නිවැරදි උපත් පාලන කොපු භාවිතය

අද මා කතා කිරීමට යන්නේ මිනිසාගේ ප්‍රජනන සෞඛ්‍යයේ ඉතාම වැදගත් උපකරණයක් / මෙවලමක් වන කොන්ඩමය හෙවත් උපත් පාලන කොපු පිළිබඳවයි.


උපත් පාලන කොපු වල ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ දෙකක් ඇත.



ලිංගිකව සම්ප්‍රේශනය වන බොහෝ රෝග වලින් වැළැකීම.ලිංගික ඉන්නන් ( Gentile Warts) වැළැදීමේ අධික ප්‍රවණතාවයක් ඇත.


  • අනැවශ්‍ය ගැබ් ගැනීම් නැවතීම.

  • කොන්ඩමයක් නිවැරදිව භාවිත කිරීමේදි පහත දක්වන ක්‍රියාවන් අනුගමනය කළ යුතුය.

  • කොන්ඩමය නිසි අයුරින් ගබඩා කර තැබිය යුතුය.

  • සිසිල් වියලි ස්ථානයක ගබඩා කිරීම අත්‍යවශ්‍ය වේ.

  • උෂ්ණත්වය වැඩි වූ විට හෝ පරණ වූ විට පරණ බැලුම් වලට වන්නා වූ සිද්ධියම කොන්ඩම වලටත් සිදුවේ.

  • පසුම්බියක දමාගෙන යා යුතු නම් කලිසමේ පිටුපස සාක්කුවේ දමා ඉදගැනීම ආදිය නොකළ යුතු අතර අව් රශ්මිය වදින තැනක නොතැබිය යුතුය.

  • කොන්ඩම් බහාලුමේ නිශ්පාදිත දිනය අලුත් දැයි සැක හැර දැනගත යුතු අතර කල් ඉකුත් වීමේ දිනය සඳහන් කොට ඇත්නම් කල් ඉකුත් වී ඇත්දැයි දැනගන්න.

  • කොන්ඩම් බහාලුම් දත් වලින් හෝ තියුණු ආයුධ වලින් කැපීම හෝ විවෘත කිරීම නොකරන්න.

  • කොන්ඩම් බහාලුමේ කොන්ඩමය ලිහිසිකරණය (Lubrication) කර ඇතැයි පවසා නැත්නම් ජල පාදක ලිහිසිකාරකයක් යොදා ගැනීම මැනවි.

  • සෑම විටම කොපුව මනා ලෙස ප්‍රාණවත් වූ ශිෂ්නයකට පමණක් පළඳවන්න.

  • පැළඳවීමට ප්‍රථම කොන්ඩමයේ මුල හොඳින් වාත රික්තයක් වන සේ අල්වා ශිෂ්නයේ හිසට තබා පහළට රෝල් කරමින් අදින්න.

  • ධාතු පහ වූ පසු  ලිඟුව ප්‍රාණවත්ව තිබියදීම කොපුවේ පාදමයෙන් අල්වා ඇද ගැටයක් ගසන්න.

  • කිසි විටක එකම කොපුව දෙවරක් භාවිත කරන්න එපා.

  • භාවිත කළ කොන්ඩම කිසි විටක වැසිකිළි පද්ධතියට එකතු කරන්න එපා!

  • භාවිත කළ කොන්ඩ නිසි ලෙස වල දැමීම හෝ පුළුස්සා දැමීම කළ යුතුයි.



kadathura.blogspot.com