කඳ සුරිඳු පිහිට ලැබ රන්දෙණිවෙල සටනින් ලන්දෙසීන් පැරදවූ හැටි


ලොව දහස්‌ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක්‌ බැතියෙන් අදහන කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියකු ලෙස ද බොහෝ පිරිසක්‌ අදහනු ලබයි. කතරගම දෙවියන් යුද්ධයට අධිපති සෙන්පතියකු ලෙස ක්‍රියා කළ අයුරු ඔප්පු වන සිද්ධීන් රැසක්‌ ඉතිහාසයේ විවිධ අවස්‌ථාවලදී දක්‌නට ලැබේ..

අසුරයන් හා සුරයන් අතර යුද්ධයක්‌ පැවතියේ. මෙහිදී සුරයන් (දෙවියන්) මෙම යුද්ධයේ දී පසුබැසීsමට ලක්‌විය. මේ පිළිබදව දෙවියන්ගේ අධිපතිත්වයක්‌ උසුලන ඊශ්වරයා යුද්ධයෙන් ජය ලැබීමට හය දෙනකුගේ ශක්‌තියක්‌ ඇතිව ක`ද කුමරුන් බිහිකළ බව හින්දුන් විශ්වාස කරනු ලබයි. මේ බව කතරගම දෙවියන්ට අයත් යාතිකාවල ද මේ අයුරින් සදහන් වේ.

තාරකා සුර බ්‍රහ්ම යන අසුරු සංහාරයක්‌ සිදු කර දේව සේනාධිපති පදවියක්‌ දරා ගෙන දෙවි මිනිසුන්ගෙන් ගරු බුහුමන් සත්කාර ලබාගෙන කතරගම රන්කොත්a මාලිගාවේ වැඩ වසන උතුම් කතරගම දෙවියන් වහන්ස යනුවෙන් දේව යාතිකා වලද අසුරයන් හා යුද වැදුණු ක`ද කුමරුවන් ගැන සඳහන් වේ.

මෙයට අමතරව මිහිපිට පැවති එළාර දුටුගැමුණු යුද්ධයේa දී එළාර පරදවා රට එක්‌සේසත් කිරීමට උපකාර කරන ලෙස ක`ද සුරිඳුන්ට දුටුගැමුණු මහ රජතුමා බාරයක්‌ විය. ඒ අනුව දුටුගැමුණු මහ රජතුමා යුද්ධයෙන් ජය ලබා පොරොන්දු වූ බාරය අනුව අද වර්තමානයේ පවතින කතරගම දේවාලය සාදවා දෙවියන්ගේ පුද පූජාවන් කිරීමට කටයුතු කරනු ලැබූ බව සඳහන් වේ. 

මෙයට අමතරව 1818 දී ඌවේ පැවති කැරැල්ලට එක්‌ වු වීර කැප්පෙටිපොල නිළමේතුමන්ද කතරගම දෙවියන්ගේ දේව රුවක්‌ යුද්ධයේ පෙරටු කරගෙන දෙවියන් ගේ ආශිර්වාදයෙන් ඉංග්‍රීසී‍න් හා සටන් වැදුණු බව සඳහන් වේ. කැප්පෙටිපොල නිළමේතුමා සුද්දන්ට එරෙහිව සිදුකළ සෑම සටනකදීම කතරගම දෙවියන්ට පහන් දල්වා ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගනු ලැබු අතර බිබිල කොහුකුඹුරේ රටේරාළ ද කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා සිය සටන් ක්‍රම මගින් ඉංග්‍රීසී‍න්ට ප්‍රහාරයන් සිදු කිරීමට ක්‍රියා කළ බව ඌවේ ජනයා අදත් හද පිරි භක්‌තියෙන් සිහිපත් කරති. 

මෙයට අමතරව අප රට අල්ලා ගෙන සිටි ඕලන්දක්‌කාරයන් පාලකයකු වූ දොන් කොන්ස්‌තන්තතීනුදසා නම් කූරිරු පාලකයා විසින් වසර 09 ක්‌ පුරා සිංහල ජනයාට පීඩා කරමින් ඌවේ පාලනය කරනු ලැබීය. පසුව මෙම දොන් කොන්ස්‌තන්තීනුදසා ඌවේ සිංහලයන් විසින් වැල්ලවාය රන්දෙනි වෙල්යාය මැද දී 1630. 08. 25 වැනි දින තියුණු සටනක්‌ කර රන්දෙනි වෙලේ දී මරා දැමීමට හැකි විය. මෙහිදී 2 වැනි රාජසිංහ රජු විසින් කතරගම දෙවියන්ගේ කුකුළා කොඩියත්, දේව ආභරණත් පෙරටු කරගෙන දෙවියන්ගේ ආශිර්වාදය මත රන්දෙනි වෙලේ යුද්ධය සිදු කරනු ලැබු බවද සඳහන් වේ.

මෙයට අමතරව වර්තමාන හිටපු අප රටේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද වසර 30 ක්‌ පුරා රටේ පැවැති කොටි ත්‍රස්‌තයන් ගෙන් රට මුදාගැනීම සඳහා කතරගම දෙවියන් මුල් කරගෙන බාර හාර සිදු කර යුද්ධය නිමා කරනු ලැබීය. යුද්ධය නිමා කරනු ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතා කතරගම දෙවියන් හමුවේ මිල කළ නොහැකි රන් උඩු වියනක්‌ කතරගම දේවාලයට පූජා කරනු ලැබීය.

මෙයට අමතරව අංගම් පොර සටන් කලාව හදාරන ශිල්පිSන්ද තම සටන් කලාව පුරුදු පුහුණු වීමෙන් පසු කතරගමට පැමිණ ප්‍රථමයෙන් කතරගම දෙවියන් හමුවේ ශිල්ප දැක්‌වීම චාරිත්‍රයක්‌ ලෙස අදත් සිදු කරති. මෙම කරුණු අනුව යුද්ධයට අධිපති සෙන්පතියකු ලෙස කතරගම දෙවිsයන් පිළිබඳ ඉතිහාසය කරුණු හෙළිදරව් කරනු ලබයි.

කතරගම දෙවියන් හොඳට හොඳත් නරකට නරකත් කරන දෙවියකු බව කවුරුත් දන්නා කරුණකි. කඩවර හත් තට්‌ටුව සිය ආරක්‍ෂක පිරිවර ලෙසත් සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් සිය අග්‍රාමාත්‍යවරයා සේවකයා ලෙසත් පත් කරගෙන සිටින කතරගම දෙවියන් පරිසරයට ද සතා සිවුපාවාට ද ඉතාම තදින් රැකවරණය ලබා දෙනු ඇත. කතරගම දේව අඩවියේ දී වන සතුන් දඩයම් කළ සුද්දන්ට අපූරු දඬුවම් ලබා දුන් කතරගම දෙවියන් අපරට අල්ලාගත් පර දේශක්‌කාරයන්ට අමතක නොවන දඬුවම් රැසක්‌ ලබා දුන් අතර පන්සල් විහාරස්‌ථාන කොල්ලා කමින් ලක්‌aදිව වස්‌තු සොරා කෑ විජාතිකයින්ට කිසිදු විටකදී කතරගම පුදබිම පිහිටි සීsමාවේ සිය ආධිපත්‍යය උසුලන්නට ලබා නොදුන් අතර මෙහි සඳහන් වන්නේ පරසතුරන්ට කතරගම දෙවියන් විටින් විට ලබා දුන් දේව දඬුqවම් සම්බන්ධ සත්‍ය සිදුවීම් කීපයකි.

කතරගම දෙවියන්ගේ අඩවියේ සිටින වන සතුන්ට රැකවරණය ලබා දෙන කතරගම දෙවියන් විසින් දේව අඩවියේ දී කිසිදු වන සතකුට පීඩාවක්‌ වන්නට ඉඩ නොදෙති. කතරගම දේවාලය පිටු පස ඇත්තේ යාල අංක 03 කලාපයට අයත් වන බිමකි. ඌව අල්ලාගත් ඉංගී්‍රසීන් ඌවේ සම්පත් කොල්ල කමින් සිටි අතර වටිනා දැව වර්ග ද අලි ඇතුන් මරා ඇත්දළ ද මැණික්‌ වැනි වස්‌තූන් ද රැගෙන ගිය අතර 1923 ඌවේ දිසාපතිවරයකු වූ සිටි හර්බටි වයිටි මහතා සිටි සමයේ දී ඔහුට සම්බන්ධ බ්‍රිතාන්‍යයේ සිටි දක්‍ෂ ක්‍රීඩකයකු වන ඡේ. ඒ. ඉරේෂන් මහතා ද ඌවට පැමිණ ඌවේ සම්පත් බ්‍රිතාන්‍යයට රැගෙන යැමට උපකාර කරනු ලැබිය. ඡේ. ඒ. ඉරේෂන් ඉතාම දක්‍ෂ දඩයක්‌කරුවෙකි. ගොදුරු සොයා අහසේ පියාඹන උකුස්‌සන්ට පවා බිම සිට වෙඩි තැබීමට දක්‍ෂතාවක්‌ ඇති ඡේ. ඒ. ඉරේෂන් ඇතුන් මරා දළ යුගලයන් ගැනීමට ආණ්‌ඩුකාරයා විසින් යොදවා තිබේ. දඩයම් කර වන සතුන් මරා දැමීම විනෝදයක්‌ කර ගත් ඡේ. ඒ. ඉරේෂන් ඌවට අයත් සෑම වනයකදීම අලි ඇතුන් මරා දැමීමට ක්‍රියා කරනු ලැබීය. කතරගම දේවාලය ආසන්නයේ යාල අංක 03 කලාපයට අයත් ඓතිහාසික ස්‌ථානයක්‌ වන ගල්ගේ අදත් බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ ස්‌ථානයකි. පාද වන්දනාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ එක්‌ නවාතැන් පොලක්‌ ලෙස පවතින මෙම ගල්ගේ අසල පැරණි ගණ දෙවි කෝවිලක්‌ ද පවතී. කිසිදු දිනයක දිය නොසිඳෙන පොකුණක්‌ ද ඇති මෙම ස්‌ථානය දේව අඩවියක්‌ ලෙස අදත් ජනයාගෙන් පුද සත්කාර ලබන ස්‌ථානයක්‌ වේ.

ඡේ. ඒ. ඉරේෂන් ද සිය අලි ඇතුන් දඩයම් කිරිම පිණිස යාල ප්‍රදේශයට  පැමිණියහ. වසරක්‌ වැනි කාලයක්‌ පුරා අලි ඇතුන් 99 ක්‌ මරා දැමූ ඡේ. ඒ. ඉරේෂන් 1923. 11. 12 වැනි දින ගල්ගේ අසල නිතර රැඳුණු දැවැන්ත ඇතකුට වෙඩි තැබුවේ අසරණ ඇතා ගල්ගේ උඩ තිබූ වතුර වළේ ජලය පානය කරන අවස්‌ථාවේදීය. 

වෙඩි පහර කෑ ඇතා වියරුවෙන් තමන්ට වෙඩි තැබු දඩයක්‌කරුවූ ඡේ. ඒ. ඉරේෂන් පසු පස එලවාගෙන ගොස්‌ ඡේ. ඒ. ඉරේෂන්ගේ දෙපා වලින් අල්ලා ඔලුව පිපිරෙන තෙක්‌ ගලේ ගසා මරා දමනු ලැබීය. පසුව වෙඩි කෑ ඇතාද මියගියේ සුද්දන්ට තවත් දේව අඩවියේ වන සතුන්ට හිරිහැරයක්‌ වෙන්නට පරිසරය සකස්‌ කරමින්ය. පසුව 1924 දි ඉරේෂන්ගේ ඥතින් පැමිණ මෙම ස්‌ථානයේ සිහිවටන කු`ඵණක්‌ද සාදවනු ලැබීය.

1920 දී එක්‌ සුදු ඒජන්තවරයකු කතරගම දේවාලය නැරඹීමට පැමිණියේ කිසිදු ගෞරවාන්විත භාවයකින් තොරවයි. සිය අශ්වයා පිට පැමිණි සුද්දා දැකපු කපු මහතුන් පැවසුවේ දෙවියන්ගේ බිමේ අශ්වයා පිට සිටින මේ සුද්දාට දෙවියෝ දඬුවම් කරන්නේ නැද්දැයි තමන්ටම අසා ගනිමින්ය. ගත වූයේ නිමේෂයකි. අශ්වයා කුලප්පු විය. සුද්දා ගසක්‌ බිම දැමූ පරිදි බිමට වැටුණු අතර අශ්වයා දූවිලි අවුස්‌සමින් දිවයන්නට විය.

දිනක්‌ පෘතුගීසි හමුදාවක්‌ කතරගම දේවාල භූමියට පැමිණියේ දේවාලය නැරඹීමේ අදහසින්ය. මෙම පිරිස වනයේ අතරමං විය. පැය ගණන් ඇවිද ගියත් සිය ගමන් මග කැරකි කැරකී එකම ස්‌ථානයකට පැමිණිම හැර වෙනත් මඟක්‌ සොයා ගන්නට නොහැකි විය. මේ වන විට දී මෙම පෘතුගීසි හමුදාවන් පැමිණි බව දැනගත් දේවාලයේ කපු මහතුන් දේවාලයට අයත් වටිනා වස්‌තුව රැගෙන පලාගිය අතර දේවාල භූමියේ සිටියේ හින්දු පූජකයකු වූ පාල්කුඩලීබාවා පමණි. කැලේ අතර මං වූ පෘතුගීසීන් දැඩි පිපාසයෙන් පැමිණ පාල්කුඩලීබාවා මුණගැසී "අපිට වතුර තිබහයි වතුර ටිකක්‌ දීපං" යනුවෙන් ඉල්ලා සිටියහ. පෘතුගීසීන් මේ පැමිණ ඇත්තේ දේවාලයේ වස්‌තුව කොල්ලකෑමට බව වැටහුණු පාල්කුඩලීබාවා වහා දිව ගොස්‌ කිරිවලට ගංජා අඹරා දමා පෘතුගීසීන්ට බීමට දෙනු ලැබීය. දැඩී පිපාසයකින් පසු වූ පෘතුගීසීන් සෙබළුන් මෙම ගංජා මිශ්‍ර කිරි පානය කළ අතර පසුව මත් වූ මෙම පෘතුගීසින් දින එකහමාරක්‌ පමණ දේවාල භූමියේ වැතිර සිට ඇත. පසුව පාල්කුඩලීSබාවාගෙන් පෘතුගීසීන් ඇසුවේ "උඹ අපට දුන්නේ මොනවාදැ"යි යනුවෙනි. පාල්කුඩලීබාවා, "මේ දේවාලය ඉතාම අනුහස්‌ බැවින් තව දිනක්‌ සිටියොත් උඹලා මිය යනවා. ඒ නිසා ඉක්‌මනට පලයල්ලා" යනුවෙන් පැවසීsම නිසා දේවාලයට වැඳ වහා පෘතුග්‍රීසීන් පිට වූ බව දේවාලයේ කපු මහතුන් පවසයි. මේ අයුරින් දේවාලයට රැකවරණය ලබා දුන් පාල්කුඩලීබාවාට සැළකිල්ලක්‌ ලෙස සෑම සෙනසුරාදාවක දීම දෙවියන් ට නානු මුර කරන විට දී අවශ්‍ය දෙහි ඇතු`ඵ පූජාද්‍රව්‍ය චාරිත්‍රයක්‌ ලෙස ලබාදීමට එවකට සිටි කපු මහතා ක්‍රියාකළ බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පවසයි. එම කටයුත්ත අදත් තේවානි අම්මා මඩමෙ සිටින පූජකවරුන් විසින් ඉටු කරයි.

ලබන සතියේ කැබිලිත්ත දේවාලයේ ඉතිහාසය හා දේව හාස්‌කම් බලාපොරොත්තු වන්න.

කේ. ඩී. දේවප්‍රිය

Post a Comment

0 Comments