නිවැරදි උපත් පාලන කොපු භාවිතය

අද මා කතා කිරීමට යන්නේ මිනිසාගේ ප්‍රජනන සෞඛ්‍යයේ ඉතාම වැදගත් උපකරණයක් / මෙවලමක් වන කොන්ඩමය හෙවත් උපත් පාලන කොපු පිළිබඳවයි.


උපත් පාලන කොපු වල ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ දෙකක් ඇත.



ලිංගිකව සම්ප්‍රේශනය වන බොහෝ රෝග වලින් වැළැකීම.ලිංගික ඉන්නන් ( Gentile Warts) වැළැදීමේ අධික ප්‍රවණතාවයක් ඇත.


  • අනැවශ්‍ය ගැබ් ගැනීම් නැවතීම.

  • කොන්ඩමයක් නිවැරදිව භාවිත කිරීමේදි පහත දක්වන ක්‍රියාවන් අනුගමනය කළ යුතුය.

  • කොන්ඩමය නිසි අයුරින් ගබඩා කර තැබිය යුතුය.

  • සිසිල් වියලි ස්ථානයක ගබඩා කිරීම අත්‍යවශ්‍ය වේ.

  • උෂ්ණත්වය වැඩි වූ විට හෝ පරණ වූ විට පරණ බැලුම් වලට වන්නා වූ සිද්ධියම කොන්ඩම වලටත් සිදුවේ.

  • පසුම්බියක දමාගෙන යා යුතු නම් කලිසමේ පිටුපස සාක්කුවේ දමා ඉදගැනීම ආදිය නොකළ යුතු අතර අව් රශ්මිය වදින තැනක නොතැබිය යුතුය.

  • කොන්ඩම් බහාලුමේ නිශ්පාදිත දිනය අලුත් දැයි සැක හැර දැනගත යුතු අතර කල් ඉකුත් වීමේ දිනය සඳහන් කොට ඇත්නම් කල් ඉකුත් වී ඇත්දැයි දැනගන්න.

  • කොන්ඩම් බහාලුම් දත් වලින් හෝ තියුණු ආයුධ වලින් කැපීම හෝ විවෘත කිරීම නොකරන්න.

  • කොන්ඩම් බහාලුමේ කොන්ඩමය ලිහිසිකරණය (Lubrication) කර ඇතැයි පවසා නැත්නම් ජල පාදක ලිහිසිකාරකයක් යොදා ගැනීම මැනවි.

  • සෑම විටම කොපුව මනා ලෙස ප්‍රාණවත් වූ ශිෂ්නයකට පමණක් පළඳවන්න.

  • පැළඳවීමට ප්‍රථම කොන්ඩමයේ මුල හොඳින් වාත රික්තයක් වන සේ අල්වා ශිෂ්නයේ හිසට තබා පහළට රෝල් කරමින් අදින්න.

  • ධාතු පහ වූ පසු  ලිඟුව ප්‍රාණවත්ව තිබියදීම කොපුවේ පාදමයෙන් අල්වා ඇද ගැටයක් ගසන්න.

  • කිසි විටක එකම කොපුව දෙවරක් භාවිත කරන්න එපා.

  • භාවිත කළ කොන්ඩම කිසි විටක වැසිකිළි පද්ධතියට එකතු කරන්න එපා!

  • භාවිත කළ කොන්ඩ නිසි ලෙස වල දැමීම හෝ පුළුස්සා දැමීම කළ යුතුයි.



kadathura.blogspot.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us