කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය

අද බොහෝ දෙනාගේ සිත් හි තැන්පත්ව ඇති මිත්‍යා විශ්වාසයක් වන පියයුරු ප්‍රමාණ සහ ලිංගික කර්තව්‍යය පිළිබද කතිකා කිරීමට සිතා ගතිමි.


බොහෝ දෙනා කාන්තාවකගේ පියයුරු විශාල නම් ඇය කාමුක යැයිද , කුඩා පියයුරු ඇත්තියන් කාමුක නැතැයිද යන දුර්මතයේ සිටිති. ඇත්තෙන්ම මෙය අප හට මාධ්‍යය විසින් පොවන ලද මිත්‍යා මතයක් ලෙස මා හට හුවා දැක්විය හැකිය. ඇත්තෙන්ම අසැබි දර්ශන වලද මේ සඳහා යොදා ගනුයේ මෙවැනිම විසල් පියයුරු සහිත කාන්තාවන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙම පොවන ලද මිත්‍යා මතය තවත් තහවුරු කිරීමටය. පහතින් මා කාන්තාවන්ගේ පියයුරු සඟල වල ප්‍රමාණ සහිත ඡායාරුවක් දක්වමි.


ඇත්තෙන්ම කාන්තාවකගේ පියයුරු වල ස්වභාවය මෙන්ම ඇයගේ ලිංගික විභවය (sex drive) ද තීරණය වනුයේ උපතේදීමය. ඇයගේ පියයුරු විසල් වුවද ඇයට ඇති ලිංගික විභවය අඩු විය හැකි අතර කුඩා පියයුරු සහිත ඇයට විසල්  ලිංගික විභවයක් තිබිය හැකිය.


එහෙත් වැදගත්ම කරුණ නම් පියයුරු වල විශාලත්වය කෙතෙක් වුවද පියයුරු සෑදී ඇති ව්‍යුහය සමානය යන්නයි. නියම ලෙස උත්තේජනය කළහොත් පියයුරේ ප්‍රමාණය කෙසේ වුවත් ඕනෑම කාන්තාවක් ලිංගිකව සක්‍රිය කරගත හැකිය යන්න මා අවධාරණය කළ යුතුය. කෙසේ වෙතත් ඔබ කාන්තාවක හෝ පුරුෂයකු නම් කාන්තාවකගේ සිරුරෙහි අවධානයෙන් බැලිය යුත්තේ ඉණ/උකුළ අනුපාතිකයයි.







මෙය කාන්තාවකගේ 0.7 හා  0.8 අතර ඇත්නම් ඇයගේ ඊස්ට්‍රජන් ප්‍රමාණය හා දරුපල ඉහළ අගයක පවතින බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.



kadathura.blogspot.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us