මේ දහම් දිවයිනේ සිදුකරන කාම අපරාධ දිනෙන් දින වැඩිවන අයුරු දැකිය හැකිය. කොපමණ කතා කළත් කාන්තාවන්ට වන හිංසාවන්ගේ අඩුවීමක් නොමැත. අසම්මත බාලවයස්කාර ලිංගික සම්බන්ධතා ලිංගික අතවර හෝ ස්ත්‍රී දූෂණ ගැන අපි මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුව ඇත්තෙමු. සිද්ධියක් වූ පසු ඒ ගැන සොයා බලා වැරැදිකරුවන්ට දඬුවම් දීම පමණක් නොව එවැනි වරදවලින් මුදවා ගැනීමටද හැකි සෑම පියවරක්ම ගත යුතුව ඇත.
ඉතා ශෝචනීය වූත් ඉතා බරපතළ වූත් සමාජ ෙ€දවාචකයක් වී ඇති කාම අපරාධ ගැන මාධ්‍ය මගින්ද කරුණු අනාවරණය කෙරේ. දූෂණය කර මරා දැමීම, අතවර කිරීම සඳහා පැහැරගෙන යැම බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම, ලිංගාශ්‍රිත රෝගවලට භාජනය වීම, අසම්මත ප්‍රේම සම්බන්ධතා මත අවුරුදු 16 ට අඩු පාසල් වියේ බාල වයස්කාර අය හෝ තරුණ අය සියදිවි නසා ගැනීම, මහලු කාන්තාවන් පවා දූෂණය කිරීම ආදී ප්රවෘත්ති මෑත භාගයේදී ඉතා විශාල වශයෙන් වාර්තා විය.
එප්පාවල හය දෙනෙක් ඝාතනය, මරදන්කඩවල තිදෙනෙක් ගෙල වැලලාගෙන දිවිනසාගැනීම, තිහගොඩ හමුදා මේජර්වරයාගේ අනංග රංගනය ගම්පහට නුදුරුව දුම්රියපළක පුංචි අම්මා සහ පුතා දුම්රියට පැනීම එවැනි සිදුවීම් කීපයකි.
කාම රාගය ආශාවන් හා බැඳුණ මිනිස් ස්වභාවයකි. එය ජීවන අවශ්‍යතාවයක්ය. තිරිසන් සමාජය මෙන් නොවේ ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ ඒ තත්ත්වය පාලනය කර ඇත. ආගමික කරුණු, සදාචාර බැඳීම්, සිරිත්විරිත් කුල සිරිත් පමණක් නොවේ රටේ බලපවත්නා නීතිරීති මගින්ද තහංචි දමා තිබේ. කෙසේ වෙතත් මේ කිසිවක් මායිම් නොකරන අපරාධකරුවෝ වෙති.
"තාත්තා දුව දූෂණය කළා" සීයා මිනිපිරිය දූෂණය කළා" බාප්පා, මාමා, අයියා ආදී වශයෙන් කෙරෙන දූෂණයන් ගැන අහන දකිනවිට මිනිස් සමාජය තිරිසන් සමාජයෙන් වෙන්කර ගැනීමට නොහැකියි සිතේ. ඇතැම් තිරිසන් සතුන් මේ අධමයන්ට වඩා හොඳය.
ළාබාල වයසේදීම පෙම්කිරීමත් ලිංගික සම්බන්ධතා පැවැත්වීමත් දැන් සුලබය. වැඩේ වැරැදුණවිට එය දූෂණය කිරීමකි. බාලවයස්කාර දැරිය පරිවාසයට යෑවේ. තරුණයාට හිර ගෙදරය. ලිංගික අපරාධ වැඩිවීමට සමාජයේ පසුබිමද බලපා ඇත. කසිප්පු හෝ වෙනත් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය බහුල පරිසරයක, මෙවැනි සාමාජිකයින් අතරින් බාලවයස්කාර දැරිවියන් බහුල වශයෙන් අපහරණයට ලක්වේ. මව්වරුන් තම දියණියන් කාමුකයින්ට බිලිsඳුන් අවස්ථාද වාර්තා විය. ලිංගික ශ්‍රමිකයින් දිනෙන් දින වැඩි වේ. සමාජ ශාලාවල ඉහළ පෙළේ තැන්වල මෙන්ම මුඩුක්කුවලද කෙරෙන සිදුවීම් ගැන නිතර අසන්නට හැකිය. ලිංගාශ්‍රිත රෝග, ඒඩ්ස් වැනි මාරාන්තික රෝගීන්ද සමාජ ය තුළ ව්‍යාප්ත වේ. තම ආදරණීය බිරිඳද ඒඩ්ස් රෝගයට ගොදුරු කරන උන්ද වෙති. පොලිසිය කොතරම් සමාජශාලා වටලා ගණිකාවියන් නීතිය හමුවට ගෙන ආවත් අඩුවීමක් නැත.
ටියුෂන් පංති බහුල, ඇඟලුම් කම්හල් බහුල, ලැගුම්හල් බහුල නාගරික ප්‍රදේශවල හෝටල් කාමරවලින් අල්ලා ගන්නා අවිවාහක ජෝඩු බොහෝ වෙති. ගැහැනු දරුවන් වෙනුවෙන් වෙනම දිනයක් වෙන්කරගෙන කොපමණ කතා කළත් ශ්‍රී ලංකාවේ කෙල්ලන් නම් පාඩමක් ඉගෙන ගෙන නොමැත. පාසල් ශිෂ්‍යාවන් පවා නොමගට යොමු වී තිබේ.
බාල වයස්කාර ලිංගික හැසිරීම් මේ වන විට ග්‍රාමීය ප්‍රදේශවලින්ද වාර්තා වේ. අපරාධකරුවා වින්දිතයාට ඉතා සමීප කෙනෙකි. ඒ තාත්තා, බාප්පා, ඥති අයියා, මාමා, අසල්වාසියා, සීයා, අල්ලපුගෙදර වැඩකරන බාස් උන්නැහේ, ගුරුවරයා, ප්‍රින්සිපල් සර්, දහම් පාසලේ හාමුදුරුවෝ ආදී වශයෙනි. සමහරවිට ඇගේ ප්‍රේමවන්තයා විය හැකිය. දැරියන් ගැබ්ගත්විට සියල්ල හෙළි වේ. මේ අන්දමේ ෙ€දවාචක පුවත්පත්වල කොතෙකුත් වාර්තා විය. හෙළිවී ඇති වාර්තාවලට වඩා හෙළි නොවූ සිද්ධි වැඩිය.
නිල් චිත්‍රපට නැරඹීමද මත්ද්‍රව්‍ය භාවිතයද කාම අපරාධ බහුල වීමට හේතුවී තිබේ. අන්තර්ජාල අසැබි වෙබ් අඩවි බලන අය ෙµaස් බුක් ඇසුර ජංගම දුරකථන මගින් කෙරෙන හඳුනාගැනීම් මෑත භාගයේ විශේෂයෙන් ලිංගික අපරාධ වර්ධනය වීමට හේතුවී තිබේ. දෙමව්පියන් තම දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය කරුණකි.
විදේශගත වූ මවගේ දරුවන් ආච්චිලා හෝ ඥතීන් ළඟ හැදෙනවිට ලැබෙන නිදහස්වීම විනාශයකට මුලක් වී තිබේ.
විවාහකයින්ගේ බිරිඳ පිටරට ගිය විටක එවැනි තනිවන පිරිමින්ද අසම්මත ලිංගික හැසිරීම්වල යෙදෙන අවස්ථා වාර්තා වේ. තවද විවාහය බිඳ වැටුණ පිරිමිද නිවසින් දුර බැහැර රැකියා කරන අයද අසම්මත ලිංගික හැසිරීම්වල යෙදෙන බව කියති.
ලිංගික අතවර හෝ ස්ත්‍රීදූෂණ ගැන වාර්තා සැපයීමෙන් සමාජයට හානියක් සිදුවේ යෑයි මතයක් පවතී. තරගකාරී ප්රවෘත්ති වෙළෙඳපොළක් තුළ එවැනි පුවත් පළ නොකරන පුවත්පත්වල අලෙවිය අඩු වේ. පාඨක රැළිය ඇත්තේ එවැනි කුණු රසයකට. කුණු රස ඉල්ලන්නේ මිනිසුන්ය. ජනසමාජයට කළු තිතක් වී ඇති එවැනි පුවත් ලිවීමේදී අප විසින් වාරණයක් ඇතිව ලියන බව කිව යුතුය. සමාජය දැනුවත් කිරීමට පාඩමක් ඉගෙනීමට මේ අන්දමේ සිදුවීම් වාර්තාකරණය අවශ්‍යය. ස්ත්‍රී දූෂකයින්ට දෙන දඬුවම් ගැනද වාර්තා ලියෑවේ. උසාවි වාර්තා නඩු තීන්දු අසන දකින අය කියන්නේ ස්ත්‍රී දූෂකයින්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕනෑ කියාය. දැන් අළුගෝසු තනතුරට ද අය පත්කරගෙන ඇති බව රටවැසියා දනී. පත්තරවල පළ නොවුනා නම් සමාජය පත්වී ඇති තැන ගැන නොදනී. වෙනදාට වඩා දැන් දැන් ජනතාව මෙවැනි කාම අපරාධ ගැන තොරතුරු හෙළි කරයි. පොලිසිය හා ළමා සංරක්ෂණ අධිකාරිය මෙන්ම මාධ්‍ය ආයතන මගින්ද කෙරෙන හෙළිකිරීම් වැදගත් වේ. එවැනි හෙළිකිරීම් මගින් අපරාධකරුවන් අල්ලාගෙනද ඇත.
ප්‍රවෘත්තිය හඹායමින් අපරාධ කළ අන්දම පොලිස් වාර්තා වෛද්‍ය වාර්තා නඩු වාර්තා පමණක් නොවේ ඇසින් දුටු අයගේ සාක්ෂි ගැනද කරුණු හෙළිකරන්නේ සමාජ සංශෝධනයක් අපේක්ෂාවෙනි. අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ ඇත්නම් ඒ ගැනද නොබියව කරුණු ලියන්නේ මාධ්‍ය කරුවන්ය. මෑත භාගයේ එවැනි අපරාධ ප්රවෘත්ති රැසක් අනාවරණය කරන්නට හැකි විය. එවැනි ප්‍රවෘත්තිවලට ලොකු මහජන ඉල්ලුමක් තිබිණි. දේශපාලන පක්ෂ නායකයින්ද තම පක්ෂයේ දූෂිතයින්ට දඬුවම් දෙන බව ප්‍රකාශ කරන්නට විය. දී ඇති දඬුවම් ගැන ලියන්නට නැත. පුවත්පත් ප්රවෘත්ති ලියන්නේ වෘත්තීය ආචාර ධර්ම මාලාවකට යටත්වය. එය ශ්‍රී ලංකා කර්තෘ සංසදය මගින් සම්පාදනය කර ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තීය ප්‍රතිපත්ති මාලාවයි. ඊට අමතරව තමන් විසින්ම සකසාගත් ප්රතිපත්තිද ඒ ඒ මාධ්‍ය ආයතනවල ඇත. පුවත් සැඟවීමෙන් කටකතා ප්‍රචලිත වේ. එය භයානකය. ඇතැම් මාධ්‍යවේදීන් අප ඉහත කී ආචාරධර්ම නොසලකා කටයුතු කෙරේ. එයද බලවත් වරදකි.
අක්මීමන - කේ. මතිලාල්
0 Comments