සිහිවිකල් කර දරුවන් වනසන මත් පැණි බීමක්‌


ගාල්ල මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක අසාමාන්‍ය ලෙස හැසිරුණු දරුවන් කිහිප දෙනකු අදාළ පන්තියේ ගුරුවරයාට දකින්නට ලැබිණි. වෙනසක්‌ නොපෙන්වා පන්තියේ කටයුතු කරගෙන ගිය ගුරුවරයා පන්තිය අවසන් වූ පසුව අසාමාන්‍ය ලෙස හැසිරෙන දරුවන් දෙදෙනකු මදක්‌ නතර කරගත්තේය.

මෙම දරුවන්ගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව ගුරුවරයා තොරතුරු විමසන්නට විය. ''ඔයාල මොනවහරි මත්වෙන දෙයක්‌ බීල නේද ඉන්නේ''

''නෑ සර්.. එහෙම එකක්‌ නෑ.''

පුතා ඔයාලගෙ ඔය වයස මමත් පහු කරල ඉන්නේ. අපිටත් ඔහොම කාලයක්‌ තිබුණා. ඒ නිසා මට හංගන්න හදන්න එපා.

සිසුන් තිදෙනා මුහුණට මුහුණ බලාගත්තේ ගුරුවරයාගේ බලාපොරොත්තු නොවූ සුහද බවටය. මම කාටවත් කියන්නෙ නෑ· නමුත් පන්තියේ ඔය විදියට හැසිරෙන එක වැරදියි. කියනවා බලන්න මොනවද ඔයාල බිව්වේ කියලා.

අපි මිනුවන්ගොඩ හන්දියෙන් බීම බෝතලයක්‌ අරගෙන බිව්වා. සිසුන් ගුරුවරයා සමග කියන්නට විsණි. මාරයි සර් රුපියල් විස්‌සයි සෙන්ට්‌ බෝතල් වගේ. කටට ස්‌ප්‍රේ කරගන්න තියෙන්නේ. එහෙම නැතිව අපි මත් වෙන දෙයක්‌ ගත්තෙ නෑ සර්. කෝ ගන්න බලන්න ඔය පැණි බීම බෝතලය ගුරුවරයා බීම බෝතලය ඉල්ලා ගත්තේය.

අඟල් එකොළහක්‌ පමණ උස සුවඳ විලවුන් බෝතලයක්‌ ලෙසින් ස්‌ප්‍රේ කරගත හැකි මේ පැණි බීම බෝතලය වෙනස්‌ එකකි. නිෂ්පාදිත දිනයක්‌ කල් ඉකුත් වන දිනයක්‌ නිෂ්පාදිත ස්‌ථානයක්‌ ඇතුළු කිසිදු සඳහනක්‌ නොමැති මෙම පැණි බීම බෝතලය පිළිබඳව අදාළ ටියුෂන් ගුරුවරයාට ඇතිවූයේ සැකයකි.

අනතුරුව මෙම සැක සහිත පැණි බීම බෝතලය පිළිබඳ දෙමාපියන්ද දැනුවත් කිරීමට ගුරුවරයා කටයුතු කර තිබිණි.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වරයාගේ මෙහෙයවීම මත ගාල්ල පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා පොලිස්‌ පරීක්‍ෂක ඩී. අල්ගෙවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර තිබුණේ දෙමාපියන්ගෙන් ලැබුණ තොරතුරුවලට අනුවය.

අනතුරුව පොලිසියට ගාල්ල මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සලක තිබී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පැණි බීම බෝතල කිහිපයක්‌ සොයා ගැනීමට හැකිවිය.

මේ සම්බන්ධයෙන් ගාල්ල මහෙස්‌ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගනු ලැබූ අතර සැක සහිත බීම බෝතල වල සාම්පල රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා වහාම වාර්තාවක්‌ ලබා ගන්නා ලෙස මහෙස්‌ත්‍රාත්වරිය ගාල්ල පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය වෙත නියෝග කර තිsබිණි.

මේ මත්ද්‍රව්‍ය අඩංගු බීම බෝතලයේ කතාවට පෙර සතියේ එනම් පසුගිය 5 වැනි සිකුරාදා ගාල්ල අක්‌මීමන ප්‍රදේශයේ පාසලකද මෙවැනි සිද්ධියක්‌ සිදුව තිබිණි.

මෙම පාසලේ උසස්‌ පෙළ පන්තියක සිසුන් කිහිප දෙනකුගේ අසාමාන්‍ය හැසිරීමක්‌ ගුරුවරුන්ට නිරීක්‍ෂණය වී තිබුණේ මේ අතරතුරදීය. කිසියම් මත්ද්‍රව්‍යයක්‌ පානය කර ඇතැයි සැක කළ හැකි තරමටම මෙම දරුවන්ගේ හැසිරීම් වෙනස්‌වී තිබිණි. අදාළ පන්තියේ දරුවන් කැඳවූ විද්‍යාලයීය පාලන අධිකාරිය සියලුම දරුවන්ට පඩිපෙළකින් පහළට බසින ලෙස උපදෙස්‌ දී තිබිණි.

මෙහිදී අසාමාන්‍යතා දැක්‌වූ දරුවන් සය දෙනකු හඳුනාගෙන තිබූ අතර ඒ සියලු දෙනාගේ නලලට අත තබා බැලූ විට ඔවුන්ගේ නළල්තල දැඩි ලෙස රත්ව තිබූ බව පැවසේ. පසුව මේ පිළිබඳව අදාළ දරුවන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. එහිදී හෙළිවී ඇත්තේ මෙම පාසලේ එක්‌ දරුවකුට කිසිවකු විසින් මත්පෙති දහහතරක්‌ ලබාදී ඇති අතර ඒවා ගත් දරුවන් හයදෙනකු මෙසේ මත්ව සිට ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට දරුවන් මත්ද්‍රව්‍ය වෙත යොමු කරවා ගැනීමේ උත්සාහයන් බහුලව දක්‌නට ඇති අතර දරුවන් මෙවැනි තත්ත්වයන්ට ගොදුරුවීමෙන් වළක්‌වා ගැනීමට දෙමාපියන්ගේද දැඩි අවධානය යොමුවිය යුතුව ඇත.

එසේම මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකරන පැණි බීම තොග ගාල්ලේ ප්‍රදේශ රැසක පවතින බවට ලැබුණ තොරතුරු මත පොලිසිය පැණි බීම බෝතල සොයමින් විමර්ශන ආරම්භ කර ඇත.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලට ගොදුරු කර ගැනීම සඳහා පවත්නා උත්සාහයන් ගාල්ලේ බහුලව දක්‌නට ඇති අතර මේ පසුගිය සතියේ වාර්තා වූ එවැනි සිදුවීම් දෙකක්‌ පමණය.

එසේම නගරයට පාසල් එන දරුවන්ට මෙන්ම ටියුෂන් සඳහා නගරයට එන දරුවන්ට දුම්වැටි ඉරීමට මෙන්ම විවිධ විෂ මත්ද්‍රව්‍ය භාවිතයට අවකාශ සලසාදෙන වෙළෙඳසල්ද නගරයේ අදටත් ක්‍රියාත්මක වන බව නොරහසකි.

මේවා පිළිබඳව සොයා බැලීමට ක්‍රමවේදයක්‌ සැකසිය යුතුව ඇත්තේ මෙමගින් විනාශයට ගොදුරුවනුයේ අපගේ අනාගතය වන බැවිනි.

පෞද්ගලික පන්තියට සහභාගි වීමට නගරයට පැමිණෙන බාල වයස්‌කාර දැරියන් රවටාගෙන ගොස්‌ අතවර කරන දූෂණයට ලක්‌කරන පුද්ගලයන්ට සෙවන දෙන ලැගුම්හල් පිළිබඳවද අදාළ අංශ යන්හි අවධානය යොමුවිය යුතු බව කිවමනාය.

බොහෝ ලැගුම්හල් වලදී සිදුවන අතවරයන් පිළිබඳ පොලිසියට පැමිණිලි නොලැබුනද මේවා තලට බාලවයස්‌ කාර දරුවන් රැගෙන ගොස්‌ අපචාරයන්ට ගොදුරු කිරීමේ තත්ත්වය පාලනය කිරීම් ක්‍රමවේදයක්‌ අවශ්‍යව ඇත.

ගාල්ල නගරය මේ වන විට කොළඹට ඉතා ආසන්නය පැය එකහමාරක දුරින් පිහිටි මේ නගර දෙක අතර හොඳ දේ මෙන්ම නරක දේද සංක්‍රමණය වීමේ ප්‍රවණතා දැකිය හැක.

මීට වසර පෙර උනවටුනේ ඩිස්‌කෝ සාදවල භාවාතිවන බව ඇසූ මත්පෙති පාසල් තුලටද යැමේ අවදානමක්‌ හටගෙන ගෙන තිබේ. මේවා පිටු දැකීමට වැඩි වැඩියෙන් පාසල් දරුවන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන් පිටුපස නිරන්තර අවධානයෙන් සිටීම ඉතා වැදගත් වනු ඇත.

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි - ලලිත් චාමින්ද

Post a Comment

0 Comments