වකුගඩු ගල කුඩා ස්‌ඵටික විශේෂයක්. මුත්‍රාවල තිබෙන බනිජ ද්‍රව්‍ය වකුගඩු හරහා ගමන් කරද්දී වකුගඩුවල තැන්පත් වී කුඩා ගල් වශයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. මෙවැනි ගල් කුඩා අවස්‌ථාවේදී අපට නොදැනී කිසි අමාරුවක් නැතිව වකුගඩුවලින් නික්‌මී මුත්‍රා මාර්ගයෙන් අපේ සිරුරින් බැහැර වෙනවා. ඒත් සමහර වකුගඩු ගල් එසේ නොවී මි.මී. 3 ක පමණ ප්‍රමාණය තෙක් විශාලව මුත්‍රවාහිනී නාලවලට අවහිර කරනවා. වේදනාව හට ගැනීම පටන් ගන්නේ නම් මේ අවස්‌ථාවේදීය. මේ වේදනාව විටින් විට හටගන්නා අතර විනාඩි 20 සිට 60 දක්‌වා කාලයක් තුළ පවතිනවා. වමනය, උණ, මුත්‍රා සමඟ රුධිරය පිටවීම, මුත්‍රාවල සැරව තිබීම, මුත්‍රා කරන විට අධික වේදනාවක් හට ගැනීම යනාදිය මේ රෝගයේ සෙසු රෝග ලක්‍ෂණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. දිගින් දිගටම මුත්‍රාගල්වලින් වකුගඩු අවහිර වනවිට වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවී රුධිරය හරි හැටි නොපෙරී රුධිර සංසරණ පද්ධතියට එකතුවීමෙන් හටගත හැකි වෙනත් ඵලවිපාකවලට මුහුණදීමට රෝගියාට සිදුවෙනවා.
ප්‍රශ්නය - පාරම්පරික සිංහල වෙදකමට අනුව මුත්‍රාගල් සෑදෙන්නේ කොහොමද?
වෛද්‍ය මුහන්දිරම් - ක්‍රම කිහිපයකට මුත්‍රාගල් සෑදෙනවා. මුලින්ම කැල්සියම් බහුල ආහාර දිගින් දිගටම ගත්තොත් එම කැල්සියම්වලින් ශරීරයට අවශෝෂණය නොවන කොටස ශරීරයේ සෙසු අභ්‍යන්තර ඉන්ද්‍රීන් තුළ තැන්පත් වෙනවා. මෙසේ කැල්සියම් තැන්පත් වන ප්‍රධාන ඉන්ද්‍රීන් තුනක් තමයි වකුගඩු, මුත්‍රා බොක්‌ක සහ පිත්තාශය. තවත් වැදගත් යමක් කිව යුතුයි. ශරීරයට ලැබෙන ප්‍රොaටීන් ප්‍රමාණය වැඩි වුණොත්, මුත්‍රා බොක්‌කේ ගල් සෑදෙනවා. විශේෂයෙන්ම සත්ත්ව ප්‍රොaටීන බහුලව ශරීරගත වීම ඉහත සඳහන් ඉන්ද්‍රියයන් තුළ ගල් හටගැනීමට හේතු වෙනවා. ඒ නිසා තමයි මේ රටේ පැරැණි සිංහල වෛද්‍යවරු නිර්මාංශ ආහාර පමණක් ගන්නා ලෙස උපදෙස් දෙන්නේ.
අපේ පැරැන්නන් නිර්මාංශ ආහාර වේලක් ගත්තා. කුරුට්‌ට සහිත බත්, පළා මැල්ලුමක්, µයිබර් හෙවත් තන්තු බහුල කොහිල වැනි එළවළුවක්, ශරීරයේ රුධිර සීනි තත්ත්වය එක මට්‌ටමක පවත්වාගෙන යැමට අවශ්‍ය පරිසරය ශරීරය තුළ ඇති කරන කරවිල, පිෂ්ඨය වැඩිපුර තිබෙන කොස්, බතල යනාදිය ඔවුන් අනුභව කළහ. ඔවුන් තම ආහාරය සඳහා යෙදුවේ ගම්මිරිස් සහ කොච්චි මිරිස් විතරයි. මෙයට අවුරුදු 150 කට පෙර ජීවත් වූ ගැමි ජනතාව වියළි මිරිස් ගැන අහලවත් තිබුණේ නැහැ. වියළි මිරිස් යටත්විජිතවාදීන් ඉන්දියාවෙන් ගෙනැල්ලා, කොළඹට පුරුදු කරලා එතැනින් රටපුරා ව්‍යාප්ත කළ ආහාරයක්. කොහොම වුණත් අද වන විට එළවළු සහිත නිර්මාංශ ආහාරයන්ට පමණක් අපට යෑපෙන්න බැරි තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඉස්‌සර තිබුණ ගැමි එළවළු දැන් නැහැ. අද බහුලව තිබෙන්නේ ගෝවා, කැරට්, රාබු, බීට්‌රූට්, නෝකෝල්, බෝංචි වැනි ඉංග්‍රීසි එළවළු විතරයි. සුදු ජාතිකයන් මෙයට අවුරුදු සිය ගණනකට පෙර නුවරඑළියට මේ එළවළු හඳුන්වා දුන්නේ ඔවුන්ට කන්න මිස අපට කන්නට නොවෙයි. ඒත් අද වන විට ඔවුන්ගේ එළවළු අපේ එළවළු බවට පත්වී තිබෙන අතර ඒ එළවළුත් කෘමි නාශක සහ රසායනික පොහොර යොදා සාදා විෂ එළවළු බවට පත්ව තිබෙනවා. කාබනික පොහොර යොදා වගා කළ (organic) එළවළු සුපර්මාර්කට්‌වල තිබුණත් සාමාන්‍ය ජනයාට ගන්න බැරි තරමට ඒවායේ මිල අධිකයි. මේ නිසා අපට මස් - මාළු අනුභව කරන්නට සිදුවී තිබෙනවා. ඒවා වැඩියෙන් කන්න සිදුවී තිබෙනවා.
ඊළඟට මුත්‍රාගල්, වකුගඩු ගල් හැදෙන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි ජලය. නිරෝගී පුද්ගලයෙක් අඩුම ගණනේ පැයකට වතුර වීදුරුවක් වත් පානය කළ යුතුයි. හැබැයි ඒවා කිවුල රහිත, ලවණ සාන්ද්‍රණය රහිත පිරිසිදු ජලය විය යුතුයි. ඔබ පානය කරන ජලයේ ලවණ සාන්ද්‍රණය, එහෙමත් නැත්නම් කිවුල් ගතිය වැඩිනම් එම ලවණ එකතුවී මුත්‍රාගල්, වකුගඩු ගල් සෑදෙනවා.
ඒ එක්‌කම අප මුත්‍රා පිට කිරීමත් නිසි පරිදි කළ යුතුයි. සමහරු කම්මැළිකමට මුත්‍රා පිට කිරීම ප්‍රමාද කරනවා. ඔවුන්ට සෑම දෙයක්‌ම කළ හැකියි. ඒත් මුත්‍රා කිරීමට වැසිකිළියට යන්න කම්මැළියි. අප මුත්‍රා පිට නොකර ඉන්නකොට මුත්‍රාවල තිබෙන කුඩා අංශු මුත්‍රා බොක්‌ක පතුලේ තැන්පත් වෙනවා. කල්යන විට මේ අංශු කුඩා ස්‌ඵටික බවට පත්වී ක්‍රමයෙන් ඝන බවට පත්වෙනවා. ඒවා පුංචි කටු වැනි මතුපිටක් සහිත ගල්. සමහර විට මේ ගල් මුත්‍රා මාර්ගයේ හිර වෙනවා. එවිට මුත්‍රා මාර්ගයේ තුනී පටක ඉරී හානියට පත්වී මුත්‍රා සමඟ රුධිරය පිට වෙනවා. මුත්‍රාගල් වකුගඩුවල රැඳෙනව. මුත්‍රා පෙරීමට අවහිරතා ඇතිවී නොපෙරුන මුත්‍රා රුධිරයට එකතුවී විශාල අවුලක් හට ගන්නවා. මීට අමතරව සමහරුන්ට මුත්‍රාගල් හටගැනීම ජානමය උරුමයක්‌ව එනවා. ඒ කොයි ආකාරයෙන් හෝ මුත්‍රා ගල් හටගෙන ඒවා දියකර හැරියත්, කුඩුකර ඉවත් කළත් වරක් හැදුණොත් නැවත මුත්‍රාගල් හට ගැනීමේ ප්‍රවනතාවක් තිබෙනවා. ඒ නිසා වරක් මුත්‍රා ගල් හැදුණු අය පරෙස්‌සම් විය යුතුමයි.
ප්‍රශ්නය - ජලයට අමතරව සුදුසු පාන වර්ග මොනවාද?
වෛද්‍ය මුහන්දිරම් - පලතුරු යුෂ හොඳයි. ඒ කියන්නේ කඩවල තිබෙන පලතුරු බීම බෝතල් නොවෙයි. සීනි මිශ්‍ර නොකර සාදන ලා නැවුම් පළතුරු යුෂ තමයි සිරුරට සුදුසු. ඒ එක්‌කම නීරමුල්ලිය තැම්බූ වතුරත් යෝග්‍යයයි.
ප්‍රශ්නය - මොනවද නීරමුල්ලිය කියන්නෙ? එය පානය කරන්නට සුදුසු ලෙස සාදා ගන්නේ කොහොමද?
වෛද්‍ය මුහන්දිරම් - Higrophila auriculata ඒ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නීරමුල්ලිය පැළය වගුරු බිම්වල සෑදෙන අතර ආසියාවට සහ අප්‍රිකාවට ආවේනික වූ ශාකයක්. මෙහි පස් පංගුවම ආයුර්වේද ඖෂධයක් ලෙසත්, පාරම්පරික සිංහල වෙදකමේ බෙහෙතක් ලෙසත් යොදා ගන්නවා. මෙහි ඇටවල පොටෑසියම් ලවණ වර්ග බහුල ලෙස තිබෙනවා. මෙහි පත්‍ර සහ මුල්වල මුත්‍රා වර්ධක ඖෂධ අන්තර්ගත වෙනවා. මුත්‍ර වාහිනී පද්ධතියේ හටගන්නා රෝග එනම් මුත්‍රා අඩස්‌සිය, මුත්‍රා මාර්ගයේ ඇතිවන ගෙඩි යනාදිය සුවපත් කරන්නටත්, නීරමුල්ලිය ශාකයට පුළුවනි. එසේම ලේ මඳවීම නිසා (Animia) හටගන්නා විඩාව, කම්මැළිකම, අත්පා වේදනාව සුව කරන්නටත්, සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රත්‍යක්‌ෂ ප්‍රතිකාරයක් ලෙසත්, කැස්‌ස, කහඋණ (Jaundice) යන රෝගවලටත්, ගොනෝරියා Gonorrhea නමැති සමාජ රෝගයටත්, ආත්‍රයිටීස් තත්ත්වයන්ටත් ප්‍රතිකාර කිරීමේදීත් නීරමුල්ලිය පස් පංගුව භාවිතා කරනවා. නීරමුල්ලිය ඕනම බෙහෙත් කඩයක තිබෙනවා. එයින් කලං 5 ක් පමණ ගෙන හොඳින් සෝදා වතුර මිලිලීටර් 400 ක පමණ දමා හරි අඩක් වන තුරු උණු කළ යුතුයි. ඉන්පසුව එය මඳ රස්‌නය ඇතිව හෝ සම්පූර්ණයෙන්ම නිවා පානය කළ යුතුයි. දිනකට වරක් විශේෂයෙන්ම උදේ වරුවේ හිස්‌බඩ දින හතක් පානය කළ විට එහි අගය රෝගියාට දැනෙන්නට පටන් ගන්නවා. ඒ අතර රෝගියා දිනකට ජලය වීදුරු 24 ක් විටින් විට පානය කළ යුතුයි. නීරමුල්ලිය ප්‍රතිකාරය මාසයක් එක දිගට කළ විට මුත්‍රා ගල් රෝගියාට විශාල සහනයක් ලැබෙනවා.
නොමිලේ විස්‌තර සඳහා 0753224360/ 071 8568209/ 0815736155 අමතන්න.
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම්
0 Comments