නුවරඑළියෙන් බ්ලෆිල්ම් කර්මාන්තයට


ඇගේ ගම වැලිමඩ. වයස අවුරුදු 24 යි. ඉතාම රූමත් ඇගේ නම වසන්ති නොවූවද, අප එසේ ඇය අමතන්නේ ඇගේ අනන්‍යතාව රැක ගනු පිණිසය. මෙකල පවත්නා කැමරා ෆෝන් බ්ලූ ෆිල්ම් රැල්ලේ තවත් ගොදුරක්‌ වන ඇගේ නියම නම හෙළි වුණොත් වැලිමඩ ගමේ ජීවත්වන ඇගේ පියාට, මවට, නංගිලා දෙන්නාට සහ මලණුවන්ට නිදහසේ පාරේ ගමන් කරන්නට බැරි තත්ත්වයක්‌ හට ගැනීම ස්‌ථිරය. වසන්ති යොදා සාදන ලද බ්ලෆිල්ම් 9 ක්‌ පමණ මේ මොහොතේත් අන්තර්ජාලයෙහි තිබේ. මෙතැන් සිට ඇය කරන්නේ පාපොච්චාරණයක්‌ නොව හෘද සාක්‍ෂිය කියෑවීමකි. සුසිල්වත්, සුපින්වත්, සුපිරිසිදු මිනිසුනි, එය අසනු මැනවි.

"මම උසස්‌ පෙළ සමත් කෙල්ලක්‌. 2008 අවුරුද්දේ අපේ බාලිකා විද්‍යාලයෙන් බයෝ සයන්ස්‌ කරලා A 3 ක්‌ ගත්ත එකම ශිෂ්‍යාව මම. ඒත් කැම්පස්‌ යන්න ලකුණු මදි. මම දිගටම හිතාගෙන හිටියේ කැම්පස්‌ යන්න තරම් ලකුණු මට ලැබේවි කියලා. ප්‍රතිඵල ආවාමත් මම කල්පනා කළා මාව කැම්පස්‌ තේරේවි කියලා. එහෙම නොවුණාම මම පුදුම විදියට කඩා වැටුණා. මගේ කඩාවැටීම දැකපු අම්මයි තාත්තයි කිව්වා "උඹ පිස්‌සියක්‌ වෙන්න හදන්න එපා. දෙවැනි පාර විභාගෙ කරපන්. අපි කොහොම හරි වියදම් කරන්නම්" කියලා. ගෙදර අය එහෙම කිව්වත් තවත් තුන්දෙනෙක්‌ ඉස්‌කෝලෙ යන ගෙදරක තවත් අවුරුද්දක්‌ මමත් ඉගෙන ගන්න එක ප්‍රායෝගික නැති බව මම දැනගෙන හිටියා. ඊටත් ඒ වෙනකොට මට ඉගෙනගැනිල්ල එපා වෙලා හිටියෙ. මාසයක්‌ විතර හරි හැටි නොකා නොබී කල්පනා කරමින් ඉඳලා මම තීරණයක්‌ ගත්තා රස්‌සාවක්‌ කරන්න. ඒ අතරේ හිත හැදුනාම බාහිර උපාධියක්‌ කරන්නත් මම ප්ලෑන් කළා.

"මට රස්‌සාව හොයා දුන්නේ තාත්තාගේ යාළුවෙක්‌. ඒ යාළුවාට තිබුණා නුවරඑළියෙ තියෙන ප්‍රසිද්ධ හෝටලයක බොස්‌ එක්‌ක හිතවත්කමක්‌. මාව ඒ හෝටලේ ඉන්ටර්වීව් එකට ගෙනියන්න තාත්තයි එයාගෙ යාළුවයි දෙන්නම මාත් එක්‌ක නුවරඑළි ආවා. මුලින්ම හෝටලේ බොස්‌ කිව්වා මාව රිසෙප්ෂනිස්‌ට්‌ හැටියට දාමු කියලා. ඒත් මගේ ඉංග්‍රීසි දැනීම මදි හන්දා ඒ වැඩේ අවුල් වුණා. ඊට පස්‌සේ හෝටලේ බොස්‌ කිව්වා "කමක්‌ නැහැ හෙට උදේ ඉඳලා වැඩට එන්න, මම ඔය ළමයට සුදුසු රස්‌සාවක්‌ දෙන්නම්" කියලා. පහුවදා උදේ හතහමාර වෙනකොට මම හෝටලේට ගියා. හෝටලේ අයිතිකාර බොස්‌, එයා අපේ අප්පච්චිගෙ වයසෙ, ඒ කියන්නේ අවුරුදු 60 ක්‌ විතර ඇති, මට කිව්වා "මම ඔයාට භාරදෙනවා හුඟක්‌ම ප්‍රයිවට්‌ ඇන්ඩ් කොනෆිඩෙන්ෂල් වැඩක්‌. ඒක හරියට මට හයමාසයක්‌ කරලා පෙන්වන්න. මම ඔයාට දැනට රුපියල් 20,000 ක්‌ දෙනවා. හය මාසෙ හරියට කම්ප්ලීsට්‌ කරලා පෙන්නුවාම රුපියල් 30,000 ක පඩියට පර්මනන්ට්‌ කරනවා" කියලා. ඊට පස්‌සෙ එයා මාව ගෙනියනවා කාමරයකට. ඒ කාමරයේ එක පෙළට ටී.වී. හයක්‌ තියෙනවා. ඒකෙන් හතරක පෙන්වන්නේ හෝටලේ කාමරවලින් හතරකට යන එය අය. ඉතිරි දෙකෙන් පෙන්වන්නේ ඒ කාමර හතර තියෙන කොරිඩෝවට ඇතුළුවන දොරටුවයි පිටවෙන දොරටුවයි. මට කරන්න තිබුණේ කාමරවලට යන අයයි කොරිඩෝවට යන අය ගැනයි ටී. වී .වලින් බලන එක. මොකක්‌ හරි සැකයක්‌ හිතුණොත් ළඟම තිබුණ ස්‌විච් එකක බටන් එක ප්‍රෙස්‌ කරන්න කියලා 'බොස්‌' මට කිව්වා.

"කොහොමද සර් මම සැක හිතන්නේ....? මොන වගේ දේවල්ද මම සැක කරන්න ඕනෑ.....?" මම බොස්‌ගෙන් ඇහුවා එයා මෙහෙම කිව්වා. "එක කාමරයකට තුන්දෙනෙක්‌ යනවා නම්, ඒ කියන්නේ ගෑනු දෙන්නයි, එක පිරිමියයි. එහෙමත් නැත්නම් පිරිමි දෙන්නයි එක ගෑනියෙකුයි, ඔයා බට්‌න් එක ප්‍රෙස්‌ කරන්න. කොරිඩෝවට නිකමට හරි පොලිසියෙ කෙනෙක්‌ ආවොත් එතකොටත් බට්‌න් එක ප්‍රෙස්‌ කරන්න. ඊටත් අමතරව ජෝඩුවක්‌ කාමරේට ගියාම අපේ ස්‌ටෆ් එක්‌කෙනෙක්‌ හෝ කිහිපදෙනෙක්‌ ඒ කාමරේට ගිහිල්ලා විනාඩි 5 කට වැඩි කාලයක්‌ ගතකරනවා නම් එතකොටත් මේක ප්‍රෙස්‌ කරන්න."

"මට බොස්‌ගෙ කතාව ලොකු ප්‍රහේළිකාවක්‌. මම එයා දිහා විමසිල්ලෙන් බලාගෙන හිටියා. එතකොට එයා හුඟක්‌ම කරුණාවෙන් මා දිහා බලලා ඇහුවා "ප්‍රශ්න මොකුත් නැද්ද?" කියලා.

"මම මේ බට්‌න් එක ප්‍රෙස්‌ කරනකොට මොකද වෙන්නෙ සර්"

මම එහෙම අහනවත් එක්‌කම එයා කලිසම් සාක්‌කුවෙන් සෙල් ෆෝන් එකක්‌ ඇදලා අතට අරගෙන කිව්වා ළඟම තිබුණ ස්‌ව්චි එකේ බට්‌න් එක ප්‍රෙස්‌ කරන්න කියලා. මම බට්‌න් එක ප්‍රෙස්‌ කළාම ෆෝන් එක බීප් බීප් ගාලා රිං වෙන්න පටන් ගත්තා. "මේක මේ හෝටලේ ආරක්‍ෂාවට තියෙන උපකරණයක්‌. ඔයා ලොකු ළමයෙක්‌. මේ පළාත්වල ටුවරිස්‌ට්‌ හෝටල් ඇතුළෙ වෙන දේවල් දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වගේ තැන්වලට දවල් කාලෙට කපල්ස්‌ එන්නේ seං කරන්න. එක කෙල්ලෙක්‌ එක්‌ක පිරිමි දෙන්නෙක්‌ කාමරයකට ගියොත් එතැන අස්‌වාභාවික දෙයක්‌ සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එක පිරිමියෙක්‌ එක්‌ක කෙල්ලො දෙන්නෙක්‌ කාමරයකට ගියොත් එතන තියෙන්නෙත් අස්‌වාභාවික තත්ත්වයක්‌. මේ වගේ දෙයක්‌ ගැන පොලිසියට ඔත්තුවක්‌ ගියොත් රේඩ් කරනවා. ඊළඟට ඒගොල්ලො චෝදනාව දාන්නේ අපි ගණිකා නිවාසයක්‌ පවත්වාගෙන ගියයි කියලා. ඒ එක්‌කම ජෝඩුවක්‌ කාමරේට ගියාම හොටෙල් ස්‌ටෆ් එකේ එක්‌කෙනෙක්‌ හරි කිහිපදෙනෙක්‌ ඒ කාමරේට ගිහින් වැඩි වේලාවක්‌ හිටියාම එතැනත් අස්‌වාභාවික දෙයක්‌ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාමර ගැන ඔයා උදේ ඉඳලා හවස්‌ වෙනකල් ඇහැ ගහගෙන ඉන්න. අවශ්‍ය වේලාවට බට්‌න් එක ප්‍රෙස්‌ කරලා මට උපකාර කරන්න. මම ඔයාට හොඳට ගෙවන්නම්. ඒ එක්‌කම ඉදිරියේදී මාත් එක්‌ක එකතුවෙලා මම කියන දේවල් කරන්න ඔයාට පුළුවන් වුණොත් ඔයාට මම රැජනකට වගේ සලකන්නම්."

අපේ බොස්‌ගෙ විශේෂත්වයක්‌ තිබුණා. එයාට අවුරුදු 60 ක්‌ වයස වුණාට 40 කට වඩා පේන්නෙ නැහැ. වයස 60 ක පිරිමියෙකුට තියෙන බඩක්‌, ඉදිමිච්ච කම්මුල්, බෙල්ල වටේ ටයර්Êවගේ මස්‌ වළලු බොස්‌ට නැහැ. ටික කලක්‌ වැඩ කරනකොට මම දැනගත්තා බොස්‌ හැමදාම උදේට දුවන්න යන බව. ඊට පස්‌සේ එයා හෝටලේ ජිම් එකට ඇවිත් ව්‍යායාම කළා. බොස්‌ නැවතිලා හිටියෙත් හෝටලේමයි. එයාගේ නෝනා, ළමයි, පවුලේ අය ගැන මම කිසි දෙයක්‌ දන්නේ නැහැ. හෝටලේ ස්‌ටෆ් එකේ කවුරුවත් ඒ ගැන කතා කළෙත් නැහැ. මේ හෝටලේ ස්‌ටෆ් එකේ විශේෂත්වයක්‌ තිබුණා. ඒ තමයි ඒ සේවකයෝ ප්‍රමාණය ඉක්‌මවා මා එක්‌ක කතා බහ නොකිරීම. ගුඩ් මෝනිං මිස්‌, ඔව් මිස්‌, නැහැ මිස්‌, හොඳයි මිස්‌ වගේ මූලික දේවල් ඇරුණාම වෙන කිසිම දෙයක්‌ ඒ අය මා එක්‌ක කතා කළේ නැහැ. මම උදේට හෝටලේට එනකොට ලන්ච් රූම් එකේ මගේ උදේ කෑම ලෑස්‌ති වෙලා තිබුණා. දවල්ටත් එහෙමයි. තේ බොන්නත් මම ලන්ච් රූම් එකට ගියා. මම වැඩ කරපු ටී. වී. රූම් එකට කවුරුවත් ආවෙ නැහැ. හිටපු ගමන් බොස්‌ ඇවිත් විනාඩි පහක්‌ විතර කතා කර කර ඉඳලා ගියා. එයා මට පුදුම කරුණාවක්‌ පෙන්නපු කෙනෙක්‌. හරියට තාත්තෙක්‌ වගෙයි.

"ඔයාට වැලිමඩ ඉඳලා යන්න එන්න කරදරයි නේද දරුවෝ? ඔයා මෙහෙ නවතින්න. මම රූම් එකක්‌ ලෑස්‌ති කරලා දෙන්නම්." බොස්‌ දවසක්‌ මට කිව්වා. ගෙදර අඩු පහසුකම් යටතේ ජීවත් වෙමින් බස්‌වල තෙරපි තෙරපි යමින් එමින් මං ගතකරපු ජීවිතය කොතරම් පීඩාකාරී ද කියලා මට හිතුණේ බොස්‌ එහෙම කීවාමයි. ඒත් අම්ම අප්පච්චි මේකට කැමැති වේවිද? මම ගෙදර ගිහින් මේ බව කිව්ව. ඒ අය එකහෙළාම එපා කිව්වා. මම මගේ ගමනාගමන අමාරුකම් කියද්දී ඒ අය කිව්වා බොස්‌ මුණගැහිලා මේ ගැන කතා කරගන්න ඕනෑ කියලා. මේ සිද්ධියෙන් දවස්‌ තුනකට විතර පස්‌සේ අප්පච්චි එයාගේ යාළුවත් එක්‌ක ඇවිත් බොස්‌ මුණගැහුණා. ඒ අය සාකච්ඡා කරපු තැනට මම ගියේ නැහැ. පැය භාගෙක විතර කතා බහකින් පස්‌සේ බොස්‌ ටී. වී. රූම් එකට ඇවිල්ල මට කිව්වා අප්පච්චිව මුණගැහෙන්න කියලා. "මේ මනුස්‌සයා දෙවි කෙනෙක්‌ වගේ මිනිහෙක්‌. උඹට දරුවෙකුට වගේ සලකාවි. දරුවෙක්‌ කියලා හිතාගෙන බලා ගනීවි. ඒ නිසා උඹ හෙට හරි, කැමැති දවසක හරි ඉඳලා මෙහෙ කාමරේක නැවතියන්. සෙනසුරාදා, ඉරිදා නිවාඩු නම් ගෙදර වරෙන්. උඹ නිවාඩු දවස්‌වලත් වැඩ කළොත් දවසට රුපියල් 750 ගානේ ගෙවනව කියල මහත්තයා කියනවා. උඹට තුන් වේලම කන්න ලැබේවි. මේක දුවේ උඹට ඇදුන ස්‌වීප් එකක්‌."

මට හරිම සතුටුයි. හොඳට ඉඩකඩ තියෙන කාමරයක, ෆෝම් මෙට්‌ටයක්‌ දාපු ඇඳක, µEන් එකක්‌ දමාගෙන නිදියන්න මටත් දැන් පුළුවන්. තවදුරටත් බස්‌වල තෙරපෙන්න ඕනැ නැහැ. හම්බ කරන පඩිය ඔක්‌කොම ඉතුරුයි. මේ මුදලින් මගේ මුළු පවුලම නඩත්තු කරන්න මට දැන් පුළුවන්. මගේ හිතට ලොකු ආඩම්බරයක්‌ දැනුණා. ජීවිතේ මුල් වතාවට අපේ පවුලේ ලොක්‌කා බවට මම පත්වෙලා.

ඊළඟ දවස සෙනසුරාදාවක්‌. එදා මට නිවාඩු. මම උදෙන්ම වැලිමඩ ටවුමට ගිහින් කමියුනිකේෂන් එකකින් හෑන්ඩ් ෆෝන් 2 ක්‌ ගත්තා. එකක්‌ රුපියල් 1999 යි. දෙකටම ගත්තා රීලෝඩ් දාගන්න පුළුවන් කාඩ් කනෙක්‌ෂන් දෙකක්‌. එකක්‌ ගෙදරට. එකක්‌ මට. ගෙදරට ගත්ත ෆෝන් එක අම්මට දුන්නා. ඉරිදා දවල් වෙනකොට සිම් 2 කම ඇක්‌ටිවේට්‌ වුණා. මේ තමයි මමත් අපේ ගෙදර අනෙක්‌ අයත් සෙල් ෆෝන් පාවිච්චි කරන පළමුවැනි අවස්‌ථාව. සඳුදා උදේ වෙනතුරු මම හිටියෙ නොඉවසිල්ලෙන්. මගේ ජීවිතය අලුතින් පටන් ගන්න දවස තමයි එළැඹෙන සඳුදා දවස.

සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ

Post a Comment

0 Comments