පිළිකාව සුවකරගන්නා ක්‍රමය

ප්‍රශ්නය - පිළිකාව ගැන අප අද වනතුරුත් දැන සිටින්නේ සදාකාලික මාරයකු ලෙසයි. වෛද්‍යවරුන්ගෙන් සියයට 95 ක්‌ ම කියා සිටින්නේ පිළිකාව සුවපත් කරන්න බැරි බවයි. ඒ අතර දේශීය වෛද්‍යවරුන් 25% ක්‌ කියනවා පිළිකාව සුවපත් කළ හැකි බව. මොකද්ද පිළිකාවක්‌ කියන්නේ? එය සුවපත් කරන්නේ කොහොමද?

පිළිතුර - ඔය ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දිය හැකියි. පිළිකාව සුවපත් කළ අවස්‌ථා ඕනෑ තරම් තිබෙනවා. මගේ වෘත්තීය මට්‌ටම තුළ සුවපත් කළ පිළිකා රෝගීන් සහ ඔවුන් සුවපත් කිරීමට යොදාගත් ක්‍රමවේද සහ ඖෂධ ගැන සිද්ධි අධ්‍යයන (Case Study) වශයෙන් ඉදිරිපත් කළ හැකියි. ඩිම්බ වෛද්‍ය ක්‍රම තුළ පිළිකාව අර්ථ කථනය කරන ආකාරය විවිධයි. බටහිර වෛද්‍ය ක්‍රමය මගින් කියන පරිදි පිළිකාවක්‌ හට ගන්නේ ජාන විකෘතියක්‌ නිසයි. ජාන විකෘතිවලින් වැඩි හරිය හට ගන්නේ කෙනෙකු ඉපදී සෑහෙන කලක්‌ ගිය පසුයි. ජාන විකෘති උපතින් ගෙනන අවස්‌ථා අඩු බව තමයි නූතන වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ. එහෙනම් කොහොමද ජාන විකෘතියක්‌ හටගන්නේ. පිළිකා ඇති කරන පාරිසරික තත්ත්වයන්ට නිරාවරණය වූ විටයි මෙය හට ගන්නේ. උදාහරණයක්‌ වශයෙන් දුම්කොළවලින් ඇති කරන දුම, සූර්යයා වෙතින් එන පාරජම්බුල කිරණ වැනි දේ නිසා පිළිකා හට ගන්නවා. ඊට අමතරව වෛරස්‌ වර්ග, පිළිකා ඇතිකරන රසායනික ද්‍රව්‍ය, ස්‌ථුලභාවය, හෝමෝන ප්‍රශ්න, නිදන්ගත ප්‍රදාහ තත්ත්වයන් සහ ව්‍යායාම මද බව නිසා පිළිකා හටගන්නවා. 

ප්‍රශ්නය - වෛරස්‌ මගින් පිළිකා ඇති විය හැකිද? 

පිළිතුර - බාහිර වෛද්‍ය විද්‍යාවේ හැටියට ගැබ්ගෙල පිළිකා වැනි දේවල් වයිරස්‌ මගින් හටගැනීමට පුළුවන්.

ආයුර්වේදයේ හැටියට පිළිකාව අර්ථකථනය කරන්නේ ත්‍රිදොaෂ කෝපවීම නිසා හට ගන්නා ගෙඩි විශේෂයක්‌ හැටියටයි. සමහර ගෙඩි තිබෙනවා පිළිකා නොවන ගෙඩි. තව සමහර ඒවා තිබෙනවා පිළිකා බවට පත්වන ගෙඩි. ආයුර්වේදයේ හැටියට මනුෂ්‍ය ශරීරයට වැළඳෙන ගෙඩි වර්ග 4848 ක්‌ තිබෙනවා. ආයුර්වේදයේ ගත්තත්, පාරම්පරික වෙදකමේ ගත්තත් මේ දෙකම එකයි. රාවණ රජු කියා තිබෙනවා මිහිපිට තිබෙන ලෙඩ රෝග 4999 කට ප්‍රතිකාර කළ හැකි ශාක වාර්ග 4999 ක්‌ තිබෙනවා කියලා. පිළිකා වර්ගත් ඒ ආකාරයෙන්ම බහුලයි. 

ප්‍රශ්නය - බටහිර විද්‍යාව තුළ පිළිකා සඳහා ප්‍රතිකාර සොයා ගෙන තවම වසර 100 ක්‌ ගත වී නැහැ. එහෙත් අපේ පිළිකා ප්‍රතිකාර ක්‍රම හුඟක්‌ පැරැණියි නේද?

පිළිතුර - දඹදෙණි යුගයේ සිටම අපේ රටේ පාරම්පරික දේශීය වෙදකම සහ ආයුර්වේදය ගමන් කළේ එක මඟකයි. ඒ එක්‌කම පිළිකා ගෙඩි සහ වණ සඳහා ප්‍රතිකාර කරන පැරැණිම ප්‍රතිකාර ක්‍රමය තිබෙන්නේ සිංහල වෙදකම තුළයි. මීට අමතරව ඇස්‌ වෙදකම, මාන්දම සඳහා කරන වෙදකම, ජල භීතිකා වෙදකම, සර්ප විෂ වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම යන සියලුම අංග අපේ සිංහල වෙදකම තුළ තිබෙනවා. සර්ප විෂ වෙදකම ගත්තම බටහිර රටවල තිබෙන්නේ ඉතාම අඩුවෙන්. ඉහත සඳහන් සියල්ල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම නොව පිරිසිදු දේශීය සිංහල ප්‍රතිකාර ක්‍රම බව කිව යුතුයි. අපේ වෙදකමේ තිබෙනවා අපට ආවේනික වට්‌ටෝරු. එවැනි වට්‌ටෝරු කිසිම ආයුර්වේද වෙද පොතක මා දැක නැහැ. ඒත් ආයුර්වේදයේ තිබෙනවා අපේ වෙදකමත් එක්‌ක ගැලපෙන තැන්. අපේ කැඩුම් බිඳුම් වෙදකම ලෝකයේ වෙන කිසිම රටක නැහැ. ඉන්දියාවේ ආයුර්වේදය තුළත් නැහැ අපේ දේශීය කැඩුම් බිඳුම් වෙදකම වගේ පුළුල් වෙදකමක්‌. හුඟක්‌ රටවලදී අතක්‌ පයක්‌ කැඩුනම කරන්නේ එතැනට පතුරු තියලා බඳින එක. සමහරු ඊට අමතරව පිටගැස්‌මට ඉන්ජක්‍ෂන් එකක්‌ ගහලා ඇන්ටිබයටික්‌ දෙනවා. හැබැයි සිංහල වෛද්‍යවරයා පතුරු කියලා බඳිනවට අමතරව තෙල් ගානවා. පත්තු බඳිනවා. කසාය දෙනවා. ඒ කියන්නේ ඔහු හැම අතින්ම ශරීරයට බෙහෙත් කරනවා. මෙහෙම කළාට කිසිම තැනකින් අඩුපාඩුවක්‌ නැහැ. මට බරණැස්‌ විශ්වවිද්‍යාලයේත් ගුජරාටි විශ්වවිද්‍යාලයේත් ආයුර්වේද පර්යේෂණ කර තිබෙනවා. ඒත් ඒ කිසි තැනකදී මට රත කල්කය හමු වී නැහැ. සිද්ධාර්ථ තෛලය අපට ආවේණික තෙලක්‌. සර්ව විශාදි තෛලය තියෙන්නේ ලංකාවේ විතරයි. කෝල ශ්ලේෂ්මාව, බුද්ධරාජ කල්කය, හැකිනම් ඉන්දියානු වෙද පොත්වලින් අරන් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා.

ප්‍රශ්නය - ලංකාවේ බහුලවම තිබෙන පිළිකා වර්ග මොනවද?

පිළිතුර - පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා තමයි බහුලවම තිබෙන්නේ. ඉස්‌සර තිබුණා මුඛ පිළිකා. එහෙත් අද ඒ තත්ත්වය වෙනස්‌ වෙලා. මෙයට අවුරුදු 50 කට පෙර තිබූ පිළිකාවලින් සෑහෙන ප්‍රමාණයක්‌ අද නැහැ. ඒ වෙනුවට අලුත් පිළිකා හටගෙන තිබෙනවා පුරස්‌ථිත ග්‍රන්ථයේ පිළිකා සහ ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා හටගැනීම වර්ධනය වෙමින් පවතිනවා. පෙනහළු පිළිකා විශාල වශයෙන් පැතිර යන බව පෙනෙනවා. එයට ප්‍රධාන හේතුව තමයි පරිසර දූෂණය සහ දුම් පානය.

ප්‍රශ්නය - දේශීය සිංහල වෙදකම මගින් පිළිකාව අර්ථ කථනය කරන්නේ කොහොමද?

පිළිතුර - ඉතා විශාල ආකෘතියක්‌ ඇති, නොසෙල්වෙන, නොපැසවන, ඉතා දුරට ගිය මුල් ඇති, වර්ධනය පිළිකාව හැටියට තමයි හඳුන්වන්නේ. ශල්‍ය, ශස්‌ත්‍ර, අග්නි, ක්‍ෂාර, ඖෂධ යන මාධ්‍යවලින් මෙයට ප්‍රතිකාර කරන්න කියලා සිංහල වෙදකම කියනවා. ශල්‍ය කියන්නේ සැත්කම්, ශස්‌ත්‍ර කියන්නේ මුලින්ම උපුටලා ඉවත් කිරීම. (ශස්‌ත්‍ර කියන්නේ ශල්‍ය උපකරණයක්‌.) අග්නි කියන්නේ ගින්දර වගේ බලගතු විකිරණ වගේ දෙයක්‌. ක්‍ෂාර කියන්නේ ඇල්කලයිඩ් වර්ගයේ ඉතා සැර දෙයක්‌ මේ හා සමාන ප්‍රතිකාර ක්‍රමයක්‌ තමයි නවීන විද්‍යාවේ තිබෙන්නේ.

ප්‍රශ්නය - අපේ රටේ තිබෙන පිළිකාවට එරෙහිව ක්‍රියාකරන ශාක මොනවද?

පිළිතුර - පිළිකාවට එරෙහි ශාක වර්ග 300 කට වඩා ලංකාවේ තිබෙනවා. රත්නෙටුල්, හරන්කහ, කටුපිල වගේ බෙහෙත්පැළවලින් නොවරදින ප්‍රතිකාර කළ හැකියි. ඉදිරියේදී මේ ඖෂධ යොදාගෙන පිළිකාව සුව කරන ආකාරය ගැන කියන්නම්.

ඔස්‌ටියෝ සර්කෝවා කියලා පිළිකාවක්‌ තිබෙනවා. මෙය හටගන්නේ අස්‌ථිවලයි. බටහිර වෙදකම මගින් මේ සඳහා කරන ප්‍රතිකාරය තමයි අස්‌ථිය කපලා ඉවත් කිරීම. එහෙත් චීන අල, ඉරමුසු, කලුදුරු කියන බෙහෙත් වර්ග තුනෙන් මේ පිළිකාව සුව කරන්න පුළුවන්. මේ පිළිකාවට විතරක්‌ නෙවෙයි, හැම පිළිකාවකටම මේ බෙහෙත හරියනවා.

නොමිලේ විස්‌තර සදහා 

011-3443784-0714446323

Post a Comment

0 Comments