දරුවන් විසිකරන මිනිසුන්ට බලු මවකගෙන් පාඩමක්‌


"බලු වැඩ කරන්න එපා" නොහොබිනා හරක්‌ වැඩක්‌ කරන කල්හි ඒ මිනිසාට එරෙහිව තවත් මිනිසකු එසේ කියනවා අප කොතෙකුත් අසා ඇත.

"බල්ලොත් එක්‌ක බෑ" කියන සුප්‍රකට වේදිකා නාට්‍යයක්‌ ද ඇත.

බල්ලා දුර ඈත අතීතයේ ශිෂ්ටාචාර බිහිවීමට පෙර සිටම මිනිසාට මුලින්ම ළංවූ, හීලෑ වූ කැලෑ සතා ද බල්ලා ය. 

බල්ලා මොන තරම් පහතට දමා මිනිසුන් කතා කළත් බල්ලා තරම් කෙළෙහිගුණ දත් මිහිපිට මිනිසාට සිටින එකම හා හිතවත්ම සතා වන්නේද බල්ලාය.

බල්ලාට ඇතැමුන් කථා කරන්නේ මෙහෙ එන්න. වාඩිවෙන්න, කන්න, යන්න ආදී සුබසිනි.

ගෙදර ස්‌වාමියාට පලයන්. කාපන්. වාඩිවෙයන්, උඹ තෝ කියා කතා කරන, ආමන්ත්‍රණය කරන බිරින්දෑවරු පවා බල්ලාට කතා කරන්නේ අප පෙර කී සුබසිනි.

බල්ලොත් එක්‌ක බෑ කිව්වත් අපේ රටේ බල්ලෙක්‌ දෙන්නෙක්‌ නැති නිවසක්‌ සොයා ගැනීම ද තරමක්‌ අමාරු කාරියකි. බල්ලන් නොගැවසෙන පාරක්‌, තොටක්‌ තිබේ නම් ඒ ප්‍රදේශ මිනිසුන් නොමැති පාළු කැලෑ ප්‍රදේශ විය යුතුය.

බල්ලා පිළිබඳව අප මේ තරම් ලීවේ බල්ලා පිළිබඳ රචනාවක්‌ ලිවීමට නොව චිලී රාජ්‍යයේ අපූරු බැල්ලියක්‌ කළ උදාරතර මිනිසත්කමක්‌ පිළිබඳ කීමටය.

චිලීs රාජ්‍යයේ වෙසෙන රෙයිනා නමැති බැල්ලියකගේ උදාර මෙහෙවරක්‌ විදෙස්‌ මාධ්‍ය වාර්තා කර තිබිණි. 

ඇරිස්‌කාවල පිහිටි අතහැර දමා තිබූ ගරාජයක කුඩා දරුවකු හඬමින් සිටියදී ඒ අසලට ගිය මේ බලු ගැබිනිය මිනිසා සමඟ ඇති සංසාරගත බැඳීම නිසා දොa දරුවා අසලට ගොස්‌ බිම වැතිරී ඇත.

දරුවා හඬන්නේ බඩගින්දර ඉවසිය නොහැකිවය. අවුරුදු දෙකක්‌ පමණ වයසැති මේ දරු පැටියා නිර්වස්‌ත්‍රව බිම දිගාවී හඬන්නේ බඩගින්දර නිවා ගන්නට මව්කිරි ඉල්ලමිනි.

රෙයිනා බැල්ලිය දරුවා සමීපයටම ගියේ මොන හැඟීමෙන්දැයි අප නොදනිමු. දරුවා අතහැර දැමූ ගරාජයට වී හඬන්නේ ඒ දරුවාගේ මව දරුවාව එතැනට දමා අසල තැබෑරුමට ගොස්‌ මත්පැන් බීමටය. මතට තදින්ම ලොල්ව සිටින මේ මවට දරුවා පිළිබඳ වගේ වගක්‌ නොමැතිව ඇත්තේ මත්වතුර ඒ අකාරුණික මවගේ සියලු මිනිස්‌කම් උදුරාගෙන ගොස්‌ තිබූ නිසාය. 

අවසානයේ වූයේ මහා පුදුම දෙයකි.

රෙයිනා බැල්ලිය දරුවා වෙත ළංව, ඇයගේ තන පුqඩුq දරුවාගේ මුවට ළං කළාය. මිනිස්‌ අම්මාට නොතිබූ පුදුම දනවන මිනිස්‌කම ඒ බලු මව් තුළ ඇති වූයේ බල්ලා මිනිසාට වඩා හොඳ යෑයි ලොවටම පසක්‌ කරමිනි. 

මේ සිද්ධිය දුටු චිලීයේ අයකු වහාම නගර පොලිසිය මේ දරුවා පිළිබඳවත්, රෙයිනා බැල්ලියගේ දාරක මව් සෙනෙහසත් පිළිබඳ දැනුම් දුන්නේය.

මාධ්‍ය කණ්‌ඩායම ද මේ සිද්ධියෙන් පිබිදී වහාම "රෙයිනා" බලු මව් සොයා ඇරිස්‌කා ප්‍රදේශයට පියෑඹුවේ නිමේෂයෙනි.

අවුරුදු දෙකක්‌ වයසැති පුංචි කොලු පැටියා දැඩි අපිරිසිදු තත්ත්වයේ පසුව සිටි අතර හිසේ උකුණන්ද, නාසයෙන් සොටු දියර ද ගලා ශෝචනීය ඉරණමකට ගොදුරුව සිටියේය.

රෙයිනා බැල්ලිය මේ දරුවාට ඈ තුළ තිබූ ලේ කිරි කර දරුවාට නොපොවන්නට දරුවා කුසගින්නේ මිය යැමට වුවද ඉඩ තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි.

චිලී පොලිසිය දරුවා ආරක්‍ෂිතව රැගෙන ගොස්‌ වෛද්‍ය ප්‍රතිකාර දී දරුවාට කිරි හා සුළු ආහාර ලබාදෙන්නට විය.

දැන් දරුවාගේ භාරකාරත්වය පිළිබඳ තීන්දුව ලබන 22 වැනිදා එරට පවුල් අධිකරණය මගින් විසඳීමට නියමිතය. 

ඇත්තටම "රෙයිනා" බැල්ලියක නොව ඒ දරුවාගේ මවට ඒ නම ගැලපෙන්නකි.

චිලීයේ වූ සිද්ධියක්‌ වුවද ඒ සිද්ධිය අපට හරි වැදගත් පුවතකි.

කොළඹ නගරය ගත්තද, අනෙකුත් ප්‍රධාන නගර ගත්තද අපේ රටේ මෙවැනි දරුවෝ අපමණ මහ පාරේ සිටිති. 

නමුත් ඒ දරුවන් පිළිබඳ සොයන්නට. ඒ අයට කිරිදෙන බලු මව්වරු පිළිබඳ මෙරට මාධ්‍යයට වාර්තා කරන්නට නොහැකිව තිබීම මෙරට මාධ්‍ය කෙරුවාවේ ද අඩු පාඩුවකි. දේශපාලනය, මාධ්‍යවල එකම විෂය බවට පත්ව ඇති කලක මෙවැනි මිනිසුන් පිළිබඳ දරුවන් පිළිබඳ පළවෙන වාර්තා ස්‌වල්පය. "රෙයිනා" බලු මවක්‌ ලෙස හැඳින්වීම ද වරදකි. ඇය කළේ මිනිසුන්ගේ කනට ගැසීමකි. මානව හිමිකම්, ළමා අයිතීන් පිළිබඳ කිඹුල් කඳුළු හෙළන, ළමා දින උත්සව පිට උත්සව පවත්වන මිනිසුනි ඇස්‌ ඇරලා බලපියව් රෙයිනා වැනි බලුමව් තුරුලේ කිරි උරන වීදි දරුවන් අප අවට කොතෙක්‌ සිටීද? චිලීයේ මේ සිද්ධිය දෙස බලාවත් අපි අපේ රටේ පාරේ සිඟා යදින වැලිවලට පවා ගිනි ඇවිලෙන පොළොවේ වැතිර සිටින දරු පැටව් වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක්‌ සකසමු. මේ ඊට කාලය නොවේද?

ශිරාන් රණසිංහ 

Post a Comment

0 Comments