ලොව කා අතරත් කොතැනත් ගැටුම්ය. සජීවී සෑම සක්‍රීය කොට්‌ඨාසයකටම ගැටුම්, ප්‍රශ්න, පොදුය. අභ්‍යන්තරික ගැටුම් මෙන්ම බාහිර ගැටුම් වශයෙන් ගැටුම් දෙයාකාරය. අභ්‍යන්තර ගැටුම් විසදාගත හැකි නම් බ්dහිර ගැටුම් ද විසඳෙන්නේය. මමත්වය යම්තාක් වේද ඒ තාක් ගැටුම් වෙයි. මමත්වය විසඳීම මත ගැටුම් විසඳීම වන හෙයින් ඊට අප පෙළඹෙන්නේ නම් මමය, මගේය යනුවෙන් නොව අනුන් වෙනුවෙන් සිතන්නේ නම්, ලෝකය කොතරම් සුන්දර වනු ඇද්ද?
ගැටුම් ඇතිවන්නේ සමාජයේ අප දන්නා හඳුනන පිරිස් අතරය. ආරම්භයේදීම ගම් මට්‌ටමේදීම ආරවුල් නිරාකරණය කරගත හැකි නම්, ඔවුනොවුන් අතර අෙන්‍යාන්‍ය සහජීවනය වර්ධනය කරලීමටත් ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප දන්වුවත් සැදුම්ලත් සමථ මණ්‌ඩල ක්‍රමය තුළින් සිදුවෙයි.
ආරාවුල් ඇතිකරගන්නා තරමට වේගයෙන් විස¹ ගැනීමට උත්සුක නොවෙයි. එකිනෙකා තුළ පවත්නා ශක්‌තිය, කලබලය, අවිශ්වාසය, කලකිරීම, සැකය ආදී නොයෙක් කරුණු ඊට හේතු වෙයි. හරි වැරැද්ද තෝරා ගැනීමට උත්සුක නොවන විට තුන්වැනි පාර්ශ්වයක් ලෙසින් සමථ මණ්‌ඩල ක්‍රමය තුළින් වන්නේ මහත් පිටිවහලකි.
ඈත කාලවල සිට ජනතාවගේ ආරාවුල් ගැටුම් විස¹ලීමට විවිධ ආයතන පුද්ගලයන් සිටි අයුරු ශ්‍රී ලාංකික ඉතිහාසය තුළින් පෙනේ. බුදුහිමි චූලෝදර මහෝදර දෙ නා රජු සටන විසඳීමට මැදිහත් වූයේ තෙවැනි පාර්ශ්වයක් වශයෙනි. පණ්‌ඩුකාභය රජු දවස ආරවුල් විස¹ගැනීමට ගහක් යට රැස් වූ බව කියෑවේ. දිවුරුම් දීම හෙළ රජ දවස ක්‍රමයකි. ඉංග්‍රීසි පාලන සමයේ ගම්සභාව විධිමත් උසාවි ක්‍රමයක් බවට පත්විය. හේලි "සිංහල නීතිය" නම් සිය ග්‍රන්ථයේ සුළු ආරවුල් උසාවි නොගොස් විස¹ ගත් අයුරු දක්‌වයි. රොබට් නොක්‌ස් ද වැඩිහිටියන්ගේ මැදිහත්වීමෙන් ආරවුල් සමථ කරගත් අයුරු සිය ග්‍රන්ථයේ පෙන්වා දේ. 1871 ඉංග්‍රීසි පාලන සමයේ ගම්සභා උසාවිවල පරමාර්ථය වූයේ තීන්දුවක් දීමට වඩා සමථයට පත් කිරීමය. මෙහි අඩුපාඩු විය. 1958 අංක 10 දරන සමගි මණ්‌ඩල පනතින් සමගි මණ්‌ඩල පිහිටුවිණි. සාම්ප්‍රදායික, ආවේණික ලක්‍ෂණ මෙන්ම දේශපාලනය ද එහි වූයෙන් අයහපත් බව පෙනී 1977 දී එය අහෝසි කෙරිණි. පවුල් ආරවුල් පිළිබඳව පවුල් උපදේශකවරු පත් කැරිණි. 1978 සිට සුළු ආරවුල් විසඳීමට අධිකරණය පිහිට සොයයි. න්‍යෂ්ටික පවුල් රටාවට ජනතාව හුරුවත්ම අනුන්ගේ ප්‍රශ්න ගැන සෙවීමට කාලයක් ප්‍රභූ පිරිසක් නොවීමෙන් සුළු ආරවුල් තමන්ම යටපත් කරගෙන සිටියහ. 1980 දශකයේ අගභාගයේ සාම කමිටු පිහිටුව ද එය ද අසාර්ථක විය.
අධිකරණ නඩු තදබදය හා ප්‍රමාදය වළකාලීම නව ලොව සමථ කරන ක්‍රියාවලිය ද ආදර්ශයට ගනිමින් 1988 අංක 72 දරන සමථ මණ්‌ඩල පනතින් සමථ මණ්‌ඩල ක්‍රමය බිහිවිණි.
"ආරවුලක් වරදක් නීත්‍යනුකූල මාර්ගවලින් ආරවුල්කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම පිණිස උත්සාහ කිරීම ද ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි හැම අවස්‌ථාවකම එය යළි සිදුවීම වැළැක්‌වීම පිණිස දුක්‌ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීම ද" යනාදී ලෙසින් පනතේ 10 වගන්තිය සමථ මණ්‌ඩල කාර්යය විස්‌තර කරයි.
ආරවුලට වූ මුල් හේතුව ඉවත් කරලීම මෙහි වැදගත් වෙයි. එය පහසු නැත. එහෙත් ඒ පිළිබඳ සමාජ, මානව හා මනෝවිද්‍යාඥයන් විසින් කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස මෙරට ක්‍රියාත්මක සමථකරණ සංකල්පය බිහිව ඇත.
අපක්‍ෂපාතීව, මධ්‍යස්‌ථව තීරණ ගැනීමේ අධිකාරි බලයක් නැතිව තුන්වැනි පාර්ශ්වයක් විසින් එම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ට අෙන්‍යාන්‍ය ලෙසින් සෑහීමට පත්විය හැකි පරිදි විසඳුමකට ස්‌වේච්ඡාවෙන් සහාය වීමේ ක්‍රියාවලියකි.
සෑම සමථ මණ්‌ඩලයකටම පොලිසියේ, අධිකරණයේ හා පෞද්ගලිකව ආරවුල් ලැබෙයි. මේවා ඉතා සුහදශීලීව සාකච්ඡා කරමින් දෙපාර්ශ්වයේම එකඟත්වය ලැබෙන අවසානයකට ඒමට උත්සාහ ගැනේ. සමානාත්මතාව ගරු කරන වැදගත්, සුහද, සමාජශීලී අපක්‍ෂපාතී ආචාරශීලී සමථකරුවා ඔබ ලත් භාග්‍යයකි. රුපියල් 5 ක් වැනි සුළු මුදලකින් (මුද්දරය) ඔබට ආරවුල යොමු කළ හැකිය. වටිනා කාලය, ශ්‍රමය, ධනය, කාලය නාස්‌ති නොකරමින් තමන් වෙනුවෙන් තමනටම කතා කළ හැකි ප්‍රකාශවල මෙන්ම ආරවුලේ ද රහස්‍යභාවය සුරැකෙන සබඳතා ගොඩනැඟෙන තමන්ගේම විසඳුමකට ඒමට හැකි සමථ මණ්‌ඩල ක්‍රමය අධිකරණයේ නඩු තදබදය ගොඩගැසීම වළක්‌වන අතිශය වැදගත් වූවකි.
1990 වර්ෂයේ සමථ මණ්‌ඩල ක්‍රමය ආරම්භ වූ දා සිට 2011 අවසානය වන විට ඉදිරිපත් වූ ආරවුල්වලින් 70% ක් පමණ නිරාකරණය වූ බව සංඛ්‍යා ලේඛන හෙළි කරන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් සුහද කේ. ගම්ලත් මහතා දක්‌වයි. සමථකරණයේ සාර්ථකත්වයට ඒ නිදසුන්ය. ලක්‍ෂ ගණන් ආරවුල් උසාවියේ ගොඩ ගැසීම ඉන් වැළකේ.ජනතාවට ඉක්‌මනින් සහනය සැලසේ.
ශ්‍රී ලංකාවේ සමථකරණය සාර්ථක වූවක් ලෙස ලෝකයාගේ අවධානය යොමුවී ඇත. මේ සාර්ථකත්වයට මූලික හේතුව වන්නේ සමථ මූල මණ්‌ඩල සභාපතිවරුන්ගේ හා සමථකාරකවරුන්ගේ කැපවීම හා අවබෝධය බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
රෝගයත්, රෝග නිධානයත්, නිරෝගි බවත් ප්‍රතිකර්මයත් පිළිබඳ අවබෝධයෙන් දෙපාර්ශ්වයම එකඟ වන සුහද නිරවුල් කිරීමේදී රෝගය යළි නොවැළඳීමට රෝග නිධානය දුරලීම වැදගත්ය. දක්‍ෂ සමථකරුවා සමස්‌ත සමාජයට කරනුයේ අමිල මෙහෙවරකි. ස්‌වකීය, ධනය, ශ්‍රමය, කාලය කැපකරමින් ක්‍රියා කරන ඔහුගේ සේවය අගැයිය යුතුය.
මෑතක සිට ආරවුලට අදාළ වටිනාකම රු. ලක්‍ෂ 2 1/2 දක්‌වා වැඩි කරමින් සමථකරණ ව්‍යqහය පුළුල් කර ඇත. තවද අවුරුදු 18 ක තැනැත්තකුට දණ්‌ඩ නීති සංග්‍රහයේ 367 හෝ 368 (ආ) වගන්තිය යටතේ සිදු කැරෙන වරදක් සම්බන්ධයෙන් නඩුවක් පැවරීමට පෙර එය සමථ මණ්‌ඩලයට යොමුකිරීම අනිවාර්ය කර ඇත. සමථ මණ්‌ඩල පනත වරින්වර සංශෝධනය කරමින් සමථ මණ්‌ඩල කටයුතු පුළුල් කරනු පෙනේ. මේ වර්ෂයේ සිට සමථකරණ ක්‍රියාවලියට කාන්තා නියෝජනය වැඩිකිරීම ගැන අවධානය යොමුකොට ඇත. සෑම සමථ මණ්‌ඩලයකම 30% ක් වත් කාන්තා නියෝජනය තැබීමට කටයුතු සිදුකරගෙන යනු පෙනේ.
දිවයිනේ උතුරු නැගෙනහිර කොටස්‌වල ද දැන් දැන් සමථ මණ්‌ඩල බොහෝ ප්‍රමාණයක් පිහිටුවා ඇත. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයකම එක් සමථ මණ්‌ඩලය බැගින් මේ වන විට සමථ මණ්‌ඩල තුන්සිය ගණනක දහස් සංඛ්‍යාත සමථකරුවන් විසින් ඉටුකරනු ලබන සත්කාර්යය සමස්‌ත දිවයිනේ සාමය සහජීවනය රැකදෙන්නක් බව කාගේත් විශේෂ අවධානයට ලක්‌විය යුත්තකි.
ජාතික සමථ දිනය තුළින් ද විය යුත්තේ ඔවුන් හා ඔවුන්ගේ කාර්යභාරය අගය කරමින් ඔවුන්ගේ යම් යම් ප්‍රශ්නයනට පිළියම් ලබාදීමාදී කරුණුය.
මෙම වර්ෂයේ ජාතික සමථ දිනය ජූලි 18 දින කොළඹ පදනම් ආයතනයේදී දිවයිනේ සමථ මූල මණ්‌ඩල සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් මහත් අගයක් දෙමින් පැවැත්වීමට අධිකරණ හා නීති ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය, සමථ මණ්‌ඩල කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.
සිරිපාල මාදුවගේ
0 Comments