත්තර වලින් පිටතට පැමිණෙන කැස්‌බෑ පැටවුන් වෙරළ තිරයෙන් කෙලින්ම යන්නේ මුහුදටය.

කැස්‌බෑ ජීවන සිරිත පිළිබදව විග්‍රහ කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ ධීවර සහ ජල ජීවී වගා අධ්‍යයන අංශයේ මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රුචිරා කුමාරණතුංග මහත්මිය සදහන් කරන ලද්දේ "කැස්‌බෑවුන් කියන්නේ චලතාපී සත්ත්ව කොට්‌ඨාසයක්‌. ඔවුන්ගේ දේහයේ උෂ්ණත්වය Rජුවම පරිසරයේ උෂ්ණත්වය සමග බලපානවා. ශීත කාලවලදී මේ සතුන් වැඩිපුර ගොඩබිමට එන්නේ. ජනවාරි හා පෙබරවාරි මාසවල වැඩිපුර එනවා. රස්‌නය නොමැති දිනවල දහවල් කාලයේ වුවත් පැමිණ බිත්තර දමා යනවා.

කැස්‌බෑවා වතුරේ බිත්තර දාන්නේ නැහැ. ගොඩ බිමට ඇවිල්ලයි දාන්නේ. වැලි හා වැටකෙයියා පදුරු ආසන්න පොළොවේ වැඩිපුර බිත්තර දමනවා. සෑම වෙරළකම දාන්නෙත් නෑ. වරකට කැස්‌බෑ දෙනක බිත්තර 150-250 ත් අතර ප්‍රමාණයක්‌ දමනවා. ඊට අඩුවෙන් දමන අයත් ඉන්නවා. ඔක්‌කොම බිත්තර එකවර දාන්නේ නැහැ. හත් අට වතාවක්‌ ගොඩබිමට ඇවිල්ලා දමා යන්නේ.

සාමාන්‍යයෙන් කැස්‌බෑවකු බිත්තර දැමීම සඳහා වූ පරිණත භාවයට පත් වෙන්න වසර තිස්‌පහක්‌ වැනි දීර්ඝ කාලයක්‌ ගත වෙනවා. කැස්‌බෑවකුගේ ආයුෂ කාලය අවුරුදු හැත්තෑවක්‌ පමණ වෙනවා.

බිත්තර දහසක්‌ දැම්මොත් ඉන් පරිණත භාවයට පත් වන්නේ එක්‌ බිත්තරයකින් බිහිවන පැටවකු පමණයි. අනෙක්‌ සියල්ල කුඩා කාලයේදීම විනාශ වෙනවා. විශාල මාළු හා කුරුල්ලන් ආදී සතුන් ඒ පැටවුන් ඔවුන්ගේ ආහාරයට එක්‌ කර ගන්නවා. ඊට අමතරව මාළු දැල්වල පැටලී මිය යනවා. මිනිසුන් බිත්තර තම්බා ගෙන කන නිසා තවත් ප්‍රමාණයක්‌ අහිමි වෙනවා. ඒක නිසයි කැස්‌බෑවා සංරක්‌ෂිත සත්වයකු බවට පත් කර තිබෙන්නේ.

කැස්‌බෑවුන් ඇල්ලීම, මැරීම, බිත්තර ළඟ තබා ගැනීම හා විකිනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්‌ වෙනවා. කැස්‌බෑවා වෙරළට ඇවිත් බිත්තර දැමීමට පෙර යම් කලබල තත්ත්වයක්‌ ඇතිවුවහොත් ආපසු මුහුදට යනවා. ඒත් බිත්තර දාන්න පටන් ගත් පසු කුමන බාධකයක්‌ ආවත් එය විඳදරාගෙන බිත්තර ටික දමලයි ආපසු යන්නේ. ඒ බිත්තරවල අධි ප්රෝනටීන තිබෙන නිසයි. මිනිස්‌සු ඒවා ආහාරයට ගන්න පෙළඹී සිටින්නේ.

බොහෝ සත්වයින්ගේ විවිධ කාලවලදී පරිණාම ලක්‌ෂණ වෙනස්‌ වෙනවා. නමුත් කැස්‌බෑවාගේ ආදී ලක්‌ෂණ තවමත් නොවෙනස්‌ව පවතිනවා. පරිණාම වෙනස්‌වීම සමග දියුණු ජීවියකුට සතුරාගෙන් ගැළවීම සඳහා විවිධ උපක්‍රම ලැබෙනවා. නමුත් කැස්‌බෑවාට එහෙම නැහැ. පරිණාමයේදීත් කළේ කටුව තුළට යාමයි. දැනුත් එහෙමයි. සතුරෙක්‌ ආවත් කැස්‌බෑවාගේ ගමන සෙමින් සිදුවන්නේ. එහෙත් වෙන සතුන් එහෙම නැහැ." යනුවෙනි.

කැස්‌බෑවන්ට ඉතා දිගු ආයු කාලයක්‌ ඇත. මේ දිගු ජීවිත කාලය තුළදී මෙම සතුන් මුහුදු සැතපුම් දහස්‌ ගණනක්‌ තරණය කරයි. දශක කිහිපයක්‌ ගෙවෙන තෙක්‌ මෙම සතුන් බිත්තර දැමීමට තරම් පරිණත වන්නේ නැත. තවද, බිත්තර දැමීම සඳහා, ඔවුහු ඉපදුනු වෙරළම සොයාගෙන යති. එක්‌ වරකට දමන බිත්තර දුසිම් ගණන් අතරින් වැඩිහිටි සතුන් බවට පත්වීමට තරම් වාසනාවන්ත වන්නේ එක්‌ අයකු හෝ දෙදෙනකු පමණි. අලුත ඉපදුන පැටවුන්ට මුහුණ දෙන්නට සිදුවන ස්‌වභාවික තර්ජනද රාශියකි. බිත්තර කැදැල්ලේ සිට මහ මුහුද දක්‌වා දිවීමේදී මෙම පැටවුන් බොහොමයක්‌ විවිධ උරගයින්, පක්‌ෂීන්, කකුළුවන් සහ ක්‌ෂීරපායින්ට ගොදුරු වේ. කුඩා කැස්‌බෑවන් මහ මුහුදේ දී ඇතැම් මත්ස්‍ය මගින් ආහාරයට ගනු ලබයි.

කැස්‌බෑවන් තම ජීවිත ආරම්භ කරන්නේ ඉතාමත් අන්තරාදායක සාධක මධ්‍යයේ ය. 

පරිණත කැස්‌බෑවන්ට ස්‌වභාවික සතුරන් නැති තරම්ය. සුදු මෝරා (ඨරුaඑ අයසඑe sය්රන), කොටි මෝරා (ඔසටැර sය්රන) සහ මරණ තල්මසා (ධරජ්s) ඇතැම් විට කැස්‌බෑවන් ආහාරයට ගනී. නමුත් මෙම සත්ත්ව විශේෂ වඳ වී යැමේ තර්ජනයට මුහුණ පාන තත්වයටම ගෙන ගොස්‌ ඇත්තේ මිනිසාය. කැස්‌බෑවන් මස්‌ මාංශ සඳහා දඩයම් කර ඇත. ඒවගේම කැස්‌බෑ බිත්තර එම කැදලි වලින් ඉවත් කර ආහාර පිණිස භාවිතා කර ඇත. ඔවුන්ගේ කටු වලින් විලාසිතා භාණ්‌ඩ නිෂ්පාදනය කරයි. මීට අමතරව, කැස්‌බෑවන් ධීවරයින්ගේ මාළු දැල්වල සමහර විට හසුවේ. මේ දැල් වලින් ඉක්‌මනින්ම මුදාහැරියේ නැත්නම්, දියයට ආශ්වාස ප්‍රශ්වාස කිරීමට නොහැකි වන නිසා ඔවුන් ශ්වාසරෝධනයෙන් ජීවිතක්‌ෂයට පත්වේ. කැස්‌බෑවන් උරගයින් වේ. එම නිසා ඔවුන්ට හුස්‌ම ගැනීම පිණිස ජලය මතුපිට වාතය අවශ්‍යය.

ගැහැනු කැස්‌බෑවන් තම කැදලි සාදා බිත්තර දැමීම පිණිස වෙරළ තීරයට පැමිණිය යුතුය. මෙම පරිසර විනාශ වීම මෙම සත්ත්ව විශේෂවලට හානිදායකවන අතර නීත්‍යාකූලව නොකෙරෙන වෙරළ තැනීම් මෙම පරිසර විනාශයට තුඩුදෙන එක්‌ ක්‍රමයකි. දේශගුණික වෙනස්‌කම් නිසාද මෙම බිත්තර කැදලි වලට බලපෑම් ඇති වෙයි. පරිසරයේ ඉතාමත්ම සියුම් තාප වෙනස්‌කමක්‌ වුවත් සිදුවුණහොත් (එනම්, මෙම බිත්තරවල උෂ්ණත්වය ද වෙනස්‌ වේ) බිහිවන පැටවුන්ගේ ස්‌ත්‍රී පුරුෂභාවයට ද වෙනස්‌කම් සිදුවේ.

මස්‌ හා බිත්තර පිණිස කළ කැස්‌බෑ දඩයම එක්‌ කාලයකදී බහුලව සිද්ධවුවද, අද තත්වය එසේ නොවේ. මහජනතාවගේ දැනුම වර්ධනය කිරීමට ගත් විවිධ වෑයම් හේතුවෙන් මිනිසා විසින් කෙරෙන හානිකර ක්‍රියාකාරකම්වල ඵල විපාක පිළිබදව අද මනා අවබෝධයක්‌ වෙරළාශ්‍රිතව ජීවත් වන ජනතාවට ඇත. ලංකා වෙරළට පැමිණෙන සියලුම මුහුදු කැස්‌බෑ විශේෂ රටේ නීතිය මගින් ආරක්‌ෂා කර ඇත. අවාසනාවකට මෙන්, දිළිඳුකම සහ විරැකියාව නිසා මෙම අහිංසක සතුන්ට හානිකර වන ක්‍රියාමාර්ගවලට කිරීමට සමහර මිනිසුන් තවමත් පෙළඹෙයි. එනමුත්, මහජනයා දැනුවත් කිරීම මගින් මෙම සතුන් බොහෝ දුරට ආරක්‌ෂා කිරීමට හැකිවී ඇත.

ලෝකයේ දැනට ඉතිරිවී ඇති කැස්‌බෑ වර්ග 7න් 5 ක්‌ම ලංකාව අවට මුහුදේ ජීවත්වීමත් නිසා අපට කැස්‌බෑවා ඉතා විශේෂ සත්ත්වයකු බවට පත්වනවා ඇත. 

දැනට වඳවී යැමේ තර්ජනයට ගොදුරු වී සිටීම නිසා 1972 වසරේදී නීතිගත කළ වන සත්ත්ව හා තුරුලතා ආරක්‌ෂක ආඥා පනතට අනුව කැස්‌බෑවුන් නීතියෙන්ම ආරක්‌ෂා කර තිබේ. 1993 වසරේදී ඊට එක්‌කළ නව සංශෝධනයන්ට අනුව කැස්‌බෑවුන් මැරීම, බිත්තර එකතු කිරීම, කටු ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය කිරීමද තහනම් කෙරිණි. එම නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මෙම නීති උල්ලංඝනය කරන්නන් හට රුපියල් 10,000 සිට 30,000ක්‌ දක්‌වා වන දඩ මුදලකට යටත් වීමට හෝ වසර දෙකක්‌ දක්‌වා වන සිර දඬුවමකට යටත් කිරීමටත් එසේත් නොමැති නම් ඇතැම් අවස්‌ථාවකදී එම දඬුවම් දෙකටම යටත් කිරීමටත් නීතියෙන් කටයුතු යොදා තිබේ.

සාමාන්‍යයෙන් කැස්‌බෑවා සැලකෙන්නේ දීර්ඝායුෂ ඇති සත්ත්ව විශේෂයක්‌ ලෙසය. අවුරුදු 80 සිට 120 ක්‌ තරම් කාලයක්‌ කැස්‌බෑවා එක්‌ ජීවිත කාලයක්‌ ගත කරන බව පර්යේෂණවලින් හෙළිවී තිබේ. අතීතයේදී විශාල වශයෙන් වාසය කළා යෑයි පැවැසෙන සාගර කැස්‌බෑවුන් විශේෂ සියල්ලක්‌ම මේ වන විට සිටින්නේ වඳවී යැමේ තර්ජනයට ලක්‌වය. සාමාන්‍යයෙන් අනෙක්‌ සතුන්ගේ පැටවුන් බෝවීමේ ක්‍රමයට බොහෝ සෙයින් වෙනස්‌ ක්‍රමයකට සිදුවන කැස්‌බෑවුන්ගේ බෝ වීම ඉතා දීර්ඝ කාලයකට පසුව සිදුවන්නක්‌ ලෙස සැලැකේ.

ඔසිත අත්තනායක

Post a Comment

0 Comments