ආත්‍රයිටිස්‌ රෝගයට සහනය අර්තාපල් යුෂවලින් ලබාගනිමු


අමු අර්තාපල්වලින් ලබාගන්නා ඉස්‌ම ආත්‍රයිටිස්‌ සඳහා ඉතාම සුදුසු ප්‍රතිකාරයක්‌ ලෙස හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් රූමැටික ආත්‍රයිටිස්‌ සඳහා එය සුදුසු බව කියනවා. පසුගිය ශතවර්ෂ ගණනාවක්‌ තුළ ඉන්දියානුවන් එය අත් බෙහෙතක්‌ හැටියට යොදාගෙන තිබෙනවා. එය කරන්නේ මෙහෙමයි. පොතු ඉවත් නොකරන ලද මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් ගෙඩියක්‌ ගෙන හොඳින් සෝදා මඩ ඉවත් කර පොතු පිටින්ම කැබලිවලට කපා ගන්න. පසුව විශාල වතුර වීදුරුවකට එය දමා එහි කට දක්‌වා පිරෙන තෙක්‌ වතුර දමන්න. ඉන්පසු රැයක්‌ එළිවන තුරු එය සිසිල් ස්‌ථානයක තබා උදේ අවදි වූ වහාම වතුර ටික පෙරා හිස්‌බඩ පානය කරන්න. එහෙම නැතිනම් මධ්‍යම ප්‍රමාණයේ අර්තාපලයක්‌ හොඳින් කොටා එහි ඉස්‌ම මිරිකා වතුර වීදුරුවකට මිශ්‍ර කර උදෙන්ම පානය කරන්න.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකි දේශීය ශාකසාර කිහිපයක්‌ ගැනත් ආත්‍රයිටිස්‌ රෝගියකු පැවතිය යුතු ආකාරය ගැනත් පසුගිය සතියේ දී අප සාකච්ඡා කළා. එහිදී සඳහන් කෙරුණා ආතතියෙන් පෙළෙන පුද්ගලයන් තුළ ආත්‍රයිටිස්‌ රෝගය බලවත්ව පැන නැගීමේ ප්‍රවනතාවක්‌ තිබෙන බව. එදා ඔබ කතා කළේ සාමාන්‍ය ආත්‍රයිටිස්‌ තත්ත්වය ගැනයි. අද අප ඔබෙන් විමසන්නේ රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය සඳහා යොදාගත හැකි ප්‍රතිකාර ගැනයි.

වෛද්‍ය වසන්ත උදයජීව - ආත්‍රයිටිස්‌ කියන්නේ නිතරම පර්යේෂණයට ලක්‌ කෙරෙන රෝග තත්ත්වයක්‌. ආයුර්වේදය තුළ මෙන්ම යුනානි නමැති අරාබි වෛද්‍ය ක්‍රමය තුළත්, සිද්ධි නමැති දෙමළ වෛද්‍ය ක්‍රමය තුළත්, ජර්මන් හෝමියෝපති ක්‍රමය තුළත්, බටහිර වෛද්‍ය ක්‍රමය තුළත්, ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර සොයමින් නිතරම පර්යේෂණ පැවැත්වෙනවා. මෙවැනි ඖෂධ කිහිපයක්‌ ගැන පසුගියදා ඉන්දියානු පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වුණා. රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය සඳහා සුදුසු ස්‌වභාවික ශාකසාර ප්‍රතිකාර කිහිපයක්‌ ගැන එහි සඳහන් වුණා. ඒ මෙසේයි.

1. අර්තාපල් ඉස්‌ම - අමු අර්තාපල්වලින් ලබාගන්නා ඉස්‌ම ආත්‍රයිටිස්‌ සඳහා ඉතාම සුදුසු ප්‍රතිකාරයක්‌ ලෙස හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් රූමැටික ආත්‍රයිටිස්‌ සඳහා එය සුදුසු බව කියනවා. පසුගිය ශතවර්ෂ ගණනාවක්‌ තුළ ඉන්දියානුවන් එය අත් බෙහෙතක්‌ හැටියට යොදාගෙන තිබෙනවා. එය කරන්නේ මෙහෙමයි. පොතු ඉවත් නොකරන ලද මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් ගෙඩියක්‌ ගෙන හොඳින් සෝදා මඩ ඉවත් කර පොතු පිටින්ම කැබලිවලට කපා ගන්න. පසුව විශාල වතුර වීදුරුවකට එය දමා එහි කට දක්‌වා පිරෙන තෙක්‌ වතුර දමන්න. ඉන්පසු රැයක්‌ එළිවන තුරු එය සිසිල් ස්‌ථානයක තබා උදේ අවදි වූ වහාම වතුර ටික පෙරා හිස්‌බඩ පානය කරන්න. එහෙම නැතිනම් මධ්‍යම ප්‍රමාණයේ අර්තාපලයක්‌ හොඳින් කොටා එහි ඉස්‌ම මිරිකා වතුර වීදුරුවකට මිශ්‍ර කර උදෙන්ම පානය කරන්න.

2. ඊළඟ ඖෂධය තමයි අමු පලා වර්ගයක්‌ කොටා කැරට්‌ සෙලරි සහ බීට්‌ හා සම සමව මිශ්‍ර කර අඹරා ඉස්‌ම ගෙන පානය කිරීම. මෙහිදී සිදු වන්නේ අමු ඉස්‌මවල තිබෙන ක්‍ෂාරමය කොටස ශරීරගත වීම නිසා ආත්‍රයිටිස්‌ රෝගයෙන් ඉදිමුණ සන්ධි වටා තිබෙන විවිධ අපද්‍රව්‍ය ඉවත් වීමයි. නැවුම් අන්නාසි යුෂ කෝප්පයක්‌ දිනපතාම පානය කළ හැකි නම් ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ සහ රූමැටික ආත්‍රයිටිස්‌ යන රෝග තත්ත්ව දෙකෙහිදීම සිදුවන සන්ධි ඉදිමුම නැතිව යනවා.

3. තල මේස හැන්දක්‌ වතුර කෝප්ප කාලක දමා රැයක්‌ එළිවන තුරු පොඟවා පානය කළාමත් ආත්‍රයිටිස්‌ වේදනාව සමනය වෙනවා. මෙහිදී තල ස්‌වල්පය අනුභව කළ යුතුයි. මේ සියල්ල කළ යුත්තේ හිස්‌බඩයි. 

4. තඹවලින් සාදන ලද කෝප්පයක දැමූ ජලය උදෙන්ම හිස්‌බඩ පානය කළ යුතු බවත් ඒ පත්‍රිකාවේ සඳහන් වෙනවා. තඹ මුද්දක්‌ ඇඟිල්ලේ පැළඳීමත්, තඹ වළල්ලක්‌ අතේ දැරීමත් සුදුසු බව තමයි පර්යේෂකයන්ගේ මතය වන්නේ.

Post a Comment

0 Comments