විදේශයන්ගෙන් කැන්දන වෘත්තීය ගණිකාවන් පමණක් නොව ජාතියේ අනාගත අම්මලා වීමට සිටින අපේ ඇතැම් සීදේවී කෙල්ලන් හෙවත් වත්මන් කොලු භාෂාවෙන් කිවහොත් "පට්ට කෑලිද" වර්තමානයේ මුදල් පොදි තුරුළු කරගෙන සල්ලාල යහන් මත සැතපෙන්නේ තරගයට මෙනි. ගණිකා වෘත්තිය මෙරට තහනම් වුවද වැඩේ අපූරුවට සිදු වෙමින් තිබීම ඊට හේතු වී ඇත.
තාරුණ්‍යයේ සුන්දරත්වය සමග කාමාතුරයන් දහසක් දෙනා හා නිදි වැදුණද ඔවුන්ට කිසිදු ගාණක් නම් නැත. මන්ද මේ ගෙවී යමින් තිබෙන්නේ කන්‍යභාවය යළි රීබිල්ඩ් කරගත හැකි යුගයකි. අද ඒ සඳහා වැය වන්නේ රුපියල් හත්දහසත් පහළොස්දහසත් අතර මුදලිකි. ඉතින් මෙකී පට්ට කෑලිවලට ඒහෙයින් අනාගත විවාහයේදී පිරිසිදුභාවය පිළිබඳ ප්‍රශ්නයක්ද ඇති නොවේ.
ඒ සඳහන් කළේ යථාර්ථය ය. මේ අන්දමින් මෙරට තුළ ක්‍රියාත්මක ගණිකා ජාවාරම පිළිබඳ කතා කිරීමේදී කාමයෙන් ආතුර වී සිටින ධනවතුන් හා ඔවුන්ගේ සල්ලිකාර පුත්තුන්ගේ ගාය හෙවත් ඇම්ම සුව කිරීමේ අලුත්ම ක්‍රමය නැතහොත් ට්‍රෙන්ඩ් එක බවට මේ වන නිළියන් ගණිකා ජාවාරමේ යෙදවීම පත්ව තිබෙන්නේ අරුම පුදුම ලෙසිනි.
වෙළෙඳ දැන්වීමකට පෙනී සිට නැතිනම් ටෙලි නාට්‍යයක තප්පර ගණනක කෑල්ලකට රූපය ඔබා ගනිමින් පසුව ඉදිරියට යන අතරේ කාගෙන් හරි සල්ලං වී ඕනෑම නිදි යහනක සෙල්ලම් කිරීමට කැමති නිළියෝද අද ඕනෑ තරම් රටේ සිටිති. හැම නිළියකම එසේ නොවුණද මෙරට කලා ක්ෂෙත්රයේ එවන් නිළියෝ බොහෝ වෙති.
ප්‍රවීණ රංගන ශිල්පියකු ඉකුත් කාලයේ "අපේ නිළියන් අද සල්ලි හොයන්නේ මහන්සි වෙලා නොව හාන්සි වෙලා" යෑයි ලෙසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කිරීම ම එයට පැහැදිලි උදාහරණයකි. මෙහිදී නිළියක හා රති කෙළියේ යෙදෙන්නට අවැසි නම් ගැනුම්කරුවාට ඉදිරිපත් කෙරෙන ලංසුවද ඉතා ඉහළ අගයක් ගනී.
ඊට පැහැදිලි උදාහරණයක් ඉකුත් සතියේ වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා විය. එයද සිදුවූයේ වලාන දූෂණ මර්දන පොලිස් ඒකකය සිදු කළ තවත් එක් වැටලීමකට අනුවය.
වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් මීට සති කිහිපයකට පෙර අපූරු තොරතුරක් ලැබී තිබිණි. ඒ තොරතුරෙන් ඔත්තුකරු කර තිබුණේ අපේ නිළියන් ගණිකා ජාවාරමේ යොදවන තරව්කරුවන් හෙවත් ග්‍රාම්‍ය ලෙස කිවහොත් පිම්පියන් දෙදෙනකු පිළිබඳ අනාවරණයකි. ඔවුන්ට අපි චාමර සහ රොෂාන් යෑයි කියමු.
මේ තොරතුරත් සමග ක්‍රියාත්මක වූ හේමාල් ප්‍රශාන්ත මහතා සිය නිලධාරින් කැඳවා මෙකී ගණිකා ජාවාරම වැටලීම සඳහා උපදෙස් දෙන්නට විය. ජාවාරම සිදුවෙමින් තිබී ඇත්තේ ගැනුම්කරුගේ තේරීම අනුව මෝටර් රථයකින් රැගෙන එන නිළියන් තරු හෝටලයකදී ඔහු වෙත භාර කිරීමේ ක්රමයටය.
මේ අනුව ප්‍රශාන්ත මහතාගේ උපදෙස් ඔස්සේ ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු මෙහෙයුම ආරම්භ කරනු ලැබූහ. ඒ ඉකුත් දොළොස්වන සෙනසුරාදා දිනයේ සිටය. මෙම මෙහෙයුමේදී ජාවාරම්කරුවන් හා සම්බන්ධ වෙමින් මුලින්ම ඔවුන්ට දැල එළීමේ වගකීම පැවරී තිබුණේ පොලිස් කොස්තාපල් අනුර ජයලාල් මහතාටය.
සිය වගකීම වටහාගත් ජයලාල් මහතා ඉතාම සූක්ෂම ලෙස පැරණි මිත්‍රත්වයක් පෙන්නමින් මෙහෙයුමේ ආරම්භය ලෙස රොෂාන් නමැති තැරැව්කරුට දුරකථන ඇමැතුමක් දෙන්නට විය.
එහිදී මුලින් ජයලාල් කවුදැයි වටහා ගන්නට රොෂාන්ට නොහැකි විය. එහෙයින් ඔහු "ඔය කවුදැයි" ලෙසින් ජයලාල් විමසීය. "ඇයි මචං එදා කලුතරදී හම්බ වුණේ.. උඹට මතක නැද්ද.. මම සම්පත්.." රොෂාන්ගේa විමසීමට ජයලාල් දුන්නේ එවන් පිළිතුරකි.
ඒ පිළිතුරත් සමඟ "ආ හරි මචං.." කියමින් රොෂාන් තොණ්ඩුවට බෙල්ල දැම්මේ ජයලාල්ද නොසිතූ අයුරිනි. එතැන් පටන් ජයලාල් කලුතර සම්පත් ලෙස පෙනී සිටිමින් රොෂාන්ට තම අවශ්‍යතාව කියන්නට විය.
"මචං.. මම දන්න බිස්නස්මන් කෙනෙක්ගේ පුතෙක් ලංකාවට එනවා.. කොල්ලට නිළියෝ දෙන්නෙක් ඕනෙලු.. හැබැයි එකපාර එකම කාමරේ සෙට් වෙන්න තමයි ඌ ඉල්ලන්නේ.. උඹලට ඉතින් මේව අමාරු වැඩ නෙමේනේ.. කෑලි දෙකක් නැද්ද හොයා ගන්න.. ගාණේ නම් ප්‍රශ්නයක් නැහැ.."
ජයලාල් එසේ පැවසීමත් සමග දෙවරක් නොසිතාම ඇම ගිල්ල රොෂාන් "ඕකේ මචං.. කවදටද ඕනෙ" යෑයි විමසන්නට වූයේ රටේ නිළියන් ගණිකාවන් ලෙස විකිණීමට අතේ තබාගෙන සිටින්නාක් පරිද්දෙනි..
මෙහෙමයි මචං.. කොල්ල හෙට 14 වැනිදා ලංකාවට එනවා.. ඌට උගේ වැඩ ටික ඉවර කරගෙන පොඩි නිදහසක් හම්බ වෙන්නේ සෙනසුරාද විතර වෙනකොට.. ඒ නිසා සෙනසුරාද නයිට් එකට එවන්න පුළුවන් වුණොත් හරි.. හැබැයි මතක තිsයාගනින් එක කෑල්ලකින් මටත් පන්දාහක් තියලා තමයි ගාණ කියන්න ඕනේ.." රොෂාන් කළ විමසීමට ජයලාල් එසේ පිළිතුරු දෙන්නට වූයේ තව තවත් ඔහුගේ සිතේ විශ්වාසය ගොඩ නැගෙන පරිදිය.
"හරි හරි මචං.. උඹ ඒ ගැන බයවෙන්න එපා.. උඹටත් පන්දාහක් තියලා ගාණ කතා කරමු.. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. සෙනසුරාදා දවසක් නිසා අපේ ගාවට සෙට් වෙලා ඉන්න කෑලිවලට එදාට හරියට එපොයිමන්ට්.. උන් හරි බිසී..
"කමක් නැහැ අපි මොනවාහරි කරලා වැඩේ සෙට් කරමු.. චාමර කියලා අපේ අයියා කෙනෙක් තමයි සීන් එක කරන්නේ.. මම එයත් එක්ක කතා කරලා උඹට කෝල් එකක් දෙන්නම්.. රොෂාන් ජයලාල්ට එසේ පවසත්ම "මචං හොඳ නමක් තියෙන කෑලි දෙකක් තමයි කොල්ලා හොයන්නේ.." යෑයිද ඔහු රොෂාන්ට කීවේය. එතනින් එදින කතාව නිමාවට පත් විය.
එහෙත් තමන්ට කතා කර සල්ලිකාර පුතකුට දෙන්න යෑයි පවසා නිළියන් දෙදෙනකු ඉල්ලා සිටින්නේ සම්පත් නමින් පෙනී සිටින පොලිස් නිලධාරියකු බව රොෂාන් හීනෙකින්වත් නොසීතීය. ජයලාල් ඔහුට කතා කළ ස්වරූපය ඒ තරමටම විශ්වසනීය වී තිබිණ. මේ අන්දමින් තවත් දෙදිනක් පමණ ගෙවී ගියේය.
ඒ අතරේ දිනක් රොෂාන් යළි ජයලාල් අමතන්නට විය. "මචං කෑලි තුනක් ඉන්නවා.. අපි ළඟ ඉන්න හොඳම එවුන් ටික නම් සෙනසුරාදට ගන්න බැහැ.. සති දෙක තුනක ඉඳන් උන්ව බුක් වෙලා තියෙන්නේ.. ඒ නිසා මේ කෑලි තුනේ පිංතූර ටික මම උඹට එවන්නම්.. අනිත් එක කාමරේ දෙන්නම එකට ඉන්න වෙන නිසා හොඳ යාලුවෝ දෙන්නෙක් එවන්නත් ඕනෙනේ.. උඹ උඹේ මේල් ඇඩ්රස් එක මට එවපං.. මම පිංතූර ටික දාන්නම්.. ඒක බලලා සිලෙක්ට් කරලා කියපං කාවද ඕනෙ කියලා..
ඇමතුම ලබා දුන් රෙෂාන් මෙසේ ඊමේල් ලිපිනය එවන ලෙස කළ දැනුම් දීමට අනුව ජයලාල් එය ඔහුට යෑවීය.. ඒ අන්දමින් තවත් දිනයක් ගතවිය. ඊට පසුදා තමන්ට ලැබී ඇති ඊමේල් පරීක්ෂා කළ ජයලාල්ට තරමක් වයසින් වැඩි එක්තරා නිළියකගේ සහ කිසි දිනක රඟපෑමක යෙදෙනු දැක නැති නිළියන් යෑයි කී සුන්දර තරුණියන් දෙදෙනකුගේ ජායාරූප රෙෂාන් විසින් අන්තර්ජාලය ඔස්සේ එවා තිබෙනු දක්නට ලැබිණ.
ඒ සමගම ඔහු රොෂාන් අමතන්නට විය. "අනේ මචං කොල්ල ඉල්ලන්නේ ප්‍රසිද්ධ කෑලි දෙකක්.. මේ වැඩිමල් කෑල්ල නම් හරියන්නේ නැහැ.. අනිත් කෙල්ලො දෙන්නා නිළියෝ නෙමේනේ බං.." ජයලාල් එසේ පවසත්ම රොෂාන්ද ඊට කරුණු දක්වන්නට විය. "මෙහෙමයි මචං.. ප්‍රසිද්ධ කෑලි නයිට්වලට එන්නේ නැහැ.. උන් එන්නේ දවල්ට විතරයි..
"අනිත් එක අයියා ළඟ ඉන්න ප්‍රසිද්ධ උන් ටික ඔක්කොම බුක් කරලා තියෙන්නේ.. මේ තුන් දෙනා විතරයි ඉතුරු වෙලා හිටියේ.. ඔය කෙල්ලො දෙන්නා නිළියෝ නෙමේ කියන්න බැහැ.. උන් දෙන්නම කමාර්ෂල් ඇඩ්වල ඉන්න දෙන්නෙක්.. කෙල්ලෝ දෙන්න සුපිරිනේ මචං.. ඒ නිසා දැනට උන් දෙන්න දීලා ෂේප් වෙමු.. පස්සේ දවසක කොල්ලට ඕනේ නම් ප්‍රසිද්ධි කෑලි දෙකක් දෙමු.. වැඩේ තියෙන්නේ උඹේ අතේ..
අපිට පස්සෙ දවසක සුපිරි දෙකක් දෙන එක සිම්පල් වැඩක්.. අයිය කිව්වහම කට්ටිය වැඩේට එනවා.. හුඟ දෙනෙක් අයියා එක්ක කනෙක්ට් වෙලා ඉන්නේ.. එසේ පැවසූ ඔහු මෙරට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ක්ෂෙත්රයේ ප්‍රකට නිළියන්ගේ නම් ගණනාවක්ද ජයලාල්ට කියන්නට වූයේ ඔවුන්ගේ ගණන් හිලව්ද සමගිනි.
රොෂාන් කළ කරුණු දැක්වීම හමුවේ අවසානයේ ජයලාල් ගනුදෙනුවට එකඟ වී ඡායාරූපවල සිටින රූමත් තරුණියන් දෙදෙනා එවන ලෙස රොෂාන්ට දැනුම් දෙනු ලැබුවේ තරමක අකමැත්තක්ද පෙන්වමිනි. එහිදී දෙදෙනාටම රුපියල් අසූපන්දහසක් ලෙස ලන්සුව තැබීමටද රොෂාන් කටයුතු කළේය. ඒ ජයලාල්ගේ කොමිස් එකද සමගය.
මේ අනුව ඉකුත් දහනව වැනි සෙනසුරාදා සවස 3.30 වන විට නිළියන් යෑයි කී තරුණියන් දෙදෙනා වාද්දුව ප්‍රදේශයේ තරු හෝටලයක් වෙත රැගෙන ඒමට රොෂාන් එකඟ විය. එහෙත් තමන් මේ යන්නට සැරසෙන්නේ නීතියේ යදමට සිරවන ගමනක් බව රොෂාන්ට හෝ ඔහු අයියා යෑයි කී චාමරට නිකමටවත් නොවැටහුණේය.
මේ අයුරින් ඉකුත් සෙනසුරාදා දිනයද උදාවිය. එදින උදැසනම වලාන දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා සිය නිලධාරින් කැඳවා මෙහෙයුමේ අවසන් අදියර ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ඔවුනට උපදෙස් දෙන්නට වූයේ නීතියේ සියලු පැති ආවරණය වන සේ කටයුතු කරන ලෙසද සඳහන් කරමිනි.
මේ අන්දමින් ඒ දිනයේ ද හෝරා කිහිපයක් ගෙවී ගියේය. හරියට එදින සවස 2.30 ට පමණ වන විට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු වාද්දුවේ පිහිටි තරු හෝටලය අවට රැකවල් ලා සිටින්නට වූහ. ඒ ගොදුර එනතුරු මඟ බලමිනි.
මේ අතරේ රොෂාන් සමග දිගින් දිගටම සම්බන්ධ වෙමින් සල්ලිකාර පුතකුට නිළියන්ගේ පහස ගෙන දෙන්නාක් මෙන් රංගනයක යෙදුණු පොලිස් කොස්තාපල් අනුර ජයලාල් මහතා වරින් වර රොෂාන් අමතමින් තොරතුරු විමසන්නට විය.
මේ අන්දමින් රොෂාන් පානදුර පිංවත්ත ප්‍රදේශයට පැමිණෙනතුරුම ජයලාල්ට කතා කළේය. අවසානයට හේ ජයලාල් අමතනු ලැබුවේ "මචං දැන් මම පිංවත්ත පහුකරා විතරයි.." කියමිනි. ඔහු එසේ පවසා ගෙවී ගියේ තවත් විනාඩි කිහිපයකි.
එක්වරම වාද්දූවේ පිහිටි තරු හෝටලය වෙත හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් ඇතුළු විය. එය හෝටලයට පැමිණ විනාඩි දෙකක් පමණ ගත වෙද්දී යළිත් රොෂාන්ගෙන් ජයලාල්ට ඇමතුමක් ලැබිණි. "මචං අපි පොට් එකට ආවා.. උඹලා කොහෙද ඉන්නේ.." ඔහු ජයලාල්ගෙන් එසේ විමසන්නට විය.
"හරි මචං මම ඔයාලව දැක්කා.. ඔහොමම ඉඳපන් මම ටක්ගාලා ඔතනට එනවා.." ලැබුණු ඇමතුමට පිළිතුරු දුන් ජයලාල් රොෂාන්ට එසේ පවසන්නට විය. ඒ අනුව රුපියල් අසූදහසක මුදල් පොදියකට ලොබ බැඳ සුරූපී මස් කඳන් දෙකක් අලෙවි කිරීමට සුදානමින් රොෂාන් හා චාමර ජයලාල් එනතුරු බලා සිටින්නට විය.
එහෙත් ගත වූයේ තවත් විනාඩි කිහිපයකි. මේ අතරේ එක්වරම හෝටලයේ තැනකින් මතු වී නිල ඇඳුමින් සැරසී තමන් වෙත පැමිණි වලාන දූෂණ මර්දන ඒකකයේ උප පොලිස් පරීක්ෂක සරත් ධර්මසිරි මහතා ඇතුළු නිලධාරින් දුටු රොෂාන්ට සහ චාමරට දවල් තරු පෙනෙන්නට මොහොතක්වත් ගත නොවීය.
ඒ වන විටත් අධිකරණය මගින් රථය සෝදිසි කිරීමට ලබාගත් සෝදිසි වරෙන්තුවක්ද පොලිස් නිලධාරින් සතුව තිබිණි. මේ අනුව ඔවුහු රථයේ ඉදිරිපස සිටි චාමරට හා රොෂාන්ට ඉන් බසින ලෙස දැනුම් දී එය සෝදිසි කරන්නට වූහ.
රථයේ පිටුපස අසුනේ එකට ගුලිවී බදාගෙන හඬා වැටෙන සුරූපි මස් කඳන් දෙකකිs. කිසිදු වෙනසක් නැත. ඒ ජයලාල්ගේ ඊමේල් ලිපිනයට රොෂාන් විසින් එවන ලද ඡායාරූපයේ සිටි සුරූපී ළඳුන් දෙදෙනාමය.
ඉන් එකකු එදා සල්ලාලයෙක් ඉදිරියේ රුපියල් හතළිස් දහසක මිලකට මස් වීමට පැමිණ සිටියේ පැය කිහිපයකට පෙර පෙනී සිටි ඡායාරූප දර්ශනයකටද සහභාගි වීමෙන් පසුවය.
අවසානයේ චාමර සහ රොෂාන් සමග තරුණියන් දෙදෙනාද අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ව රැගෙන විත් වැඩිදුර විමර්ශන සඳහා වාද්දූව පොලිසියට භාර දෙනු ලැබීය. ඒ වන විටත් තරුණියන් දෙදෙනා සිටියේ මුහුණු වසාගත්වනම හඬා වැටෙමිනි.
කියන්නට වචන නැත. නූතන නිළි "ට්‍රෙන්ඩ්" එක සමග පොෂ් එකේ හිඳිමින් මුදලට මස් වන්නට පැමිණ එසේ හඬමින් සිටියේ ජාතියේ අනාගත අම්මාවරුන් දෙදෙනකුම ය. ඉතින් අපි මේවා කාට කියමුද?
වලාන දූෂණ මර්දන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් පෙරේරා සහ වැඩ බලන අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත, වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළ උප පොලිස් පරීක්ෂක සරත් ධර්මසිරි, සැරයන් හරිස්චන්ද්‍ර, කොස්තාපල්වරුන් වන අනුර ජයලාල්, සිල්වා, ප්‍රියදර්ශන, ප්රබුද්ධ, ජයසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් මල්ලිකා මෙන්ම පොලිස් රියෑදුරු අජිත් යන නිලධාරින්ට විශේෂ ස්තුතිය.
සමන් ගමගේ
0 Comments