අපේ රට තරම් ජෛව විවිධත්වයක් ඇති කිසිදු රටක් ලෝකයේ වෙනත් තැනක සොයාගත නොහැකිය. විචිත්‍ර වූ දේශගුණික හා භූ විෂමතාවලින් මෙන්ම ස්‌වභාවික සම්පත්වලින් ද ආඪ්‍ය වූ මේ පුංචි දිවයිනේ සුන්දරත්වය වෙනත් රටක දැකිය නොහැකිය. සෞභාග්‍යයෙන් පිරී ඉතිරී ගිය ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්වය හා බැඳුණු පිළිගත හැකි පූර්ව ඓතිහාසික කථා ප්‍රවෘත්ති එමටය.
අතීතයේ ශ්‍රී ලංකාව හැඳින්වූයේ zපුරේෂු ලංකාZ හෙවත් zලංකා පුරයZ (නගරය) වශයෙන්ය. දාර්ශනික සංකල්ප අනුව ජලයෙන් වටව තිබූ ලෝකය හිමාල කන්දෙන් මතු වූවා නම් පරිණාමීව විකාශනය වූ මිනිසාගේ වාසය සඳහා සුදුසුම භූමිය වන්නට ඇත්තේ හිමාල කඳු මුදුනේ සිට ඉද්ද ගැසුවාක් මෙන් ඉන් දකුණට ගමන් කළ විට හමුවන ශ්‍රී ලංකා භූමියයි. හිමාල කඳු ආශ්‍රිත ශීත දේශගුණයෙන් මිදී සුදුසු වාස භූමියක් සොයා යන මානවයාගේ පැවැත්මට අවශ්‍ය සියලු දේ ස්‌වභාවධර්මයා විසින් මේ භූමියට දායාද කර තිබිණි. පුරාවිද්‍යාත්මකව සනාථ කළ හැකි සාක්‍ෂිවල අඩුව පැවතුණද ඉතිහාසය කෙසේ ලියෑවී තිබුණ ද මේ පුංචි දිවයිනේ අතීතය සුන්දරම පුරාවෘත්තයක් බවට විවාදයක් නැත.
Rෂිවරුන්ගේ වෛද්‍ය සමුළුවකට සහභාගිවීම සඳහා ලංකා පුරයට පැමිණි ආත්‍රේය නම් Rෂිවරයාට මුත්‍රා කිරීම සඳහා ඔසු පැළයක් නොමැති තැනක් සොයා ගැනීමට නොහැකිව ඉන්දියාවට ආපසු ගිය බව ආයුර්වේද සාහිත්‍යයෙහි සඳහන් වේ. ශාක ගුණ විඤ්Æණය එතරම්ම ප්‍රබලව පැවැති එවැනි සමයක් හා සසඳන විට අද වන විට ඔසු ශාකයක් හඳුනන අයකු පිටිසර ගමකින් පවා සොයා ගැනීම අති දුර්ලභ කරුණකි. වැඩිහිටි සමාජය එසේ වන විට වත්මන් ජීවන රටාව සමග බැඳුණු සමාජ කලබැගෑනියත් සමග වෙනස්‌වන තරුණ හා ළමා පරපුර කෙබඳු වේදැයි සිතා ගත හැකිය.
රජය විසින් අතිවිශාල මුදලක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හරහා විවිධ ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයද සහිතව ඔසු ශාක සංරක්‍ෂණය සඳහා වැය කළ ද ඒවායින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගත්තේ ද යන්න ප්‍රශ්නාර්ථයකි. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය වාණිජ මට්‌ටමින් ශීඝ්‍රයෙන් වර්ධනය වීමත්, දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට ඇති විශාල නැඹුරුවත්, දේශීය ඔසු ශාක ශීඝ්‍රයෙන් වඳවී යැමත් නිසා දේශීය ඔසු ශාකවල අවශ්‍යතාවය හා ඒ සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර ඖෂධ වගාව සහ නිෂ්පාදනය විවිධ හේතූන් නිසා දැඩි අවදානමකට ලක්‌විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අතිවිශාල විදේශ ධනයක් ඖෂධ ආනයනය සඳහා වැය කිරීමට සිදුවිය.
දීර්ඝ කාලයක් රටේ අගනුවර බවට පත්වූ අනුරාධපුර - පොළොන්නරු යුගවල ඉතා දියුණුව පැවැති රජ වෙදකම් අද ද අතරින් පතර උතුරු මැද පළාතෙන් අසන්නට දකින්නට ලැබේ. ලෝකය විශ්මයට පත් කළ වාරි සංස්‌කෘතිය හා බැඳුණු පරිසර පද්ධතිය එම දියුණු වෛද්‍ය ක්‍රමයට මහත් පිටිවහලක් විය. ඔසු ශාක විශාල වශයෙන් පැවතියේ වැව් රක්‍ෂිතවලය. වැවේ සිසිල ඔසු ශාකවලටත්, ඔසු ශාක සහිත වනයේ රැකවරණය වැවටත් අනුබද්ධව පැවතිණි. එහෙත් අද වන විට වැව් රක්‍ෂිත ජනාවාස හා හිස් පිට්‌ටනි බවට පත්වී ඇත. මෙම ශෝචනීය තත්ත්වය වගකිව යුත්තන්ගේ නිසි අවධානයට මෙතෙක් යොමු වී නොමැති වීම කනගාටුවට කරුණකි.
ඊනියා සංවර්ධනයේ සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ ඔසු ශාක සහිත පරිසර විනාශයයි. විශේෂයෙන්ම උතුරුමැද පළාතේ කෙටිකාලීන බෝග වගාව සඳහා අක්‌කර ලක්‍ෂ ගණනින් කැලෑ එළිපෙහෙළි කර, වල්නාශක විෂ මහපොළොවට එක්‌කර පස පෙරළීම නිසා ඔසු ශාක මුළුමනින්ම වඳ වී යැමේ තර්ජනයක් පවතී. ආදායම් පෙරට දමා වස විෂ මහපොළොවට එක්‌කරන, ආයුෂ කෙටි කරන ජනඝාතන සංවර්ධන වැඩපිළිවෙළෙහි ගැබ්ව ඇති ජාතික සම්පත් විනාශය හා රටෙහි ණයගැතිභාවය පිළිබඳව නිසි තක්‌සේරුවක් හා විනාශ කෙරෙන ශාක නැවත සංරක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක් දක්‌නට නොවීම මහත් අභාග්‍යයකි. මීට හොඳම උදාහරණය මුළු උතුරු මැද පළාතේ සිදුවූ සංවර්ධනය හා ශත වර්ෂ කිහිපයක සිට මුළු ප්‍රදේශයම ගිලගෙන ඇති වකුගඩු රෝගය හා අක්‌මාව ආශ්‍රිත රෝගයන්ය. දරුණු රෝගවලින් හා පානීය ජල ප්‍රශ්නවලින් කෙතෙක් දුක් වින්දත් මහ පොළොවට වස විෂ එක් කිරීමේ සීමාවක් හඳුනා ඊට නිසි පිළියම් යෙදීමක් හා පරිසරය තුළින් හටගන්නා රෝගවලට පරිසරය තුළින්ම ප්‍රතිකාර විධි සෙවීමේ වෑයමක් දක්‌නට නොමැත. වස විෂ හා බටහිර ඖෂධ මාµsයාව එවැනි ක්‍රියාදාමයකට ඉඩ සලසාවිද යන්න ඊළඟ ගැටලුවය.
අධ්‍යාපනයේ හා තක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ඇතැයි කීවද, පරිසරය හා සමීප සබඳතාවක් ඇති හරවත් තෘප්තිමත් සමාජයක් බිහිකිරීමේ වෑයම අධ්‍යාපනය තුළින් ගිලිහී ඇත. ළමා පරපුරට අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු එම අධ්‍යාපනය කවුරුන් ලවා ඉටුකරන්නද යන්න ප්‍රධාන ගැටලුවකි. මෑතකදී අර්ධ නාගරික ප්‍රධාන පාසලක තෝරාගත් දරු පිරිසකට දේශීය ඔසු ශාක හා සෞඛ්‍ය සංරක්‍ෂණය පිළිබඳව කළ වැඩසටහනකදී ඉන් වැඩි පිරිසක් ආහාර පිසීමේදී කෘත්‍රිම රසායනික රසකාරක පාවිච්චි කරන නිවෙස්‌වල දරුවන් බව හෙළිවිය. තම මව්වරුන් ආහාර පිසීම සඳහා එවැනි රසකාරක යොදන්නේ ඇයිද? යන ප්‍රශ්නයට ඔවුන්ගේ පිළිතුර වූයේ zකෑම රසයිZ යන්නය. ඊට හාත්පසින්ම වෙනත් ප්‍රශ්නයක් ඔවුන්ට යොමු කෙරිණි. වඩාත් රසවත් වන්නේ අම්මා පිසින කෑමද? නැතහොත් අත්තම්මා පිසින කෑමද? ඊට සියලු දෙනාම පිළිතුරු දුන්නේ අත්තම්මා පිසින කෑම වඩාත් රසවත් බවය. අත්තම්මා කිසිදු දිනක කෘත්‍රිම රසකාරක නොයෙදූ බවට ද ඔවුහු සහතික වූහ. වැඩසටහනට සවන්දී සිටි සමහර ගුරුතුමියන් ද කෘත්‍රිම රසකාරක යොදන බව එහිදී හෙළි විය. ඒ අනුව දරුවන්ට අවශ්‍ය දැනුම පෝෂණය කිරීම කොතැනින් ඇරැඹිය යුතුද යන්න මෙම කරුණින් පැහැදිලි විය යුතුය.
ගහකොළ නොහඳුනන, මානව ගුණධර්ම නොතකන, නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවන සමාජයක ඔසු ශාක
රැකගැනීම අතිදුෂ්කර කාර්යයකි. ප්‍රතිපත්ති තීරණ ගන්නවුන්ට හා ඒවා ක්‍රියාත්මක කරවන්නන්ට එවැනි ආකල්ප හා දැනුමක් නොමැති විට එවැනි සමාජයක අනාගතය අඳුරෙන් අඳුරටම පත්වීම වැළැක්‌විය නොහැක. මෑත අතීතයේදී පරිසර සංරක්‍ෂණයට වගකිව යුතු දේශපාලකයන් වටිනා රජයේ ඉඩම්වල හා මාර්ග දෙපස පරිසරයට දැඩි තර්ජනයක් වන ඇකේෂියා ශාක රෝපණය කළේ උත්සවාකාරයෙනි.
පරිසරය රැකගැනීමේ නීතිවල අඩුවක් ඇති බවට මැසිවිලි විටින් විට අසන්නට ලැබුණත්, එහි යථාර්ථය වන්නේ පවත්නා නීති ක්‍රියාවට නැංවීමේ දුර්වලතා බහුල බවය. මේ සඳහා දිය හැකි උදාහරණ එමටය. අපගේ මේ මාතෘභූමිය රැකගත යුතු විවිධ පැතිකඩවල් ඇත. එය එක් අංශයකට හෝ දෙකකට පමණක් සීමා නොවිය යුතුය. ඉන් පරිසරය රැකගැනීම සුවිශේෂී කරුණකි. වඳ වී යන හෝ විනාශ වන ඔසුශාක නැවත යථා තත්ත්වයට පත්කිරීම බිඳවැටුණු ගොඩනැඟිල්ලක් ප්‍රතිසංස්‌කරණය කරන තරමට පහසු කාර්යයක් නොවේ. අරටුව සහිත සඳුන් රුකක් සුළු මොහොතකින් ඉවත් කළ හැකි නමුත් සඳුන් පැළයක් වවා ගැනීම පහසු නැත. දේශපාලන ක්‍ෂේත්‍රයේ සිදු කරන විවේචනයන්ට විවිධ මාතෘකා බඳුන් වුවද, පරිසර විනාශය ඒ කිසිවකුට වැදගත් මාතෘකාවක් වී තිබේද යන්න නිරීක්‍ෂණයට බඳුන් විය යුතු කරුණකි.
ඔසු ශාක බෙහෙවින් හඳුනන්නේ දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුය. බොහෝ වෛද්‍යවරුන් තම ප්‍රතිකාරවලට අවශ්‍ය ඖෂධ වර්ග ඔවුන් විසින්ම වවා ගන්නා ලදී. තවත් සුළු පිරිසක් ඔසු උයන්ද පවත්වා ගනිමින් සුවිශේෂී සේවාවක් කරති. මේ අතර ඔසු ශාක නොහඳුනන හා බටහිර ඖෂධ තම ප්‍රතිකාර සඳහා යොදා ගන්නා වෛද්‍යවරුද වෙති. සංවේගජනක කරුණක් නම් ඔසු ශාක හා තම වෛද්‍ය ක්‍රමවේදය පිළිබඳ ඇති දැනුම අන් අය විවේචනයට අවියක් කර ගැනීම හා තමන් ලබා ගත් දැනුම තවදුරටත් පෝෂණය කර ගනිමින් ඊළඟ පරම්පරාවට දායාද නොකිරීමයි. ලොව කීර්තියට පත් සමහර දේශීය වෛද්‍යවරුන්ගේ රත කල්කය කට ගෑ දක්‍ෂ දරුවන්, තමන්ට පහසුවෙන් උරුමකරගත හැකි එම අගනා දැනුම පර්යේෂණාත්මකව තවදුරටත් දියුණු නොකර, බටහිර වෙදකම වැළඳගැනීමෙන් පසු දේශීය වෙදකම හෙළා දකින අවස්‌ථාද දක්‌නට ඇත. තම මාපියන් සුරැකිව රැකබලාගත් ඔසු ඉඩම් කැබලි කිරීමට විකුණන වෙද පුතුන් පිළිබඳව අසන්නට ලැබේ.
බටහිර හා දේශීය වෛද්‍යවරුන් අතර සංහිඳියා එකඟතාවක් නොමැතිවීමද අභාග්‍යයට කරුණකි. බුද්ධි වර්ධනයට හා ප්‍රතිශක්‌තියට හේතු කාරක දිව ඔසුවක්‌වන් රත කල්කය කට ගෑ ළදරුවන් උස්‌මහත් වී බටහිර වෙදකම ආගම සේ වැළඳ ගත් පසු රත කල්කය පිටුදකිති. බටහිර වෙදකම හෙළා දකින දේශීය හා ආයුර්වේද වෛද්‍යවරු විවිධ අවස්‌ථාවල බටහිර ප්‍රතිකාරවල පිහිට ලබති. එමෙන්ම බොහෝ දොස්‌තරවරු රහසේම වෙදමහතුන්ගෙන් ප්‍රතිකාර ගනිති. එසේ නම් විය යුත්තේ වෛද්‍ය විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සමග එම දැනුම දේශීය වෙදකමත් සමග සංහිඳියා වැඩපිළිවෙළකට පර්යේෂණ මට්‌ටමින් අනුගත කිරීමය. එය ලෝකය ජය ගැනීමේ යෝධ පිම්මක් වනු නොඅනුමානය. ඊට ද අත්‍යවශ්‍යම සාධකයක් වන්නේ දේශීය ඔසු ශාක ආරක්‍ෂා කිරීමය.
අතීතයේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරු ඔසු ශාක ඇසුරින් සිදු කළ මහා හාස්‌කම් තල්පත්, තඹ පත්වල ලේඛන ගතකර ඉදිරි පරම්පරාවට දායාද කළහ. එහෙත් අද වන විට එම පොත්පත්වලට සිදු වී ඇත්තේ විහාරස්‌ථාන පුස්‌තකාලවල්වල පවතින ත්‍රිපිටක පොත්වලට අත්වී ඇති ඉරණමය. වත්මන් පරපුරට තම පාරම්පරික වෙදකම් සඳහා ලියාපදිංචිය ලබාගැනීමට එම පොත් පත් බලධාරීන් වෙත භාරදීමට ද සිදුව ඇත. ඉන් පසු ඒවාට සිදුවන්නේ කුමක්‌ද යන්න ගැටලුවකි.
අද බටහිර වෛද්‍ය විද්‍යාවේ හාස්‌කම් අන්තර්ජාලය හරහා ලෝකයට විවෘතව තිබුණද, හෙළ ඔසු හා දේශීය වෙදකම් තවමත් රහසක් වශයෙන් පවත්වා ගැනීමට උත්සාහ කෙරේ. එම වටිනා වෙදකම් හා ඊට අවශ්‍ය හෙළ ඔසු පිළිබඳ දැනුම ඔවුනොවුන් සමග නිදන් ගතවූ පසු ඊළඟ පරම්පරාවට කිසිවක් ඉතිරි නොවේ. මෙවැනි ආකල්ප හා ක්‍රියා පිළිවෙත් ද ඔසු ශාක සංරක්‍ෂණය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත.
ඔසු ශාක සපයා ගැනීමේදී 90% කට වැඩි පිරිසක් කරනුයේ තම අවශ්‍යතාවයට බෙහෙවින් වැඩි ප්‍රමාණයක් ඔසු ශාකයෙන් උකහා ගැනීමය. ශාකයේ පැවැත්ම ගැන හා වෙනත් රෝගියකුගේ ඉදිරි අවශ්‍යතාව පිළිබඳ කිසිදු තැකීමක් නොකරති. ගසක පොතු අවශ්‍යවූ විට එහි අත්තක් සිඳ පොතු ගලවා ගැනීම වෙනුවට බොහෝ දෙනා කරනුයේ ගස මුලට පිහියකින් පහරදී පොතු ගලවා ගැනීමයි. ආඩතෝඩා මුල් අවශ්‍ය නම් ගස මුලින් උදුරා ගන්නා අතර එහි අතු නැවත සිටුවා ගත හැකි වුවත් කිසිවෙක් එවැන්නක් නොකරති. ඉරිවේරිය, කෝමාරිකා, හාතවාරිය, කහ, තිප්පිලි, හරංකහ, ලුණුවිල, කප්පරවල්ලිය, සැවැන්දරා, ඉරුරාජ, සඳුරාජ, දුටු සතුටු, කඩුපහර, බිංතල්, ගරුඬරාජ, උඳුපියලිය, එළ කටුරොඩු, එළවරා, වද කහ, කොල්ලං, තිප්පිලි, දැත්ත, රත්මල්, වද, නීරමුල්ලිය, සිවිය සමන්පිච්ච, අක්‌කාපාන, ඉද්ද, කිරාත, නවහංදි, තොල බෝ, ගොටුකොළ, ඇත්තෝර, ඉඟුරුපියලි වැනි ශාක ගෙමිදුල් අලංකරණය සඳහා යොදා ගත හැකි වටිනා ඖෂධය. තම ඉඩමේ මායිම සඳහා නික, ආඩතෝඩා, ගම්සූරිය, එඬරු, එරබදු, අංකෙන්ද, රත්මල්, කොබ්බෑ, කෑලිය, කපු, මුරුංගා, මරතොන්ඩි, වාතභංග වැනි ගස් මෙන්ම හාතවාරිය, කුඩුමිරිස, ඔලිඳ, කුඹුරු, වැල්කහඹිලියා, කැහිපිත්තන්, කෝවක්‌කා, කළු වෙල්ලංගිරිය වැනි වැල්ද වවා ගැනීමෙන් තම වාස භූමියට වටිනා පාරිසරික අගයක් එක් කළ හැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ ගහ කොළ හඳුනා ගැනීම හා ඒවාට ආදරයක් දැක්‌වීමයි.
අප රටේ වන සංරක්‍ෂණය හා පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා පරිසරයට හානි කරන ආක්‍රමණික විදේශීය ශාක රෝපණය නිසා ඔසු ශාක හා ඒවායේ පලදාව පිළිබඳ බොහෝ ගැටලු පැන නැගී ඇත. මීමැසි, බඹර, කණෙයි හා දඬුවැල්ලා මැසි වැනි කෘමීන්ගෙන් සිදුවන පරාග පෝෂණය නිසා වැඩි වන ශාක පලදාව අතිවිශිෂ්ටය. එහෙත් එම සතුන්ගේ පැවැත්මට දැනුවත්ව හා නොදැනුවත්ව කර ඇති හානිය ඉතා සංවේගජනකය. ඖෂධ සඳහා මෙරටට ආනයනය කරන මී පැණි මෙහිම නිපදවා ගැනීමට හැකියාව ඇතත් ඒ පිළිබඳ පරිසර හිතකාමී වැඩපිළිවෙළක් නැත. ඊට අත්‍යවශ්‍යම කරුණ නම් ඇකේෂියා, ඉපිල් ඉපිල්, යුකැලිප්ටස් වැනි ශාක වෙනුවට මී, දොඹ, කුඹුක්, කොහොඹ, බෙලි, දිවුල්, පලොල්, කරඳ, අත්තික්‌කා, අරළු, බුළු, නෙල්ලි මසං, ගම්මාලු, මාදං, මූණමල්, අංකෙන්ද, දාඹු, කැකුණ, ගංසූරිය, අශෝක වැනි ඖෂධීය ආවේණික ශාක හා ආහාර හා පලතුරු ශාක වගා කිරීමයි.
දේශපාලනික වාසි හා පෞද්ගලික වාසි අපේක්‍ෂාවෙන් දේශපාලන රැකවරණය මත සිදු වන වන සංහාරය හා අනවසර ඉඩම් අත්පත්කර ගැනීම පිළිබඳ පළවන වාර්තා සංවේදී සිත් සසල කරවන සුලුය. ජනතා සේවයට කැපවන බවට කවුරුන් හෝ ඉදිරියේ දිවුරුම් දී සිටින්නන් එසේ කරයි නම් මේ රටේ අනාගතය කෙබඳුදැයි සිතා ගත හැකිය. එවැනි සිද්ධීන් නීතිය හා සාමයට දැඩි තර්ජනයක් මෙන්ම ඔසු ශාක සංරක්‍ෂණයට, පෝෂණයට හා සංවර්ධනයට ද මහත් අභියෝගයකි.
ඔසු ශාක වඳවී යැමේ තර්ජනයකට අද මුහුණ දී සිටී. කළු උක්, ඒකාවේරිය, කුඩුමිරිස, කොතලහිඹුටු, ඇත්දෙමට වැනි බොහෝ ශාක මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වන අතර තවත් ශාක ස්‌වභාවික හේතු නිසා හානියට පත්වන අවස්‌ථාද ඇත. අද දවසේ මීට හොඳම උදාහරණය zඑරබදුයZ අවුරුදු සිරිය ගෙනෙන එරබදු වැල් පමණක් නොව එරබදු ගසක් පවා අද බෙහෙතකට සොයා ගැනීමට නැති තරම්ය. මෙම ශාකයෙහි පත්‍ර ආශ්‍රිතව වැළඳී ඇති පුළුල්ව පැතිරෙන පිළිකා රෝගයක් නිසා ශාකය විනාශ වෙමින් පවතී. පණු රෝග සඳහා එරබදු කොළ ද, කසාය වර්ග සඳහා පොතු හා මුල්ද, ආහාර වේල රසවත් කරන එරබදු දලු හා කොළ මැල්ලුමද මින් ඉදිරියට නැතිවී යන හෙයින් මේ පිළිබඳව උද්භිද විද්‍යාඥයින්, පරිසරවේදීන් හා රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.
පවත්නා වාණිජමය ආර්ථික රටාව හා බිඳ වැටෙමින් පවතින සමාජ ආකල්ප හා වටිනාකම් නිසා ඔසු ශාක රැකගැනීම අද දුෂ්කර කාර්යයක් වී ඇත. ඔසු ශාකවල පවතින ඖෂධීය හා ආර්ථික වටිනාකම් හඳුන්වා දීමෙන්ද, ඔසු ශාක වගා කිරීමේ ආදර්ශවත් හා ආකර්ෂණීය වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමෙන් ද ඔසු ශාක
රැකගැනීමට යම් බලපෑමක් කළ හැකිය. එම ඖෂධීය ශාක ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රතිපත්ති තීරණ ක්‍රියාවට නැංවීමට හා නීතිය ක්‍රියාත්මක කරවීමට බලධාරීන්ට ප්‍රබල ලෙස බලපෑම් කළ හැකි යාන්ත්‍රණයක් අද අත්‍යවශ්‍ය වී ඇත. එය ඔසු ශාක යම් පමණකට හෝ රැකගැනීමට කිසියම් අනුබලයක් වේ යෑයි සිතිය හැකිය. එහෙයින් මේ සඳහා යම් සාමූහික කතිකාවක්, යම් එකමුතුවක්, කැපකිරීමක් හා කැපවීමක් අවශ්‍යව ඇත. මේ රටේ වෛද්‍යවරුන්, විද්‍යාර්තථêන් මෙන්ම ගහකොළට හා පරිසරයට ආදරය කරන, ඒවායේ වටිනාකම් හඳුනන හා ඒ පිළිබඳ දැනුමක් ඇති, ඒ වෙනුවෙන් යම් මෙහෙයක් සිදු කරන හා ඊට දායකත්වය සැපයීමට කැමැති සියලු දෙනා ඔසු ශාක
ඩබ්. ඒ. ඩී. ඊ. වීරසිංහ,
හෙළ ඔසු සුරැකීමේ සංවිධානයේ ලේකම්
0 Comments