68 වසරකට පසු හෙළිවූ සුනාමිය බෝම්බයක්‌ද?


2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි විපත ස්‌වභාවික විපතක්‌ද, එසේත් නැත්නම් මිනිසා විසින් නිර්මාණය කළ ක්‍රියාදාමයක්‌ද යන්න ගැන දැන් බරපතළ අන්දමින් සැක මතුවී ඇත. මෙයට හේතුවී ඇත්තේ සීල් මෙහෙයුම නමින් ඇමරිකාව සහ නවසීලන්තය එක්‌වී අතිශය රහසිගත ලෙස සුනාමි බෝම්බයක්‌ නිෂ්පාදනය කළ බව දැන් හෙළිවීමයි. 

මෙම රහසිගත සැලසුම 1944 ජූනි මසදී දියත් වී තිබේ. මෙම සුනාමි බෝම්බය සඳහා බෝම්බ 3700 ක්‌ අත්හදා බලා ඇත. ඒ අනුව වෙරළාසන්න නගර විනාශ කළ හැකි අඩි 33 ක්‌ උසැති සුනාමියක්‌ නිර්මාණය වී තිබේ. 

නවසීලන්ත ගත්කතුවරයකු වූ රේවාරූ විසින් නවසීලන්ත ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තිබූ රහසිගත ලියවිලි වලින් මෙම සුනාමි බෝම්බය ගැන තොරතුරු අනාවරණය කර තිබේ. මෙම බලගතු බෝම්බය සඳහා පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් මිලියන 02 ක්‌ භාවිත කර තිබේ. 

සුනාමි බෝම්බය මුහුද යටදී පුපුරුවා හැරීමේදී විශාල සාගර ප්‍රවාහ ඇතිවන බව රේවාරූ තවදුරටත් හෙළිකර ඇත. 

1944 වසරේදී ශාන්තිකර සාගරයේදී නැවක ගමන් කළ ඇමරිකානු නාවික නිලධාරියෙක්‌ කොරල්පර අසළින් ඉහළට නැගුණු විශාල රැලි මාලාවන් දැකීමෙන් මේ රහස හෙළිවිය. 

ශාන්තිකර සාගරයේ කොරල්පර ප්‍රදේශයක්‌ විනාශ කිරීම සඳහා පිපිරීම් කීපයක්‌ සිදුකිරීමේදී මෙලෙස විශාල රැලි මාලාවන් උත්පාදනය වී තිබේ. පොජෙක්‌ට්‌ සීල් නමින් හැඳින්වූ මේ සුනාමි බෝම්බය 1944 සහ 1945 යන වර්ෂ සමයේ නිව් කැලිඩොනියා සහ ඕක්‌ලන්ඩ් යන ප්‍රදේශ අතර අත්හදා බලා තිබේ. ඇමරිකාවේ සහ නවසීලන්තයේ අරමුණ වී ඇත්තේ පරමාණු බෝම්බය නිසි පරිදි ක්‍රියාත්මක නොවූයේනම් සුනාමි බෝම්බය ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා නවසීලන්තයේ ඕක්‌ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස්‌ ලීච් සහය වී ඇති බව තවදුරටත් හෙළිවී ඇත. 

මේ අතර සුනාමි බෝම්බය අත්හදා බලන බව මුලින්ම දැක ඇත්තේ ඇමරිකානු නාවික නිලධාරියකු වන ඊ. ඒ. ඩිප්සන් යෑයිද නවසීලන්ත රහස්‌ ලේඛනවල තවදුරටත් සඳහන් වී ඇත. සුනාමි බෝම්බයක්‌ නිර්මාණය කිරීම ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටියක දර්ශනයක්‌ යෑයි සිතුවත් එය ඇත්ත වශයෙන්ම සිදුවී ඇති බව රහස්‌ ලියවිලි වලින් සනාථ වන්නේ යෑයි රේවාරූ තවදුරටත් සඳහන් කර ඇත. ඇමරිකාව සහ නවසීලන්තය අතර පැවැති දැඩි සම්බන්ධතාවය ඇමරිකානු න්‍යෂ්ටික නාවික යාත්‍රා නවසීලන්ත මුහුදු කලාපයට පිවිසීමත් සමගම බිඳවැටී තිබේ. 

මේ පසුබිම මැද සුනාමි බෝම්බය සම්බන්ධ තොරතුරු යටපත් විය. මෙම සුනාමි බෝම්බය නිර්මාණය කිරීමේ එක්‌ අරමුණක්‌ වන්නේ දෙවැනි ලෝක යුද්ධ මහා සමයේදී ජපානය සතු දූපත් වෙත ආක්‍රමණයක්‌ මෙහෙවීමයි. 

නවසීලන්ත රජය මෙම රහස්‌ මෙහෙයුම ගැන දැන සිටි අතර තාක්‍ෂණික ක්‍රියාදාමයන් සැපවූයේ ඇමරිකානු ආණ්‌ඩුවයි. මෙකී බලගතු බෝම්බය අත්හදා බලන සමයේ නවසීලන්තයේ තිබුණේ යුද අමාත්‍ය මණ්‌ඩලයක්‌ නිසා ඒ සඳහා පූර්ණ සහයක්‌ ලැබී ඇත. 

රේවාරූ තවදුරටත් පවසන්නේ විශාල පිපිරීම් 10 කින් අඩි 33 ක්‌ උසැති සුනාමියක්‌ ඇතිකර සාමාන්‍ය නගරයක්‌ ජලගැල්මට ගොදුරු කළ හැකි බවයි. එසේ වුවත් පුපුරණ ද්‍රව්‍ය කිලෝ මිලියන 4 කට වඩා යෙදීමෙන් නිෂ්පාදනය වූ සුනාමි බෝම්බයක්‌ වෙරළට සැතපුම් 5 ක්‌ දුරින් ක්‍රියාත්මක කිරීමෙන් විශාල රැලි මාලාවන් ඇතිකළ හැකි බවද මේ නවසීලන්ත ගත් කතුවරයා හෙළිකර ඇත. 

මේ සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් හා නවසීලන්ත රජය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. සුනාමි බෝම්බය අත්හදා බලා ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර ජාතීන්ගේ සතුරන් ලෙස ක්‍රියාකරන රටවල වෙරළාසන්න නගර ජලයෙන් යටකිරීම සඳහාය. මේ ක්‍රියාදාමය මවිතයට හේතුවන සිද්ධියක්‌ යෑයි රේවාරූ තවදුරටත් කියා සිටියේය. 

2004 දී ඇතිවූ සුනාමියෙන් තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, තමිල්නාඩුව, ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කීපයක ලක්‍ෂ ගණනක්‌ ජනතාව මරුමුවට පත්විය. මෙය ස්‌වභාවික ආපදාවක්‌ බවට පැවසුවත් ඇමරිකානු නවසීලන්ත රහස්‌ ලියෑවිල්ලෙන් හෙළිදරවු වූ කරුණු නිසා සැකයක්‌ ජනතාව තුළ මතුවන බවද නවසීලන්ත ගත්කතුවරයා විසින් තවදුරටත් පවසා තිබේ. 

පසුගිය කාලයේ ඇමරිකාව විසින් ශාන්තිකර සාගරයේදී න්‍යෂ්ටික පිපිරීම් කීපයක්‌ සිදුකර තිබේ. මේ පිපිරීම් මුහුද යටදී සිදුවූ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම්ද එසේත් නැතිනම් සුනාමි බෝම්බ අත්හදා බැලීම්ද යන්න කිසිවකුත් නොදනී. නීල් කර්ටන් නමැති මහාචාර්යවරයා පවසන්නේ සුනාමි බෝම්බයද විනාශකාරී නිර්මාණයක්‌ බවයි. 

මේ සුනාමි බෝම්බ සම්බන්ධ රහස වසර 68 ක්‌ තිස්‌සේ වැළලී තිබුණි. රේවාරූ නවසීලන්ත ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අතීත ලියෑවිලි විමර්ශනය නොකරන්නට සුනාමි බෝම්බ රහස කිසි දිනක හෙළිවන්නේ නැත. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් 2004 දී සුනාමිය පැමිණියේ ඉන්දීය සාගරය සහ ශාන්තිකර සාගරය මැදිවෙමිනි. එම සුනාමියෙන් ඇමරිකාවට හානියක්‌ සිදුවූයේ නැත. 

එසේනම් 2004 සුනාමිය ඇමරිකානු නිර්මාණයක්‌ද? ඉන්දුනීසියාව සමීපයේ මුහුදු පතුලේ තිබෙන තල එකිනෙක ගැටීමෙන් සුනාමි විපත් ඇතිවන බව පැවසුවත් දැන් මතුවන ප්‍රශ්නයනම් මේ විපත් ස්‌වභාවික හේතූන් නිසාද, එසේත් නැතිනම් දේශපාලන ක්‍රියාමාර්ග සඳහා නිර්මාණය කරන ලද කෘතීම ක්‍රියාමාර්ගද යන්නයි. රහසිගත ක්‍රියාසහ නිධාන මැයෙන් රේවාරු විසින් රචිත ග්‍රන්ථයෙන් සුනාමි බෝම්බයේ සියලු රහස්‌ දැන් හෙළිදරවු වී තිබේ. 

ශාන්තිකර සාගරයේදී බෝම්බ 4000 ක්‌ අත්හදා බැලීම යනු සුළුපටු සිද්ධියක්‌ නොවේ. මේ සියලු බෝම්බ සුනාමි බෝම්බ බව පැහැදිලිය. ජපානයට නිසි පාඩමක්‌ ඉගැන්වීම සඳහා ඇමරිකාව සහ නවසීලන්තය රහසිගතව නිර්මාණය කළ මේ බෝaම්බයේ අරමුණ බරපතළ රැලි මාලාවන් උත්පාදනය කර වෙරළාසන්න නගර විනාශ කිරීමයි. 2004 සුනාමියෙන් සිදුවූයේද ඊට සමාන ක්‍රියාදාමයකි. මේ සම්බන්ධයෙන් නවසීලන්ත මාධ්‍යය ඊයේ පැවසුවේ දෙවැනි ලෝක යුද්ධයේදී ඕක්‌ලන්ඩ් නගරය සමීපයේදී දසදහස්‌ සංඛ්‍යාත අත්හදා බැලීම් සිදුකර ඇති බවයි. 

1945 දී ජපානයෙන් හිරෝෂිමා සහ නාගසාකි යන නගර වලට පරමාණු බෝම්බ දැමීමට පෙර සුනාමි බෝම්බය නිර්මාණය කිරීමේ පොජෙක්‌ට්‌ සීල් රහස්‌ මෙහෙයුම ආරම්භ වී තිබුණි. ජපානයේ වෙරළාසන්න නගර වල පිහිටි හමුදා කේන්ද්‍රස්‌ථාන විනාශ කිරීමේ පරමාර්ථයෙන් දියත් වූ මේ රහස්‌ මෙහෙයුමේ සියලු තොරතුරු දැන් මුළු ලොවටම හෙළිවී ඇත. 

2004 දී සුනාමිය ඇතිවීමෙන් පසු ඇමරිකානු නාවික හමුදාව රටවල් රැසකට සහාය වීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ විපතට පත් ස්‌ථාන සුද්ධපවිත්‍ර කිරීම ඇමරිකානු නාවික යාත්‍රාවක්‌ද පැමිණියේය. එසේ වුවත් රටවල් රැසකට මහා විපතක්‌ ඇතිකරමින් සිදුවූ එම සුනාමි විපතේ සැබෑ යථාර්ථය දන්නේ ඇමරිකානුවන් පමණි. 

කීර්ති වර්ණකුලසූරිය

Post a Comment

0 Comments