නීරෝගී දිවියක් සඳහා අපගේ සිරුරට ආහාර පාන මෙන්ම ව්‍යායාමත් අවශ්‍යයි. නමුත් අද අප බොහෝ දෙනාට ව්‍යායාම පිළිබඳව එතරම් අවබෝධයක් නැහැ. අප ගොඩාක් වෙලාවට ව්‍යායාමවලට යොමුවන්නේ සිරුරේ කොලෙස්‌ටරෝල් අධික යෑයි කියා වෛද්‍යවරු පැවසූ විටදීය. එහෙමත් නැතිනම් ශරීරය තරබාරු වූ විටදීය. තවත් අමුතුවෙන් ව්‍යායාම කරන්න අවශ්‍ය නැහැ. ගෙදර දොරේ කරන වැඩ කරනකොට නිකම්ම ව්‍යායාම ලැබෙනවා කියමින් සමහරු ගෙදර දොරේ අධික ලෙස වෙහෙස වී වැඩ කටයුතු කිරීමත් ව්‍යායාම ලෙස සිතනවා. එහෙම වෙහෙස වුණාට සිරුරට අවශ්‍ය ව්‍යායාම ලැබෙන්නේ නැහැ. සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබාගන්න නම් එය මනසට දැනෙන ආකාරයෙන් කළ යුතුයි. කොටින්ම කියනවා නම් මම ශරීරයට ව්‍යායාම ලබාගන්නවා කියන අරමුණින් එහි යෙදිය යුතුයි. එසේ නැතිවුණොත් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.
අප ව්‍යායාම කළ යුත්තේ ශරීරයේ තරබාරුව අඩුකරගන්න, අධි රුධිර පීඩනය පාලනය කරගන්න කොලෙස්‌ටරෝල් පාලනය කරගන්න පමණක් නෙමෙයි. අපගේ ශරීරයේ ඇති ප්‍රධාන ඉන්ද්‍රියයන් අටෙහි නිසි ක්‍රියාකාරිත්වයට ව්‍යායාම අත්‍යවශ්‍යයි. හෘදය, වකුගඩු, ස්‌වසන පද්ධතිය, බහිශ්‍රාවීය පද්ධතිය, හෝමෝන පද්ධතිය, මාංශපේශි, අක්‌මාව සහ අස්‌ථි පද්ධතිය යන ප්‍රධාන ඉන්ද්‍රිය අට නිසි ලෙස ක්‍රියාත්මක වුණොත් තමයි අපට නීරෝගී ජීවිතයක් ගතකරන්න හැකියාව ලැබෙන්නෙ. එහෙම නැතිවුණොත් අපට නොයෙකුත් ලෙඩ රෝග පහසුවෙන්ම මතුවෙනවා. උදාහරණ විදිහට ස්‌වසන පද්ධතිය හරිහැටි ක්‍රියාත්මක වුණේ නැත්නම් අපට නිතර නිතර ස්‌වසන රෝග මතුවෙනවා. හතිය, සෙම් රෝග ආදියෙන් නිතර පීඩා විඳින්න සිදුවෙනවා.
වකුගඩු හරිහැටි ක්‍රියාත්මක වුණේ නැත්නම් මුත්‍රා ආසාධන නිතර ඇතිවෙනවා. වකුගඩුවල ගල් ඇතිවීමට ඉඩ තිබෙනවා.
අස්‌ථි පද්ධතිය හරිහැටි ක්‍රියාත්මක වුණේ නැත්නම් නිතර නිතර හන්දිපත් රෝගවලන් පීඩා විඳින්න සිදුවෙනවා.
ශරීරය ක්‍රියාශීලීව පවතින තරුණ වයසේදී අප ව්‍යායාම ගැන එතරම් හිතන්නේ නැති වුණාට මැදි වයසට යන විට එහි ප්‍රතිඵල මතුවෙනවා. ඉතිං දවසකට පැය භාගයක්‌වත් අප ව්‍යායාම සඳහා කාලය වෙන්කරගත්තොත් අපගේ ශරීරයේ නීරෝගී බව ආරක්‍ෂා කරගන්න පුළුවනි.
ඉතිං අපි කොහොමද ව්‍යායාම කරන්නෙ. දැන් හුඟදෙනකුට මතුවන ගැටලුවක් විය හැකියි ඇවිදීම, ව්‍යායාම යන්ත්‍ර භාවිතය, යෝගී ක්‍රම ආදී කුමන ක්‍රමයක් භාවිත කළත් අප මේ යෙදෙන්නේ ශරීරයට ව්‍යායාම ලබාදීම බව යන අරමුණින් එසේ කළ යුතුයි. එතකොට තමයි මනසේ ඇල්ෆා සහ බීටා කිරණ ක්‍රියාකාරිත්වය තුළින් තීරණය කරන්නේ අප මේ සිදුකරන්නේ ශරීරයට ව්‍යායාම ලබාදීම බව. එතකොට ශරීරය සූදානම් වෙනවා ව්‍යායාමවල යෙදෙන්න. එහෙම නැතිව අප දුවන්නන්වාලේ දිවීම, ඇවිදින්නන්වාලේ ඇවිදීම, ව්‍යායාම යන්ත්‍රවල පුරුද්දකට වගේ යෙදීම තුළින් සිදුවන්නේ එය සාමාන්‍ය පුරුද්දක් බවට පත්වීමයි.
අප සිරුරේ බර අඩු කරගැනීමට ව්‍යායාමවල යෙදෙනවා නම් එම අරමුණින් ක්‍රියා කළ යුතුයි. එවිට ශරීරය දන්නවා මේ සිදුකරන්නේ බර අඩුකර ගැනීමේ ව්‍යායාම බව. පේශී ශක්‌තිමත් කර ගැනීම හෝ ශරීරයේ නම්‍යශීලී බව සඳහා ව්‍යායාමවල යෙදෙනවා නම් ශරීරය දන්නවා මේ එම කටයුත්ත සඳහා ව්‍යායාමවල යෙදෙන බව. එතකොට සිරුරත් ඒ සඳහා හැඩගැසෙනවා. අපි දිනපතා රැකියාවට යැම සඳහා වේගයෙන් ඇවිදගෙන යැම ව්‍යායාමයක් වන්නේ නැහැ. එය අපගේ එක් අවශ්‍යතාවයක් පමණයි. ගෙදර රෙදි හේදුවට, ගේ දොර අස්‌පස් කර වෙහෙස වුණාට එය ව්‍යායාමයක් වන්නේ නැහැ. දැන් එය අපගේ යුතුකමක් බවට පත්වෙලා. එනිසා මනස එය ව්‍යායාමයක් ලෙස සිතන්නේ නැහැ. එනිසා සිරුරේ ප්‍රධාන පද්ධති අටට එය හොඳින් දැනෙන්නේ නැහැ.
ඒ වගේම තමයි සිරුරේ නිරෝගී බව පවත්වාගෙන යැම සඳහා ව්‍යායාම කරන විට එය එක් ව්‍යායාම ක්‍රමයක් සඳහා හුරු නොවිය යුතුයි. එසේ වූ විට එය කාලයක් යන විට පුරුද්දක් බවට පත්වෙනවා. එතකොට එය ව්‍යායාමයක් බවට පත්වෙන්නේ නැහැ. එනිසා ව්‍යායාම කිරීමේදී විවිධ ව්‍යායාම ක්‍රමවල යෙදිය යුතුවේ. ඇවිදීම, පිහිනුම් යෝගා ආදී ලෙස එක් එක් ව්‍යායාමවලට මාරුවිය යුතුයි. එතකොට එය පුරුද්දක් බවට පත්වන්නෙ නැහැ.
අපට එදිනෙදා නිරතවීම සඳහා ව්‍යායාම වර්ග හතරකුත් තියෙනවා. ස්‌වායු ව්‍යායාම, බර හා සම්බන්ධ ව්‍යායාම, නම්‍යතාවය සඳහා ව්‍යායාම සහ ශරීරයට ගැලපෙන ව්‍යායාම ලෙස ඒවා වර්ග කර තිබෙනවා.
ස්‌වායු ව්‍යායාම මගින් සිදුකරන්නේ ශරීරයට හොඳින් පිරිසිදු වාතය ලබාගැනීමයි. පිරිසිදු වාතාශ්‍රය සහිත පරිසරයකදී හොඳින් හුස්‌ම ඉහළ පහළ ගැනීමේ යෙදෙමින් සිදුකරන්නේ ස්‌වායු ව්‍යායාමයි.
බර ඉසිලීම, ව්‍යයාම යන්ත්‍ර ආදිය ද උපයෝගි කරගෙන අප සිදුකරන්නේ අස්‌ථි සහ මාංශ පේශි ශක්‌තිමත් බව සඳහා ව්‍යායාමයි.
යෝගා වැනි ව්‍යායාම මගින් අප සිදුකරන්නේ සිරුරේ නම්‍යතාවය සඳහා අත්‍යාවශ්‍ය ව්‍යායාමයි.
පුද්ගලයාගේ වයස, ශරීර ලක්‍ෂණ, කායික ශක්‌තිය සහ ව්‍යායාමවල අවශ්‍යතාවය තෝරාබේරාගෙන සිදුකරන ව්‍යායාම ශරීරයට ගැලපෙන ව්‍යායාම ලෙස හඳුන්වනවා.
එනිසා අප ව්‍යායාමවල යෙදීමේදී පළමුව අපගේ අවශ්‍යතාවය හඳුනාගත යුතුයි. එයා දුවනවා මමත් දුවනවා. එයා පිහිනුම්වල යෙදෙනවා මමත් පිහිනුම්වල යෙදෙනවා කියා කරන්නන්වාලේ ව්‍යායාමවල නිරත නොවී නිසි උපදෙස් ලබාගෙන තමාගේ ශරීරයේ අවශ්‍යතාවය සෞඛ්‍ය තත්ත්වය අවබෝධ කරගෙන ව්‍යායාමවල යෙදුනොත් ව්‍යායාම සඳහා යොදවන කාලය අපතේ යන්නේ නැහැ. එසේම එම ව්‍යායාමවලින් ශරීරයට අවශ්‍ය නිරෝගී බව ලැබෙනවා.
සමහරු කියනවා මම හොඳට ක්‍රීඩා කටයුතුවල යෙදෙනවා එනිසා මට ව්‍යායාම අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඒක වැරදියි. ක්‍රීඩා කටයුතුවල යෙදීමෙන් ලැබෙන්නේ එම ක්‍රීඩාව සඳහා දක්‍ෂ වීම පමණයි. එසේ දක්‍ෂව වැඩි කාලයක් ක්‍රීඩාවේ යෙදෙන්නේ නම් ශරීරයේ නිරෝගී බව අවශ්‍යයි. එය ලබාගන්න පුළුවන් ව්‍යායාමවල යෙදුනොත් පමණයි.
එනිසා අප ව්‍යායාමවල යෙදෙන විට එය අවබෝධයකින් සහ නිසි ගෞරවයකින් යුතුව කළ යුතුයි. එතකොට අප ව්‍යායාම මගින් බලාපොරොත්තු වන නියම ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් වෙනවා.
උපදෙස් - එක්‌සත් රාජධානියේ ක්‍රීඩා වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න
උපාලි ද සේරම්
0 Comments