ඇමරිකානු බෙදුම්වාදය


නොවැම්බර් 13 වැනිදා ඇමරිකාවෙන් වාර්තා වූ පුවතකින් කියෑවුණේ ප්‍රාන්ත විස්‌සක්‌ ඇමරිකාවෙන් වෙන්වීමට ඉල්ලා සිටින බවයි. මේ ප්‍රාන්ත නම් ඇළබාමා කොළරාඩෝ, ප්ලෝරිටා ජෝර්ජියා, ඉන්දියානා, කෙන්ටකී මිචිගන් මිසිසිපි මිසුරි, මොන්ටානා, නිව් ජර්සි, නිව්යෝර්ක්‌ උතුරු කැරොලිනා උතුරු ඩැකෝටා, ඔර්ජන්, දකුණු කැරොලිනා, ටෙනසීස්‌ සහ ටෙක්‌සාස්‌වේ.

මෙහිදී බරක්‌ ඔබාමා මේ ප්‍රාන්තවලට වෙන්වී වෙනම ආණ්‌ඩු පිහිටුවීමට ඉඩ දෙන්නේද? එසේම පොලිස්‌ හා වෙනත් බලතල ලබා දෙන්නේද?

එදා එබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා දකුණේ කැරලිකරුවන්ට එරෙහිව යුධ වැදුණි. ඒ නිසාම ඇමරිකා එක්‌සත් ජනපදය බිහිවිය එහෙත් ඇමරිකාව ලොව රටවල් රැසක්‌ දෙකඩ කිරීමට ක්‍රියා කළේය. එහෙත් දැන් සිදු වී ඇත්තේ ඇමරිකාවේ ප්‍රාන්ත 20 ක්‌ වෙනම රටවල් වීමට ඉල්ලීමයි. මෙම ප්‍රාන්තවල ජනතාවගෙන් සමහරු තමන්ට වෙන්වීමට අවශ්‍ය ඇති බව දක්‌වමින් රජය වෙත පෙත්සම් යොමු කර තිබේ. එහෙත් ඇමරිකා එක්‌සත් ජනපදය කෑලිවලට ඉඩ දේද? ඇමරිකාව සහ සී. අයි. ඒ. සංවිධානය එකතු වී බලසම්පන්න සොවියට්‌ දේශය රටවල් රැසක්‌ බවට පත් කළේය. ජෝශප් බ්‍රිග් ටිටෝ සෙනවියාගේ බල සම්පන්න යුගෝස්‌ලාවියාවද කැබලි බවට පත්විය. එලෙස කැබැල්ලක්‌ වූ සර්බියාවට අයත් කොසොවෝa ප්‍රාන්තයද වෙනම රටක්‌ බවට පත් කළේයය. 

එසේම සුඩානය දෙකඩ කෙරුණි. මෙයට වසර ගණනාවකට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකු වූ ලැන්සින් පැවසූවේ එදා එබ්‍රහම් ලින්කන් දකුණේ කැරළිකරුවන්ට එරෙහිව යුධ නොකළා නම් අද ඇමරිකාව කියා රටක්‌ නැති බවයි. එහෙත් ඇමරිකාව නිසි පාඩමක්‌ ඉගෙන ගෙන නැත. ඇමරිකාව බෙදුම්වාදයට දැක්‌ වූ සහයෝගය ඔවුන්ටම පාරා වළල්ලක්‌ බවට පත් වී ඇත. ප්‍රාන්ත විස්‌සක සිටින ජනතාවගෙන් පිරිසක්‌ මෙලෙස තමන්ට වෙනම ආණ්‌ඩු අවශ්‍ය බව ඇමරිකානු රජය වෙත පවසද්දී ඇමරිකානු බලධාරිහු මෙතෙක්‌ ප්‍රතිචාරය දක්‌වා තිබේ.

මෙහිදී උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් හඬ නගන මෙරට රාජ්‍ය නොවන සංවිධාන එම ඇමරිකානු ප්‍රාන්ත විස්‌සේ ජනතාව වෙනුවෙන් සහජීවන කොමිසමත් සහ එම ප්‍රාන්තවලට වෙන වෙනම ජාතික ගී හා මුදල් නෝට්‌ටු තිබිය යුතු බවට සහය පල නොකරන්නේ මන්ද?

ඇමරිකාවේ ටෙනසීස්‌ ප්‍රාන්තයේ ජනතාව එක්‌ පෙත්සමකින් පවසා ඇත්තේ ඇමරිකාවෙන් ඉවත් වීමට ටෙනසීස්‌ ජනතාව නැමැති බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තමන්ගේ රජයත් ඕනෑ බවයි. 2004 යන 2008 වර්ෂවලදීද මේ අන්දමට තමන්ට වෙනම රටක්‌ අවශ්‍ය බවට ප්‍රාන්ත වැසියන් විසින් ඇමරිකානු ආණ්‌ඩුවලට පෙත්සම් යොමු කර තිබුණි.

එසේ වූවත් ජනතාව විසින් ඉදිරිපත් කරන මෙම පෙත්සම්වලට ඇමරිකානු රජයේ අවධානය හෝ දේශපාලඥයන් විසින් ඊට ප්‍රතිචාර දැක්‌වීමක්‌ සිදු වී නැත. මෙලෙස අනිකුත් රටවල වාර්ගික ජනතාව වෙනුවෙන් ඉල්ලීම් දෙන්නැයි හඬ නගන ඇමරිකානු රජය තම රටේ ජනතාවගේ ඉල්ලීම් ගැන කියන්නේ කුමක්‌ද?

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින විෂ්ලේෂකයන් සෑම වසරකම ලොව කැඩෙන රටවල් ගැන සිතියම් සකස්‌ කරති. මියන්මාරයද බංගලදේශයද, ශ්‍රී ලංකාවද, චීනය හා පිළිපීනයද එලෙස වෙන් වන රටවල් බවට අදහස්‌ කරති. මෑතකදී ලන්ඩනයේ පැවැති කොටි සමුළුවලදී ප්‍රකාශ වුයේ ශ්‍රී ලංකාව ලොව 194 වැනි රටබවට පත්වන බවයි.

මින් සනාථවන්නේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත් වී ඇති බව නොවේද? මෑතකදී මෙරට ඇමරිකානු තානාපති මිචෙල් සිස්‌සන් පැවසූවේ ශ්‍රී ලංකාවේ ඒකාදිපති බලය ගැන ඇමරිකාව කණගාටුවන බවයි. එසේ වූවත් ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා විධායක බලතල නියෝග 300 ක්‌ භාවිතා කරයි.

ඇමරිකාව වෙන් වෙන් රටවල් බවට පත් නොවීම සඳහා එම විධායක නියෝග ඉවහල් වේ. එහෙත් මෙරට ඇමරිකානු තානාපතිනිය හඩ නගන්නේ මෙරට විධායක බලය ගැනයි. අද ඇමරිකාවේ ප්‍රාන්ත රැසක ඇමරිකානු හමුදා කඳවුරු ස්‌ථානගත වී ඇත. එහෙත් මෙරට උතුරේ හමුදා කඳවුරු තිබීම ඇමරිකාවට ප්‍රශ්නයක්‌ වී තිබේ. ඇමරිකානු ජනතාව විසින් තමන් වෙනම රටවල් බවට පත්විය යුතු යයි පවසන අවස්‌ථාවේ ඇමරිකාව හඬ නගන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධවයි. මෙලෙස ඇමරිකානු ප්‍රාන්ත විස්‌සක ජනතාව නගන හඬට ඇමරිකානු රජය සටන් නොදෙන්නේ මන්ද? ඒ ඇමරිකාව කැබලි වන නිසයි. ඛලිල් ජිබ්රාන් කවියා පැවසූවේ රටක්‌ කැබලි බවට පත් වන විට එම කැබලිද තවත් කැබලි වන බවය. ඇමරිකාව ලොව බලසම්පන්න රටවල් බිඳ දමා කැබලි කර එම රටවල් ද කැබිලි කළේය. ඊට හොඳම නිදසුන යුගෝස්‌ලාවියාවයි. බොස්‌නියානු යුද්ධයෙන් ලක්‍ෂ ගණනක්‌ ඝාතනය විය. ලිබියාවද දැන් කැබලි වී ඇත. එක්‌ එක්‌ ප්‍රදේශ පාලනය කරන්නේ සන්නද්ධ කණ්‌ඩායම්ය. එහෙත් ඇමරිකාවේ දීන පිළිවෙත ඇමරිකාව වෙත කැරකී තිබේ. මේ අතර බරක්‌ ඔබාමා නැවත වරක්‌ ජනාධිපති ලෙස පත් වීමෙන් පසු ඇමරිකානු ප්‍රාන්ත රැසක ජාතිවාදී ව්‍යාපාරයන් ආරම්භ වී ඇත. 

මෙය වඩාත්ම තහවුරු වන්නේ ඔබාමාට එරෙහි ප්‍රාන්තයක සිසුන් ප්‍රසිද්ධියේම ඔවුගේ ඡායාරූප ගිණි තබා විනාශ කිරීමයි. පසුගිය මාසය තුළ මේ ජාතිවාදී ව්‍යාපාරයන් අන්තර්ජාල ටුවිටර් වෙබ් අඩවි වලින් ප්‍රකාශයට පත් වී ඇත. මේ ජාතිවාදී ප්‍රවනතාවය ඇති වී තිබෙන්නේ. ප්‍රතිවාදී අපේක්‍ෂක මිට්‌ රොම්නි ජයග්‍රහණය කළ ප්‍රාන්තවලය. කෙසේ වූවද ප්‍රාන්ත 20 ක ජනතාව තමන්ට වෙන් වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේ නිකමට නොවේ. 

ඇමරිකාව ලෝකයේ රටවල් කඩා බිඳ දැමීමට ක්‍රියා කළේය. දැන් දිට්‌ඨ ධම්මවේදනීය කර්මය පලිසන් දෙන තත්ත්වයට ඇමරිකාව පත් වී ඇත. ඇමරිකාවේ ඔක්‌ලහෝමා ප්‍රාන්තයේ රතු ඉන්දියානුවන්ගේ ඉඩම් රැසක්‌ ඇමරිකානු බලධාරීහු කොල්ල කා ඇත. ඔවුන්ගේ හිමිකම් රැසක්‌ද ලබා දීමට මෙතෙක්‌ ක්‍රියා කළේ නැත. මේ තත්ත්වය යටතේ ඇමරිකාවේ ප්‍රාන්තවල ජනතාවගේ බෙදුම්වාදී සිතුම් පැතුම් කොයි මොහොතේ හෝ යළිත් වරක්‌ මතුවීමට ඉඩ ඇති බව පැහැදිලිය. 

කීර්ති වර්ණකුලසූරිය

Post a Comment

0 Comments