ෆැෂන් ගැන මොකද හිතන්නේ?
ෆැෂන් කියන්නේ හැමෝම හැමදාම කරන දෙයක් නෙවෙයි. ඒත් කවුරුත් කරපු නැති තමන්ටම ආවේණික දෙයක් කරන්න පුළුවන්නම් එතන තමයි ෆැෂන් තියෙන්නේ.
ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?
අනිවාර්යයෙන්ම ඔව්. ෆැෂන් කියන්නේ කලාවක්.
කාන්තාවක් ෆැෂන් කරන්න ඕන කොහොමද?
කෙනෙක් කරනවා බලලා කරන එක නෙවෙයි ෆැෂන් කියන්නේ. තමන්ටම ආවේණික වූ ෆැෂන් එකක් තියෙන්න ඕන.
ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?
නැහැ. මම කාවවත් කොපි කරන්නේ නැහැ. කෙනෙක් දිහා බලලා ඒ වගේ මට ආවේණික විදියට ෆැෂන් හදාගන්නවා.
පුරුද්දක් විදියට සැලෝන් යනවද?
නැහැ. මම පුරුද්දක් විදියට යන්නේ නැහැ. අයිබ්‍රේා් ප්ලග් කරගන්න වගේනම් යනවා. ඒ හැරුණම ෆන්ෂන් එකකට යද්දී යනවා.
කැමතිම hair style එක කිව්වොත්?
එකක් කියලා නැහැ. හැබැයි මම කැමති බ්‍රේඞ් කොණ්ඩෙට. ඊට අමතරව ලූස් හෙයා කැමතියි.
ෆැෂන් කරද්දි දිග කොණ්ඩයද ලස්සන කොට කොණ්ඩයද?
මම හිතන්නේ දිග කොණ්ඩයක්. මොකද දිග කොණ්ඩෙට කරන්න පුළුවන් ෆැෂන් ප‍්‍රමාණය වැඩියි.
පුරුද්දක් විදියට ඔරලෝසු පළදිනවාද?
ඔව්. මම ඔරලෝසු පළදිනවා.
ඔරලෝසු ඇඳුමින් ඇඳුමට මාරු කරනවාද?
නැහැ. මම ඇඳුමින් ඇඳුමට ඔරලෝසු මාරු කරන්නේ නැහැ. වැඩියෙන්ම බඳින්නේ ගෝල්ඞ් කලර් වොච් එකක්.
මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද අවශ්‍යතාවන් වලටද?
මම හිතන්නේ අවශ්‍යතාවන් වලට.
හැම ගමනකදීම hand bag එකත් වැදගත් නේද?
ඔව්. ඒත් මම අරං යන්නේ නැහැ. දුර ගමනක් යද්දි නම් බෑග් එකක් අරං යන්න පුරුදුවෙලා තියෙනවා.
ෆැෂන් කරන්නේ ෂොපින් කරලද? නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් ද?
මම දෙවිදියටම ෆැෂන් කරනවා. ඉන්ටර්නෙට් එකෙන් බලලා මට ගැළපෙන විදියට ඇඳුම් හදාගන්නවා.
සෙරෙප්පු වලට තියෙන්නේ මොනව ගේ කැමැත්තක්ද?
මම ගොඩක්ම කැමති හීල්ස් වලට. ඊට අමතරව තමයි අනිත් සෙරෙප්පු වලට කැමති. මම හීල්ස් වලට කැමති නිසා ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධවෙලා ඉන්න ප‍්‍රමාණය වැඩියි. එ්වගේම කලෙක්ෂන් එකක් තියාගන්නත් කැමතියි.
සාමාන්‍ය ගමනක් යද්දි අදින්න කැමතිම ඇඳුමක් තියෙනවාද?
ඩෙනිම් එකයි ටී ෂර්ට් එකයි flat සෙරෙප්පු දෙකයි දාගෙන යන්න තමයි මම කැමති.
wedding එකකට යද්දී අඳින්න කැමති මොන වගේ ඇඳුමක්ද?
මම කැමති අනිත් අය අඳිනවට වඩා වෙනස් විදියට අඳින්න. බොහෝ වෙලාවට මම අම්මත් එක්ක එකතුවෙලා නිර්මාණය කරගත්ත ඇඳුමක් තමයි අඳින්නෙ. වෙඩින් වලට කවදාවත් කඩෙන් අරං අඳින්නේ නැහැ.
ජුවලරිස් ගැන තියෙන්නේ කොහොම උනන්දුවක්ද?
සිම්පල් ජුවලරි තමයි මම කැමති. සිම්පල් කරද්දි වුණත් ලොකු ඉයර් රින්ග් දැම්මාම නෙක්ලස් එකක් පාවිච්චි කරන්නේ නැහැ.
විලාසිතා කරද්දී වැඩියෙන්ම මැච් කරන්නේ මොන පාටද?
ලයිට් කලර් වලට කැමතියි. එයිනුත් රෝස පාටට තමයි වැඩිපුර කැමති.
ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටිලා නැද්ද?
නැහැ. එහෙනම් වෙලා නැහැ.
ෆැෂන් කරද්දී ශරීර වර්ණය පිළිබඳ සැළකිළිමත් වෙන්න ඕනද?
ඇත්තටම අද ලංකාවේ නැතිම දෙයක් තමයි ඕක. හැබැයි අනිවාර්යයෙන් කරන්නම ඕන දෙයක් තමයි ශරීර වර්ණයට ගැළපෙන විදියට ෆැෂන් කරන එක. අපට උපතින් ලැබුණ ලස්සනක් වර්ණයක් තියෙනවා. ඒ දේවල් වලට ගැළපෙන විදියට ෆැෂන් කරන්න ඕන.
හෙයාර් කලර් කරන්න කැමති නැද්ද?
නැහැ. මම කැමති නැහැ.
දිගට අඳින්නද කැමති කොටට අඳින්නද?
මම කැමති දිගට අඳින්න.
ෆැෂන් කරද්දි බලන්නේ පහසුවද සරලකමද?
සරලකම තමයි වැඩියෙන්ම බලන්නේ. ගැහැනු ළමයෙක් ෆැෂන් කරද්දී චාම් බව අත්‍යවශ්‍යයි.
ජීම් යන එකද හොද කෑම පාලනයද?
අනේ ඒ ගැනනම් කියන්න දන්නේ නැහැ. මම ඇත්තටම ඔය දෙකම කරන්නේ නැහැ. ඒත් කවුරුහරි එක්කෙනෙක් දැන් ජිම් යන්න කියලා කිව්වාම දහදෙනෙක් ඔහොම ලස්සනයි කිවුවොත් මම ජීම් යන්නේම නැහැ.
කැමති වාහන වර්ගයක් තියෙනවාද?
අනේ නැහැ.
නදීමාලි ආරියරත්න
0 Comments