පිළිකාවේ ඇත්ත කතාව


දවසට ඇත්තේ පැය 24කි. නමුත් මේ පැය 24 ත්a ප්‍රමාණවත් නොවන තරමටම වර්තමානයේ අප බොහෝ දෙනා කාර්ය බහුලව සිටිති. මෙම කාර්ය බහුල දිවිපෙවත නිsසාම අපගේ ජීවන රටාව ආහාර පාන රටාව වෙනස්‌ වී ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ අප ඉතා ඉක්‌මණින් විවිධ රෝගවලට ගොදුරුවීමය.

අප බහුලවම කථා බහ කරන්නේ අධිරුධිර පීඩනය, දියවැඩියාව පිළිබඳව වුවත් වර්තමානයේ අපගේ වෙනස්‌ වී ඇති ජීවන රටාව නිසා පිළිකා රෝගීන්ද බහුල වන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන්aම තරබාරුකම සහ ක්‍රියාශීලී බවින් සහ ව්‍යායාම වලින් තොර ජීවිතයක්‌ ගත කිරීම නිසා පියයුරු පිළිකා, ගර්භාෂ පිළිකා සහ මහාන්ත්‍ර පිළිකා බහුල වන්නට පටන්ගෙන ඇත.

පිළිකා වර්ගවලින් 1/3 නිට්‌ටාවට සුව කළ හැකි බවත්, තවත් 1/3 ක්‌ පමණවූ පිළිකා පාලනය කළ හැකිs බවත් ඉතිරි 1/3 ක පිළිකා සංඛ්‍යාව සුව කිsරීම අපහසු බවත් වෛද්‍යවරු පවසති.

මෙම තත්ත්වය මත පිළිකාවේ සැබෑ තතු පිළිබඳව යම් අවබෝධයක්‌ ලබා ගනිමු.

පිළිකාවක්‌a යනු කුමක්‌ද?

පිළිකා රෝගය ඉතා ඈත අතීAතයට දිව යන්නකි. ඉපැරණි ඩයිනෝසරයන් ජීවත් වූ කාලය දක්‌වා මෙය විහිද යයි. ඇතැම් ඩයිනෝසරයින්ගේ අස්‌ථිවල පිළිකා සෛල තිබු බවට සාධක හමුවී ඇත. වර්තමානයේ අප පිළිකා හැඳින්වීම සඳහා කැන්සර් (Cancer) මෙන්ම කාර්කිනෝමා (Carcinoma) යන වචනයන්aද භාවිතා කරයි.

ගී්‍රක භාෂාවට අනුව කකුළුවා හැඳින්වෙන්නේ "කාරකිනෝමා" (Karkinoma) නමිනි. තද මැද කොටසක්‌ සහිතව අ`ඩු ප`ඩු දනවන බැවින් එය "කාර්සිනෝමා" ලෙසින් නම් කෙරිණි. වර්තමානයේ අප පවසන "කැන්සර් "සහ "කාර්සි" "නෝමා" යන වචන දෙක ලතින් භාෂාවෙන්a බිඳී හා වචනය.

පිළිකා සෛලවල ඇති භයානක බව වනුයේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛලවලට වඩා වේගවත්ව බෙදෙමින් එය සිරුර පුරා පැතිර යා හැකි වීමය.

අපගේ සිරුරේ සෛල වර්ග තුනක්‌ ඇත. නොබෙදුන සෛල, සාමාන්‍යයෙන් නොබෙදෙන එහෙත් අවශ්‍යතාවයක්‌ ඇතිවිට බෙදෙන සහ ජීවිතය පුරාම නොනවත්වා බෙදෙන සෛලය.

නොබෙදෙන සෛල වනුයේ ස්‌නායු සෛලය. නොබෙදෙන එහෙත් අවශ්‍යතාවයක්‌ මත බෙදෙන්නේ අක්‌මාවේ සහ මාංශ පේශි සෛලය.

සමේ සෛල, ඇට මිදුලු සෛල, ආහාර මාර්ගයේ සෛල සහ ලිංගික සෛල අප ජීවිතය පුqරාවටම නොනවත්වා බෙදේ.

මෙම සෛල බෙදෙනුයෛa කිසියම් රටාවකටය. එනම් එක්‌ සෛලයක්‌ බෙදී නව සෛලයක්‌ ඇතිsවේ. එම නව සෛලද වර්ධනය වී බෙදීමට ලක්‌වේ. මෙම සෛල බෙදීමේ සහ නියමිත වේගයේ සීමාවක්‌ තිබිය යුතුය. ඒ නිssසා නිsරෝගි ශරිරයක මෙම සෛල බෙදීම සිදුවන්නේ මධ්‍යම පාලනයකිsන් යුක්‌තවය.

නමුත් යම් අවස්‌ථාවකදී මෙම පාලනය නැතිවී ගිය විට සෛල නොනවත්වා බෙදිමට පටන්ගනී. මෙලෙස පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස බෙදෙන සෛල පිළිකා සෛල ලෙස (malignant cells) හඳුන්වයි.

සෛලයක මධ්‍යම පාලනය සිදුවන්නේ සෛලයේ න්‍යෂ්ටියේ ඇතිs වර්ණදේහ සෑදී ඇති ජාන (Genes) මගිsනි. සමහර අවස්‌ථා වලදී මෙම ජාන සෑදි ඇති ඩී.එන්.ඒ (DNA) වල සිදුවන වෙනස්‌කම් නිසා සෛල අසාමාන්‍ය ලෙස බෙදීමට ඉඩ තිබේ.

මෙලෙස අසාමාන්‍ය ලෙස බෙදෙන පිළිකා සෛල පළමුව එම ඉන්ද්‍රියට පමණක්‌ සීමාවේ. (Local Disease) දෙවනුව එම ඉන්ද්‍රිය අවට ඇති ශරිරයේ අනෙක්‌ ඉන්ද්‍රියයන්ටද පැතිර යා හැකිය. (Regional Disease) තෙවනුව රුධිරය හා වසා පද්ධතිය හරහා පැතිර යෑම නිසා දුරස්‌ථ ඉන්ද්‍රියන්ටද හානි සිදුවේ. (Metastatic Disease) අවසාන ප්‍රතිඵලය වන්aනේ ශරිරයේ ඇති ඉන්ද්‍රිය පද්ධතීන් රැසක කිss්‍රයාකාරිත්වය අඩපණවීමය. (Multiorgan
failureු) මෙලෙස දරුණු ආකාරයකට පැතිරුණු පිළිකාවක්‌ මගින් මරණය සිදුවිය හැකිය.

ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි පිළිකා වර්ග මොනවාද?

පිළිකාවකට ගොදුරුව සිටින පුද්ගලයින් අනුව සලකා බැලුවහොත් බහුලව දක්‌නට ලැබෙන්නේ පියයුරු පිළිකාවය. ගැබ්ගෙල, මුඛ, පෙනහළු ගලනාල, මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ, ඩිම්බ කෝෂ, ගර්භාෂ, පුරස්‌ථි ග්‍රන්ථි, මුත්‍රාශ, තයිරොයිඩ් ග්‍රන්ථ, ආමාශයේ, අක්‌මාවේ සහ පිත්තාශයේ, අග්න්‍යාසයේ, අස්‌ථිවල, මොළයේ, සමේ, වෘෂණ කෝෂ, වකුගඩු, යෝaනි මාර්ගයේ සහ තොල්a පුරුෂ ලිංගයේ, හිස සහ ගෙල ආශ්‍රිත, සම්බන්ධ පටක ආශ්‍රිත, ලියුකේමියාව, ලිම්ෙµdaමාව, මල්ටිපල් ඩයලෝaමාව සහ ළමා පිළිකා රෝග ලෙසින්a පිළිsකා රෝග දැනට බහුලව දක්‌නට ලැබෙන ආකාරය අනුව සඳහන් කළ හැකිය.

පිළිකා කලින් හදුනාගත හැකි ලක්‌ෂණ තිබේද?

පිළිකාවලින් 1/3 ක්‌ පමණ කලින් හදුනාගතහොත් ප්‍රතිකාර මඟින් නිට්‌ටාවට සුවපත් කළ හැකිය. යම් පුද්ගලයකුට කල්පවතින කැස්‌ස, කල් පවතින කටහ`ඩ වෙනස්‌වීම, මුඛයේ හෝ සමේ ඇතිවන සුව නොවන තුවාල, ගැටයක්‌ ලපයක්‌ හෝ ඉන්නෙකුගේ හදිස්‌සියේ සිදුවන ප්‍රමාණයේ හැඩයේ හෝ පැහැයේ වෙනස්‌කමක්‌, යම් දියරයක්‌ ශ්‍රාවය වීමක්‌ හෝ කසන බවක්‌ ඇතිවීම, එම ගැටය හෝ ලපය අවට තවත් එවැනි වර්ධක ඇතිවී තිබිම (Satellite Lesions) පියයුරු වල හෝ අන් තැනක ගැටයක්‌ හෝ ඝන වීමක්‌, යෝනි මාර්ගයේ අක්‍රමවත් ලේ හෝ ශ්‍රාවය වහනය වීමක්‌ මුත්‍රා මඟ ලේa පිටවිම, මලපහ කිරීමේදී එදිනෙදා පුqqරුදුවල වෙනසක්‌ සිදුවීම හෝ ගුද මාර්ගයෙන් ලේ හෝ සීදම් පිටවීම, කෑම හෝ දියරවර්ග ගිලීමට අපහසු වීම හෝ කෑම ගැනීමට ප්‍රියතාවයක්‌a නොමැතිවිම, දිගුකල් පවතින උණ, කුද්දෙටි ඉදිමීම, කෙටි කලක්‌ ඇතුළත ශරිරයේ බර අඩුවීමක්‌ යන ලක්‌ෂණ තමා තුළ පවතීනම් වෛද්‍යවරයකු හමුවී තම රෝග ලක්‌ෂණ පරීක්‌ෂා කර ගැනීම වැදගත්ය. මෙම රෝග ලක්‌ෂණ පිළිsකාවක්‌ සඳහා පමණක්‌ නොව වෙනත් රෝග සඳහාද හේතු වේ. එ නිසා වඩාත් සුදුසු වනුයේ මෙම ලක්‌ෂණ එකක්‌ හෝ කිහිපයක්‌ ඇත්නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවී උපදෙස්‌ ලබාගැනීමය.

පිළිකා රෝග පරම්පරාවෙන් පරම්පරාවට යා හැකිද?

පිsළිකා රෝග සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර සම්බන්ධව සමාජයේ බොහෝ දුර්මත පවති. පළමුව කිsවයුත්තේ පිළිකා රෝගවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක්‌ පරම්පරාවෙන් පරම්පරාවට නොයයි. පියයුරු පිළිකා සහ මහාන්ත්‍ර පිළිකා පමණක්‌ පරම්පරාවට යා හැකිය. ඊට හේතුවී ඇත්තේ විකෘති වූ ජාන බලපෑම්ය.

කිසිදු පිළිකාවක්‌ කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ නොවේ.

කලකට ඉහතදී වැටීම්, තැලීම් වලට ලක්‌වූ ස්‌ථාන පසු කාලීනව පිළිකා බවට පත්විමේ හැකියාවක්‌ නැත.

කතුරුමුqරුංගා, කරපිංචා ආහාරයට ගැනීමෙන් පිළිකා සැදෙනවාද?

කතුරුමුරුංගා, කරපිංචා, වැල් දොඩම් කොළ වැනි ආහාර වර්ග නිතර ආහාරයට එක්‌කර ගැනීමෙන් පිළිකා සැදෙන බවට පවතින මතයෙහිද සත්‍යතාවයක්‌ නැත. මෙම පලාවර්ගවල ඇති පෝෂණීය වටිනාකම ඉහළය. පලාවර්ග gram 20ක්‌වත් දිනපතා ආහාරයට එක්‌කර ගැනීමෙන් මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකා වර්ග ඇතිවීම වළක්‌වා ගත හැකිය.

කටුපිල සහ පොලොස්‌ ආහාරයට ගැනීමෙන් පිළිකා සුව කළ හැකිද?

කටුපිල සහ පොලොස්‌ ආහාරයට ගැනීම නිසා පිළිකා සුව වන බවට තවම විද්‍යාත්මකව සනාථ වී නැත. පිළිකාව මූලික අවස්‌ථාවේ හඳුනාගත හොත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර මඟින් පිළිකා වර්ග වලින් හරි අඩක්‌ පමණ නිට්‌ඨාවට සුව කළ හැකිය.

පිළිකා නාශක ඖෂධ නිසා වමනය, ඔක්‌කාරය, හිසකෙස්‌ හැලීම වැනි අතුරු ආබාධවලට මුහුණ දීම අනිවාර්යයෙන්ම සිදුවේවිද?

වර්තමානයේ පිළිකා නාශක ඖෂධ නිපදවන්නේ අතුරු ආබාධ හැකි තරම් අවම වන පරිදිය. එබැවින් ඇතැම් රෝගීනට කිසිදු අතුරු ආබාධයක්‌ ඇති නොවේ.

අතුරු ආබාධ ඇති වූවද ඒවා අවම කර ගැනීමට සාර්ථක ප්‍රතිකාර ක්‍රම වර්තමානයේ පවතී.

එසේම අතුරු ආබාධ ඇති නොවේ නම් එම ඖෂධ වල ගුණාත්මක බව අඩු යෑයි කියා ඇතැම් දෙනා සිතති. එබැවින් අතුරු ආබාධවල දරුණුකම මත ඖෂධයේa ගුණාත්මක බව තීරණය කළ නොහැකියි.

පැණිරස බීම වැඩිපුර ගැනීමෙන් පිළිකා ඇතිවේවිද?

පැණි බීම සහ පිළිකා අතර සෘජු සබඳතාවයක්‌ හඳුනාගෙන නැත. පැණි රස බීම වැඩිපුර ගන්නා පුද්ගලයින් අතර දියවැඩියාව, තරබාරුව ඇතිවීමේ අවදානම වැඩිය. මෙවැනි අවදානම් සහිත රෝග නිසා සමහර පිළිකා වර්ග මතුවිය හැකිය.

ප්ලාස්‌ටික්‌ බෝතලවල ඇති ද්‍රව්‍ය භාවිතයෙන් පිළිකා ඇතිවීමේ අවදානමක්‌ තිsබේද?

මෙය බොහෝ මතවාදයට බඳුන්ව පවතින කරුණකි. නිssයමිත ප්‍රමිතියට නිපදවා ඇතිss ප්ලාස්‌ටික්‌ බෝතල් භාවිතය හා පිළිකා අතර සෘජු සබඳතාවයක්‌ ඇති බවට සනාථ වී නැහැ. නමුත්aaa අවදානම් තත්ත්වය අවම කර ගැනීම සඳහා හැකි සෑම විටම වීදුරු බෝතල් භාවිතයට හුරුවීම සුදුසුය. ළමුන් ඇතුළුව සෑම වයසකම පුද්ගලයින් සඳහා පානීය ජලය ගබඩා කිරීම සඳහා විදුරු බෝතල්, සෙරමික්‌ භාණ්‌ඩ ආදිය භාවිතා කිරීම සුදුසුයි.

ප්ලාස්‌ටික්‌ බෝතල් අධික තාපයට නිරාවරණය වන ස්‌ථාන වල තැබීම නොකළ යුතුයි. උදාහරණයක්‌ ලෙස දැක්‌වුවහොත් දිවා කාලයේ වාහන තුළ ප්ලාස්‌ටික්‌ බෝතල් තැබීම නොකළ යුතුයි.

ප්ලාස්‌ටික්‌ බෝතල් වලට උණුසුම් දියර වර්ග දැමීම සහ ප්ලාස්‌ටික්‌ බෝතල් රත් කිරීමෙන් වැළකිය යුතුයි.

ප්ලාස්‌ටික්‌ බෝතල් භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්‌ථාවලදි (Bisphenol A (BPA)) රහිත ප්ලාස්‌ටික්‌ බෝතල් පමණක්‌ භාවිතා කළ හැකියි.

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන සහ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහත්වරුන් විසින් රචිත "පිළිකාවේ සෑබෑ තතු" ග්‍රන්ථයෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments