සැබැවින් ම හොල්මන් දැක්‌කෝ කවරහුද?..... දැක්‌කා වූ හොල්මන් හමුවේ බියට පත් වූවෝ කවරහුද? අප විමසන්නේ එපමණය. ඒ පැනයට සෘජු පිළිතුරක් අපේක්‍ෂාවෙන් අපි එලෙස විමසන අතර, හැකිනම් සැබෑවටම හොල්මන් දුටු අයෙකු වෙතොත් ඉදිරිපත් වී මම දුටුවෙමියි පවසන මෙන් ද අපි අභියෝග කරමු. සත්‍යය සදාතනිකය. එහෙත් අසත්‍යය කෙටි කාලීනව බැබලේ. එයට දිගු කාලීන පැවැත්මක් ඇත්තේම නැත. මේ කතාවලට ද ඒ ටිකමය. සැබවින්ම මේ ආකාරයෙන් දිග හැරෙන්නා වූ හොල්මන් කතා යනු අනෙකක් නොව ඒවා ලියන පුවත්පත් කලාවේදීන්ගේ හිතළු විතරමය. ඔවුන් එක් දෙයක් පමණක් කරති. කුමක්‌ද ඒ.... අඳුරේ අත පත ගාගෙන යද්දී ඔවුනට කොහෝ හෝ ඇති එක් කොණක් හමුවෙයි. ඒවාට තව තවත් කෑලි ඒකරාශී කරමින් හොද්දට ලුණු ඇඹුල් එකතු කරන්නාක් විලසින් සියල්ල එකතු කොට අපූර්ව ලෙස කතාවක් ගොඩනඟනු විනා ඉන් එහා ගිය යමක් කෙරුමට මේ අතේ රෝල්කාරයන්ට හැකියාවක් නම් ඇත්තේම නැත. සත්‍ය වශයෙන් ම ඔවුන් මේ ආකාරයෙන් කරගෙන යන්නේ මිථ්‍යාව වැපිරීම හැර වෙන අන් කවරක්‌ද?
"හිසසුන් මළකඳ මහ රෑ දොළහට පාර මැද හිටගෙන......"
"මහ රෑ සොහොනේ සිට පැමිණි සීයාගේ අවතාරය මිණිබිරියත් ඇදගෙන යළි සොහොනටම යයි....."
"අක්‌කාගේ අවතාරය නංගිත් සමඟ ගුවනින් මැද පෙරදිගට..."
මඳකට නවතිනු මැන.....· ඉකුත් කවර හෝ දිනෙක මෙරට තුළ ජනප්‍රියව ඇති ජාතික යෑයි සම්මත පුවත්පත් කිහිපයක් අතට ගෙන, ඒවායේ පිටු එකිනෙක පෙරළා ගෙන....... පෙරළාගෙන යද්දී ඉහතින් සඳහන් කළා වූ ශීර්ෂ පාඨවලට සමාන ශීර්ෂ පාඨ රැගත් විශේෂාංග කොතෙකුත් නම් ඔබේ නෙත ගැටුනාට කිසිත් සැකයක් නම් නැත. නෙත ගැටුණා විතරමද?........ නැත ඔබ ඒවා ආශාවෙන්...... රසකර කර තලු මර මරා කියවන්නට ද ඇත. තවද ඒවා කියවා ඉනික්‌බිති ඇස් උඩ ඉන්දාගෙන, දෙකන්සෙන් දහදිය පෙරාගෙන, තුෂ්නිම්භූතව කල්පනා කළාට ද කිසිත් සැකයක් නැත. ඊටත් වඩා තවකෙකු හා ඔබ ලබා ගත්තා වූ අත්දැකීම රස කර කියමින් තෘප්තියක් ලැබූයුරු......· සැබැවින්ම, එය ඔබට නවමු අත්දැකීමක් ම වූවා විය හැක. භීතිය..... ත්‍රාසය කොතෙක් නම් දැනුණ ද ඒ සියල්ල මොහොතකට මුත් යටපත් කරගත් ඔබ ඒවා රස කර කර කීවේ අනෙකක් සඳහා නොව සැබැවින් ම ඒවා වූ කලී මින් පෙර කවරදාකවත් ඇසූ දුටු හෝ ස්‌පර්ෂ කළා වූ ඒවා නොවන හෙයින්ම විය හැකිය.
සැබෑවකි......... සැබෑවකි. අන් කවරදාටත් වඩා අද වන විට හොල්මන් කතා වලට සේම භූත කතාවලට ද ඉල්ලුමක් නිර්මාණය වී ඇත. සැබැවින් ම දැන් බිහිව ඇත්තේ අනෙකක් නොව හොල්මන් හා භූත කතා සාහිත්‍යයකි. ඉඳින් එහෙව් යුගයක් තුළ පත්තරවල පිටු පුරාම භූත හා හොල්මන් කතා දිගහැරෙනු ගැන අපි කුමකට නම් පුදුමයට පත්වෙමුද? සැබැවින්ම. අපි පුදුම විය යුතු නැත. පුදුම වෙනු වෙනුවට අපි කළ යුත්තේ අනෙකක් නොව සිදුවන්නේ කුමකින් කුමක් දැයි යන්න පසෙකට වී නිවී සැනසිල්ලේ බලාගෙන හිඳීමම ය. එහෙත් පැනයකි.....· අපි නිහඬව ඒ දෙස බලා ගෙන සිටින්නට කල්පනා කළ ද අපට ඒ සඳහා ඉඩක් නොදෙන්නේ ද අනෙකක් නොව අපේම හෘදය සාක්‍ෂියයි. අපි කොතෙක් නම් මුනිවත රකින්නට තැත් දැරුවද හෘදය සාක්‍ෂිය විසින් යළි යළිත් අපට බලකරනු ලැබ සිටින්නේ අනෙකක් පවසමින් නොව "සිදුවන්නා වූ මේ මහා ෙ€දය දැක දැකත් නිහඬව නොසිටපල්ලා" යි කියමිනි. එබැවින් ම අපි කතා කරමු. භූත හා හොල්මන් කතා තුළ සැඟව ඇති මිථ්‍යාවේ තිමිර පටලය ඉරා සුන්නද්දූලි කරනු පිණිසම කතා කරමු.
සැබැවින් ම හොල්මන් දැක්‌කෝ කවරහුද?..... දැක්‌කා වූ හොල්මන් හමුවේ බියට පත් වූවෝ කවරහුද? අප විමසන්නේ එපමණය. ඒ පැනයට සෘජු පිළිතුරක් අපේක්‍ෂාවෙන් අපි එලෙස විමසන අතර, හැකිනම් සැබෑවටම හොල්මන් දුටු අයෙකු වෙතොත් ඉදිරිපත් වී මම දුටුවෙමියි පවසන මෙන් ද අපි අභියෝග කරමු. සත්‍යය සදාතනිකය. එහෙත් අසත්‍යය කෙටි කාලීනව බැබලේ. එයට දිගු කාලීන පැවැත්මක් ඇත්තේම නැත. මේ කතාවලට ද ඒ ටිකමය. සැබවින්ම මේ ආකාරයෙන් දිග හැරෙන්නා වූ හොල්මන් කතා යනු අනෙකක් නොව ඒවා ලියන පුවත්පත් කලාවේදීන්ගේ හිතළු විතරමය. ඔවුන් එක් දෙයක් පමණක් කරති. කුමක්‌ද ඒ.... අඳුරේ අත පත ගාගෙන යද්දී ඔවුනට කොහෝ හෝ ඇති එක් කොණක් හමුවෙයි. ඒවාට තව තවත් කෑලි ඒකරාශී කරමින් හොද්දට ලුණු ඇඹුල් එකතු කරන්නාක් විලසින් සියල්ල එකතු කොට අපූර්ව ලෙස කතාවක් ගොඩනඟනු විනා ඉන් එහා ගිය යමක් කෙරුමට මේ අතේරෝල්කාරයන්ට හැකියාවක් නම් ඇත්තේම නැත. සත්‍ය වශයෙන් ම ඔවුන් මේ ආකාරයෙන් කරගෙන යන්නේ මිථ්‍යාව වැපිරීම හැර වෙන අන් කවරක්‌ද?
ඉල්ලුමට සැපයුම න්‍යායේ පිහිටා කටයුතු කරන මාධ්‍යවේදීහු මේ කතා තොරතෝංචියක් නැතිව සමාජගත කරමින් සිටිති. එහෙත් ඔවුහු හිතාමතාම එක් දෙයක් අමතක කොට දමා ඇත. කුමක්‌ද ඒ......? ඒ අනෙකක් නොව මේ වල්භූත කතා ප්‍රචාරය කිරීම තුළින් මේ සමාජයට සිදුවන හානිය පිළිබඳවයි. මෙබඳු වල්භූත සමාජගත කිරීම තුළින් සැබෑ ලෙසම සිදුවන්නේ අනෙකක් නොව නොවැදගත් දෙයක් මත්තේ භීතියට පත්ව ජීවත්වන ඇකිලී ජීවත්වන සමාජයක් නිර්මාණය වීමය. සැබැවින්ම එය කොතරම් නම් අපරාධයක් ද? හෘද සාක්‍ෂියක් ඇති මිනිසුන් වශයෙන් ඔබ අප කවරෙකුට වුව එවැන්නක් අනුමත කළ නොහැකි බැව් කියන්නට තවදුරටත් ළතැවෙන්නේ කුමකට ද? සැබෑ මාධ්‍යයක කාර්යභාරය විය යුත්තේ කුමක්‌ද? මිනිසුන් බියට පත් කොට මුළුගන්නාලීම වෙනුවට අඳුරු අමුමුලු කරා ඇදෙන මිනිසුන්ට ද ආලෝකයක් වීමයි සැබෑ මාධ්‍යයක කාර්යභාරය විය යුත්තේ. එහෙත් මේ කියුම් කෙරුම් අභිමුව අප හමුවේ නිරතුරුවම පැන නඟින්නා වූ පැනය අනෙකක් නොව ඉහත කී මාධ්‍යවේදීහු සේම මාධ්‍ය ආයතන ද කොතෙක් නම් දුරකට එහි වගකීම තම දෙවුර මත දරා සිටීමට සූදානම් ද යන්නමය.
හොල්මන් හා භූත කතා ලෙස මෙලෙස සමාජගත වෙමින් තිබෙන්නේ විවිධාකාර වූ මානසික ව්‍යාධීන්ට ගොදුරු වූ අයවලුන් විසින් පවසනු ලබන කතා යෑයි ද ඇතැම්හු කියති. එය බොහෝ දුරට සැබෑවක් විය හැක. පියවි ලෝකයේ සිටින අනෙක් මිනිසුන්ට නෑසෙන දේවල් ඇසෙනවා යෑයි යමෙකු පවසනවා නම්, ඊටත් වඩා ඔවුන්ට නොපෙනෙන දේවල් පෙනෙනවා යෑයි කවරෙකු හෝ පවසනවා නම් සැබැවින් ම ඒ කිසියම් මානසික ව්‍යාධියකට ගොදුරු වූ අයෙක්‌ම විය යුතුය. එසේ නම් සිදුවිය යුතුව ඇත්තේ එවැන්නවුන් හඳුනාගෙන ඔවුන්ව නිසි ප්‍රතිකාර සඳහා සේම උපදේශනයට ද යොමු කරලීමය. එතුළින් පමණක් මෙබඳු තත්ත්වයන් මඟහරවා ගත හැකි වෙතැයි යන්න අපිදු උදක්‌ම විශ්වාස කරන මුත් විය යුත්ත පසෙකට තබා නොවිය යුත්තකට මුල් තැන දීමෙන් සිදුවන්නේ කුමක්‌ද? සිදුවන්නේ අනෙකක් නොව නොවැදගත්...... නොවටිනා දේවල්වලට මහා වැදගත්කමක් ආරෝපණය වීමයි. නිස්‌සන් ගැන කතා කරනු වෙනුටව පුස්‌සන් ගැන කතා කරමින් නිකුරුණේ කාලය කා දමන තැනට මේ සමාජය පත්වීම ය.
මෙබඳු අමන කතා තුළින් සිදුවන්නේ අනෙකක් නොව මිනිසුන් මානසිකව ඇද වට්‌ටවාලීමමැයි යන්න අපි මුලදී ද කීවෙමු. දැනුදු කියන්නෙමු. හෙට දවස තුළදී ද එලෙසින් ම කියන්නෙමු. අපි දන්නා පරිදි නම් ඕනෑම අයෙකු කායිකව ඇද වැටුණහොත් යළි ගොඩගත හැකිය. එය එතරම් අසීරු කාර්යයක් නොවන්නේය. එහෙත් මානසිකව ඇද වැටුණහොත්...... එය ඉතා භයංකරය. යමෙකු මානසිකව ඇද වැටුණහොත් ඔහු හෝ ඇය යළි ගොඩනංවාලීම යන්න බොහෝ විට සිහිනයක් පමණක් ම විය හැකි අවස්‌ථා ද ඇත. ඒ බව දැන දැනත් මාධ්‍ය නිදහස තිබූ පමණින් ම මෙබඳු කතා සමාජගත කරන්නේ ඇයි. අප විමසන්නේ එපමණය. මාධ්‍ය නිදහස යනු වල්බූරු නිදහසක් නොව එය සුවිසල් වගකීම් සමුදායක් හා බැඳී ඇති නිදහසකි. එහෙත් ඒ බැව් තඹ සතයකටවත් මායිම් නොකොට කරන්නා වූ මෙබඳු ක්‍රියාකාරකම් "වෘත්තීය අයිතිවාසිකම්" යන්න පසෙක තබා බැලූ කලී මිනිසත්කමට කොතෙක් නම් දුරකට තරම් වන්නේ ද යන ගැටලුව නිරන්තරයෙන් ම පැන නඟිනවා නොවේද?
සැබැවින් ම, මෙහිදී මාධ්‍යයට පමණක් ම මුළුමනින් ම දොස් පවරා නිහඬව සිටීමට තරම් නොවන්නකැයි ද සිතේ. ඔව්........· මාධ්‍යයට වගකීමක් ඇත්තේ යම් සේ ද සමාජයට ද එලෙසින්ම වගකීමක් ඇත. ඒ කුමක් අරභයා ද? කුණු ගොඩවල් දුන් පමණින් ම ඒ කුණු ගොඩවල් වැළඳ ගනු වෙනුවට ඒ හමුවේ බුද්ධිමත් ලෙස කටයුතු කිරීම සමාජයේද වගකීමකි. කුණු ගොඩවල් තොග පිටින් ම දීමට මාධ්‍ය ආයතන සේම මාධ්‍යකරුවෝ ද කටයුතු කරන්නේ ඔබලා අඳ බාලයන් සේ කටයුතු කරන හෙයිනි. එහෙත් ඔබලා බුද්ධිමත් නම්...? ඉල්ලුම නිවැරැදි එකක් බවට පරිවර්තනය කොට ගෙන ඊට අදාළ සැපයුමක් අපේක්‍ෂා කරන්නේ නම්.....? සත්‍ය වශයෙන් ම එදාට මේ සමාජය තුළ සිදුවන්නේ අඩුයටිකුරු වීමකි. විශාල පරිවර්තනයකි. එහෙත් පැනයකි....· ඒ පරිවර්තනය සිදු කිරීමට ජනතාවගේ පාර්ශ්වයෙන් ඇති සූදානම කවරාකාර එකක්‌ද?.... ඔබත් මමත් අපි සියලු දෙනාමත් ගතවන සෑම ඇසිල්ලකදීම විමසිය යුතු පැනය එය හැර අනෙකක් නම් නොවන්නේ ය.
මිනිසුන් අද වන විට ජීවත් වන්නේ ඉමහත් ප්‍රශ්න සමුදායකට මැදිහත් වී ය. පිම්මේ ඇවිද යනු විනා, දුව යනු විනා....... හරි හැටි හුස්‌මක්‌වත් ගන්නට බොහෝමයක් දෙනාට ඉඩ හසරක් විවර වී නැති සෙයකි. ප්‍රශ්නවලින් පීඩිතව ජීවත්වන මිනිසුන්ට අවශ්‍ය ව ඇත්තේ මෙලොව ඇති යථාර්ථය එලෙසින් ම දැකීම නොව මිථ්‍යාවේ පතුලටම කි¹ බැස වුවද, නිම් හිම් නැති සතුටක් ළඟා කර ගැනීම මැයි ඇතැම්හු කියති. එය සැබෑවකි. එහෙත් අයිසින් තට්‌ටුවක් තවරා පෙන්නා ප්‍රශ්න යටපත් කරනු වෙනුවට ඇත්ත ඇති සැටියෙන් ම කතා කිරීම කොතරම් නම් උත්තරීතර වූ ක්‍රියාවක්‌ද? එහෙත් බොහොමයක් මාධ්‍යකරුවෝ ඒ බව නම් අබමල් රේණුවක තරමටවත් මායිම් නොකරනා සෙයකි. අපට කීමට ඇත්තේ මෙපමණකි. මාධ්‍යකරුවා යනු සමාජයේ පෙර ගමන් කරුවෙකි. අන් හැමටම පෙරාතුව ඔහු අවදානම දකින්නෙකු විය යුතුය. ඒ අවදානම දැක තමා අවදානමෙන් මිදෙන අතරතුරේදී අන්‍යයන් ද ඉන් මුදා ගන්නා අයෙකු විය යුතුය. එහෙව් මාධ්‍යකරුවන්ට මෙහෙව් තුට්‌ටු දෙකේ ක්‍රියාකාරකම් හි නිරත වී සතුටක් ලද නොහැකිය. කෙසේ හෝ සත්‍යය සදාතනිකමය. එය කවදා හෝ හෙළිදරව් වනු ඇත. එසේ හෙළිදරව් වූ දාට ජනතාව විසින් මේ විගඩම් කතා ප්‍රතික්‍ෂේප කරනු ලබනවා නො අනුමානය. අන්ත එදාට බොරුව ඇත්ත බවට පරිවර්තනය කරමින් පෑන මෙහෙයවූ සියල්ලන්ගේම ඇඳිවත ද ගැලවී යනු නොඅනුමාන බැව් අන් කවුරුන් කෙසේවතුදු එබඳු ක්‍රියාකාරකම් හි නියෑලෙන්නෝ නම් තරයේම අවබෝධ කර ගැනීම නුවණට හුරු ය.
අමිල දොළපිහිල්ල
0 Comments