පාප්තුමෙකු තෝරන්නේ කෙසේද ?


පාප්තුමෙකු ස්‌වර්ගස්‌ථ වීමක්‌ සමග හෝ ඉල්ලා අස්‌වූ විට රෝම ව්‍යවස්‌ථානුකූල සම්ප්‍රදාය අනුව ඒ තුළ වැඩ කරන සියලු කාර්දිනල්තුමන්ලා එතුමන්ලා දරන තනතුරු නිල වශයෙන් අවසාන වී යනු ඇත. එහෙත් විශේෂ තනතුරු තුනක්‌ ඉතිරි වේ.

1. නව පාප්තුමෙකු පත්වනතුරු දේපල හා මූල්‍ය පරිපාලන 
   කටයුතුවල වගකීම දරන්නා (The Camerlengo) 
2. රෝම පදවි නායක (The Vicar of Rome)
3. කාර්දිනල් මණ්‌ඩලයේ සභාපති (Head of the
    apostolic Peniteneiary)

එසේම දෙවන වැදගත් තනතුරු දරන පහත සඳහන් තනතුරු එසේම පවතී.
අ). වතිකානු රාජ්‍ය ලේකම් ධුරයේ වගකීම
ආ). ප්‍රධානියා වෙනුවෙන් කටයුතු කරන්නා

රෝම ව්‍යවස්‌ථාදායක පිළිවෙත අනුව පාප්තුමෙකු ස්‌වර්ගස්‌තවීම හෝ ඉල්ලා අස්‌වූ විගසම නව පාප්තුමෙකු පත්වනතුරු දේපළ මුල්‍ය හා පරිපාලන කටයුතු වගකීම දරන්නා විසින් රෝම ජනතාවට සහ රෝම පදවි අනුනායකට ඒ මොහොතෙම දැනුම් දෙන අතර කාර්දිනල් මණ්‌ඩල සභාපති ඇතුළු සියලු ලෝකවාසී කාර්දිනල්තුමන්ලාට දැනුම් දීම ඉතා සුළු මොහොතකින් සිදුවේ. එම පණිවුඩයේ වැඩිදුරටත් දක්‌වා සිටින්නේ වහාම සියලු කාර්දිනල්වරු රෝමයට පැමිණෙන ලෙසය.

වර්ෂ 1179 සිට පාප්තුමෙකු තෝරාපත් කර ගැනීම කාර්දිනල්තුමන්ලා විසින් පමණක්‌ කිරීමට එම ව්‍යවස්‌ථාව සැකසී ඇත. කාර්දිනල්වරුන් තෝරන්නේ පාප්තුමා විසින් පමණි. පාප්තුමන් විසින් තෝරාගත් කාර්දිනල්තුමන්ලා පාප්තුමාගේ ඉතා කිට්‌ටු අනුශාසකවරු ලෙස කටයුතු කරති. පාප්තුමා විසින් කාර්දිනල් යන නාමය රදගුරුතුමන්ලා, පූජක සහ තේවාචාරී යන අංශ තුනේ අය වෙත ලබාදීම සිදු කෙරේ.

පාප්තුමෙකු තේරීම සාමාන්‍ය සහ විශේෂ වැඩමුළු ලෙස එම රැස්‌වීම් නම් කෙරේ. පාප්තුමෙකු තේරීමේ සාමාන්‍ය සහ විශේෂ රැස්‌වීම් වතිකානයේ අපෝස්‌තලික මාළිගාවේ පැවැත්වේ. එසේම නව පාප්තුමා තේරීම සඳහා පැමිණෙන කාර්දිනල්තුමන්ලා නවාතැන් ගත යුතු ස්‌ථානය සාන්ත මර්තා ගෘහය ලෙස සැලකේ. කාර්දිනල්තුමන්ලා වෙනුවෙන් පවත්වන සාමාන්‍ය හා විශේෂ වැඩමුළුවලදී සියලුදෙනා දිවුරුම් දීමක්‌ කෙරේ. මෙම රැස්‌වීම්වලදී කාර්දිනල්තුමන්ලා වගකීමෙන්ද ධර්ම ප්‍රඥාවෙන් ද යුතුව කලට වේලාවට රැස්‌වීම් ශාලාවට පැමිණිය යුතු අතර එම වගකීම නිවැරැදිව ඉෂ්ට කිරීම සඳහා විශේෂ දැනුමක්‌ ඇති පියතුමන්ලා තිදෙනෙක්‌ පත්කරනු ඇත.

විශේෂ වැඩමුළුව (Particular Congregation)

විශේෂ වැඩමුළුව සඳහා නව පාප්තුමෙකු පත්වන තුරු දේපළ මුල්‍ය හා පරිපාලන කටයුතු වගකීම දරණ (the Camerlengo) කර්දිනල්තුමා සහ එතුමා විසින් පත් කරනු ලබන විශේෂ දක්‍ෂතා ඇති ධර්ම ප්‍රඥව සහ වගකීමෙන් යුත් කාර්දිනල්වරු තිදෙනකු පත් කරන අතර එම කාර්දිනල්තුමන්ලා සාමලින්ගෝ කාර්දිනල්තුමාගේ සහයකයන් ලෙස වැඩ කළ යුතුය. විශේෂ වැඩමුළුව මගින් ධර්මානුකූලව පාප්තුමෙකු තේරීමේ ව්‍යවස්‌ථාවේ 44 වගන්තිය අනුව ක්‍රියා කළ යුතුය. එනම් පාප්තුමෙකු තේරීම සඳහා වතිකානු අපෝස්‌තලික මාළිගාවේ කාර්දිනල්වරයකු සිටිනවිට කිසිදු බාහිර සම්න්ධතාවක්‌ ඇති කර ගැනීමට කිසිදු ඉඩ ප්‍රස්‌ථාවක්‌ නොලැබේ. යම් කාර්දිනල්තුමෙකුට දුරකථන ඇමතුමක්‌ හෝ තුන්වන පාර්ශ්වයකට කතා කිරීමට අවශ්‍ය නම් විශේෂ වැඩමුළුවේ අවසරය ලබාගත යුතුය. පාප්තුමා තෝරන කාලය තුළ සියලු කාර්දිනල්තුමන්ලා වතිකානයේ සාන්ත මරියා ගෘහයේ විසිය යුතු අතර එම ගෘහයේ සිටිය යුතු සේවකයන් හා අරක්‌කැමියන්ද සිටිය යුතු ප්‍රමාණය තීරණය කරන්නේ මෙම විශේෂ සමුළුවෙනි. 

නව පාප්තුමෙකු තෝරා පත් කර ගන්නේ කෙසේද?

1. අලුතින් පාප්තුමෙකු තෝරා ගැනීමේ කාර්ය ආරම්භ කරන්නේ දිව්‍ය පූජාවකිනි. සියලු කාර්දිනල්තුමන්ලා දේව ආසිරි පතමින් (Veni Creator) යන ස්‌ප්‍රීතු සාන්තු ගීය ගායනා කරමින් සාන්ත පාවුළු දෙව් මැදුරේ සිට සිස්‌ටයින් දෙව්මැදුරට රැස්‌වෙති. 

2. 2 වැනි ජුවාම් පාවුළුතුමා ප්‍රකාශයට පත් කළ 1996 ව්‍යවස්‌ථාව අනුව සියලු කාර්දිනල්තුමන්ලා පාප්තුමෙකු තේරීමේ කටයුතු පිළිබඳ රහස්‍යභාවය රැකීමට දිවුරුම් දීම කෙරේ.

මෙම කාලය තුළ කිසිම කාර්දිනල්තුමෙකුට දුරකථන පාවිච්චිය, පත්‍ර, සඟරා කියවීම, රූපවාහිනිය නැරඹීම තහනම් වේ. මෙහිදී පාප්තුමෙකු තේරීමේ අරමුණ කරගත් කෙටි දේශනයක්‌ කාර්දිනල් මණ්‌ඩලයේ ප්‍රධානියා විසින් පැවැත්වේ. මෙහිදී 2 වැනි ජුවාම් පාවුළුතුමාගේ ව්‍යවස්‌ථාව පිළිබඳ විස්‌තරයක්‌ කර එම ව්‍යවස්‌ථාව සියලුදෙනාම අනුමත කිරීමෙන් පසුව තේරීම් කටයුතු ආරම්භ කෙරේ. පාප්තුමා තේරීමේ පළමු දිනයේ සවස එක්‌ ඡන්ද වටයක්‌ද ඊට පසු දින චල උදයේ ඡන්ද වට දෙකක්‌ද පැවැත්වේ. වර්ෂ 1996 ව්‍යවස්‌ථාව අනුව සෑම ඡන්ද වටයකදීම පියවර තුනක්‌ ඇත.

පාප්තුමා වශයෙන් තමා තෝරන කාර්දිනල්තුමාගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් කළ යුතුය. එක්‌ නාමයකට වඩා වැඩි වුවහොත් අවලංගුය. ඡන්ද දමන සිස්‌ටයින් දෙව්මැදුරේ අල්තාරය මත ඇති විශාල කාලිස්‌ පත්‍රයට ඡන්ද පත්‍රිකා දැමිය යුත්තේ සුදුසු තැනැත්තා තෝරන බවට යාච්ඥ කිරීමෙන් පසුවය. රෝගී වූ කාර්දිනල්තුමෙකු සිටී නම් එම ඡන්ද පත්‍රිකාවේ බලය විශේෂිතව පවරනු ලැබූ කාර්දිනල්තුමෙකු මගින් එම ඡන්ද පත්‍රිකාව ගෙනෙනු ඇත. සියලු කාර්දිනල්වරු ඡන්දය පාවිච්චි කළ යුතුමය. යම් හෙයකින් ඡන්ද ගණන කාර්දිනල්වරු ගණනට සමාන නොවුවහොත් ඒවා විවෘත නොකර පුළුස්‌සා දමනු ඇත. සමාන නම් ඡන්ද ගණන් කිරීම අරඹන අතර මෙම කාර්ය සඳහා තිදෙනකු යොදා ගන්නා අතර එක්‌ අයෙක්‌ ඡන්ද පත්‍රිකා විවෘත කර නිහඬව එහි නම සඳහන් කර ගනිමින් දෙවැන්නට එම ඡන්ද පත්‍රිකාව බාරදෙයි. දෙවැන්නද නම සඳහන් කරගෙන තුන්වන ඡන්ද ගණන් කරන්නාගේ අතට ඡන්ද පත්‍රිකා ලබාදෙයි. එවිට සියලු දෙනාටම ඇසෙන සේ ශබ්ද නගා නම් ප්‍රකාශ කරයි. ඔහු සියලුම නම් ප්‍රකාශ කළ පසු නූලකට අමුණා මේසය මත තබයි. ඡන්ද ගණන් කරන්නන් එකිනෙක කාර්දිනල්තුමා ලබාගත් ඡන්ද වෙන් වෙන්ව තබා තුනෙන් දෙක (2/3) ඡන්ද ලබා නොතිබුණහොත් පාප්තුමෙකු තේරී නොමැත. පාප්තුමෙකු තේරෙන තුරු ඡන්ද දැමීම සිදු කෙරේ. තමාට ලැබෙන ඡන්ද තමා විසින් වාර්තා කර ගැනීම තහනම් වේ. වර්ෂ 1996 ව්‍යවස්‌ථාව අනුව දින 03 ක්‌ ඇතුළත පාප්තුමෙකු තෝරා ගැනීමට නොහැකි වුවහොත් නිදහස්‌ දිනයක්‌ නියම කර යාච්ඥා සහ ආත්මික දේශනයකට සියලුදෙනා සහභාගි කරවා නැවත 07 වරක්‌ ඡන්දය ප්‍රකාශ කරති. ඒත් පාප්තුමෙකු නොතේරුණහොත් තවත් දිනෙක නිවාඩුවකට පසු නැවත 07 වරක්‌ ඡන්දය ප්‍රකාශ කරතිs. එවිටද පාප්තුමෙකු තේරී පත් නොවුවහොත් කාර්දිනල් මණ්‌ඩලයේ ප්‍රධානියා විසින් පවත්වන දේශනයකින් පසු ඡන්ද ප්‍රමාණ දෙකෙන් එක (1/2) වැඩි එකක්‌ වශයෙන් 50% Ý 1 ගෙන පාප්තුමෙකු තෝරන බව ප්‍රකාශයට පත් කරයි. නව නීතිය අනුව ඡන්ද වාර 30 පසු එනම් දින 12 පසුව පෙර කී තත්ත්වය ප්‍රකාශයට පත් කළ හැක.

පාප්තුමාගේ තනතුරට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලද කාර්දිනල්තුමාගෙන් එම ධුරය භාර ගන්නේ දැයි කාර්දිනල් මණ්‌ඩලයේ ප්‍රධානියා විසින් ප්‍රශ්න කරනු ලබන අතර පිළිගැනීම ප්‍රකාශ කිරීමත් සමග නව පාප්තුමෙකු වශයෙන් නම් කෙරෙනු ඇත.

නව පාප්තුමා තෝරා ගැනීමත් සමග සියලු කාර්දිනල්තුමන්ලා නව පාප්තුමා අභියස දණ නමා ගෞරවයෙන් පිළිගනු ලබති. නව පාප්තුමා තෝරාගත් විගස රෝම ගමරෙල්ලි වෙළෙඳසැළෙන් පැමිණෙන ඇඳුම් මසන්නා සුදුපාට වර්ණයෙන් යුතු ඇඳුම් සූදානම් කෙරේ. පාප්තුමෙකු තෝරාගත් බවට වතිකානයේ සිස්‌ටයින් දෙව්මැදුරෙන් සුදු දුමක්‌ පිට කිරීමත් සමඟ සාන්ත පීතර බැසිලිකාවේ ගණ්‌ඨාර නාදය මැද සියලු කාර්දිනල්තුමන්ලා කැටුව බැසිලිකාවේ සදළු තලයට පැමිණෙන නව පාප්තුමා එම චතුරස්‍රයේ සිට ජනතාව වෙත (Urli El Orti)) නගරය සහ ලෝකය වෙත දානය කරන සාම්ප්‍රදායික ආශිර්වාදය දානය කරයි. 

පාප්තුමාගේ අභිෂේක දේව මෙහෙය -

පාප්තුමෙකු තනතුරට පත්ව, දින කිහිපයකට පසුව නව පාප්තුමා තම ධුරයේ වගකීම සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වෙන දිව්‍ය පූජාවක්‌ සමග අරඹයි. එය ඔටුණු පැළඳවීමේ දේව මෙහෙය ලෙස හඳුන්වන අතර තට්‌ටු තුනකින් සමන්විත රන්ඔටුන්නක්‌ (Papal
Tiara) පළඳවනු ලබයි. මෙම ඔටුන්න ලද අවසාන පාප්තුමා 06 වැනි පාවුළු පාප්තුමා වන අතර එය නිව්යෝර්ක්‌ නගරයේ වෙන්දේසියේ විකුණා දුප්පත් රටවලට මුදල් දානය කරන ලදී. එතුමාට පසුව පත්වූ 1 වැනි ජුවාම් පාවුළු පාප්තුමා ඔටුණු පැළඳවීම ප්‍රතික්‍ෂේප කළ අතර සේවක සංකේතය ලෙස මුල්කර පළඳනාවත්, යස්‌ටියත් තෝරා ගැනිණි. මෙම පළඳනාව ජ්‍යෙෂ්ඨ කාර්දිනල්තුමෙකු පැළඳවීම සිරිතකි. ඉන්පසු පාප්තුමා ජනතාව අමතයි.

පාප්තුමෙකු තෝරා පත් කර ගැනීම සඳහා නව නීති මාලාවක්‌ 2 වැනි ජුවාම් පාවුළු පාප්තුමා විසින් "ස්‌වාමීන් වහන්සේගේ සමස්‌ත රළ වෙත" (Universi
Domini Gregis) යන නමින් 1996 පෙබරවාරි 22 වැනි දින ප්‍රකාශයට පත් කරන ලදී. එම නියමන් මත පමණි; පාප්තුමෙකු තේරී පත්වීම කරගෙන යනු ලැබුවේ.

Post a Comment

0 Comments