රෝග නිධානය මට්‌ටු කළොත් දියවැඩියාවත් මට්‌ටු කළ හැකියි

ග්‍රහණි අජීර්ණය, අරුචි, මළ බද්ධය, අර්ශස්‌, කොලෙස්‌ටරෝල්, අධි රුධිර පීඩනය, තරබාරුව, හෘද රෝග, හිසේ කැක්‌කුම්, පීනස සහ සියලු සෙම් රෝග, වාතරක්‌තය, පලු දැමීම්, කැසීම් ආදී චර්ම රෝග, මුත්‍රා රෝග, පුරුෂයන්ගේ ලිංගික රෝග, කාන්තාවන්ට බලපාන ශ්වේත ප්‍රදර රෝග (සුද යැම) ඔසප් රෝග සහ දරුපල පමාවීම අද වනවිට බහුතර පිරිසක්‌ ගොදුරු වී ඇති රෝගාබාධයන් කිහිපයකි. බොහෝ විට මෙම රෝග වැළඳුණු රෝගීන් පවසන්නේ කෙතරම් ප්‍රතිකාර ලැබූවද මෙම රෝග නිට්‌ටාවටම සුවනොලබන බවයි. ප්‍රතිකාර ලබන කාලයේදී පමණක්‌ තරමක්‌ සුව වුවද මෙම රෝග ප්‍රතිකාර නතර කළ සැණින් නැවතත් එම රෝගවලින් තමන් පීඩාවට පත්වන බවයි.

ඇත්තටම මෙම රෝග සඳහා ආයුර්වේදය සතු ප්‍රතිකාර මොනවාද? ආයුර්වේද ප්‍රතිකාර තුළින් මෙම රෝග නිට්‌ටාවට සුව කළ හැකිද? යන්න පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම රැසක්‌ සතු මෙරට කීර්තිමත් වෙද පරම්පරාවකින් පැවැත එන අංක 663, නුවර පාර, පෑලියගොඩ රන්පත වෙද මැඳුරේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතාගෙන් විමසුවෙමු.

* ඇත්තටම ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉහත සඳහන් රෝගවලට නිට්‌ටාවටම සුවයක්‌ ලබා ගත හැකිද? නැතිනම් ප්‍රතිකාරවලින් කළ හැක්‌කේ රෝග ලක්‍ෂණ තරමක්‌දුරට පාලනය කිරීමක්‌ පමණ ද?

* ආයුර්වේදය ඇරඹුණේම රෝගීන්ගේ රෝග නිට්‌ටාවට ම සුව කිරීමේ උතුම් පරමාර්ථය ඇතිවයි. ආයුර්වේදය ගැන එම ප්‍රතිකාර විධි ඇතුළත් පැරණි ග්‍රන්ථ නිවැරැදි ලෙස පරිශීලනය කිරීමේදී එම ප්‍රතිකාරයන් තුළින් රෝග නිට්‌ටාවටම සුව කළ හැකි බව සඳහන් වෙනවා. නමුත් වර්තමානයේ එම ප්‍රතිකාර ක්‍රම නිවැරැදිව වටහා ගැනීමට නොහැකිව නිවැරැදි ලෙස ආයුර්වේදය හදාරා නොමැතිව බොහෝ අය ප්‍රතිකාර කිරීමට පෙළැඹීමෙන් මේ තත්ත්වය ඇති වී තිබෙනවා.

නමුත් අප අපගෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් ඔවුන්ගේ රෝග නිට්‌ටාවටම සුව කරනවා.

* අද මෙම රෝග අතරිනුත් බහුතර පිරිසක්‌ පෙළෙන රෝගී තත්ත්වයක්‌ වන්නේ දියවැඩියාවයි. දියවැඩියාව රෝගය නිට්‌ටාවටම සුව කිරීමට ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - පැහැදිලිවම පිළිතුර තමයි. ඔව්. දියවැඩියාව රෝගය නිට්‌ටාවට ම සුව කළ හැකියි. ඒ සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. දියවැඩියාව රෝගියකුගේ රුධිරයේ ග්ලූකෝaස්‌ මට්‌ටම පාලනය කිරීමට පමණක්‌ ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයකුගේ ජයග්‍රහණයක්‌ නොවේ. ඒ සඳහා කළ යුත්තේ රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම පාලනය කිරීමට මුල්වන අග්න්‍යාසය පිළිබඳව අවධානය යොමු කොට ඒ පිළිබඳව නිවැරැදිව සොයාබලා අග්න්‍යාසයේ දුර්වලතා මගහැර වීම සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමයි. රෝග නිsධාන සොයා බලා එම රෝග නිධානයන්ට ප්‍රතිකාර කිරීම නියම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයයි. 

අග්න්‍යාසයට ප්‍රතිකාර කිරීමේදී පළමුව කළ යුත්තේ අග්න්‍යාසය දුර්වල කරන කාරණාවන්ගෙන් බැහැර වීමයි. එනම් මධ්‍යසාර භාවිතය, අධික ආම්ලිකත්වයෙන් යුත් ආහාර කෘත්‍රිම රස කාරක යෙදූ ආහාර, අධික මානසික පීඩනය වැනි ප්‍රධාන කාරණාවන්ගෙන් බැහැර විය යුතුයි.

ඉන්පසු රෝගය සුවවීම සඳහා ගුලි, කල්ක, කෂාය ඇතුළත් අංගසම්පූර්ණ ආයුර්වේද ඖෂධ නිවැරැදි ලෙස සිරුරට ලබා ගැනීමෙන් රෝගය නිට්‌ටාවටම සුව කර ගත හැකියි.

* මෙලෙස ප්‍රතිකාර කරන විට රෝගියාට තම රෝගය සුවවන ලෙස දැනෙන්නේ කෙසේද?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ප්‍රතිකාර ඇරඹීමත් සමඟ දියවැඩියාව වැළඳුණු රෝගියා මෙතෙක්‌ කලක්‌ තමන් පෙළෙමින් සිටි වේදනාකාරී සංකූලතා ක්‍රමයෙන්a දුරුවීම ඇතිවෙනවා. ඒ අනුව මළ බද්ධය තිබුණි නම් එය පහවී ඉතා හොඳින් මළ පිටවීම සිදුවීම ඇරඹෙනවා. වරින්වර මළ පිටවීමක්‌ සිදුවූ අතර එය ක්‍රමවත් වෙනවා. කුසගින්න මඳ බව දුරුවී ආහාර රුචිය ඇති වෙනවා. අධික කුසගින්න නැතිව ගොස්‌ නිතර නිතර ආහාර ගැනීමේ අවශ්‍යතාව මග හැරෙනවා. අත් පා හිරිවැටීම, හන්දිපත් රුදාව, තුනටියේ කැක්‌කුම ඉක්‌මනින්ම නැතිව යනවා. ඒත් සමඟම සමේ පවතින කැසීම්, පළු දැමීම් සුවවී සම පැහැපත් වීම් ඇතිවෙනවා. කරකැවිල්ල, හිසේ කැක්‌කුම, නිතර නිදි බර ගතිය, නින්ද නොයැම වගේම අධික ලෙස කේන්ති යැමද සුව වෙනවා. නිතර නිතර මුත්‍රා පිටවීම සහ මුත්‍රා පිට කිරීමේ අපහසුතා ඉතා කෙටි කලක්‌ තුළ සම්පූර්ණයෙන් සුවදායක තත්ත්වයට පත් වී රෝගියා නිට්‌ටාවටම දියවැඩියා රෝගයෙන් සුවය ලබනවා.

නොමිලේ උපදෙස්‌ 0713009088/ 0713007000/ 0114344599

Post a Comment

0 Comments