ලෝකයේ එකම තින්නෝරු නිධිය


තවත් නම් කොල්ලකෑමට කතරගම නින්දගම් නැති තරම්ය. කාලයක සිටම සාංඝික හොරු රැලක්‌ කතරගම පූජා භූමියට අයත්a නින්දගම්වලට හොර බලපත්‍ර සකස්‌ කර මුදලට විකුණන ඡාවාරමක්‌ කරගෙන යන්නාහ. වරින් වර ආණ්‌ඩු උඩු යටිකරු වුවද මේ හොරු රැලට එය ගැටලු නොවේ. රටේ කරුමෙට කවුරු බලයට පත් වුවද පූජා භූමිය කට්‌ටි කර විකුණන මේ සාංඝික හොර කල්ලියට එරෙහිව නිසියාකාරව නීතිය ක්‍රියාත්මක නොවේ. 

කතරගම දේවාලයට අයත් මේ ඉඩම් කොල්ලකෑම ගැන පසුගිය 2013 වසරේ නොවැම්බර් මාසයෙහි 17 වැනිදා සහ 24 වැනිදා යන දෙදින තුළ ද zදිවයින ඉරිදා සංග්‍රහයෙහිZ අපි මේ ගැන සටහන් තැබුවෙමු. ඒ අවස්‌ථාවන්වලදී තිස්‌ස, කතරගම පත්තර තට්‌ටුවලින් zඉරිදා දිවයිනZ පුවත්පත තොග පිටින් එකතු කරන තරමට ඉඩම් බලපත්‍ර හොරු අසරණ වූහ. බලධාරීන්ගේ වැසී තිබූ දෙනෙත් ද ඇරිණි. නීතිය ද ක්‍රියාත්මක විය. ඉඩම් කොල්ලයට සම්බන්ධ හොර ග්‍රාම සේවක නිලධාරිවරයකු සහ එවකට කතරගම ප්‍රාදේශීය ලේකම්වරයාට ස්‌ථාන මාරු දීමට තරම් බලධාරීන් නීතිගරුක විය. එහෙත් පුදුමයකි. සාංඝික කොල්ලයට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම්වරයාට උසස්‌වීමක්‌a සමග කොළඹට ස්‌ථාන මාරුවක්‌ ලබාදී ඇත. ඒ අරුම පුදුම මාරුවත් සමග ඉඩම් ගැටලු කියාගෙන එන කතරගම ප්‍රාදේශවාසීන්ට සිදු වූයේ zහොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩකි. අසරණ ප්‍රදේශවාසීන්ට සහ දේවාලය සතු ඉඩම්වලට කිසිදු සාධාරණයක්‌ ඉටු නොවිණි. සාංඝික කොල්ලය පෙරටත් වඩා හොඳට කෙරිණි. 

මේ ඉඩම් කොල්ලයේ මහ මොළකරු නොහොත් හොර ග්‍රාමයාට ඕනෑම ආණ්‌ඩුවක දේශපාලන හොරු සම්බන්ධ කරගැනීමට ශක්‌තියක්‌ තිබිණි. එමෙන්ම මේ හොර ග්‍රාමයා හොරකමට හරිම හපනෙකි. දක්‌ෂ විඡ්ජාකාරයෙකි. කතරගමට පැමිණෙන ප්‍රාදේශීය ලේකම්වරයා හෝ වරියව කෙසේ හෝ ඔහුට ඇවැසි ආකාරයට නම්මා ගැනීමට ඔහු සමත්ය. අදටත් ඉඩම් බලපත්‍ර කොල්ලයට සම්බන්ධ සියලුම දේ සැලසුම් කරන්නේ මේ හොර ග්‍රාමයා විසිනි. ඊට අදාළ හොර ලියෑකියවිලි සකස්‌ කෙරෙන්නේ කතරගම ප්‍රදේශයෙන් ඉහළට ගිය පෙර කී ප්‍රාදේශීය ලේකම්වරයා විසිනි. මේ හොර දෙටුවන් කාලයක සිටම කතරගම පූජා භූමියට අයත් ඉඩම්වලට හොර බලපත්‍ර සකස්‌ කර මෙරට ජනප්‍රිය නළු නිළියන්ට, දේශපාලනඥයන්ට සහ සංචාරක හෝටල්කාරයන්ට ලොකු මුදලට විකුණා ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. හොර බලපත්‍ර සහිත ඉඩම් මිලට ගත් පුද්ගලයන් දැනටමත් එකී ඉඩම්වල අලංකාරවත් හෝටල්, සංචාරක බංගලා ඉදිකර ඇති බව ද ප්‍රදේශවාසීහු අපට පෙන්වා දුන්හ. 

මේ වන විට එකී හොර දෙටුවන්ගේ හොර දෙනෙත් යොමු වී ඇත්තේ සිතුල් පව්වට යන මාර්ගය ආසන්නයේ ඇති බිම් තීරුවක්‌ වෙතටය. එනම් කතරගම වැඩසිටි කන්දට ඊසාන දිගින්ද, ප්‍රකාශ කන්දට උතුරින්ද, මහා දේවාලයට ගිනිකොණ දෙසින් ද මේ බිම් තීරුව පිහිටා තිබේ. අතීතයේ මෙම ප්‍රදේශය හඳුන්වනු ලැබුයේ තිරිනෝරුමල විභූති කන්ද ලෙසය. වර්තමානය වන විට ඒ නාමය වෙනස්‌ වී හුණුකැටවල ලෙස හඳුන්වනු ලැබේ. මේ හුණුකැටවල ප්‍රදේශය මිල කළ නොහැකි වටිනාකමකින් යුක්‌ත බිම් තීරුවක්‌ බව ද කතරගම දේවාලයේ බස්‌නායක නිළමේවරයා අප සමග පැවසුවේය. එනම් දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කර දේවාලයට පැමිණෙන බැතිමතුන්ට ආශීර්වාදය ප්‍රර්ථනා කර නළලේ ගල්වන තින්නෝරු, පරහද හෙවත් විභූති ස්‌වභාවිකව පිහිටන ලොව එකම ස්‌ථානය එකී බිම් තීරුව පමණි. එමෙන්ම කතරගම පමණක්‌ නොව ලොව ඕනෑම දේවාලයකට, කෝවිලකට පැමිණෙන බැතිමතුන්ට දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කර නළලේ ගල්වන්නේ මේ විභූති හෙවත් තින්නෝරු පාෂාණ කුඩුය. අතින් පොඩි කළ හැකි සුදු පැහැති කැට මෙන් පිහිටන මේ තින්නෝරු පාෂාණය මතුවන්නේ ඇසළ මාසය ආසන්නවීමත් සමගය. එසේ සක්‍රීයව වැඩුණු මේ පාෂාණය මාස තුනක්‌ පමණ ගත වන විට නැවත ගල් වී වැළලී යන්නේය. එහෙයින් ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇත්තේ කතරගම ඇසළ මහා පෙරහැර කාලයට මේ තින්නෝරු කතරගම දෙවියන් විසින් මහ පොළවේ මවන බවය. එහෙයින් මෙම තින්නෝරු හටගන්නා කාලයේදී කතරගම ඇතැම් පිරිස්‌ මස්‌ මාංශවලින් තොර වී තින්නෝරු කැණීමට පේවී දෙවියන්ට බාර හාර වී සිටින්නාහ. එකී පිරිස තින්නෝරු එකතු කිරීම ජීවන වෘත්තීය බවට පත් කරගෙන තින්නෝරු කර්මාන්තකරුවන්ගේ සංගමය යන මැයෙන් සංවිධානයක්‌  ද පිහිටුවාගෙන සිටින්නාහ. එකී සංගමයේ සභාපති එම්. කන්දයියා අප සමග කතාබහට එක්‌වෙමින් පැවසුවේ මෙවර ඔවුන්ට තින්නෝරු එකතු කිරීමට බිම් කඩක්‌ ඉතිරි වී නැති බවය.

zzකාලයක්‌ තිස්‌සේ ඉඳලා අපි මේ කර්මාන්තය කරගෙන එනවා. ඉස්‌සර අපිට ප්‍රශ්න නෑ.පෙරහැර කාලේට තින් නෝනරු කඩලා හොඳට හම්බ කර ගන්නවා. ඒත් දැන් අවුරුදු පහක ඉඳලා තින්නෝරු තියෙන භූමිය හොර ඔප්පු හදලා කොළඹ උන්ට විකුණනවා. අපි හිටපු බස්‌නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහත්තයාට කිහිප විටක්‌ම කිව්වා ඒත් වැඩක්‌ වුණේ නෑ. දැන් නම් තින්නෝරු කඩන්න ඉඩක්‌ නැති ගානට හෝටල්, ගෙවල් හැදිලා. අපි තින්නෝරු කඩන්න යනකොට ඒ ගෙවල්වල මිනිස්‌සු ගහන්න එනවා. අපි මේ ප්‍රශ්න අලුත් බස්‌නායක නිළමේතුමාටත් දැනුම් දුන්නා. එතුමා ඒ ගැන හොයලා බලනවා කියලා අපට පොරොන්දු වුණා. දැන් අපි මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා....Z

පොළව මතුපිට සිට අඩි තුනක්‌ පමණ යටට හෑරු විට මෙම තින්නෝරු මතු වන්නේය. සුදු පැහැති මෙම කැට අව්වේ වියළා පිටි බවට පත් කර දේවාලයට ලබාදෙන අතර, තවත් පිරිසක්‌ ව්‍යාපාරයක්‌ ලෙස මෙරට දේවාල, කෝවිල්වලට මුදලට විකුණනු ලැබේ. එමෙන්ම ඉන්දියාවේ කෝවිල්වලට ද කතරගම හුණුකැටවල ප්‍රදේශයෙන විභූති ගෙන යනු ලැබේ. හින්දු බැතිමතුන් මෙම තින්නෝරු ආහාරයට ගන්නා අතර, ඇතැම්හු තම නිවසට විෂකුරු සර්පයින්ගේ පැමිණීම වැළැක්‌වීමට තින්නෝරු කුඩු ඉසීම පුරුද්දක්‌ කරගෙන සිටින්නාහ. අලුත් වාහනයක්‌ රැගෙන කතරගම දේවාලයට බාර හාර වීමට පැමිණෙන බැතිමතුන් සිය වාහනයට තින්නෝරු කුඩු ඉසීම සුලබ දසුනකි. තවත් බැතිමතුන් ජලස්‌නානයෙන් පිරිසිදු වූ පසු සිය ශරීරයේ තින්aනෝරු ආලේප කර ගැනීමට පුරුදුව සිටියි. එසේ කිරීමෙන් තම ගතෙහි, සිතෙහි ඇති වන දෝෂ දුරු වී යන බව ද එකී බැතිමතුන්ගේ විශ්වාසයයි. හින්දු බැතිමතුන් තම ශරීරයෙන් පිට වන දහාදිය දුගඳ දුරු කරගැනීමට ද තින්නෝරු ගල්වනු ලැබේ.

මෙම තින්නෝරු සම්බන්ධව අපූරු ඉතිහාස කතාවක්‌ද ඇත. එනම් ස්‌කන්ද කුමරුන් හා යුද වැදුණු යුදවන් සුරපත්මා සුරයාගේ සියලු සේනාවන් මරු මුවට පත් විය. කෙසේ හෝ පණ බේරාගැනීමට හැකි වූයේ සුරපත් මා සුරයාට පමණි. තම පණ බේරාගෙන සැඟ වී පලා ගිය සුරපත් මා සුරයා මහත් සේ සිත් කම්පාවෙන් පසු විය. ඒ අවස්‌ථාවේ සුරපත් මා සුරයා වෙත පැමිණි සුරයාගේ මෑණියන් වන මායා දේවිය zපුත තුන් ලොව එක පැහැරයකින් නතු කරගැනීමේ වික්‍රමයක්‌ ඇති තොපට, ඊශ්වර මුර්ති ස්‌වරූප ස්‌කන්දයන්ගෙන් කිසි කලෙක ජයක්‌ නම් නොලැබේ. එහෙයින් මෙම සටන අත්හරින ලෙස මෑණියන් සුරපත් මා සුරයාගෙන් ඉල්ලා සිටියාය. එහෙත් මෑණියන්ගේ බස්‌ නොඇසූ සුරපත් මා සුරයා ඉදිරියටත් සටන කරගෙන ගියේය. අවාසනයේ සුරපත් මා සුරයාගේ සහෝදරයින් වන තාරකා සහ සිංහමුඛ යන අසුරයින්ද කන්දකුමරුන් අතින් මිය ගියහ. සටන නවතා ජීවිතය රැකගැනීම නිවට කමක්‌ යෑයි සිතූ සුරපත් මා සුරයා කන්ද කුමරු සමග ඉදිරියටත් සටන කරගෙන යන බවට මව ඉදිරියේ ප්‍රතිඥා දී සිටියේය. සිය පුතාගේ මෙම හිsතුවක්‌කාරී ක්‍රියාව නිසා සටන කරගෙන යන්නේ නම් හිමාල කඳු මුදුනේ ඇති මෘත සංජීවි නම් ඖෂධයෙන් පිරුණු කන්ද මෙහි ගෙනැවිත් තබන ලෙස මායා මෑණියන් තම පුතුට පැවසුවාය. මෙම කන්ද ලංකාවට ගෙන ආ පසු මිය යන සේනාවට නැවත ජීවය ලැබෙන බවද, ගලන ලේ සහිත තුවාලයන් සුව වන බව ද මායා මෑණියන් සුරපත් මා සුරයාට පැවසුවාය. ඒ අනුව සුරපත් මා සුරයා එකී ඖෂධ කන්ද ලංකාවට ගෙනැවිත් තිබිණි. මෙම අපූරු ඖෂධ වනය දැකගත් කඳ කුමරුන් නිමේෂයකින් එකී කන්ද අළු බවට පත් කළහ. එසේ ගිනි ගෙන දැවුණු ඖෂධ කන්දේ අළු අද තින්නෝරු ලෙස මතු වන බව ජනප්‍රවාදයේ කියෑවේ. එකී ඖෂධ කන්දෙන් පැවත එන බෙහෙත් පැළෑටියක්‌ යෑයි සැලකෙන සංජීවී නම් බෙහෙත් පැළෑටිය අදටත් කතරගම වැසියන් ඖෂධයක්‌ ලෙස පාවිච්චියට ගන්නා බවද සැබෑය. එම බෙහෙත් පැළෑටිය වියළි ගිය කල්හි උණු වතුර දැමූ විට යළිත් පණ ගැහෙන්නේය. එම දුර්ලභ ඖෂධ පැළෑටිය ද දැනට ඉතිරි වී තිබෙන්නේ හුණුකැටවල ප්‍රදේශයේ පමණි.

කතරගම හුණුකැටවල ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම ගැන පැහැදිළි කිරීමට තවත් අටුවාටීකා ඇවැසි නැත. පෙළගැසෙන කතාවෙන් පසක්‌ වන්නේ zහුණුකැටවලZ ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට කියාපාන ඓතිහාසික භූමි භාගයක්‌ බවය. එහෙත් ඒ අතිශය දුර්ලභ තින්නෝරු බිම් කඩ දැන් හොර බලපත්‍රකාරයන්ගේ ග්‍රහණයට නතු වී හමාරය. ඉඩම් අක්‌කර පනස්‌ පහක්‌ පමණ පැතිරුණු භූමි භාගය දැනටමත් ඉඩම් හොරු ව්‍යාජ බලපත්‍ර සකස්‌ කර කට්‌ටි කර විකුණමින් සිsටින්නේaය. තැන, තැන හෝටල්, සංචාරක බංගලා, ගෙවල්දොරවල් ඉඳි වී ඇති අයුරු ද පෙනේ. එහෙත් මේ මහ පොළව නුහුලන අපරාධය කතරගම දේවාලයේ සිටි කිසිදු බස්‌නායක නිලමේවරයකුගේ ඇස නොගැටීම රටේ කරුමයයි. රටේ පිළිගත් දේශපාලනඥයන් ඇතුළු ආරක්‍ෂක අංශවල අය ද දෙවියන්ගේ භූමිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බැවින් සාංඝික කොල්ලය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවීම ප්‍රමාද බව ප්‍රදේශවාසීහු අපට පැවසූහ.

zzකවුරු අවධානය යොමු නොකළත් මම මේ ගැන හොයනවා. මම ඇවිත් වැඩි දවසක්‌ නෑ. ගොඩක්‌ අය මේ ගැන මට පැමිණිලි කරලා තියෙනවා. දේවාලයට අයත් බිම නිත්‍යානුකූලව ඇති නම් මම මේ ඉඩම් අත්පත් කරගන්නවා. මට කාගෙවත් තරාතිරම අවශ්‍ය නෑ. මම ඉන්නකම් දෙවියන්ගේ දේවල් අන්සතු කරන්න ඉඩ දෙන්නේ නෑ...ZZ කතරගම දේවාලයේ වර්තමාන බස්‌නායක නිළමේතුමා වන ඩී. පී. කුමාරගේ මහතා අපට කියූ කතාව නම් මසුරන් පහයි. හිටපු බස්‌නායක නිළමේවරුන්ට සාංඝික ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් මෙවැනි වචන ටිකක්‌ හරි පැවසීමට කොන්දක්‌ නොතිබීම ගැන අපි දුක්‌වෙමු. වර්තමාන බස්‌නායක නිළමේතුමාගේ කතාවේ හැටියට වැඩේ සිදුවේ ද යන්න අපි බලා සිටිමු.

බුදු දහමට අනුව සාංඝික දේපළ හොරාකෑම, මංකොල්ලකෑම දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පලිසන් දෙන අකුසල කර්මයකි. එහෙත් තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන්ගේ බැල්ම වැටෙන මේ ලංකාදීපයේ කතරගම දෙවි හාමුදුරුවන්ගේ වාස භූමිය ටිකෙන් ටික කොල්ල කන්නේය. පුදුමය ආශ්චර්ය මවන කතරගම දෙවි හාමුදුරුවොත් මේ සාංඝික කොල්ලය දෙස බලා නිහඬව සිටීමය. එවැනි පසුබිමක රටේ ඉඩම් සම්බන්ධව සිටින නිලධාරීහු මන්දබුද්ධිකයන් ලෙස හැසිරීම ද කනගාටුවට කරුණක්‌ නොවේ.

සොබාදහම අපට ශුද්ධ වූ විභූති මතු කර දුන්නේය. එහෙත් එය භූමි පාළුවන්ගෙන් ආරක්‍ෂා කරගැනීමට අපට නොහැකි විය. අනාගතයේදී අපටත් සිදුවන්නේ ඉන්දියාවේ මෙන් ගොම මැටි පුච්චාගෙන නළලේ ගල්වා ගැනීමටය. බත් කන හරක්‌ට මේක නොතේරීම රටේම කාලකණ්‌ණිකමය.

තරංග රත්නවීර
කේ. ඩී. දේවප්‍රිය - කතරගම

Post a Comment

0 Comments