ශ්‍රී ලංකාවේ සාම විනිසුරු පදවියේ භූමිකාව ශත වර්ෂ ගණනාවකට දිවයන අතර, එහි මූලාරම්භය ක්‍රි.පූ. 425 පණ්ඩුකාභය රජ පාලන සමය දක්වා ඈත අතීතයට බලපා තිබේ. අතීතයේ යම් යම් ආරවුල්වලට මැදිහත් වූ මිනිසුන් තෝරාගත් දිනවලදී යම් නිශ්චිත ස්ථානයක ගසක් යට එක් රැස් වී සංවාද කරමින් ගැටලු නිරාකරණය කර ගත් බව ඉතිහාසය සාක්ෂි දරන අතර, මෙම ගැටලු නිරාකරණය කිරීමට මුලික වූ අයෙකු අෙන්යාන්යව සුහදතාව මත සාමය ඇති කරලීමේ පසිඳලීම්කරු හෙවත් සමථ විනිශ්චයකරු ලෙස කටයුතු කර ඇති බව ඉතිහාසයේ සදහන් වේ.
වර්තමානයේ සාමදාන විනිශ්චයකාරවරයා යන භූමිකාවට වැඩි වටිනාකමක් ලබා දීමට මූලික වී ඇත්තේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් ලෙස පත්වීමෙන් අනතුරුව ඉංග්‍රීසි රජය විසින් එකල එංගලන්තයේ භාවිතා කළ Jමිඑසජැ දෙ ඡැaජැ නමැති සංකල්පය පදනම් කරගෙන එංගලන්ත සමාජය එදා ක්රමයේ නීතියේ ආධිපත්‍ය ය අභියෝගයට ලක්වූ ප්‍රදේශවල නීතිය හා සාමය සුරක්ෂිත කිරීම සඳහා සාමවිනිසුරුවරුන්ගේ භූමිකාව බලාත්මක කර එම සමාජ තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා මොවුන්ගේa සේවය ලබාගත් බව සටහන් වී තිබේ.
එංගලන්තයේ සහ වේල්සයේ මේ වන විටත් ක්‍රියාත්මක වන සාමවිනිසුරු භූමිකාව සුළු අපරාධ නඩු හා සුළු අපරාධ නොවන නඩු විසඳීම සඳහා පුර්ණ බලතල සහිතව සාම විනිසුරු පදවි දැනටත් උපයෝගී කරගන්නා බව සඳහන් වේ. එංගලන්තය, ඔස්ටේ්රලියාව හා ඇමරිකාවේ ක්‍රියාත්මක වන මෙම සාම විනිසුරු භුමිකාව ශ්‍රී ලංකාවේ මහනුවර යුගයෙන් ආරම්භ වී දැනට ශතවර්ෂ 2කට ආසන්න කාලයක් ගත වී ඇතත්, ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික ප්‍රවාහය ශක්තිමත් කිරීමෙහිලා සාමවිනිසුරුවන්ගේ භූමිකාව නිසි ලෙස සමාජ ගත කර තිබේද යන්න ගැඹුරින් විමසා බැලිය යුතුය.
අධිකරණ සංවිධාන පනත
සමාජයේ ගෞරවනීය හා සම්භාවනීය පුරවැසියන්ට සිය දැනුම කුසලතා හා ආකල්ප පදනම් කරගෙන සමාජයට ගෞරවනීය සේවයක් කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ බලතළවලට යටත්ව අධිකරණ විෂයභාර අමාත්‍යවරයා විසින් ලබා දෙනු ලබන මෙම ගෞරවනීය තනතුර පිරිනැමීම තුළින් අපේක්ෂා කරනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නියමයන්ට යටත්ව ගෞරවනීය සේවාවක් සමාජයට ලබා දීමය.
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ සඳහන් කර ඇති ආකාරයට අධිකරණ දිස්ත්‍රික්ක 54 සඳහා ග්රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, අධිකරණ දිස්ත්‍රික්ක, අධිකරණ කලාප හා මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදී සාමවිනිසුරු පදවි පිරිනැමෙන අතර, අධිකරණ අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලබන එම පත්වීම පිරිනැමීමෙන් පසු ගරු පත්වීමක් ලෙස සැලකෙන නමුත්, අදාළ පත්වීම රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම තැනැත්තා හෝ තැනැත්තිය සාමදාන විනිශ්චයකාරවයකු හෝ සාමදාන විනිශ්චයකාරවරියක ලෙස දිවුරුම් හෝ ප්‍රතිඥා දීමෙන් පසුව පමණක් ස්වකීය පදවියේ වැඩ භාර ගත යුතු වන්නේය. එසේ පත්කරන සාමවිනිසුරුවරුන් ඔවුන් පත්කර ඇති අධිකරණ දිස්ත්‍රික්ක තුළ වාසය කරන කාලය තුළ පමණක් හා එම ප්‍රදේශයන්ට ඔහුගේ හෝ ඇයගේ සේවය ලැබෙන තුරාවට පමණක් ඔහුගේ හෝ ඇයගේ පත්වීම වළංගු වන බව අධිකරණ සංවිධාන පනතේ විස්තර කර තිබේ.
අධිකරණ අමාත්‍යාංශය විසින් ගරු තනතුරක් ලෙස පිරිනමන මෙම තනතුර හුදෙක් මහජන ප්‍රයෝජනය උදෙසා පමණක් වන අතර, මෙම පත්වීම උපයෝගී කරගෙන දිවුරුම් ප්‍රකාශ හෝ වෙනත් ලියකියවිලි සහතික කිරීමේදී කිසිදු ගාස්තුවක් අයකළ නොහැකි බව දැනුම් දී ඇති අතර, ඔහු හෝ ඇය විසින් ඉටු කරන කුමන සේවාවක් වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය කළ නොහැකිය.
සාමවිනිසුරු පදවියේ වළංගු භාවය ගැසට් පත්‍රයේ පළකිරීමත් සමඟ ආරම්භ වන අතර, අධිකරණ අමාත්‍යවරයා විසින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(4) වැනි වගන්තියට යටත්ව සාමවිනිසුරුවරුන් පත්කෙරෙන අතර, එම පත්කිරීම් සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය විසින් අදාළ පත්වීම් ලිපියේ පිටපත් ප්‍රදේශයේ දිසාපතිවරයාට, මහාධිකරණ විනිසුරුතුමන්ට, දිසාවිනිසුරුතුමන්ට හා මහෙස්ත්රාත්තුමන්ට දැනුම් දීම මෙම පත්වීම් පිරිනැමීමේ සම්ප්රදාය වේ.
අධිකරණ සංවිධාන පනතේ 11 වන වගන්තියට අනුව සාමවිනිසුරු පත්වීම්ලාභියා මහාධිකරණ විනිශ්චයකාරවරයකු, දිසා අධිකරණ විනිශ්චයකාරවරයෙකු, මහේස්ත්‍රාත්aවරයකු හෝ පවුල් අධිකරණ විනිශ්චයකාරවරයකු ඉදිරියේ දිවුරුම්දී හෝ ප්‍රතිඥා දී අත්සන් තබා නිල රාජකාරි ඇරඹිය යුතු බව දක්වා තිබීම මගින් මෙම තනතුරට ලබා දී ඇති ගෞරවය සාම විනිසුරු භූමිකාව නෛතිකව බලගැන්වීමක් වන බැවින්, එවැනි තනතුරක් ලැබීම සමාජයීය වශයෙන් සුවිශේෂී පිළිගැනීමකි.
ගුණාත්මක වශයෙන් පහළ වැටීම
සාමවිනිසුරුවරුන් පත්කිරීමේ ගෞරවනීය තත්ත්වය එසේ වුවත් පසුගිය කාලපරිච්ඡේදයේදී අප රටේ පත්කර ඇති බහුතරයක් සාමවිනිසුරුවරුන් පිළිබඳව මතය වී ඇත්තේ එතරම් සුබදායී තත්ත්වයක් නොවේ. ගුණාත්මක වශයෙන් ඇද වැටුණු සාමවිනිසුරු භූමිකාව සමාජය යළිත් අවධානයට යොමු වන වැදගත් පුරවැසියන් බව ඒත්තු ගැන්වීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් සාමවිනිසුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් කාලාන්තරයක් තිස්සේ සංවිධානය කරන නමුත්, අතළොස්සක් සාමවිනිසුරුවරුන් එම විධිවිධානයන්ට පටහැනිව මෙම වෘත්තියේ ගරුත්වය අභියෝගයට ලක් කරමින් විවිධ ලියකියවිලි, දිවුරුම් ප්‍රකාශ සහතික කිරීමේදී මුදල් අයකිරීම් හා වෙනත් මූල්‍යමය ප්රතිලාභ ලබා ගැනීම පිළිබඳව වාර්තා වන අතර, අතළොස්සක් දෙනා සිදු කරනු ලබන මෙකී ක්‍රියාවන් හේතුවෙන් සමස්ත සාමවිනිසුරු භූමිකාව සමාජයේ අභියෝයට ලක් වී තිබේ.
පසුගිය කාලපරිච්ඡේදයේදී සුදුස්සන් හට සාමවිනිසුරු පදවි පිරිනැමීමේ ගැටලුදායි තත්වයක්ද වාර්තා වූ අතර, නුසුදුස්සන් හට මෙම තනතුර පිරිනමා අති බවට සමාජ මතයක් නිර්මාණය වී තිබූ බැවින්, අධිකරණ අමාත්‍යාංශය මේ පිළිබඳව සොයා බලා එය නිවැරදි කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති අතර, එමගින් අධ්‍යාපන සුදුසුකම්, සමාජ සේවා ක්‍රියාකාරකම්, වෘත්තීය පළපුරුද්ද, ප්‍රජා නායකත්වය හා වෙනත් සුවිශේෂි දක්ෂතා තිබෙන පුද්ගලයන් තෝරා ගැනීමට වැඩි අවස්ථාවක් ලබා දී ඇති බැවින් වර්තමානයේ මෙම තනතුර සඳහා පත්වන සමාජ නායකයින්ට විශේෂ ගෞරවයක් ලබාදෙමින් අවිධිමත් ලෙස ක්‍රියාත්මක වූ සාමවිනිසුරු පදවි ලැබීමේ ක්‍රමවේදය වර්තමාන සමාජයට ගැලපෙන පරිදි සකස් කර තිබේ.
සාමවිනිසුරුවරයකුගේ රාජකාරී වගකීම
1895 අංක 09 හා 1915 අංක 22 දරන ආඥා පනත්වල සටහන්ව ඇති ආකාරයට හා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේද සාමවිනිසුරුවරයකුගේ විෂයෙහි පැවරී ඇති අධිකාරී බලය සඳහන් කොට තිබෙන අතර, මීට අමතරව ශ්‍රී ලංකා රජයේ සේවය වෙනුවෙන් අවශ්‍ය කටයුතුවලදී ලියකියවිලි නිර්දේශ කිරීම, තහවුරු කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීම, අත්සන් තහවුරු කිරීම, පුද්ගලික අංශයේ ලියකියවිලි තහවුරු කිරීම, නිර්දේශ කිරීම, සේවාදායකයන් වෙනුවෙන් සාමවිනිසුරු සහතික නිකුත් කිරීම වැනි සේවාවන් නිල වශයෙන් ඉටු කිරීමට නීත්‍යානුකූලව පැවරී ඇති අතර, ඊට අමතරව සමාජයේ යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන මහජන සේවාවන්, නීතිය හා සාමය ආරක්ෂා කිරීම, මත්ද්‍රව්‍ය පිටුදැකීම, පරිසරය ආරක්ෂා කිරීම ආදී ඕනෑම සමාජයේ කටයුත්තකදී පොලීසියට හා අදාළ ආයතනවලට ස්වේච්ඡාවෙන් සිය සේවය ලබා දිය හැකි ගෞරවනීය සේවාවක් ලෙස සාම විනිසුරුවරුන්ගේ භූමිකාව එතරම් පළල් වුවත්, අප රටේ ලක්ෂයකට අධික සාමවිනිසුරු පිරිසක් සිය රාජකාරි ස්භාවය පිළිබඳව නිවැරදිව වටහාගැනීමක් හෝ අවබෝධ කරගැනීමක් මත කටයුතු කරන බවක් පෙනෙන්ට නැත.
සමාජයේ ගෞරවනීය පුද්ගලයන්ට පිරිනැමෙන සාමවිනිසුරු පදවි තුළින් සමාජයට ඉතාම වැඩදායක පුළුල් සේවාවක් ඉටු කිරීමට හැකියාව තිබීයදීත්, බොහෝ පුද්ගලයන් මෙම තනතුර ලබා ගැනීම විලාසිතාවක් කොට ගෙන තිබෙන බව පෙනෙන්ට තිබෙන අතර, ලක්ෂයකට අධික සාමවිනිසුරු පදවි ප්‍රමාණයක් සමාජ ගත වී ඇතත්, අවම වශයෙන් පාසල් ශිෂ්‍යsයකුගේ විභාග අයදුම්පතක්වත් සහතික නොකළ සාමවිනිසුරුවරුන්ද මේ අතර සිටින බව සමාජ සමීක්ෂණවලින් හෙළිවී ඇත.
යහපාලනයේ කොටස්කරුවන් කර ගැනීම
පසුගිය කාලපරිච්ඡේදයේදී රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීම සමාජ ගැටලුවක් බවට පත්වීමත් සමඟ සමාජයේ විවිධ සංස්ථා හා විවිධ ස්ථරවල ඇති වූ සෝදා පාළුව සමාජ ව්‍යසනයක් බවට පත්වුණි. ග්‍රාමීය මට්ටමේ සිට සමාජයේ ඉහළ ප්‍රජාව දක්වා විකාශනය වූ සමාජ විෂමතාවයන් වන මත්ද්‍රව්‍ය උවදුර, නීතිවිරෝධී මත්පැන් භාවිතය, පරිසර දූෂණය, අන්තරාදායක කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය, ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, කාන්තා හිංසනය, ළමා අපචාර, නීති විරෝධී ගබ්සා, ගණිකා වෘත්තිය, සම්බාහන ආයතන වැනි සමාජ ව්‍යසනයන් පිළිබදව තොරතුරු ලබා ගැනීමේදී ලක්ෂයකට අධික පිරිසක් වන සාමවිනිසුරුවරුන් සමාජය පිළිබදව දැඩි අවධානයකින් පසු වී මෙම විෂමතාවයන් අවම කර ගැනීමට රජයට ඊට වගකියන ආයතනවලට මෙම තොරතුරු ලබාදීම පිළිබදව ක්‍රියාකාරීව මැදිහත් වන්නේ නම්, සමාජ ශෝධනයට විශාල පිටිවහලක් වන අතර, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාමවිනිසුරුවරුන්ගේ භූමිකාව සමාජ ඵලයක් බවට පත්වණු නියතය.
ගත වු දශකයකට අධික කාලපරිච්ඡේදය තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටී යුක්තිය හා සාධාරණත්වය පිළිබඳව මිනිසුන් තුළ පවතින විශ්වාසය බිඳවැටීම තුළ සිදුවූ සමාජ පරිහානිය වළක්වා ගැනීම සඳහා සාමවිනිසුරුවරුන් ක්‍රියාකාරි සාධකයක් ලෙස භාවිත නොකළ නමුත්, පසුගිය ජනවාරි 8 වන දා ශ්‍රී ලංකාවේ සිදුවු ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණය සමඟ ආරම්භ වූ යහපාලන රාජ්‍ය ප්‍රතිපත්තිය සමාජය බලාත්මක කිරීම සඳහා සාමවිනිසුරුවරුන්ගෙන් ඉටු කර ගත හැකි සේවාවන් පළල්ය. ඒනිසා ග්‍රාමීය මට්ටමේ සිට ඉහළ සමාජ ස්ථරයන්වල සිදු වන විවිධ අවභාවිතාවන්වලින් මහජනතාව ආරක්ෂා කර ගැනීම හා දැනුවත් කිරීම සඳහා සාමවිනිසුරුවරුන්ගේ සේවාව සක්‍රිය ලෙසම ලබා ගත යුතු අතර, ඒ සඳහා ස්වේච්ඡාවෙන් දායක වන සාමවිනිසුරුවරුන්ගේ සේවාව වඩාත් ඇගයීම සඳහා රජය මැදිහත් වීම මත දිරිගන්වන ගුණාත්මක සේවා ප්රතිලාභ සමාජ ගත කළ යුතුවේ.
තමාගෙන් රටට ගෞරවනීය සේවාවක් ඉටු කරන බවට විනිශ්චයකාරවරුන් ඉදිරියේ දිවුරුම් ප්‍රතිඥා දී සර්ව කාලීන සාමවිනිසුරුවරුන් වී සමාජයට කිසිදු සේවාවක් ඉටු නොකිරීම පිළිබඳව අවධානයක් යොමු කරමින්, මෙම සේවාව ද යම් කිසි කාලසීමාවකට සීමා කර ඔවුන් ඉටු කරන සමාජ සේවාවන්වල ප්‍රගතිය මත පමණක් එය යාවත්කාලීන කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් හඳුන්වා දීම යුගයේ අවශ්‍යතාවක් වී ඇත.
ගෞරවනීය තනතුරක් ලෙස පදවි ලබන සාමවිනිසුරුවරුන්ගේ හැසිරීම හා ක්‍රියාකාරිත්වය මෙතරම් පහළ මට්ටමකට ඇද වැටීම පිළිබඳව පසුගිය කාලපරිච්ඡේදයේදී සමාජය තුළින්ම විශේෂ සංවාදයකට ලක් වූ අතර, එම කරුණු සැලකිල්ලට ගෙන සමාජයට ඉටු වන සේවාවන් පිළිබදව ඉතා පුළුල් ලෙස අධ්‍යයනය කර එම ක්‍රමවේදය නිවැරදි කිරීමේ වගකීම අධිකරණ අමාත්‍යාංශයට පැවරී තිබේ.
සාමවිනිසුරු වැනි ගෞරවනීය පදවි ලබා ගැනීමට උනන්දුවන සමාජ සේවාවන් ලැදි පුරවැසියන්ගේ යුතුකම වනුයේ ස්වේච්ඡාවෙන් සිය සේවය රටේ පොදු යහපත වෙනුවෙන් ලබා දීම වුවත්, එසේ නොකොට එය හුදෙක් තමාගේ පෞද්ගලික ගෞරව නාමයක් ලෙස භාවිතා කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඉන් සමාජයට ඇති වන ප්‍රතිඵලය කුමක්ද යන්න බහුතරයක් සාමවිනිසුරුවරුන්ට සිතා බැලීමේ කාලය දැන් එළඹ ඇත.
ශාස්ත්‍රපති හර්ෂ බී. අබේකෝන්
0 Comments