පුරස්‌ථිති ග්‍රන්ථියේ පිළිකාව


වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. 

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

ප්‍රශ්නය - පිළිකා රෝගීන්ට සුදුසු ආහාර ගැන පසුගිය සතියේ ඔබ අපට පැහැදිලි කළා. ඊට පෙර සතියේ ඔබ කියා තිබුණා සාලයන් සහ හාල්මැස්‌සන් පිළිකා රෝගීන්ට සුදුසු නැති බව. එහෙත් ගිය සතියේ කියා තිබුණා Cod (කොඩ්) මසුන්ගේ තෙල් සහ හැලිබට්‌ මසුන්ගේ තෙල් පිළිකා රෝගීන්ට ගුණදායක බව......

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. මා කියන්නේ සාලයන් සහ හාල් මැස්‌සන් අධික ලෙස ප්‍රොaටීන සහ කැල්සියම් බහුල ආහාර නිසා පිළිකා රෝගීනට අගුණ බවයි. මේ දෙකෙන්ම පිළිකාව පෝෂණය වෙනවා. වර්ධනය වෙනවා. එහෙත් හැලිබට්‌ සහ කොඩ් මසුන්ගේ තෙල් විතරයි අප ගන්නේ. ඒවා තිබෙන්නේ ඒ සතුන්ගේ තෙල් මන්ද තුළයි. එම තෙල් තුළ ප්‍රොටීන හෝ කැල්සියම් නැහැ. එහි තිබෙන්නේ Omega 3 නමැති විෂ නාශක (Antioxident) සංඝටකයයි. ඉහත සඳහන් තෙල් පාවිච්චි කරන විට මසුන් කැවෙන්නේ නැහැ. එහෙත් සාලයන් සහ හාල්මැස්‌සන් කෑ විට ප්‍රොටීන හා කැල්සියම් කෙළින්ම ශරීර ගත වෙනවා. ඒ නිසා ඉහත සඳහන් මත්ස්‍ය තෙල් පිළිකා රෝගීන්ට ඉතාම ගුණදායකයි. 

ප්‍රශ්නය - මීට අමතරව තවත් ගුණදායක ආහාර තිබෙනවාද? 

වෛද්‍ය වික්‍රමාරච්චි - බටහිර ලෝකයේ සිදු කරන අලුත්ම පර්යේෂණවලින් පෙනී යන පරිදි බිත්තරවල තිබෙන B විටමිනය පිළිකා රෝගීන්ට ගුණදායකයි. ඒත් බිත්තරයක ප්‍රොටීන් ග්‍රෑම් 7 ක්‌ තිබෙනවා. ඒ අර්ථයෙන් බලන විට එය පිළිකා රෝගීන්ට අගුණ වෙන්න පුළුවන්. ඒ අතරම බිත්තරවල තිබෙන Selenium නමැති රසායනික සංඝටකය ඉතා වැදගත්. පිළිකා රෝගීන්ට කරන විකිරණශීලී කිමෝ තෙරපි ප්‍රතිකාරයෙන් ශරීරයට සිදුවන හානි අවම කරන්නට සෙලෙනියම්වලට පුළුවන්. පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර කළ විට ඔවුන් තුළ ආහාර අරුචිය සහ පිළිකුල, වමනය, උදර වේදනාව, ගැස්‌ට්‍රයිටිස්‌, මුඛය ඉදිමීම, කෙස්‌ හැලීම, කායික අසහනය යනාදිය හටගන්නවා. එහෙත් මේ රෝගීන්ට සෙලෙනියම් මිශ්‍ර ආහාර ලබා දුන් විට එම ශාරීරික දුෂ්කරතා සෑහෙන දුරට මග හැරෙන බව සොයාගෙන තිබෙනවා. ඩිම්බකෝෂයේ පිළිකා හටගත් කාන්තාවන්ට සෙලෙනියම් ලබා දුන් විට ඔවුන් ඉතා හොඳින් විකිරණ ප්‍රතිකාරවල පසු බලපෑමට ඔරොත්තු දීමට පටන් ගෙන තිබෙනවා.

ඉඟුරු

විකිරණ ප්‍රතිකාර නිසා හටගන්නා ආහාර අරුචිය ඔක්‌කාරය සහ වමනය නැති කරන්නට ඉඟුරුවලට පුළුවන්. මෙය පරිහරණය කළ යුතු ආකාරය සහ යොදා ගත යුතු මාත්‍රාව ඔබේ දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයාගෙන් දැන ගත හැකියි.

මින්චිකොළ 

මින්චිකොළ අඩංගු රසකැවිලි සහ ඒවා සහිත තේ පානය කිරීමෙන් පිළිකා රෝගීන්ට ඇතිවන ඔක්‌කාරය, ආහාර අරුචිය, මුඛයේ වියළි ගතිය නැතිවන බව සොයාගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ගේ වමනය වළක්‌වා ගත යුතුමයි. වමනය නිසා ශරීරය විජලනය වනවා. මින්චිකොළ වලින් සිඳගන්නා තෙල් වලිනුත් පිළිකාව නිසා හටගන්නා කාංසාව නැති කරගන්න පුළුවන්. 

සෝයා බෝංචි

සෝයා බෝංචි කියන්නේ ප්‍රොටීන් බහුල ආහාරයක්‌. දඹල හැරුණු විට වැඩිම ප්‍රොaටීන ප්‍රමාණයක්‌ තිබෙන රනිල භෝගය තමයි සෝයා. ප්‍රොaටීන් පිළිකාවට ඉතාම නරක බව ඇත්ත. එහෙත් සෝයා තුළ තිබෙන ඨැබසිඑeසබ නමැති සංඝටකයට පුළුවන් පිළිකා සෛල මරා දමන්න. එහෙත් අප රෝගීන්ගෙන් ඉල්ලන්නේ සෝයා ආහාරයට නොගන්නා ලෙසයි. මන්ද ඉහත සඳහන් ඨැබසිඑeසබ ගැන පර්යේෂණ කර තවම ඉවර නැහැ. 

බෝංචි සහ මෑ

පිළිකාව සඳහා විකිරණ ප්‍රතිකාර සිදු කෙරෙන විට ශරීරයට යම් ප්‍රමාණයක්‌ ප්‍රොටීන් අවශ්‍ය වෙනවා. එය ලබා ගැනීමට තිබෙන හොඳම ස්‌වාභාවික මාර්ග තමයි බෝaංචි මෑ. එහෙත් මෙහිදී ඔබේ වෛද්‍යවරයාගේ මතයට මුල් තැන දිය යුතුයි.

යෝගට්‌

විකිරණ ප්‍රතිකාරවලදී ඇතිවන හානි අවම කර ගැනීම සඳහා බටහිර ලෝකය පිළිකා රෝගීන්ට යෝගට්‌ සුදුසු බව නිර්දේශ කරනවා. 

ප්‍රශ්නය - කාන්තාවන්ගේ පියයුරු පිළිකාව සහ ඩිම්බ කෝෂයේ හට ගන්නා පිළිකාව වගේම පිරිමින්ට විශේෂ වූ පුරස්‌ථිති ග්‍රන්ථයේ පිළිකාව (Prostate Cencer) හෙවත් වෘෂණවල හටගන්නා පිළිකාව ගැනත් අප කතා කළ යුතුයි. 

වෛද්‍ය වික්‍රමාරච්චි - පුරුෂයකුගේ සරු බව ඇති වන්නේ වෘෂණ කෝෂ තුළයි. මෙහි හටගන්නා සෑම නරක තත්ත්වයක්‌a ම පුරුෂයාගේ සරු බව දුර්වල කරනවා. වෘෂණවලට පිළිකාවක්‌ හැදුණොත් එමගින් පුරුෂ බීජ නිපදවීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. දියුණු බටහිර රටවල මෙවැනි රෝගයක්‌ තරුණයකුට වැළඳෙන වහාම ඔහුගේ ශුක්‍රාණු ඉවත් කරගෙන විද්‍යානුකූල ලෙස අධිශීතකරණවල බහා සුරක්‍ෂිත කරනවා. ඊට පසු එම පුරුෂ බීජ කෘත්‍රිම ගැබ් ගැන්වීමේ ක්‍රම යටතේ ඔහුගේ බිරියට ගැබ් ගන්වා දරුවන් ලබාගන්නවා. එසේ කරන්නේ රෝගී පියා වෙතින් නිරෝගී දරුවකු ලබා ගැනීම සහ වෘෂණ පිළිකාව නිසා යම් හෙයකින් පියාගේ සරු බව නැති වී ගියහොත් ඔහුට දරුවන් අහිමිවීම වැළැක්‌වීම යන කාරණා පදනම් කරගෙනය. 

ලබන සතියේ තව කොටසක්‌

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා
0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments