මනුලොව පෙරළි කරන යක්කු..ගින්දරී 2


ටිකිරි හෙවත් ගින්දරී ( පබෝධා සංදීපනී) මිනිස් වෙසින් සිටින අමානුෂ්‍ය කාන්තාවකි. ඇගේ සැමියා බන්ටි (රොඞ්නි වර්ණකුල) අමනුෂ්‍යයෙක් නොවේ. ඔහු පත්තර කන්තෝරුවක ඡුායාරූප ශිල්පියෙකි. ටිකිරි සහ බන්ටිගේ පුතා සුපිරිට (ටිශෝන් වැන්හොෆ්) අසාමාන්‍ය බලයක් ඇත.

  මනුෂ්‍ය ලෝකයේ ඔවුන් ඉතා සතුටින් කල් ගෙවන අතර බන්ටිට අහම්බෙන් තම පැරණි මිතුරා ලැන්ටි (මහේන්ද්‍ර පෙරේරා) හමුවේ. දෙදෙනාගේ මිත‍්‍රත්වය යළි අලූත් වේ. 

දිනක් බන්ටි, පුතා සමග යතුරුපැදියෙන් ගමන් කරද්දී මැරයින් පිරිසක් (ආනන්ද අතුකෝරළ, කීර්ති රත්නායක, සජීව මල්මාලආරච්චි) මංකොල්ලයක් සිදුකරන අයුරු දකී. බන්ටි එය තම කැමරාවෙන් ඡුායාරූපගත කරයි. මේ නිසා මැර පිරිස බන්ටි සහ පුතා පසුපස පන්නති.

මේ අතර අමනුෂ්‍ය කාන්තාවන් කිහිප දෙනෙක් (චූලක්ෂි රණතුංග, ටීනා ෂනෙල්, චංචලා වර්ණසූරිය) මිනිස් ලෝකයට පැමිණෙන්නේ ඔවුන්ගේම රැහේ අයෙකු වන ටිකිරිගේ පුතා සුපිරි තම ලෝකයට රැගෙන යෑමටය. මේ යක්ෂණියන්ගෙන් ටිකිරි, බන්ටි සහ සුපිරි ගැලවෙන්නට අපමණ වෙහෙසක් දරති. ඒ් සඳහා ඔවුන්ට උදව් කරන්නේ මිනිස් වෙසින් මෙලොව වැඩ සිටින දෙවිවරුන් දෙදෙනෙකි. ( ශ‍්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න) 

ගින්දරී 2. උදයකාන්ත වර්ණසූරිය විසින් කතාව, දෙබස්, තිරරචනය සමගින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන අලූත්ම චිත‍්‍රපටයයි. කැමරාව කේ.ඞී. දයානන්දය. සංස්කරණය හා ශබ්ද සැලසුම් ප‍්‍රවීන් ජයරත්නය. සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඞ් ජයන්තගෙනි. සංගීතය ආනන්ද පෙරේරාය. වේශ නිරූපණය නලින් පේ‍්‍රමතිලක, කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස් විසින්ද ඇඳුම් පැළඳුම් ශාන්ති වර්ණසූරිය සහ රැෆෙලා ප‍්‍රනාන්දු විසින් ද සිදුකරති. ගී තනු නිර්මාණය නඳුන් රත්නායකය. ගී පද රචනා නිලාර් එන් කාසිම්ය. ටෙඞී විද්‍යාලංකාර ක‍්‍රියාදාම මෙහෙයුම ද අසෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණය ද සිදු කරති. එ්වියන් එන්ටර්ටේන්මන්ට්හි තිලංක ද සිල්වා විශේෂ දෘෂ්ඨි ප‍්‍රයෝග ද, මහේෂ් නිෂාන්ත නිෂ්චල ඡුායාරූපකරණයෙන්ද දායක වෙති. .ගින්දරී 2. රූගත කිරීම් නිමවා ඇති අතර මෙම වසර තුළ තිරගත කෙරේ.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us