අප මේ ලිපිය ආරම්භ කළේ හඳහන් දෙකේ ගැළැපීම නොබලා රහසේ ආදරයේ බැඳෙමින් සිටි දෙදෙනකුගේ විවාහය පිළිබඳ ගැළැපීම පොරොන්දම් පරීක්‍ෂණයකින් තොරව තත්කාල කේන්ද්‍රය ඇසුරින් නිගමනය කළ යුතු බව පසක් කිරීමටය. ඒ අනුව ඒ දෙදෙනාගේ ආදරය දැඩි වුවත් විවාහය නොවිය යුතු (තත්කාල කේන්ද්‍රයේ) ග්‍රහ පිහිටීම් කිහිපයක් මෙසේය.
විවාහ ගැළපීම පිළිබඳව බොහෝ දෙනකු කතා නොකරන යමක් ගැන ලිවීම කාලෝචිත වෙතැයි සිතමි. හුදෙක් මේ ලිපියෙන් විස්‌තර කෙරෙන්නේ හඳහන් නොගැළපීම නිසා ප්‍රේමයෙන් බැඳුණු දෙදෙනකුගේ විවාහය ගැළපීම ගැනයි. ඒ ගැන කතා කරන්නට පළමු තවත් යමක් කිව යුතුව තිබේ.
පැරැණි පත පොතේ අතීතයේ පැවැති විවාහ ක්‍රම අටක් ගැන සඳහන් වෙයි. ඒවා නම් වශයෙන් සඳහන් කළොත්
1. බ්‍රහ්ම විවාහය
2 දේව විවාහය
3 සෘෂි විවාහය
4 ප්‍රජාපත්‍ය විවාහය
5. අසුර විවාහය
6. ගාන්ධර්ව විවාහය
7 රාCෂ්‍ය විවාහය
8 පෛශාච විවාහය වශයෙන් සඳහන් වේ.
මෙයින් පළමු විවාහ තුන මෙකල සිදු නොවේ. බ්‍රහ්මණයන්, යෝගීන්, තාපසයන්, පූජකයන් ආදීන් විසින් පාවා දීමෙන් සිදු කරන විවාහයන් බ්‍රහ්ම, දේව, සෘෂි යන නම් වලින් හැඳින්වේ. මව් පිය සහෝදර සහෝදරියන් විසින් හෝ වැඩිහිටියන්ගේ අනුමැතිය මත කුල සිරිත් අනුව පාවා දීමෙන් සිදු කරනු ලබන විවාහය ප්‍රජාපත්‍ය නම් වේ. ණය තුරුස් ගනුදෙනු පොරොන්දු, ගිවිසුම් ආදියෙන් නිදහස් වීම සඳහා කර දෙනු ලබන විවාහය අසුර නම් වේ. මව් පිය ආදින්ට රහසේ හෝ රහසින් පලා ගොස් සිදු කරනු ලබන විවාහය ගාන්ධර්ව විවාහයයි. තර්ජන, ගර්ජන, කලකෝලාහල, පැහැර ගැනීම් ආදියෙන් ගොඩනැඟෙන විවාහයය රාCෂ්‍ය විවාහ වේ. යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් වසඟ කර සිදු කරන විවාහය පෛශාච නම් වේ. මේ අතුරෙන් අසුර, රාCෂ්‍ය, ගාන්ධර්ව, පෛශාච යන විවාහ සඳහා පොරොන්දම් බැලීමක් අවශ්‍ය නැත. නැකැත් ගැළපීම් අවශ්‍ය නැත.
මේ යුගයේ බොහෝ විට දක්‌නට ලැබෙන ප්‍රේම සබඳතා වසර තුන හතරක් රහසේ පවත්වා ගෙන ගොස් මා පියන්ට දැන්වීමෙන් පසු වැඩිහිටියෝ දෙදෙනාගේ හඳහන් පරීක්‍ෂා කරවා බලා නොගැළපෙතැයි ඔවුන්ගේ සම්බන්ධය ප්‍රතික්‍ෂේප කරති. මෙයින් පරාජිත ඇතැම් තරුණයෙක් හෝ තරුණියක් අකාලයේ දිවි හානි කර ගනිති. තවත් සමහර කෙනෙක් මා පියන්හට විරුද්ධ වී ගැටුම් ඇති කර ගනිති. එහෙම වන්නේ ඒ අයගේ පොරොන්දම් ගැළැපීමේ ක්‍රමයේ වරද නිසාය. ප්‍රේම සබඳතාවලින් තොර ආදර බැඳුම් පෙරදැරි දෙදෙනකුගේ විවාහය ගළපන්නේ ඔවුන් දෙදෙනාගේ ජන්ම පත්‍රදෙක අනුව නොවේ. ගැළපීම සඳහා කවුරුන් හෝ පැමිණෙන විට උදා තත්කාල කේන්ද්‍රය අනුවය. උපන් කේන්ද්‍රයෙන් නොපෙනෙන බොහෝ දෑ තත්කාල කේන්ද්‍රයෙන් අනාවරණය වේ. ඒ සබඳතාව සංසාරිකව පැවැතෙන එකක්‌ද, අතරමග දී විවාහය කැඩෙයිද, අද ගොළු බිහිරි දරුවෝ ලබත්ද, අතිධාවන කාම හැඟêම් වේද, දෙදෙනා ගෙන් කෙනකු ආත්මාර්ථකාමීද, ලිංගික දුර්වලකම් වේද, නැන්දම්මා කෙබඳු කෙනෙක්‌ද? දියුණුව කෙබඳු ද? බහු විවාහ යෝග වේද මේ ආදී අප්‍රමාණ තොරතුරු තත්කාල කේන්ද්‍රයෙන් විවරණය වේ. ඇතැම් විට කුජ දෝෂ, කඩහන්දි දෝෂ ආදි අහිතකර ග්‍රහ පිහිටීම් ඇති අයගේ විවාහ තත්ත්වය තක්‌කාල කේන්ද්‍රයෙන් බිඳන අතර ජන්ම කේන්ද්‍ර දෙකේ ගැළැපීම අපූරුවට සීහෙන දෙදෙනකුගේ විවාහය සිදු නොකළ යුතු බවට තත්කාල කේන්ද්‍රයෙන් පළ වේවි.
මේ සඳහා අප්‍රමාණ නිදසුන් දැක්‌විය හැකිය. එසේ කළොත් මේ ලිපිය ප්‍රමාණය ඉක්‌මවා දීර්ඝ වන හෙයින් එක් නිදසුනක් පමණක් ඉදිරිපත් කරමි.
1968 ඔක්‌තෝබර් මාසයේ හා 1964 ඔක්‌තෝබර් මාසයේ උපන් ආදරවන්තයන් දෙදෙනකුගේ විවාහය සඳහා තත්කාල කේන්ද්‍රයක් ගොඩ නගා බැලීමේදී සර්ප ශාප යෝගය සමග පුත්‍රකාරක ග්‍රහයාගේ පීඩා වීම නිසා මේ විවාහය සිදු වූවොත් දරුවන්ගේ විකෘති ස්‌වභාවය නිසා පසුව පසුතැවිලි විය හැකි බවත් පළ කෙළෙමි. එහෙත් එය නොතකා ඔවුහු විවාහය සිදු කළහ. 1995 වසරේ අගෝස්‌තු මාසයේ මැද භාගයේ දිනෙක එම යුවළට නිවුන් දරුවන් දෙදෙනකු ලැබිණි. දෙදෙනාම බිහිරිය, ගොළුය. ඒ නොගැළපෙන පැත්තයි. නොඑසේම අගේට ගැළැපෙන අවස්‌ථාත් වේ. ජන්ම කේන්ද්‍රයෙන් නොපෙනන බොහෝ දේ තත්කාල කේන්ද්‍රයෙන් පෙනෙන බවක් මුලින් සඳහන් කළේ එහෙයිනි. මුලින් සඳහන් කළ මා පිය දෙදෙනාගේ කේන්ද්‍ර දෙක පුරුෂ කේන්ද්‍රය ධනුව වූ අතර ස්‌ත්‍රී කේන්ද්‍රය කුම්භ විය. දරුවෝ දෙදෙනාම වෘශ්චික ලග්නයෙන් උපත ලදහ.
ජන්ම කේන්ද්‍රයට වඩා තත්කාල කේන්ද්‍රය යුග දිවිය පිළිබඳ බොහෝ කරුණු අනාවරණය කරයි. අතිදක්‍ෂ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥයකුට යෝජිත අපේක්‍ෂකයන් දෙදෙනාගේ කේන්ද්‍ර දෙක අතට ගත් පමණින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක නොයෙදී තත්කාල කේන්ද්‍රය ගොඩනගා විවාහයට සුදුසු දැයි නිගමනය කළ හැකිය. එසේම අපේක්‍ෂිත විවාහයට මතු විය හැකි බාධක මොනවාදැයි නිගමනය කළ හැකිය.
විවාහය පෙරදැරිව ගොඩනඟන තත්කාල කේන්ද්‍රයක සඳු ග්‍රහයා, රවිට, බුදට හෝ ගුරුට පෙනී නැතහොත් සංයෝග වී 3, 5, 6, 7, 11 යන රාශියක වෙතෙත් විවාහය සිදු වෙයි.
තත්කාල කේන්ද්‍රයේ 3, 5, 6, 7, 11 යන රාශියක සිටින චන්ද්‍රයා රාහු - කේතු දෙදෙනාගෙන් කෙනකු සමග යෝග නොවී, ශනිට, කුජට නොපෙනී ගුරුට හෝ බුදට පෙනුණේ නම් විවාහය ඉක්‌මනින් සිදු වේ.
එම රාශියක සිටින සඳු රාහුට - කේතුට සංයෝග වී ශනිට - කුජට පෙනුණේ නම් විවාහය පමා වේ නැතොත් කඩාකප්පල් වේ. ලග්නගත සඳු බලවත් සිකුරු විසින් දුටුවද විවාහය ඉක්‌මනින් සිදු වේ. ලග්නගත සඳු පාපීන්ට පෙනුණොත් විවාහය පමා වේ. උදා තත්කාල ලග්නය වෘෂභ, මිථුන, වෘශ්චික මකර හෝ මීනය වී සිකුරු එහි සිටියේ නම් විවාහය ඉක්‌මනින් සිදු වේ. එහෙම වන්නේ සිකුරුට එම රාශි මිත්‍ර හෝ ස්‌වක්‍ෂේත්‍ර හෝ සම රාශීන් වීම නිසාය.
තත්කාල කේන්ද්‍රයේ 2, 3, 6, 7, 10, 11 යන තැනෙක චන්ද්‍රයා සිටිය දී ගුරුට පෙනුණේ නම් විවාහය සිදු වේ. සඳු පාපීන් සමග සිටීම හෝ දැකීම වූයේ නම් විවාහය වුවත් විපත් පැමිණේ.
තත්කාල කේන්ද්‍රයේ 3, 7, 10, 11 යන තැනෙක චන්ද්‍රයා සිටිය දී ගුරුට පෙනුණේ නම් බිරිඳ පතිවත රකී. චන්ද්‍රයා උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍රව හෝ මිත්‍රව ශුභ දුෂ්ටි ලැබ සිටියොත් බිරිඳ පතිවත රකී. සැමියාට අතිශයින් ප්‍රිය වෙයි. සඳු වෘෂභ, කටක, තුලා, ධනු, මීන යන රාශියක සිටියේ නම් බිරිඳ සිල්වත්ය. සැමියාට ප්‍රියමනාපය.
රාහු කේන්ද්‍රගතව සිටිය දී සඳු කුජට පෙනුණේ නම් නැතොත් එම ග්‍රහයකු සමග සංයෝග වූයේ නම් බිරිඳ පරපුරුෂගාමී වේ. පුරුෂ කේන්ද්‍රයට ද එය එසේය.
තත්කාල කේන්ද්‍රයේ සඳු නීචව සිටිය දී හෝ සතුරුව සිටිය දී තවත් නීච හෝ සතුරු ග්‍රහයකුට පෙනීම හෝ සංයෝග වීම වූයේ නම් බිරිඳ අධිරාගාධික වේ.
සඳු පාපීන්ගේ දෘෂ්ටියට ලක් වූයේ නම් එයින් පෙනෙන්නේ ඇය සැමියාට ඇලුම් නොකරන බවය. තත්කාල කේන්ද්‍රයේ රවි - කුජ වෙතොත් බිරිඳ ගැන සැක කටයුතු ය.
තත්කාල කේන්ද්‍රයේ සඳු, බුද දෙදෙනා පාපීන් සමග 6 වැන්නේ සිටි විට එම කාන්තාව සැමියාට අප්‍රසන්න වේ. සඳු - සිකුරු පාපීන් සමග 7-8 යන රාශියක වෙතොත් ඇය බහු පුරුෂ ලෝභී වේ. සඳු - සිකුරු, බුද - සිකුරු පාපීන් සමග 7-11 යන රාශියක වෙතොත් එයද එසේය.
තත්කාල කේන්ද්‍රයේ 6 හෝ 3 හෝ සඳු දුබලව වෙතොත් පාප දෘෂ්ටි හෝ පාප සංයෝගත් වෙයි නම් එම කාන්තාව විවාහ කර ගන්නා පුරුෂයාට විපත් වේ. ලග්නයේ බලවත් පාපීන් දෙදෙනකු සිටි විට පුරුෂයාට අකල් විපත් වේ. ලග්නයේ චන්ද්‍රයාත්, කුජත් 7 සිටි විට ද පුරුෂයාට අකල් විපත් වේ. එහෙම වන්නේ එම දශා, අතුරු දශා කාලවලදීය. ස්‌ත්‍රියකගේ කේන්ද්‍රයේ 7 වැන්නේ රවි වෙතොත් ඇය මළ දරුවන් ලබයි. ශනි, කුජ 7 නම් පහත් ගති ගුණ වේ. පාප දෘෂ්ටි ලත් දුබල සඳු ලග්නගත නම් වැන්දඹු වේ.
තත්කාල කේන්ද්‍රයේ ලග්නයේ ශනි, රාහු හෝ ශනි කේතු නම් ඒ ස්‌ත්‍රිය අවාසනාවන්තය. ලග්නයේ බුද - ගුරු වෙතොත් බොහෝ ආයු බල ලබයි. බුද - ගුරු 7 නම් ධනවත් වේ.
චර රාශිගත සිකුරුට ලග්නයක්, චන්ද්‍රයාත් පෙනෙයි නම් පාපීන් කේන්ද්‍රගත නම් ඒ පුරුෂයා බොහෝ ස්‌ත්‍රීන් ලබයි.
හැම රාශියකින්ම 8 වැන්නේ සිටින ග්‍රහයා නිර්ලඡ්ජිතය. ඒ අනුව දෙවැන්නේ ගුරු - සිකුරු සිටිය දී සඳු විසින් දකිනු ලබතොත් ඔහුට ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ විවාහ දෙකකි.
මිත්‍ර සබඳතා හෝ කායික සබඳතා ඇති කරගෙන ඇත්තේ කිනම් ස්‌ත්‍රියක සමග දැයි කෙනකු ප්‍රශ්න කරතොත් තත්කාල කේන්ද්‍රයේ සඳු පුර 10 ට වඩා ගෙවා නැත්නම් තරුණියක සමගය. පුර 10-20 අතර නම් වැඩුණු ස්‌ත්‍රියක සමගය. අ ..... සිට අමාවක දක්‌වා නම් වයස 50 ඉක්‌මැවූවකු සමගය. 7 වැන්නේ සිටි ග්‍රහයා අනුව ඇගේ හැඩ රුව කිව යුතුය. ඒ සබඳතා කෙබඳු කෙනකු සමග දැයි විමසතොත්, සඳු සතුරු රාශි ගත නම් සතුරකුගේ ස්‌ත්‍රියකි. සඳු මිතුරු රාශිගත නම් මිතුරකුගේ ස්‌ත්‍රියකි. සඳු නීච රාශිගත නම් පහත් ස්‌ත්‍රියකි. සඳු උච්ච රාශිගත නම් උසස් ස්‌ත්‍රියකි. ස්‌වක්‍ෂේත්‍රය සමකුල ස්‌ත්‍රියකි. තත්කාල කේන්ද්‍රයේ දෙදෙනාගේ ලිංගිකත්වයද පෙන්නුම් කරයි. තත්කාල කේන්ද්‍රයේ ලග්නාධිපති හා 7 අධිපති ඔවුනොවුන්ගේ රාශි මාරු කර ගෙන සිටි නම් නැතොත් අෙන්‍යන්‍ය දෘෂ්ටිය ලබමින් සිටියි නම් ඒත් නැත්නම් දෙදෙනාම (7 සහ ලග්නාධිපති) 1,3,4,5,7,11 යන රාශියක සිටියේ නම් ස්‌ත්‍රි පුරුෂ දෙදෙනාම මහත් වූ ආදරයෙන් ආශාවෙන් එක් වෙති. යම් ලෙසකින් 7 අධිපති හා ලග්නාධිපති කුජ සහ සිකුරු වී ඔවුනොවුන් දැක සිටියේ නම් එවිට දෙදෙනාම රාගාශ්‍රිතව උමතු වූවන් මෙන් හැසිරේ. එම කුජ - සිකුරු 1, 3, 4, 5, 7, 11 යන රාශියක සිටියත් එසේය.
කුජ සහ සිකුරු ලග්නය හෝ 7 වැන්න දකී නම් එසේම ඒ දෙදෙනා මේෂ - තුලා රාශිගතව සිටියේ නම් එය වූ කලී යුග දිවියට ප්‍රසන්නය.
රාගය හා කාමය පිළිබඳ යෝගවල දී කුජ නිසා ඉක්‌මන් වීමත් සෙනසුරු නිසා සෙමෙන් වීමත් රාහු නිසා අනවශ්‍ය ඉක්‌මන් වීමකුත් පෙන්නුම් කරයි.
ප්‍රශ්න ලග්නයේ 7 වැන්න මෛථුනය ගැන කියන තැනය. දුර්වල දරුවන් නොලැබීමට නම් තත්කාල කේන්ද්‍රයේ 5 වැන්න පීඩා නොවී, පුත්‍රකාරක ගුරුත් පාපීන්ගෙන් කිලිටි නොවී සිටිය යුතුය.
අප මේ ලිපිය ආරම්භ කළේ හඳහන් දෙකේ ගැළැපීම නොබලා රහසේ ආදරයේ බැඳෙමින් සිටි දෙදෙනකුගේ විවාහය පිළිබඳ ගැළැපීම පොරොන්දම් පරීක්‍ෂණයකින් තොරව තත්කාල කේන්ද්‍රය ඇසුරින් නිගමනය කළ යුතු බව පසක් කිරීමටය. ඒ අනුව ඒ දෙදෙනාගේ ආදරය දැඩි වුවත් විවාහය නොවිය යුතු (තත්කාල කේන්ද්‍රයේ) ග්‍රහ පිහිටීම් කීපයක් මෙසේය.
දෙදෙනාගේ ජන්ම කේන්ද්‍රයේ 22 වැනි දෙර්කාණාධිපතියා. තත්කාල කේන්ද්‍රයේ ලග්නයේ හෝ 7 වැන්නේ සිටීම.
2. දෙදෙනාගේ ජන්ම කේන්ද්‍රයේ අට අධිපතියා තත්කාල කේන්ද්‍රයේ ලග්නයේ හෝ 7 වැන්නේ සිටීම.
3. ජන්ම කේන්ද්‍රයේ 7 වැන්නාධිපති තත්කාල කේන්ද්‍රයේ 6, 8, 12 යන රාශියක සිටීම.
4. තත්කාල කේන්ද්‍රයේ විවාහ කාරත සිකුරු පාප කර්තාවේ සිටීම (පාප කර්තරි යනු සිකුරු ග්‍රහයා සිටි රාශිය දෙපස රාශි දෙකේ කුජ, ශනි, රාහු වැනි නෛසර්ගික පාපීන් දෙදෙනකු සිටීම.
5. තත්කාල කේන්ද්‍රයේ පුත්‍ර කාරක ගුරු 6, 8, 12 යන රාශි තුනෙන් එකක සිටීම.
ජන්ම කේන්ද්‍රයේ විවාහයට අහිතකර ග්‍රහ පිහිටීම් තිබිය දී තත්කාල කේන්ද්‍රයේත් විවාහ නාශක ග්‍රහ පිහිටීම් වෙතොත් ඒ නිසා අත්විය හැකි විපාක එම පෙම්වතුනට අවබෝධ කරවීම ජ්‍යෙdතිෂවේදියගේ යුතුකමෙකි.
එයට අමතරව විවාහයක් බිඳ වැටීමට තුඩු දෙන හිර බන්ධන, නඩුහබ සැත්කම් සහිත රෝග දෙදෙනාගෙන් කෙනකුට වේදැයි තත්කාල කේන්ද්‍රයෙන් හඳුනා ගත හැකිය.
මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ දෙදෙනාගේ ආයු බලයයි. ආයු බලය පරීක්‍ෂා කරන ක්‍රම කීපයක්‌ම ජ්‍යෙdතිෂයේ දැක්‌වේ. තත්කාල කේන්ද්‍රයේ හා නවාංශකය ඇසුරින් චර - නිර උභය රාශි තුනේ පිහිටීමත් හෝරා ලග්නයේ ස්‌වභාවයත් අනුව තීරණය කරන හැටි ජෛමිති ආචාර්යවරයා පෙන්වා දී ඇත. එය මේ ලිපියෙන් පෙන්වා දිය හැකි වෙතත් එය සාමාන්‍ය පාඨකයකට තේරුම් ගැනීම අපහසුය.
අප මෙතෙක් කතා කළේ විවාහයක් සඳහා (පෙම්වතුන්ගේ) කේන්ද්‍ර දෙකෙහි පිහිටි පොරොන්දම් ගැළපීමට අමතරව තත්කාල කේන්ද්‍රය ඇසුරින් එය නිගමනය කිරීම වඩාත් යහපත් බවයි. විවාහයක් සඳහා පමණක් නොව ගෙයක් හැදීම, ව්‍යාපාරයක් ඇරැඹීම වැනි දෙයක් සඳහා නැකතක් ලබා ගැනීමට කෙනකු පැමිණි අවස්‌ථාවේදීත් තත්කාල කේන්ද්‍රය ප්‍රයෝජනයට ගත හැකිය. අපේක්‍ෂා කරන ගෙය ඉදිකළ හැකිද? එය පදිංචියට යහපත්ද, ගෙය හැදීමට අවශ්‍ය මුදල් අතට ලැබේද, එම නිවසේ ධනය රැඳේද, අය - වැය කෙබඳුද, ගෘහ මූලිකයාගේ ආයු බලය ශක්‌තිමත් ද? වටපිටාවේ සතුරු බලවේගවේද මේ ආදී බොහෝ කරුණු තත්කාල කේන්ද්‍රය ඇසුරින් හඳුනාගත හැකිය.
ආදරවන්තකම උඩ ගොඩනගාගත් අපේක්‍ෂාවන් දෙස බැලිය යුත්තේ කුජ දෝෂය හෝ අනෙක් දෝෂයන් වූ පමණින් එය ප්‍රතික්‍ෂේප කරන අදහසින් නොවිය යුතුය. සමහර විට එය සංසාරගත සබඳකමක් විය හැකිය. අයහපත් කාලය මගහැරීමෙන් හෝ අනෙක් ශාස්‌ත්‍රිය ශාන්තිකර්ම විධි ආදියෙන් එම දෝෂ මග හරවා ගත හැකිද යන අදහස පෙරදැරිව සිතා බැලීමට උනන්දු විය යුතුය.
පොරොන්දම් විස්‌සේ සිර මැදිරියට හිර වී විවාහ ගැළපීමක් කළ නොහැකිය.
දෙදෙනාගේ රුචි අරුචිකම් විමැසීම සඳහා පොරොන්දම් කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ. පොරොන්දම්වලින් ගැළැවීම ශාක දෙකක් බද්ධ කිරීම වැනි කාර්යයකි. දෙහි ගහකට දොඩම් පොත්තක් බද්ධ කළ හැකි වුවත් දෙහි අත්තකට පේර ගසක පොත්තක් බද්ධ කර පේර ශාකාවක් හදා ගන්නට බැරිය.
පොරොන්දම් යනු ඉසිවරුන්ගේ දුර දක්‌නා නුවණින් නිර්මාණය කරන ලද්දකි. එයින් එකක් හෝ අඩු වැඩි කිරීම කෙනකුට කළ නොහැකිය. කාලීන වශයෙන් යම් යම් වෙනස්‌කම් කළ යුතු නම් එය ප්‍රවීණ ජ්‍යෙdතිෂ මණ්‌ඩලයක් මගින් සාකච්ඡාමය තීරණයක් මත විය යුත්තකි.
ආචාර්ය පියසේන රතුවිතාන
0 Comments