දකුණු අප්‍රිකාවේ පිහිටි බොට්‌ස්‌වානා ජනරජයේ ජනගහනය මිලියන 2 කි. මේ රාජ්‍යය වර්ග සැතපුම් 224607 ක භූමි ප්‍රදේශයකට සීමා වූවකි. ප්‍රධාන භාෂා ලෙස ඉංගී්‍රසි සහ යෙට්‌ස්‌වානා භාවිත වේ. මුදල් ව්‍යවහාරය පුලා සහ තිබේ යෑයි හැඳින්වේ. ලොව අගනා දියමන්ති ඇත්තේ බොට්‌ස්‌වානා රාජ්‍යයේයි. ප්‍රධාන නිර්යාත ලෙස දියමන්ති, තඹ හා මස් මාංශ හැඳින්විය හැකිය. ගැබෝරෝනේa යනු බොට්‌ස්‌වානා අගනුවරයි.
1867 වසරේදී යුරෝපියානුවන් බොට්‌ස්‌වානා වෙත පැමිණ රන් හෑරීමේ යෙදිණි. 1959 දී තඹ ආකර හමුවිය. එහෙත් බොට්‌ස්‌වානා හඳුන්වනු ලැබුවේ බට්‌නාලන්ඩ් නමිනි. එහෙත් 1966 සැප්තැම්බර් මස බට්‌නාලන්ඩ් රාජ්‍යයට නිදහස හිමිවී බොට්‌ස්‌වානා ජනරජය නමින් ප්‍රකාශයට පත් විය. මුල්ම ජනාධිපති වූයේ යෙරෙට්‌සේa කාමායි. 1967 වසරේදී ධර්ගා ප්‍රදේශයේ දියමන්ති ඇතැයි සොයා ගැනිණි. 1969 අගෝස්‌තු මස බී. ඩී. පී. පක්‍ෂය ජයලැබීය. කාමා යළිත් වරක් ජනාධිපති ධුරයට පත් වුණි.
මුල්වරට 1977 මාර්තු මස බොට්‌ස්‌වානා ආරක්‍ෂක බළකාය ස්‌ථාපිත කෙරුණි.
1979 ඔක්‌තෝබර් මස පැවැති මැතිවරණයේදී බී. ඩී. පී. පක්‍ෂය ජය ලබා කාමා යළිත් ජනාධිපති විය.
1980 දී ජනාධිපති කාමා අභාවප්‍රාප්ත විය.
උප ජනාධිපති කුවේට් මැසිරේ ජනාධිපති විය.
1984 සැප්තැම්බර් මස පැවැති මැතිවරණයේදී මැසිරේ ජය ලබා ජනාධිපති ධුරයට පත් විය.
1989 ඔක්‌තෝබර් මාසයේ පැවැති මැතිවරණයේදී ද ඔහු ජය ලැබීය. 12000 ක් වූ රාජ්‍ය සේවකයන් වැඩි වැටුප් ඉල්ලා කළ ඉල්ලීමට 1991 දී රජය ප්‍රතිචාර දැක්‌වූයේ ඔවුන්ව සේවයෙන් නෙරපා හැරීමෙනි. මේ අතර 1999 ඔක්‌තෝබර් මස පැවැති මැතිවරණයේදී බී. ඩී.පී. පක්‍ෂය ජය ලබා පෙස්‌ටස් ටෝංග්a ජනාධිපති විය. එහෙත් දූපත් ගණනාවක් පිළිබඳව බොට්‌ස්‌වානා සහ නැමීබියාව අතර අර්බුදයක් ඇති විය. 2002 මාර්තු මස කලහාරි කාන්තාරයේ ගෝත්‍රික ජනතාව රජයට එරෙහිව අධිකරණය හමුවට ගිය අතර එකීනඩුව පරාජය විය.
2004 අගෝස්‌තු මස බොට්‌ස්‌වානාහි විශාල දියමන්ති ආකරයේ සේවකයන් වැඩි වැටුප් ඉල්ලා වර්ජනයක් දියත් කරනු ලැබීය. මෙයට ප්‍රතිචාර දැක්‌වූ රජය ආකර කම්කරුවන් 1000 ක් සේවයෙන් පහ කළේය.
එම වසරේදී ඔක්‌තෝබර් මස පැවැති මැතිවරණයෙන් ජනාධිපති ටෝංග් ජය ලැබීය. 2008 අප්‍රේල් මස යෙරෙට්‌සේ කාටා ලැන් කාමා ජනාධිපති ධුරයට පත් විය. 2009 ඔක්‌තෝබර් මස පැවැති මැතිවරණයේදීද ඔහු ජයග්‍රහණය කළේය.
මේ අතර බසර්ටා ගෝත්‍රිකයන්ව ඔවුන්ගේ නිජබිම්වලින් පලවා හැරීමට රජය ක්‍රියා කරන බව පවසමින් සර්වයිටල් ඉන්ටර්නැෂනල් සංවිධානය බොට්‌ස්‌වානා දියමන්ති මිලයට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා රටවලින් ඉල්ලීමක් කෙරුණි.
2011 ජනවාරි මස බොට්‌ස්‌වානා අභියාචනාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් බසර්ටා ගෝත්‍රිකයන්ට තම නිජබිමේ ජලයට හිමිකම් ඇතැයි ප්‍රකාශ කරනු ලැබීය. 2012 නොවැම්බර් මස බොට්‌ස්‌වානා රජය 2014 සිට සතුන් දඩයම් කිරීම තහනම් කෙරෙන නියෝගයක් ප්‍රකාශයට පත් කළේය. ඊට හේතු වූයේ වනසත්ව ජනගහනය අඩුවීමයි.
කීර්ති වර්ණකුලසූරිය
0 Comments