සොබාදහම විසින් කල්පාන්තරයක්‌ තිස්‌සේ පෝෂණය කොට මානව වර්ගයාට දායාද කොට පිරිනමා ඇති වටිනාම සම්පත වනුයේ වන සම්පතයි. මිනිසා මිහිතලය මත වාසය කරන බව සහතික කෙරෙන ජෛව විවිධත්වය මෙන්ම ඒ හා බැඳුණු පරිසර පද්ධතීන්ද ආරක්‌ෂා කරගත හැකි වනුයේ මිහිතලය මත වන සම්පත රැකගතහොත් පමණි. ලෝකයේ ජෛව විවිධාත්මක උණුසුම් මනරම් ස්‌ථාන අතරට ගැනෙන පරිසර පද්ධති කිහිපයක්‌ම ශ්‍රී ලංකාවේ තවමත් ඉතිරිව තිබීම ජාතියේ වාසනාවකි. මෙකී පරිසර පද්ධති පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ නිරිතදිග වර්ෂා වනාන්තර හෙවත් වැසි වනාන්තර නිතැතින්ම අපගේ අවධානයට යොමුවේ. ලංකාවේ ආවේනික ජීවීන්ගෙන් අති බහුතරයක්‌ වාර්තා වන්නේ තෙත් කලාපයේ පිහිටි නිරිතදිග වැසි වනාන්තරවලිනි. එහෙත් තෙත් කලාපයේ වනාන්තර අතුරින් වැඩි ප්‍රමාණයක්‌ නෛතික රැකවරණය නොමැතිව අනාරක්‌ෂිතව පැවතීමත්, සමහර වනාන්තර ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවේ සතුව පැවතීමත්, සමහර වනාන්තර භූමි පෞද්ගලික අංශ සතු හෝ පෞද්ගලික හිමිකරුවන් සතුවත් පවතී. එවන්a පසුබිමක්‌ තුළ නිරිතදිග තෙත් කලාපයේ වනාන්තර බහුතරයක්‌ම මෙයට ගොදුරු වී ඇත. මෙම තත්ත්වය හමුවේ ජෛව විවිධත්ව සංරක්‍ෂණයට අභියෝගයකි. තවද මෙම නිරිත දිග වනාන්තරවල වෙසෙන ජීවීන්ගෙන් බහුතරයක්‌ම වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති අතර පාරිසරික වශයෙන් මෙම ප්‍රදේශවල ජල උල්පත් සිඳීයැමටද පටන්ගෙන ඇත.

ජෛව විවිධත්වයෙන් අනූන නිරිතදිග වැසි වනාන්තර පිළිබඳ කතා කිරීමේදී අපගේ සිහියට එන තවත් සුවිශේෂී අද්විතීය ගනයේ වනාන්තරයකි කන්නෙලිය වනාන්තරය. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි කන්නෙලිය වනාන්තරය තවලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වේ. 1934 ජූලි 06 වැනි දින රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති කන්නෙලිය රක්‍ෂිතය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තරයකි. හෙක්‌ටයාර 6114 ක්‌ව තිබූ කන්නෙලියේ භූමි ප්‍රමාණය අද වන විට හෙක්‌ටයාර 5276 ක්‌ දක්‌වා අඩුවී තිබේ. කන්නෙලිය වනාන්තරය හා සම්බන්ධ තවත් වනාන්තර දෙකක්‌ මායිම්ව තිබේ. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි හෙක්‌ටයාර 2236 කින් සමන්විත නාකියාදෙනිය වනාන්තරයත්, කන්නෙලියේ දකුණු මායිම්ව පිහිටා ඇත. තවද ගාල්ල හා මාතර දිස්‌ත්‍රික්‌ක කේන්ද්‍රව පිහිටා ඇති දෙදියගල වන රක්‍ෂිතයද, කන්නෙලිය වනාන්තරයේ ගිනිකොණ මායිම්ව පිහිටා ඇති අතර හෙක්‌ටයාර 12216 ක්‌ පමණ වන වනාන්තර පද්ධතියක්‌ ලෙසින් දෙදියගල, නාකියාදෙණිය හා කන්නෙලිය යන වනාන්තර ත්‍රිත්වය මිනිසා හා ජෛව ගෝල රක්‌ෂිතයක්‌ ලෙස නම්කර ඇත.

ගාල්ල උඩුගම - හිනිදුම මාර්ගයේ උඩුගම පසුකර ගාල්ලේ සිට කිලෝමීටර් 42 ක්‌ පමණ දුරින් පිහිටා ඇති කන්නෙලිය රක්‍ෂිතයේ සාමාන්‍ය උෂ්ණත්වය 27Ê0 පමණ වේ. නිවර්තන තෙත් කලාපීය වනාන්තර ගනයට ගැනෙන මෙහි මීටර් 60 ක්‌ මීටර්Ê425 ක්‌ දක්‌වා උසකින් පිහිටි කන්නෙලිය වන පියස තුළ අඩි 1700 ක්‌ දක්‌වා උස්‌ වූ කඳු මුදුන් 20 ක්‌ පමණ දැකගත හැකිය. දකුණේ ප්‍රධාන ගංගා වන ගිංගඟ හා නිල්වලා ගඟ යන ගංගාවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයන් වශයෙන් වැදගත් වන මෙහි කුඩා දිය පාරවල් රැසක්‌ හමුවේ. ඇළදොළ මගින් ගිං ගඟට එකතු වන කන්නෙලිය ඇළ, නන්නිකිතා ඇළ හා උඩුගම ඇළ පෝෂණය කරයි. කොණ්‌ඩලයිට්‌ වර්ගයේ පාෂාණ සමග සම්බන්ධ වූ වානොකයිට්‌ වර්ගයේ පාෂාණවලින් යුක්‌ත වූ කන්නෙලිය 1960 ගණන්වලදී දැව තුනීලෑලි කර්මාන්තය සඳහා 1969-1987 දක්‌වා කාලය තුළ දැඩි ලෙසම දැව හෙළීම් සිදුකර තිබේ. 

පහතරට තෙත් කලාපීය වනාන්තර වැස්‌මක්‌ සහිත කන්නලියේ ව්‍යහුය, ස්‌තරීභවනය පැහැදිලිව දැකිය හැකිය. නෙරු ස්‌තරය, වියන් ස්‌තරය, පඳුරු ස්‌තරය ලෙස කන්නෙලිය වනාන්තරයේ වැල් වර්ග, අපිශාකීය, භෞමික උඩවැටියා හා මීවන ශාක බහුලව ව්‍යාප්තව ඇත. දිය පහරවල කෙකටිය, අනි උඩයන් හා කෙටල වැනි ජලජ ශාක විශේෂ මගින් මෙම දිය පහරවල් තව තවත් සුන්දරවත් කරයි. මෙහි දැවමය ශාක විශේෂ 234 ක්‌ පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 141 ක්‌ මෙරටට ආවේනික බව හඳුනාගෙන ඇත. ඇටඹ, මහ බදුල්ල, කැකුණ, කීන, මඩොල්, හොර, ගල්වෙරළු ආදි පහතරට තෙත් කලාපීය ශාක විශේෂ වේ. එසේම මුළු ලොවින්ම කන්නෙලියෙන් පමණක්‌ වාර්තා වන මැන්දෝරා  ශාකය කන්නෙලියට පමණක්‌ සීමාවී ඇත. කන්නෙලියෙන් වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ අතර වනරාජ Aබදැජඑදජයසකමි eක්‌එමිල ඉරුරාජ zeජමරසබැ රුට්‌ නාරිලතා වැනි උඩවැඩියා විශේෂත්, මහා හැඩයා, කුඩා හැඩයා, කුරුලු කූඩු මීවන Asචකැබසමප බසාමි ද ගිනිහොට වැනි මීවන ශාකද මෙහිදී වාර්තා වේ. වෙනිවැල්, කොතලහිඹුටු, රසකිඳ, කොකුම්, සිවියා, නා, සත්සඳ වැනි ඖෂධීය පැළෑටිද මෙහිදී දැකගත හැකිය. 

කන්නෙලිය වනාන්තරය තුළ ක්‍ෂීරපායීන්, පක්‍ෂීන්, උරගයන්, උභයජීවීන් හා සමනලුන් යන සත්ත්ව කාණ්‌ඩයට අයත් සත්ත්ව විශේෂ ගණනාවක්‌ මෙහි හඳුනාගෙන ඇත. මෙහිදී ක්‍ෂීරපායි විශේෂ 20 ක්‌ පමණ හඳුනාගෙන ඇති අතර ලංකාවට ආවේනික ක්‍ෂීරපායින් විශේෂ රන් උණහපුළුවා, රන් හෝතඹුවා, කළු වඳුරා, මීමින්නා ද මෙහි වෙති. මීට අමතරව දේශීය ක්‍ෂීරපායි විශේෂ වන කොටියා, ගෝනා, ඉත්තෑවා, බටුලේනා, කබල්ලෑවා වැනි ක්‍ෂීරපායි විශේෂද වාර්තා වේ. කන්නෙලිය වනාන්තරය පක්‌ෂි සම්පත අතින්ද අගතැන්පත් එනම් මෙහි පක්‌ෂි විශේෂ 124 ක්‌ පමණ හඳුනා ඇත. ලංකාවේ වාර්තා වන ලංකාවට ආවේනික පක්‍ෂීන් 33 දෙනා අතරින් විශේෂ 23 ක්‌ කන්නෙලියෙන් වාර්තා වේ. වත රතු මල්කොහා, පිට තඹල වන බස්‌සා, හබන් කුකුළා, අළු ගිරවා, ලංකා සැළලිහිණියා, කැහිබෙල්ලා, හිස දුඹුරු දෙමලිච්චා, වලි කුකුළා වැනි පක්‍ෂි ආවේනික වන අතර දුර්ලභ ගෙඹි මුහුණද කන්නෙලියෙන් වාර්තා වේ. කන්නෙලිය වන පෙතෙන් උරග විශේෂ 59 ක්‌ පමණ හඳුනාගෙන ඇත. මූදු කරවලා, මූකලන් තෙලිස්‌සා, පළා පොළඟා, මල් කරවලා, දඟර දණ්‌ඩා, කුරන් කරවලා, කබර රදනකයා, කබර දන්කැටියා, පුල්ලි දන්කැටියා, දාර කරවලා, කුඩා මැඩිල්ලා  දෙපත් නයා හා කලු වකුටුල්ලා  වැනි ලංකාවට ආවේනික සර්පයන් කන්නෙලියෙන් වාර්තා වේ. කන්නෙලියෙන් වාර්තා වන සිව්පා උරගුන් අතරින් සිව්රු හඬලන කටුස්‌සා  පිනුම් කටුස්‌සා  රළු අං කටුස්‌සා  ගැටහොඹු කටුස්‌සා වැනි ලංකාවට ආවේනික සිsව්පා උරගුන් කන්නෙලියෙන් වාර්තා වේ. කන්නෙලිය රක්‌ෂිතයෙන් උභයජීවී විශේෂ 19 ක්‌ පමණ හඳුනාගෙන ඇති අතර ඒ අතරින් විශේෂ 14 ක්‌ පමණ ලංකාවට ආවේනික විශේෂ යෑයි හඳුනාගෙන ඇත. නාගාඕගේ මොට හොඹු මැඩියා  ලෙස හඳුන්වන ලංකාවට ආවේනික මෙම මැඩි විශේෂය ප්‍රථම වරට වාර්තා කරන ලද්දේ කන්නෙලිය වනාන්තරයෙනි. කෙලාර්ට්‌ගේ කුරු ගෙම්බා  ලංකා ගල්පර මැඩියා  වකුටු කොළ පඳුරු මැඩියා  අඳුරු ලපවන් පඳුරු මැඩියා (ඡිeමාමාදචයසකමඑමි Saරාසාමි) හා දික්‌ හොඹු ගස්‌ ගෙම්බා  වැනි විශේෂත්, ලබුගම පඳුරු මැඩියා  නම් පඳුරු මැඩි විශේෂය මුළු ලොවින්ම වාර්තා වන්නේ ලබුගම වනාන්තරය හා කන්නෙලිය වනාන්තරයෙන් පමණි. එසේම ලංකාවේ වෙසෙන මිරිදිය මසුන්ගෙන් අති බහුතරයක්‌ නිරිතදිග වනාන්තර ආශ්‍රිතව ඇති ජලාශ්‍රිතව වාර්තා වන අතර ඒ අතරින් කන්නෙලිය රක්‌ෂිතයේ මෙම මිරිදිය මසුන් සඳහා වාස භූමි සපයන අතර ලංකාවේ වාර්තා වන මිරිදිය මසුන් 86 දෙනා අතරින් විශේෂ 38 ක්‌ පමණ මෙහිදී වාර්තා වේ. ඉන් විශේෂ 20 ක්‌ම ලංකාවට ආවේනික විශේෂ වීම විශේෂත්වයකි. බුලත් හපයා, ලේ තිත්තයා, උඩ හඳයා, තල් කොස්‌සා, හල්මල් දණ්‌ඩියා, හීත මස්‌සා, විල්පිට දණ්‌ඩියා හා පතිරන සාලයාද මෙහි වාර්තා වේ. තවද ලංකාවේ සීමිත ව්‍යාප්තියක්‌ ඇති කට රතු වැලිගොව්වා ද ඉතා දුර්ලභ මත්ස්‍ය විශේෂයකි. මේ වන රක්‌ෂිතයේ සමනල විශේෂ 53 ක්‌ පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 5 ක්‌ පමණ ලංකාවට ආවේනික වේ. මහ කුරුලු පිය පැපිලියා, රතු තිත් අචිචිලයා, මහා සේලරුවා ද මෙහි වෙසෙන අතර පසිරි කඩුවා වැනි දුර්ලභ සමනල විශේෂයද කන්නෙලියේ වාර්තා වේ. 

කන්නෙලිය රක්‌ෂිය ආශ්‍රිතව වෙසෙන පෘෂ්ඨවංශීන්ද විශාල විවිධත්වයක්‌ දැකිය හැකියි. කන්නෙලිය රක්‌ෂිතය තුළට ඇතුළු වන කවර අයෙකු වුවද අතොරක්‌ නොමැතිව නැගෙන මැඩියන්ගේ නාදයෙන්ද, ශාක පත්‍රවල පැහැයට සමාන වර්ණයක්‌ ගත්තා වූ එම ශාක අතර සැඟවී ගත් කටුස්‌සන්ගේ දර්ශනයෙන්ද, ශාක අතු පතර සිට මිහිරි නදින් ගී ගයන සියොතුන්ගේ දසුනින්ද කුල්මත් වනු ඇත. තවද ගස්‌ අතර සැඟවී වරින් වර එළියට එන ලේනුන් හා වඳුරන්ද මලින් මලට පියඹා ගොස්‌ රොන් ගන්නා වූ සමනලුන්, බිඟුන් පාරිසරික සංචාරකයන්ගේ කැමරා කාචයේ සටහන් කර ගැනීමට හැකිවීම කදිම දසුන් වේ. 

එවන් පසුබිමක්‌ නිර්මාණය කළ කන්‍යා ලියක්‌ බඳු කන්නෙලිය විවිධාකාර වූ පාරිසරික හානි සෙසු වනාන්තර හා සාපේක්‍ෂව මෙහිදීද සිදුවීම ජෛව විවිධත්වය කෙරෙහි අභියෝගයකි. විශේෂයෙන්ම මේ අවට පවතින ඉඩම් වරින් වර තේ වගාව සඳහා බහුලව එළිපෙහෙළි කිරීම තවද අනවසර ඉඩම් අල්ලා ගැනීමද සිදු වේ. තවද නීති විරෝධීව ගස්‌ හෙලීම්ද සිදු වේ. එසේම මෙම වනාන්තරයේ අධික ලෙස ව්‍යාප්ත වන ආක්‍රමණශීලී ශාකවල ආක්‍රමණයද මෙහි ජෛව විවිධත්වය කෙරෙහි තදින්ම බලපා ඇත. කන්නෙලිය වනාන්තරයට ආසන්නව හේන් වගා, තේ වගා වැනි කෘෂි කර්මාන්තය හේතු කොටගෙන මෙම ප්‍රදේශවල වගාවන්ට භාවිතා කරන රසායනික භාවිතයද මෙම පරිසරයේ ජීවින් කෙරෙහි තදින්ම බලපා ඇත. මෙහි සංචාරය කර ගිමන් හරින්නට එන සංචාරකයන් පරිසරයේ නිහැඬියාව බිඳ දමමින් මෙහි හැසිරීමද අවාසනාවන්ත සිදුවීම් අතර වේ. කන්නෙලිය රක්‌ෂිතය ආශ්‍රිතව ඇති ජලාශවලට කෘෂි කර්මාන්තයේදී භාවිතා කරන රසායනික ජලාශවලට මුසු වීමෙන් ලංකාවට ආවේනික දුර්ලභ දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්‌ වී ඇති මසුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වෙමින් පවතී. මෙහි සිදුවන පරිසර හානි මෙහි පවතින සමස්‌ත අද්විතීයය ජෛව විවිධත්වය කෙරෙහි හෙට දවස කුමන ආකාරයෙන් බලපායිද කිව නොහැක.

සේනාරත්න
අතීක්‌ නසීර්
පරිසරවේදී
ඡායාරූප වාසල සේනාරත්න

Post a Comment

0 Comments