රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට බිලි වී මේ මැයි පළමු වැනිදාට වසර විසිහයකි. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත ප‍්‍රහාරයට ගොදුරුව ඔහු මිය ගියේ 1993 අවුරුද්දේ මැයි 01 වැනිදාය. එදා සිට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා සිහිපත් නොකෙරෙන මැයි දිනයක් මෙරට නොතිබිණි. එමෙන්ම ඔහු මෙරට දේශපාලන ශබ්ද කෝෂයේ තවමත් සජීවී නාමයක් බවට පත්ව තිබේ.
පේ‍්‍රමදාස ජනාධිපතිවරයා වැඩ කරපු ක‍්‍රමය... පේ‍්‍රමදාසගේ මිනිස්සු... යනාදී හැඳින්වීම් තවමත් මෙරට දේශපාලනයේදී බහුලව ඇසෙන්නේය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ අකල් මරණය ගැන දැන් අපට අලූත්ම හෙළිදරව්ව කරන්නේ ද ඔහුගේ මිනිසෙකි. සමීපතම හිතවතෙකි. ඒ විජිත කදිරගොන්න ය. ඔහු පවසා සිටින්නේ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසව මරාගෙන මැරුණු බාබු පේ‍්‍රමදාස මහතාගේ හිතවතෙක් නොවන බවය. එහෙත් මෙරට ජන සමාජයේ මුල් බැසගෙන ඇති කතාව නම් මරාගෙන මැරුණු බාබු පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමීපතම ගෝලයෙක් බවය. එහෙයින් පේ‍්‍රමදාස ඝාතනය ගැන කරන අලූත්ම හෙළිදරව්ව විජිත කදිරගොන්නගේ වචනවලින් ඔබට කියන්නට අපගේ අදහස විය. මේ පෙළගැසෙන්නේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ උපදේශක, ශ‍්‍රී සුචරිත ව්‍යාපාරයේ ප‍්‍රධාන ලේකම් විජිත කදිරගොන්න කරන අලූත්ම හෙළිදරව්වය.
පේ‍්‍රමදාස මහත්තයා මාව නෙමෙයි මුලින්ම හඳුනගත්තේ, අපේ තාත්තාව. ආර්. එස්. කදිරගොන්න තමයි තාත්තාගේ නම. පේ‍්‍රමදාස මහත්තයගෙයි, අපේ තාත්තගෙයි හිතවත්කම බොහෝම පැරණි එකක්. දෙදෙනාගේ හිතවත්කම ගොඩනැඟිලා තියෙන්නෙ කෙසෙල්වත්ත පූර්වාරාමය පන්සලේදී. ඒ කාලේ මගේ තාත්තා පූර්වාරාමයට නිතර යන එනවා. පේ‍්‍රමදාස මහත්තයත් නිතර ආගිය පන්සලක්. කොහොමහරි 1970 අවුරුද්ද වෙනකොට මගේ තාත්තා පේ‍්‍රමදාස මහත්තයාගේ කිට්ටුම හිතවතෙක් වෙලා...’’
‘‘දවසක් පේ‍්‍රමදාස මහත්තයා අපේ තාත්තට කියලා තිබුණා දරුවො දෙන්නවත් එක් කරගෙන සුචරිතයට එන්න කියල. ඒ වෙද්දී මගේ තාත්තා සුචරිත ව්‍යාපාරයේ උප සභාපති. ඊට පස්සෙ දවසක තාත්තා මාවයි, අයියවයි සුචරිතයට එක්කරගෙන ගියා. ඒ 1971 අවුරුද්දේ එක්තරා දවසක්. එදා තමයි මම මුලින්ම පේ‍්‍රමදාස මහත්තයාව දැක්කෙ. ඊට පස්සෙ මම පේ‍්‍රමදාස මහත්තයා ළඟට ගියේ සුචරිතය නැවත නඟාසිටුවන්න පවත්වපු පළමු සාකච්ඡුාව දවසේ. එතකොට සුචරිතය තරමක් දුරකට කඩා වැටිලා තිබුණේ. මැතිනියගේ ආණ්ඩුවේ හිටිය නිවාස හා ඉදිකිරීම් ඇමැති පිටර් කෙනමන් මහත්තයා සුචරිත ශාලාව රජයට පවරාගන්න හැදුවේ. ඊට පස්සෙ අපි තමයි පේ‍්‍රමදාස මහත්තයාගේ උපදෙස් මත සුචරිතය දියුණු කරලා ගත්තේ...’’
‘‘සුචරිත පාසල ආරම්භ කරලා රත්නසිරි රාජපක්‍ෂ මහත්තයාව විදුහල්පති කළා. මගේ අයියා ශාන්ත කදිරගොන්න නියෝජ්‍ය විදුහල්පති කළා. බණ පින්කම් පිළිබඳ සංවිධායක විදිහට මාව පත් කළා. මට පැවරුණු රාජකාරිය වුණේ සෑම මාසයකම පෝය දවසට බණ පින්කමක් සංවිධානය කිරීම. ඒ අතර කාලයේදී 1973 අවුරුද්දේ මැද කොළඹ එක්සත් ජාතික පක්‍ෂ සංවිධානය ආරම්භ කළා. එම සංවිධානයේ සම ලේකම්වරයා විදිහට මම පත් වුණා. ඊට පස්සෙ තරුණ පෙරමුණේ සභාපති තනතුරට පත් වුණා. අපේ තාත්තා දකුණු කොච්චිකඬේ ප‍්‍රධාන සංවිධායක ධුරයට පත් වුණා. පසුකාලීනව ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ ප‍්‍රධානත්වයෙන් සුචරිත ශාලාවේ ආරම්භ කරපු මැද කොළඹ එක්සත් ජාතික පක්‍ෂ සංවිධානයේ විධායක සභාවේත් මම කටයුතු කළා. පේ‍්‍රමදාස මහත්තයා එක්ක වැඩ කරනකොට වැඬේ තිතටම තියෙන්න ඕන. ඒ නිසා පේ‍්‍රමදාස මහත්තයා පවරන කිසිම වැඩක් අපි සැහැල්ලූවෙන් හිතුවේ නෑ. හැකි උපරිමයෙන් කළා. ඒ නිසා තමයි පේ‍්‍රමදාස මහත්තයා රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා, මිය යන තුරු හිතවත්කම එලෙසින්ම තියාගන්න පුළුවන් වුණේ...’’
‘‘අපිටත් වඩා පේ‍්‍රමදාස මහත්තයාගේ සමීපතම විශ්වාසවන්තයා විදිහට හිටියේ ඊ.එම්.පී. මොහිදීන්. මුස්ලිම් ජාතිකයෙක්. වැඩිදුර අධ්‍යාපනයක් ලබලා නෑ. ඒත් කුඩා කාලයේ ඉඳලා පේ‍්‍රමදාස මහත්තයාගේ කීකරුම ගෝලයා විදිහට හිටි හිතවතා. මොහිදීන්ගේ ගෙවල් තිබුණෙත් සුචරිතය ඇතුළේමයි. පේ‍්‍රමදාස මහත්තයාගේ සියලූ ආවතේව වැඩ කළේ මොහිදීන්. ඒ නිසා පේ‍්‍රමදාස මහත්තයා මොහිදීන්ව දැඩි ලෙස විශ්වාස කළා. මොහිදීන් කියන ඕනෑම දෙයක් පේ‍්‍රමදාස මහත්තයා විශ්වාස කළා. ඒ අවසරයෙන් මොහිදීන් හිටියේ රජෙක් වගෙයි. පේ‍්‍රමදාස මහත්තයා ඇර වෙන කිසිම කෙනෙක්ව මායිම් කළේ නෑ. පේ‍්‍රමදාස මහත්තයාගේම රජයේ සමහර මැති ඇමැතිවරු, ඉහළ පොලිස් නිලධාරීන් පේ‍්‍රමදාස මහත්තයාගෙන් වැඩක් කරගන්න ඕන වුණාහම කිව්වේ මොහිදීන්ට. පේ‍්‍රමදාස මහත්තයා සතුටින් ඉන්න වේලාවක් බලලා ප‍්‍රශ්නය කියලා මොහිදීන් වැඬේ කරලා දෙනවා. ඒ වෙනුවෙන් මොහිදීන් විශාල උදව් පදව් බලාපොරොත්තු වුණේ නෑ. විස්කි, බ‍්‍රැන්ඩි බෝතලයක්, අතේ වියදමට සුළු මුදලක් දුන්නම නොගෙන හිටියෙත් නෑ...’’
මොහිදීන් මත්පැන්වලට වගේම කාන්තාවන්ට වැඩි උනන්දුවක් දැක්වූවා. මරාගෙන මැරෙන කොටියෙක් වෙච්ච බාබු මොහිදීන්ට හිතවත් වෙලා තිබුණේ ඒ දුර්වලකම් ප‍්‍රයෝජනයට අරගෙන. බාබු මොහිදින්ට හිතවත් වෙන්න උපාය දූතයා කරගෙන තිබුණේ ඩයස් පෙදෙසෙ සිල්ලර බඩු කඩයක් කරගෙන ගිය රාජුව. මොහිදින්ගේ හොඳම හිතවතා. එකට කන බොන, සියලූ ගනුදෙනු කරන යාළුවා. අසරණයෙක් විදිහට බාබු රස්සාවක් හොයාගෙන මුලින්ම ආවේ රාජුගේ කඩයට. ඒ ඇවිත් අහිංසකකම පෙන්නලා රාජුවත් දෑලේ දාගන්න බාබු සමත් වුණා. ස්ථිර ගෝලයෙක් නැතිව හිටිය සිල්ලර කඬේට රාජු, බාබුව ගෝලයෙක් විදිහට වැඩට අරගෙන තිබුණා. එතකොට බාබුට වයස අවුරුදු විසි දෙකක, තුනක පෙනුමක් තමයි තිබිලා තියෙන්නෙ...’’
‘‘බාබු පෙනී ඉඳලා තිබුණේ කුමාර් කුලසිංහම් වීරකුමාර් නොහොත් බාබු නමින්. ගම විදිහට කියලා තිබුණේ යාපනේ ගුරුනගර්. පිළිවෙළට, පිරිසිදුව අඳින පළඳින බාබු රාජුගේ සිල්ලර කඬේත් හොඳට තියාගෙන තිබුණා. කඬේට එන මිනිස්සුන්ට ප‍්‍රියවචනයෙන් කතා කරලා වෙළෙඳාමත් වැඩි කරගෙන තිබුණා. ඒ නිසා රාජු, බාබු ගැන හොඳ පැහැදීමෙන් හිටියේ. හවසට අඩිය ගහන්න එන මොහිදීන්ටයි, රාජුටයි රසට කටගැස්ම හදලා දුන්නෙත් බාබු. බයිට් එකේ රහට මොහිදීනුත් බාබුට හිතවත් වුණා. මාස තුන හතරක් යනකොට මොහිදීනුයි, බාබුයි සහෝදරයන් ගානට ළං වුණා. මොහිදීන් බාබුව ගෙදරත් එක්කරගෙන ගිහින්. ඒ විතරක් නෙමෙයි සුචරිතයට එක්කරගෙන එන්න පටන්ගෙන...’’
‘‘බාබු තම ඉලක්කයට ඉක්මනින් ළං වෙනකොට එල්.ටී.ටී.ඊ.යෙන් ඊට අවශ්‍ය උපරිම යටිතල පහසුකම් ලබා දුන්නා. බාබුට වෙනම වෙළෙඳසැලක් ආරම්භ කරන්න එල්.ටී.ටී.ඊ.ය ලොකු මුදලක් දීලා තිබුණා. බාබු රාජුට කියලා තිබුණේ ගමේ ඉඩමක් විකුණලා අම්මා සල්ලි ටිකක් දුන්නා කියලා. ඊට පස්සේ ඒ සල්ලිවලින් රාජුගේ පැණිබීම ඒජන්සියට බාබු ලොරියක් අරගෙන දැම්මා. රාජුගෙයි, බාබුගෙයි ව්‍යාපාරවලට මොහිදීන්ගේ උපරිම සහෝගයත් ලැබුණා. කිසිම තැනකින් බාධක නෑ. ඒ එක්කම බාබු ගුණසිංහපුර ව්‍යාපාරිකයන්ට සල්ලි පොලියට දෙන්න පටන් ගත්තා. පොලී සල්ලි ලැබෙනකොට බාබුට සල්ලි උතුරන්න පටන් ගත්තා. ඒ ලැබෙන ආදායම වැඩි හරියක් වියදම් කළේ මොහිදීන් එක්ක කන්න බොන්න. ගුණසිංහපුර නැති බැරි මිනිස්සුන්ටත් උපරිමයෙන් උදව් කරලා මුළු ගමම බාබුගේ අණසකට යටත් කරගත්තා...’’
ඔය කාලේ වෙනකොට මොහිදීන්ගේ නැට්ට වගේ හිටිය බාබු නිතරම සුචරිතයට ගියා ආවා. සුචරිතයේ වැඩ කරන අයගේ මඟුල්වලට, මළගෙවල්වලට බාබු අත දිගහැරලා වියදම් කරලා තිබුණා. ඒ නිසා සුචරිතය ඇතුළෙ වැඩ කරන අය අතරත් බාබුට ලොකු පිළිගැනීමක් තිබුණා. ජනාධිපතිතුමාගේ ආරක්‍ෂක නිලධාරීන්ටත් මොහිදීන් මාර්ගයෙන් අරක්කු බෝතල් අරගෙන දීලා, ඒ අයවත් බාබු ඕන විදිහට නවාගෙන තිබුණා. ඒ දැන, හැඳුනුම්කම් නිසා පේ‍්‍රමදාස මහත්තයා යන, එන ගොඩක් තැන්වලට මොහිදීන් එක්ක බාබුත් ගිහින් තිබුණා. මොහිදීන් යන ෆ්ලයිට්වල පවා ගිහින් තියෙනවා. ජනාධිපති ආරක්‍ෂකයන් බාබුව අඳුරන නිසා කිසිම අවුලක් වෙලා නෑ. ඒ ගිහාමත් ආරක්‍ෂක නිලධාරීන්ට විස්කි, බ‍්‍රැන්ඩි කෑම බීම සේරම අරගෙන දීලා තියෙන්නෙ බාබුගේ වියදමෙන්. ඒත් මේ කිසිම දෙයක් පේ‍්‍රමදාස මහත්තයා දැනගෙන හිටියේ නෑ. අඩුම තරමින් පේ‍්‍රමදාස මහත්තයා එක්ක කිසිම දවසක බාබු කතා කරලාවත් තිබුණේ නෑ. අපිවත් බාබුව දැන හැඳිනගෙන කතා කරලා තිබුණේ නෑ...’’
‘‘පේ‍්‍රමදාස මහත්තයා නැති වෙන්න මාස දෙකකට විතර උඩදී, මමයි නෝනයි සුචරිතයේ ඉඳලා වාහනයෙන් එනකොට බාබුව දැකලා නෝනා කිව්වා ‘විජිත අර මනුස්සයා හැමදාම ඔයා දිහා හොඳට බලාගෙන ඉන්නවා... මිනිහා බැංකොක් සපත්තු දාන්නෙ... අඳින්නෙ ලොකු ගණන්වල ඇඳුම්... මට නම් මිනිහා ගැන ලොකු සැකයක් තියෙනවා’ කියලා. මමත් ඒ කතාව පිළිගෙන බාබුව සැකයි කියලා කරුණු පැහැදිලි කරලා පේ‍්‍රමදාස මහත්තයට දෙන්න කියලා මොහිදීන්ට ලිපියක් ලියලා දුන්නා. මොහිදීන් ඒ ලිපිය පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට දීලා තිබුණේ නෑ...’’
‘‘ඔය කාලේ වෙනකොට පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් දින තීන්දු වෙලා තිබුණේ. ඒ මැතිවරණයේදී බාබු කොළඹ මන්ත‍්‍රීවරයෙක්ට ජයග‍්‍රහණය කරන්න හොඳට සල්ලි වියදම් කරලා මහන්සි වෙලා වැඩ කරලා තිබුණා. 1993 මැයි දිනය දවසේ ස්ටේඩියම් එකේ ඉඳලා පේ‍්‍රමදාස මහත්තයයි, අපියි පෙළපාලියෙන් මරදාන පැත්තට යනකොට බාබු බෝම්බයත් ඇගේ බැඳගෙන ඒ අපේක්‍ෂකයාගේ ෆොටෝ එක සහිත ටීෂර්ට් එකක් ඇඳගෙන තමයි යතුරු පැදියෙන් කෙළගෙන ඇවිත් ජනාධිපතිතුමාව බදාගත්තෙ. එතකොට මොහිදීනුත් පේ‍්‍රමදාස මහත්තයා ළඟින්මයි හිටියේ. බාබු වේගයෙන් යතුරු පැදියෙන් එනකොට මොහිදීන් එපා කියද්දීත් කඩාගෙන ඉදිරියටම ආවා. අන්තිමේ පේ‍්‍රමදාස මහත්තයත් නැති වුණා. මොහිදීනුත් නැති වුණා. තවත් ජීවිත විශාල සංඛ්‍යාවක් නැති කරගෙන බාබුත් මැරුණා. ඕක තමයි ඇත්ත කතාව. පේ‍්‍රමදාස මහත්තයාගේ ඝාතනය ඇතුළේ වෙන කිසිම කුමන්ත‍්‍රණ නෑ...’’
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයට ප‍්‍රධාන හේතුව වුණේ එතුමා මොහිදීන්ව දැඩි ලෙස විශ්වාස කිරීමයි. ජනාධිපති ආරක්‍ෂාවට හිටිය හමුදාවේ, පොලිසියේ අය බාබුගේ විස්කි, බ‍්‍රැන්ඩිවලට මුලාවීමයි. වෙන කිසිම දෙයක් නෙමෙයි...’’ දිගු සුසුමක් පිට කර විජිත කදිරගොන්න නිහඬ විය.
ත‍්‍රස්තවාදියා අතිශය සූක්‍ෂමය. කපටි, කෛරාටිකය. එමෙන්ම ගොදුරකට මුලටම එන තෙක් අවුරුදු ගණන් කල් මරන්නේය. කිසිවකුට කිසිලෙසකින් සැක නොහිතෙන ලෙසට හැසිරෙන්නේය. බාබු අති දක්‍ෂ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියෙකි. අවුරුදු දෙකකට වැඩි කාලයක සිට සුචරිතය ආසන්නයේ වෙළෙඳසැලක සේවය කරමින්, මොහිදීන් මාර්ගයෙන් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා කරන කියන, යන එන තැන් විපරම් කරමින් කල් ගත කර අවශ්‍ය වේලාවේදී බෝම්බය බැදගෙන පේ‍්‍රමදාස ජනාධිපතිවරයාව පේ‍්‍රමයෙන් වැළඳ ගත්තේය.
ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරම් ගැන සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන හොඳම ආදර්ශය බාබුය. පේ‍්‍රමදාස ඝාතනයයි. එහෙත් බාබුලා අපට කියා දුන් පාඩම් දසකයක ඇවෑමෙන් රටේ නායකයන් අමතක කළේය. ඒ දුර්වල නායකයන්ගේ අදූරදර්ශී තකතීරුකම් හමුවේ දැන් මරාගෙන මැරෙන්නේ බාබුලා නොව, මොහිදීන්ලාය. ඔවුන් බාබුලාටත් වඩා කෛයිරාටිකය. ම්ලේච්ඡුය. මේ වන විට මුළු රටම භීතියෙන් ඇළලී ගොස් ඇත්තේ ඒ නිසාය.
තරංග රත්නවීර
දිවයින
0 Comments