ශ්‍රී ලංකාවට ආවේණික නව මැඩියන් විශේෂ 8ක්‌ සමනල අඩවියෙන් සොයා ගැනේ


ශ්‍රී පාද ලෝක උරුම වනාන්තරයෙන් ශ්‍රී ලංකාවට ආවේණික නවතම ගෙම්බන් විශේෂ අටක්‌ සොයා ගත් බව ප්‍රවීණ සත්ත්වවේදී මෙන්ඩිස්‌ වික්‍රමසිංහ මහතා නිවේදනය කරයි.

සමනළ අඩවිය හෙවත් ශ්‍රීපාද ලෝක උරුම වනාන්තරය තුළ දිගු කලක සිට කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස මෙලෙස එකවර ශ්‍රී ලංකාවට ආවේණික ගෙම්බන් වැඩි ප්‍රමාණයක්‌ හඳුනා ගන්නට ලැබීම විද්‍යා ලෝකයේ ජයග්‍රහණ යක්‌ බව ද ඒ මහතා කියා සිටී. මෙම ගෙම්බන් විශේෂ අට Journal of THREATENED TAXA විද්‍යා ජර්නලයේ 2013 මාර්තු කලාපයේ (Vol 05 - No - 4 -pages 3789 - 3920) පළකර ඇත. මෙම ගෙම්බන් අටදෙනාම ප්සියුඩොපිලෝටස්‌ -Pseudophilatus ගණයට ඇතුළත් කර ඇත.

මෙම ගෙම්බන් අටදෙනා නම්කර ඇත්තේ පුරන්අප්පුගේ පඳුරු මැඩියා Pseudophilatus puranappu", දයාවංශගේ පඳුරු මැඩියා P. dayawansai" සමරකෝන්ගේ පඳුරු මැඩියා P. sirilwijesundarai" නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා ඡග බැඅඑදබව්හ්ආරාaබ්ස, සිරිල් විඡේසුන්දරගේ පඳුරු මැඩියා P.bambaradeniyai", බඹරදෙණියගේ පඳුරු මැඩියා ඡගඉaපඉaර්deබසහ්ස, ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා P. jagathgunawardanai, කරුණාරත්නගේ පඳුරු මැඩියා P. karunarathna ලෙසය. මෙම පරීක්‍ෂණ සඳහා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, ජපානයේ නගාඕ පරිසර පදනම හා ඩිල්මා කන්සර්වේෂන් ආයතනය මූල්‍යාධාර පිරිනමා ඇති අතර පර්යේෂණ සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා උරග සහ උභයජීවී පදනම විසිනි.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us