එල්ලුම්ගහට ගිය ඉතිහාසගත නඩු තීන්දුව


මීට පෙර අපේ අධිකරණ ඉතිහාසයේ වැඩිම දෙනෙකුට එක්‌ අපරාධයක්‌ මුල්කොටගෙන මරණ ද`ඩුවම ලබාදී තිබුණේ මීට අවුරුදු එකසිය පනස්‌ හයකට පෙරය. එනම් 1858 දීය. නඩු නිමිත්ත ජුලියස්‌ අප්පු නැමැත්තෙක්‌ මරා දැමීමය. එම වරදට සැකකරුවෝ 15 දෙනෙක්‌ අත්අඩංගුවට පත්වුහ. නඩුව ඇසුවේ කෑගල්ල උසාවියේය. ඉන් හත් දෙනෙක්‌ නඩුව අසන අතරතුර නිදහස්‌ විනි. ඉතිරි අට දෙනා ප්‍රසිද්ධියේ එල්ලා මරණු ලැබූහ. බ්‍රහස්‌පතින්දා සවස මහනුවර පළාත්බද අධිකරණයෙන් ලැබෙන තීන්දුවෙන් වෙනස්‌ වන්නේ ඒ ඉතිහාසයය. 

නඩු නිමිත්ත

මීට දස වසරකට පෙර, එනම් 2004 අප්‍රේල් මාසයේ 08 වැනි දින මාතලේ රත්තොට නාගල මාඩුපට්‌ටිය ලයිමේ ජීවත්වු අයියාවු මුත්තුකුමාර් නැමැති 29 හැවිරිදි තරුණයෙක්‌, පිරිසක්‌ විසින් පහර දී මරා දැමිණි. මේ ගැටුම සිදුවන්නේ ගැහැණු ළමයෙක්‌ මුල්කොට ඇතිවු සුළු හිත් අමනාපයක්‌ දුරදිග යැමෙනි. මියගිය තරුණයා වඩු වැඩ ස`දහා අත්වැඩ සැපයු කුලීකරුවෙක්‌ ලෙස ජීවිකාව සරිකරගෙන තිබුණේය.

ගැටුම සිදුවුයේ මඩුපට්‌ටිය ලයිමේ කෝවිලේ පේරු උත්සවය පැවැත්වෙන දිනයේදීය. ගැටුම ඇතිවී තිබුණේත් කෝවිල අසලය. මෙහිදී මියගිය මුත්තුකුමාර් හා ආරවුල ඇති කරගන්නා තරුණ කණ්‌ඩායමේ සිටි පිරිස පොල්ලක්‌ කැඩෙනතුරු මේ තරුණයාට පහරදී තිබිණි. අපරාධය සම්බන්ධව 13 දෙනෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත් වුහ. ඔවුහු 2004 මැයි මස අධිකරණයට ඉදිරිපත් කළහ. 

පුද්ගලයෙක්‌ තුවාල කිරීම අරමුණ කරගත් නීති විරෝධී රැස්‌වීමක්‌ ස`දහා සහභාගී වීම, පුද්ගලයෙකුට පහර දී ඔහු මැරෙනතුරු ර`දවාගෙන සිටීම, මිය යනතුරු පොලුවලින් පහරදීම ඇතුළු චෝදනා ගණනාවක්‌ මේ පිරිස වෙත ඉදිරිපත් වී තිබිණි. නඩු භාණ්‌ඩ ලෙස මුත්තුකුමාර්ට පහරදී මරා දැමුණු පොලු කෑලි දෙකක්‌, මරණකරු ඇ`දගෙන සිටි සරම ඉදිරිපත් කෙරිනි. නඩු විභාගයේදී රත්තොට දිසා රෝහලේ වෛද්‍ය ජී.එන්. විඡේසුරිය, වෛද්‍ය ශාන්තදේව යන වෛද්‍යවරු විද්‍යාත්මක පදනමක සිට ලබාදුන් සාක්‌ෂි හා මරණ පරීක්‌ෂණ වාර්තාවේ විද්‍යාත්මක කරුණු තර්කානුකූලව ගොනු විනි. නඩු විභාගය අතරතුර අත්අඩංගුවට පත් සැකකරුවෝ තිදෙනෙක්‌ නිදොස්‌කොට නිදහස්‌ කරනු ලැබූහ. සුප්පයියා වාඩිවේල් නොහොත් වාඩියා, සින්නයියා ක්‍රිෂ්ණ මූර්ති නොහොත් සලීම්, සන්නායි රාමලිංගම් එසේ නිදහස්‌ වූ තිදෙනාය. 

නඩු තීන්දුව පිටු 52 ක වාර්තාවක්‌ විය. මියයනතුරු පොලුවලින් පහරදී පුද්ගලයෙකු මරණයට පත්කිරීම සාධාරණයකින් තොරව අධිකරණයේ දී ඔප්පු කරන්නට හැකි වී තිබිණි. ඉතිරි සැකකරුවෝ දසදෙනා චූදිතයෝ වුහ. ඔවුන් දසදෙනාටම මරණ ද`ඩුවම නියමවිනි. රත්නායක මුදියන්සේලාගේ තිස්‌ස බණ්‌ඩාර (40), ආරච්චි රත්නායක මුදියන්සේලාගේ විජය බණ්‌ඩාර නොහොත් චූලේ බාස්‌ (38), නාගලිංගම් පුණ්‍යමූර්ති නොහොත් වයිට්‌ (32), ලෙච්චමුනම් විඡේකාන්ත් නොහොත් පේමිණි (31) කරුප්පයියා යෝගේෂ්වරන් නොහොත් සිලක්‌කු (39), සේවාපොරඹගෙ පුන්sසිරි නොහොත් පුංචි අයියා (39), ලෙච්චමනම් යෝගරාජා නොහොත් එළී ( 31), ශිවාසාමි ශිවා නොහොත් කරාටෙ ශිවා (30), රාමනාදන් අබ්දුල්ලා (36), රාජදුරේ ඉලේරාජා නොහොත් සෝකු (32) මෙසේ මරණ ද`ඩුවමට ලක්‌ වුහ. 

මරණ ද`ඩුවම පිළිබ`ද තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමගම උසාවි බිම මළගෙයක්‌ විය. වරදකරුවන් දස දෙනාගෙන් හය දෙනෙක්‌ මහා හ`ඩින් හ`ඩා වැටුණාහ. අපරාධය සිදුවන අවධිය වනවිට සියල්ලන්ම තිස්‌ විය නොඉක්‌මවු තරුණයන්ය. අයෙක්‌ වසර විස්‌සක්‌ ලැබුවා පමණය. ද`ඩුවම ලැබෙන මොහොත වනවිට ඔවුන් බොහෝ දෙනෙක්‌ උස්‌මහත් වු දරුවන් සහිත පියවරුය. මරණ ද`ඩුවම පැනවීම පිළිබ`ද සමාජ කථිකාවක්‌ නිර්මාණය වෙමින් ඇති මොහොතක ලැබුණ මේ ද`ඩුවම ඒ දරුපැටවු කම්පා කර තිබු අයුරු පෙනුනි. ඔවුහු ඉකි ගසමින් හ`ඩමින් උන්හ. මේ බොහෝ දෙනෙක්‌ මහජනයාට විවෘත වූ බෝගම්බර සිර ගෙදර බලන්නට ගොස්‌ තිබුණහ. පෝරකය අසලට ගොස්‌ සියෑසින් දැක ඒ මාරක මොහොතේ සිතින් අත්වි`ද තිබුණහ. තමුන්ගේ ස්‌වාමිපුරුෂයන් ඒ පෝරකයටම නගිනු දකින්නට තමන් පව් කළ බව කියමින් හ`ඩා වැටෙන බිරින්දෑවරු අතරින් අපි පැමිනෙමින් සිටියෙමු. 

මේ මරණ සමුහය පිළිබ`ද වන ද`ඩුවමේ නිල ප්‍රකාශය උසාවියට ඉදිරිපත් කළේ එදින සේවයේ නියුතු කාන්තා මුඩ්ලියර්වරිය විසිනි. ඇය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වෙව්ලන ස්‌වරයකිනි. අනතුරුව ඇය දක්‌නට නොලැබිනි. උසාවියේ ඇතුළු කාමරයක මේසයක්‌ මත හිස තබාගෙන ඇය ඉකි බි`ද හ`ඩමින් සිටියාය.

මනුෂ්‍යත්වයේ සංවේදනයන් ව්‍යවහාරික නෛතික ධර්මතාවයන්හි ගාම්භීර අරුත් ගැන්වීම් වලින් විවරණ කර ගත හැකි නොවේ. මීට දස වසරකට පෙර මේ පිරිස පුද්ගලයෙක්‌ මරා දැමු, සමාජ වෛරයට පාත්‍රවන මිනී මරුවන්ය. එහෙත් ඒ මිනීමරුවන්ට මරණයෙන් ද`ඩුවම් දෙනවිට සමාජය හ`ඩා වැටෙන්නේය. මනුෂ්‍යත්වයේ විචිත්‍රත්වය එයය. ඒ සමගම මේ හ`ඩා වැටීම් තුළ යුක්‌තියේ නිරූපණ විෂමතාවයන් පිළිබ`ද වන කුකුස මතුවනු පෙනෙන්නේය. බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක්‌ ඝාතනය වන්නේත් මේ ආකාරයේ සමුහයක්‌ අතිනි. තවත් සමුහයක්‌ ඉදිරියේය. ඒ ඝාතනය මීට වඩා ම්ලේච්ඡය. හේතුව ඔහුව මරා ඔහුගේ පියකරු පෙම්වතියට පහරදී සිහි සුන්කර සමුහ දූෂණයකට ලක්‌ කිරීම උසාවිය ඉදිරියේ කියෑවෙන නිසාය. සංචාරක කර්මාන්තයෙන් ලෝකය දිනන්නට හදන රටක අසිරිය දැන් ලෝකය ඉදිරියේ රූපණය වෙමින් ඇති නිසාය.

මුත්තුකුමාර් ඝාතනය වන්නේ 2004 අප්‍රේල් මාසයේය. ඒ වනවිට රටට ඕනෑතරම් ප්‍රවෘත්ති තිබුණේය. මහින්ද රාජපක්‌ෂ අගමැතිවරයාගේ දේශපාලන හැසිරීම, කරුණා හා ප්‍රභාකරන් අතර නැගෙනහිර අයිතිය වෙනුවෙන් සිදුවු යුද්ධය, ආණ්‌ඩු පෙරළියක පෙරනිමිති සහිතව පුවත් වලින් මුල්පිටු සැරසුන වකවානුවක මාතලේ රත්තොට නාගල මාඩුපට්‌ටිය ලයිමේ ජීවත්වු අයියාවු මුත්තුකුමාර් නැමැති 29 හැවිරිදි තරුණයෙකු සමුහයක්‌ අතින් ඝාතනය වීම රටට පුවතක්‌ වන්නේ නැත. එය ප්‍රවෘත්තියක්‌ වන්නේ මිනීමැරුමට වරදකරුවන් වු දස දෙනා එල්ලා මැරීමට නියම වීමත් සමගය. 

එහෙත් කුරාම් ෂේක්‌ ගේ මිනීමැරම සිදුවු දා සිට ලෝකයම එය දෙස බලා සිටියේය. මේ මොහොතේ ඒ අපරාධය රටේ විලිලඡ්ජාව පිළිබ`ද ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේය. දැන් ලෝකය බලා සිටින්නේ මුත්තුකුමාර් ඝාතනයේදී සිදුවුවාක්‌ මෙන් කුරාම් ෂේක්‌ ඝාතකයන්ට එරෙහි සාක්‌ෂි ගොඩ නැගෙන ආකාරය ගැනය. අපරාධකරුවන්ට එරෙහි විද්‍යාත්මක සාක්‌ෂි පෙළගැසෙන ආකාරය ගැනය. සැකයකින් තොරව අපාරධය ඔප්පු වන ආකාරය ගැනය.

නීතිය යුක්‌තිසහගත බව අපේ හෘද සාක්‌ෂියට එක`ගව ලෝකයට කියන්නට හැකි දිනය පිළිබ`ද රට බලාපොරොත්තු සහිතව බලා සිටින්නේය.

- උපේක්‌ෂා

Post a Comment

0 Comments