වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. අපි ඒ පිළිතුර ස්වල්පයක් සංශෝධනය කරමු. සාමාන්‍යයෙන් පිළිකාවක් 100% ක් ම සුවපත් කළ හැක්කේ එය ආරම්භක අවස්ථාවේදී හඳුනා ගත් විටයි. ඒත් අවාසනාවකට වගේ බොහෝ විට පිළිකාවක් හඳුනා ගන්නට ලැබෙන්නේ එය බෙහෙවින් මෝරා ගිය තත්ත්වයට පත්වූ විටයි. සමහර පිළිකා තිබෙනවා මෙසේ මෝරා ඔඩුදුවා තිබුණත් සුවපත් කරන්නට පුළුවන්. තවත් පිළිකා වර්ග තිබෙනවා එසේ ඔඩු දිවූ පසු 100% ක්ම සුව කරන්නට බැරි නමුත් කළමනාකරණය කරගෙන ජීවත් වෙන්නට හැකි එවැනි පිළිකා වර්ගයක් තමයි අක්මාවේ හටගන්නා පිළිකාව.
ප්රශ්නය - පිළිකාවක් සුවපත් කිරීම ගැන ඔබ සතුව තිබෙන මෑතකාලීන අත්දැකීමක් කුමක්ද?
පිළිතුර - මෙයට කලකට පෙර මා හමුවීමට ආවා කාන්තාවත්a කොලස්ටරෝල්වලට බෙහෙත් ගන්න. ඒ අතර ඇය මට කිව්වා ඇගේ දකුණු පියයුරේ එක තැනක් රිදෙන බව මම එම ප්‍රදේශය පරීක්ෂා කර බලද්දී පෙනී ගියා පියයුරු පිළිකාවක් හටගෙන තිබුණ බව. පියයුරු පිළිකාවක් ආකාර කිහිපයකට පෙන්නුම් කරන්නට පුළුවන්. සමහර පිළිකාවන් පියයුරෙන් පිටතට, ගැටිත්තක් වගේ නෙරා එනවා. තවත් සමහර පිළිකාවක් එළියට එන්නේ නැතිව ඇතුළට නෙරා යනවා. ඒක සොයා ගන්නට පුළුවන් වෙන්නේ මුළු පියයුරුව ප්‍රවේශමෙන් පරීක්ෂා කෙරුවොත් විතරයි. ඇයට තිබුණු පිළිකා ගැටිත්ත ඇතුළට නෙරා ගිය පිළිකාවක්. ඒ වෙලාවේ මා ඇයට ඒ බව කීවේ නැතිව කොලෙස්ටරෝල්වලට විතරක් බෙහෙත් දී ගෙදර යෑව්වා. ඇය නිවසට ගිය පසු මා ඇයට දුරකථනයෙන් කතා කර කිව්වා ඇගේ පියයුරු ගැටිත්ත සැක සහිත බවත් වහාම රෝහලකට ගිහින් බයෝප්සි ටෙස්ට් එකක් කරගන්නා ලෙසත්. එවිට ඇය වැළපෙන්නට පටන් ගත්තා. මා ඇයට තේරුම් කර දුන්නා මෙය පිළිකාවක ආරම්භක අවස්ථාව විය හැකි බැවින් සුවපත් කරන්නට පුළුවන් කියලා. අන්තිමේදී ඒ ගැටිත්ත පියයුරු පිළිකාවක් බව රෝහලේදී සොයාගත්තා.
ප්රශ්නය - පිළිකාවක් සොයා ගැනීමට බයෝප්සි පරීක්ෂණයක් aඅත්‍යාවශ්‍ය ද? එවැනි සොයාගැනීමේ ක්‍රමවේදයක් සිංහල වෙදකමට නැද්ද?
වෛද්‍ය වික්‍රමාරච්චි - තිබෙනවා එසේ තිබෙන නිසා තමයි මා ඇයගේ පියයුරු පරීක්ෂා කරන විට එතැන පිළිකාවක් තිබෙන බව හෙළි වූයේ. ඒත් අපේ මිනිස්සු කැමැතියි රෝහලකට ගිහිල්ලා විද්‍යාත්මක ක්‍රමයට පරීක්ෂණයක් කරවාගෙන පිළිකාව ගැන අදහසක් ගන්න...
ප්රශ්නය - හොඳයි ඊට පස්සෙ මොකද වූයේ.?
වෛද්‍ය වික්‍රමාරච්චි - රෝහලෙන් ඇයට කියා තිබෙනවා වහාම පියයුරු ඉවත් කළ යුතුයි කියලා. ඒත් ඇය කැමැති වූයේ නැහැ පියයුරු ඉවත් කරන්න. ඒ නිසා ඇය කෙළින්ම මා හමුවට ඇවිල්ලා ඇහුවා මේක සුව කරන්න පුළුවන්ද කියලා. මම ඇයට ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා.
ප්රශ්නය - මොනවාද කරපු ප්‍රතිකාර
වෛද්‍ය වික්‍රමාරච්චි - අපේ පාරම්පරික කසාය සහ තෙල් වර්ග තමයි. අප ළඟ තිබෙනවා අවුරුදු සිය ගණනක් පරණ වට්ටෝරුවකින් හිඳින පිළිකා තෙලක්. මේක පරම්පරාවේ උරුමයක්. ලංකාවේ සිටින එක් එක් දේශීය වෙදපරම්පරා සතුව මේ වගේ සුවිශේෂ වට්ටෝරු තිබෙනවා. සමහරු ළඟ තිබෙනවා ඇදුමට බෙහෙත්. තවත් අයට අංශභාගයට ප්‍රතිකාර කළ හැකි වට්ටෝරු තිබෙනවා. ඒ වගේම අපේ පරම්පරාව සතු සුවිශේෂතම වට්ටෝරු දෙකක් තමයි ආත්රයිටිස් රෝගයට සහ පිළිකාවට ප්‍රතිකාර කරන තෙල් වට්ටෝරු.
ප්රශ්නය - ඔබ ඉහත කී කාන්තාවට රෝහලෙන් දී තිබූ උපදෙස් මොනවාද?
වෛද්‍ය වික්‍රමආරච්චි - ඇයට කියලා තිබුණා වහාම මේ පිළිකාව සහිත පියයුර ඉවත් නොකළොත් අවුරුද්දක් ඇතුළත ඇය මිය යනවා කියලා. ඒත් මගේ ප්රතිකාරවලින් පස්සේ ඇය අද වනවිට දොළොස්වැනි අවුරුද්දටත් ඉතා සාර්ථක ලෙසත් සෞඛ්‍ය සම්පන්න ලෙසත් ජීවත් වෙනවා.
ප්රශ්නය - පියයුරු පිළිකාවක් කියන්නේ මොකක්ද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ඊට කලින් පියයුරු පිළිකාව කොතරම් ඈත අතීතයකදී හඳුනා ගෙන එයට ප්‍රතිකාර කර තිබුණා කියලා කිව යුතුයි. පියයුරු පිළිකාවක් ගැන පළමු ලිත සාක්ෂිය වන්නේ මෙයට අවුරුදු හාරදහස් තුන්සියයකට පමණ ඉස්සර ඊජිප්තුව පාලනය කළ හයවැනි පාරාවෝ රාජ පරම්පරාවෙන්. මේ කාලයට අයත් මමියකින් හමුවෙලා තිබෙනවා කාන්තාවකගේ පියයුරු පිළිකාවක්. මෙය ශරීරයේ එක් ඉන්ද්‍රියක සිට තවත් ඉන්ද්‍රියයකට හෝ ශරීර කොටසකට පැතිර යන පැඒsඒsසි වර්ගයේ පිළිකාවක්. එම පිළිකාව සහිත කාන්තා ශරීරය මමියක් ලෙස සකස් කරන්නට පෙර පියයුරු පිළිකාව විච්ඡේදනය කර පරීක්ෂා කරන්නට එකල සිටි වෛද්‍යවරුන් කටයුතු කර ඇති බව පෙනී ගියා. ඒ අතර තවත් නිදසුනක් දෙන්නම්. මෙයට වසර සියයකට - දෙසීයකට පෙර පිරමිඩවලින් පුරාවස්තු සොරාගෙන විකිණීමේ ජාවාරමක් තිබුණා. මෙවැනි නිදන් සොරෙක් 1862 දවසක Edඅසබ Sපසඑය කියන පුරාවස්තු වෙළෙන්දට පැපිරස් පත්‍රයක් වික්කා. මෙය ක්‍රි. පූ. 1600 ට අයත් පැපිරස් ලේඛනයක් එහි තිබුණා පියයුරු පිළිකාව. වණ සහ තුවාල, කැඩුම් බිඳුම් වැනි සිද්ධීන් 48 ක් ගැන වෛද්‍ය විද්‍යාත්මක වාර්තාවක්.
කොහොම වුණත් 19 වැනි සියවස වන තුරු පියයුරු පිළිකාවට විශේෂ ඖෂධ හෝ ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කිරීමක් සිදු වූයේ නැහැ. වෛද්‍යවරුන් කළේ පිළිකාව පැතිරීම පාලනය කරමින් රෝගියා ට ආයු කාලය දික් කර දීම විතරයි. මෙතැනදී පිළිකා සෛල මැරීම සඳහා ආසනික් නමැති වස වර්ගය යෙදීම සිදුවුණා. මෙවැනි බොහෝ අවස්ථාවලදී පිළිකා සෛල වගේම රෝගියාත් මිය ගියා.
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා
0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
0 Comments