ධනාත්මක චින්තනය අපේ ජීවිත්යේ අරමුණු සහ ඉලක්ක සම්පූර්ණ කරගැනීමට උපකාරීවන උපකරණයක් , නමුත් ඔබ ඒ උපකරණය නිසියාකාරව පරිහරණය කිරීමට දැන ගත යුතුය, එසේ නොකිරීමෙන් අපේක්ෂිත නියම ප්‍රතිඵලය නොලැබී යාහැකිය. “ධනාත්මකව සිතන්න” මේ වචනය නොයෙක් දෙනෙකුගේ මුවින් නොයෙක් අවස්ථාවල අසීමිත වතාවක් ඔබ අසා ඇතුවාට සැක නැත. එමෙන්ම එම අවවාද උපදෙස් කොපමණ වතාවක් පිළිපදින්නට ඇත්ද, ඒ සඳහා උත්සාහ කරන්නට ඇත්ද. නමුත් ඔබ අපේක්ෂා කරන අයුරින් ඒ ප්‍රතිඵලය ලබාගැනීමට හැකි වුණාද ?. මදක් සිතන්න.ඔබ හොඳින්ම දන්න ආකාරයට යමක් සාර්ථක කරගැනීමට නම්, වැදගත් වන්නේ එහි පළමුවැනි පියවරයි. එනම් එය කළ හැකියි යන දැඩි විශ්වාසයකින් යුතුව ඇරඹීමයි.
නමුත් කාරණයනම්, අප කෙසේද එය විශ්වාස කරන්නෙ අපේ සාමාන්‍ය දැනීමට අනුව අප මනසට පැමිණෙන්නේම මෙයට ඉඳුරාම වෙනස් සහ විරුද්ධ අදහස් නොවේද ?
ධනාත්මකව හැඩ ගැසුණු මිනිස් මනසක්, මිනිස් ජීවිතය හා ඔහුගේ සංකල්ප පද්ධතිය හැඩ ගැස්වීමට සහ වර්ණ ගැන්වීමට හොඳින්ම ප්‍රමාණවත් වේ. ඔබ නිකමටවත් සිතුවාද අපේ ඇතැම් දවස් සුබ වෙන්නත් ඇතැම් දවස් අසුබ වෙන්නත් හේතුව ?. අපේ උප විඥානයද එයට වගකිව යුතුවන්නෙ නැතහොත් අපි සිතන විදිහද එයට වගකිවයුතු වන්නේ. නැතහොත් මේ දෙකම වගකිවයුතුද අප ක්‍රියාත්කමවන්නේ උප විඥානය අනුවද නැතහොත් අප සිතන ආකාරය අනුවද එහෙත් නැත්නම් මේ දෙකෙහිම එක්වර සිදුවන බලපෑම අනුවද .
මා කියන්නට යන මේ ඉතාම සුලු කාරණා ටික මේ කරුණ පිළිබඳව ඔබටම තේරුම් ගැනීමට හැකි මානසික පසුබිම සකසාවි. එහි ඇති සම්පූර්ණ සත්‍යය ඔබට පසක් නොකරාවි, එහෙත් එය අපට ධනාත්මක චින්තනය කරා යන මාර්ගය සහ සාර්ථක , සම්පූර්ණ, තෘප්තිමත් ජීවිතයකට අවශ්‍ය ප්‍රධාන මූලධර්මයන් ඒ ඇසුරින් පෙන්නාවි . මේ සියල්ල සමඟම අප හොඳින් මතක තබාගත යුතු කරුණ වන්නේ අපේ සිතුවිලිවල ගුණත්මක භාවය මත අපේ ජීවිතයේ ගුණාත්මකභාවය තීරණය කරන බවයි. බොහෝ දෙනා ඒ නොසලකා හැරියත් නොදැන සිටියත් ගුණාත්මක සිතුවිලිවලට අපේ ජීවිතයට අති විශාල බලපෑමක් කළ හැකියි.
බැලූ බැල්මට කිසිසේත් නොවැදගත් සේ පෙනෙනමේ මේ කරුණු 07 නිතැතින්ම ඔබ ධනාත්මක කරාවි.
සෑම වරදකම දෝෂයකම ධනාත්ම චින්තනයට කුඩා හෝ පෙළඹවීමක් තිබේ.
ඉන්ගිලිසි කියමනක් තියෙනවා ” Every dark cloud has a silver line” කියල. ඒකියන්නෙ සෑම කලු වලාකුළකම රිදී රේඛාවක් ඇත යන්නයි. මින් අදහස් කරන යටි අරුත ඔබට වැටහෙනවා ඇති ඉන් පැහැදිලි කරන්නේ සෑම අයහපත් දෙයක් තුළම යහපත් දේකුත් ඇති බවයි. එනිසා වැරදීමට බියනොවන්න අතපසුවීම් වලින් කලබලයට කම්පාවට පත් නොවන්න, වැරදි යනු අප නිවැරදි කරන වැදගත් සංසිද්ධීන් වේ. නැගිටීමට අවැසි පුද්ගලයා මුලින් වැටීමට උගත යුතුයි. නොවැටුණොත් කිසිදා නැගිටින්නට ඉගෙනගත නොහැකියි. එනිසා සෑම වරදක්ම තමාට වන යහපතක් ලෙස සලකා ඒ ඔස්සේ තමා නිවැරදි වීමට ඒ ලද අවස්ථාව පිළිබඳව සුබවාදීව ධනාත්මකව සිතනට හුරුවන්න . අපට අපේ ගමන් මාර්ගයේ සකස්වන අයුරු ඒ ගමන් කරන්නේ කෙසේද යන්න තේරුම්ගත් හැකිනම් , අපේ අතපසුවීම් අත්වැරදීම වලින් ඉගෙන ගැනීමට හැකිනම් අපට ධනාත්මක චින්තනය වැරදි ලෙස භාවිත නොකරන්නටත් ඒ ඔස්සේ සෘණාත්මකව සිතීම වළකාගන්නටත් නියමාකාරයෙන් ඉන් ඵලප්‍රයෝජන ලබාගන්නටත් හැකිවනබව නොරහසක් .
ඔබේ පෞද්ගලික අධ්‍යාත්මික සුවය සතුට ලැයිස්තු ගත කරන්න.
ඔබ සතුටට පත්කරනා දේවල් ලැයිස්තු ගත කරන්න. ජීවිතයේ දිනපතා සිදුවන මේ දේවල් අප සතුටින් සිටිම සඳහා කළමනාකරණය කරගැනීම උදෙසා අවධාරණය යොමු කළ යුතුය. ඔබ පහන් සිතින් කරන දෙවල් යමෙක් වෙනුවෙන් කරන, යමෙක් වෙනුවෙන් කළ උපකාර, තිරිසන් සත්ත්වයින් වෙනුවෙන් කරන උපකාර මේ ලැයිස්තුවට ඇතුළත් කළ හැකිය. ඔබ වඩා ආගමට දහමට නැඹුරු අයෙක්නම් මේ කටයුත්ත වඩා පහසු වනු ඇත. එසේ නොවුණත් ඔබ තෘප්තිමත් වූ , මානසික සුවය වෙනුවෙන් කළ, ඔබ සතුටට පත්වූ පත් වූ සහ පත් කරන දෙවල් ඔබට ලැයිස්තු ගත් කළ හැකිය. මේ ලැයිස්තු ගත් කිරීම මූලිකව පොතක සටහන් කළ හැකිවූවද පසුකාලීනව මේ සටහන් කිරීම මනසින් කිරීමට පෙළඹීම වඩා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන ක්‍රම වේදයකි. මෙලෙස සකස්කරගන්නා ලැයිස්තුවක් දකින අප නිරතුරුවම ධනාත්මක ඉසව්වකට දෝලනය කරයි. අපගේ ධනාත්මක චිත්ත ශක්තිය වර්ධනය කරය්. අතීතයේ ලංකාවේ මිනිසුන් පිං පොත යනුවෙන් පොතක් භාවිත කළා මෙහි ඔවුන්ගේ සියලු යහපත් කටයුතු සටහන් කරන්නට පෙළඹුණා. ඒ පොත නැවත නැවත කියවීමේදී ඔවුන්ගේ ධන ආරෝපිත යහපත් සිතුවිලි වර්ධනය වුණා. ඔබටත් මේ හරහා ඒ ධනාත්මක සුවය ලද හැකි බව සහතිකයි.
ඔබගේ ජීවිතයේ වෙනස්කම් ලැයිස්තු ගත කරන්න.
වෙනස්වීම ලෝක ස්වභාවයයි. ජීවිතය මොහොතින් මොහොත වෙනස් වීමට භාජනය වේ . ඇතැම් විට අපට ඒවා නොපෙනෙන තරම් නමුත් මෙහිදී අප කළ යුත්තේ අපට හැඟෙන දැනෙන්න ආකාරයට ජීවිතය තුළ එදිනෙදා සිදුවන වෙනස්වීම් ලැයිස්තුගත කිරීමට හුරුවීමයි. මේ ලැයිස්තු ගත් කිරීම යනුවෙන් අදහස් කරනුයේ හුදෙක් කරුණු වශයෙන් ලිවීම පොතක සටහන් කිරීම පමණක් නොව, ඒවා අවබෝධයෙන් යුතුව තේරුම් ගැනීමයි, කරුණු වශයෙන් වෙන් වෙන්ව හඳුනාගත හැකි වන්නේ නිවැරදි ලෙස වටහාගත්හොත් පමණි. ඔබට පෙනෙන අයුරින් වෙනස් නොවී ඒ අයුරින්ම පවතින දේ නොව වෙනස් වෙන දේවල් ලැයිස්තු ගත කරන්න. ඇතැම් විට තමා සමඟ කාලයක් ළඟින් ඇසුරු කළ මිතුරෙක් හෝ මිතුරියක් ඔබ හැරයාම වන්නට පුළුවන් නැතහොත්, ඔබේ කටින් වැටුණු දතක් හෝ හිසේ ඉදුණු කෙස් රොදක් විය හැකියි, එසේත් නැතහොත් ඔබ කලක් කරගෙන ආ ව්‍යාපාරයේ පසු බෑමක්, ලාභය අඩුවීමක් හෝ ඔබේ පෙම්වතියගේ හෝ පැම්වතාගේ හෝ වෙනස්කමක් වියහැකියි. මෙලෙස ලැයිස්තුගත් කරන්නාවූ නැත්හොත් හොඳින් තේරුම් ගන්නාවූ වෙනස් වෙන දේවල් ඉතාම සතුටින් සහ අවබෝධයෙන් යුතුව පිළිගත යුතුය. එයින් පැනයාමට උත්සාහ නොකොට ඒ තත්ත්වයන් වටහාගෙන ඒවා තේරුම් ගත යුතුයි. ඇතැම්විට මේ වෙනස වඩා හොඳ තැනකට අපව ගෙනයාමට හොඳටම ඉඩකඩ ඇති බැවිනි. මේ වෙනස්වීම් හමුවේ ඔබ නොපැකිළ නොබියව මුහුණ දෙනවා යනුවෙන් අදහස් වෙන්නේ ඔබ සියල්ල දෙස ධනාත්මක දෘෂ්ටියක් අනුව බලන බව නොවේද? මීට පෙර ගැටළුවකදී ජීවිතයේ සිදුවූ සෘණාත්මක වෙනස්වීමකදී ඔබ පැකිළී කුළෑටිව බියෙන් ඒ අවස්ථාවට මඟ හැරීමට උත්සාහ කළ අවස්ථාවක් සිහියට නගාගෙන බලන්න . ඒ ඔබටම නිසියාකාරව වැටහේවි. වෙනස්වීමට මුහුණදීමට ධනාත්මක් චිත්තවේග අත්‍යාවශ්‍යයි.
ධනාත්මක චින්තනයේ ස්වයං තෘප්තිමත් බව.
අපේ ජීවන සාර්ථකත්වය සහ ධානාත්මක උපලක්ෂයන් හඳුණාගැනීමට ඉගෙන ගනගන්න . අප අපේ ජීවිතයේ සහ අපේ නියම ස්වහාවය වටිනාකම තේරුම් ගැනීම අත්‍යාවශ්‍යය. සාර්ථක තෘප්තිමත් ජීවිතයක් සඳහා ආත්ම විශ්වාසය අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා අප අපේ ක්‍රියාවන් තුළ පවතින ප්‍රත්‍යුපකාර කිරීමේ උසස් හැඟීම ඉස්මතු කොටගෙන පුහුණු කළ යුතුය. එසේම නින්දට යන සෑම රාත්‍රියක , නින්දට පෙර , තමාගේ දවස තුළ තමා සතුට පත් කිරීමට හැකිවූ සිදුවීම අඩුගණනේ තුනක් මතක් කරගගන්න. ඉන් වඩා ඔබ තෘප්තිමත්වූ සිතුවිල්ල මනසට නගාගන්න. ඒ තෘප්තිය විඳින්න, තමා අතින් සිදුවූ ප්‍රති උපකාරය මෙනෙහි කරන්න ඒ තුළ නැවත ජීවත්වන්න. මේ පුහුණුව මඟින් ඔබ ඔබවම අගය කරන්නට පටන් ගනීවි. තමන්ගේ ගමන් මග පිළිබඳව තෘප්තිමත්වීමට තමන්වම පසසා ගැනීමිට ඔබේ මනස හැඩගැසේවි. අපේ රුචි අරුචිකම් ප්‍රතිලාභ වර්ධනයට හා මර්ධනයට එය රුකුල වේවි.
ස්තුතියකට අපේ දවස සකස් කළ හැකිය.
ඔබේ ධනාත්මක අදහස සහ හැඟීම අනෙක් අයට ප්‍රකාශයට පත්කිරීමක් ලෙස ඉතා තෘප්තිමත් හැඟීමකින් අනෙක් අයට ස්තුති කරන්න. මෙය මුදල් වැයවෙන දෙයක් නොවේ. ඉතා සුලු උපකාරයකදී පවා උණුසුම් හදවතින් යුතුව අවංකවම සිනාමුසුමුහුණින් ඔහුට ඇයට ස්තුති කරන්න. ඔහුගේ ක්‍රියාව අවංකවම පසසන්න. ඔහු කළේ කුමක්ද හෝ ඔහු අතින් සිදු නොවූයේ කුමක්ද ගැන නොසිතා එසේ කරන්න. අහංකාරය පසෙක තබා තමන් සහ අනෙකා ඒ තුළින් ලබන සතුට පිළිබඳව අවධානය යොමු කරන්න. වෙන කිසිදු බෙදීමක් ගැන නොසිතා හදවතේ ඒකාත්මිකභාවය ඇතිකරගන්න. ඔබේ නිවසට උදෑසන පත්තරය ගෙන එන්නාට, කිරි ගෙන එන්නාට නැතහොත් ඔබගේ නිවසේ මෙහෙකරුට මෙහෙකාරිය නැතහොත් කාර්යාලයේ සුලු සේවකයෙකුට මෙලෙස මේ ක්‍රියාව සිදුකොට බලන්න. ඔහුගේ මුළු දවසම ඒ එක ස්තුතිය නිසා ,පැසසුම නිසා යහපත් වනු ඇත ඉන් ඔබේ දවසද තෘප්තිමත්ව ගෙවීමට මානසික ස්මබරතාවය නිරවුල් බව ගොඩ නැගේවි.
ඔබ ඔබ මෙන්ම ඔබේ අනෙකාව පිළිගන්න
තමන් තමාවම පිළිගැනීමේ පුහුණුව සහ අනෙකා පිළිගැනීමේ පුහුණුව, හුරුව ධන චින්තනය තුළ ඉතාම වැදගත් මූලිකාංග දෙකකි. අපි අප පිළිබඳ පූර්ව විනිශ්චයකට පත්වන්නේනම් , එකිනෙකාගේ සාර්ථකත්වය අහංකාරය සහ සෘණාත්මක සිතුවිලිවලින් තෝරව ඔවුන් පිළිබඳව යහපත් ලෙස සිතීමට හැකිවනු ඇත. අපි මේ පිළිබඳව අවධානය යොමු කරමු. අපේ අතීත ජීවිතයේ පසුතැවීමක් සටහන්වී ඇත්නම් අපේ අනාගත ජීවිත හැඩගැස්ම අපට උපකල්පනය කළ හැකිය. එසේ වන්නේනම් අපි කොහොමද සතුටින් ජීවත් වෙන්නෙ ඇත්තෙන්ම අපි සතුටින් නැතිනම්. එමනිසා අතීතයේ සිදුවීම් වලින් ඇතිවූ පසුතෑවීමේ මානසිකත්වයෙන් මිදී අප කටයුතු කළ යුතුය. එවිට අපට වර්තමානයේ සතුටින් සිටිය හැකිවනු ඇත. අප කටයුතු කිරීමේදී අප සිදුකරන කාරණා හොඳින් සිතා බලා අනාගතයේදී පසුනොතැවෙන අයුරින් සිදු කළ යුතුය. එවිට අනාගතයේදී අපට සතුටින් විසිය හැකිවනු ඇත. එවිට අපට අප පිළිබඳ විශ්වාසයක් ඇතිවේවි. එමඟින් අනෙකා කෙරෙහිද යහපත් දෘෂ්ටියකින් කටයුතු කිරීමට ඔවුන්ව පිළිගැනීමට හැකි මානසිකත්වයක හිමිවේවි.
අපේ මිතුරන් අපේ කැඩපතයි
අපේ දැක්ම නිරන්තරයේන් අනෙකාගෙන් පරාවර්තිත දේමත තීරය වේ. අපේ ජීවිතයේ සිටින මිනිසුන් අපට ඉතා වැදගත් මෙන්ම බලපෑම සහගත වේ. ඔවුන් අපේ කැටපත් ලෙස අක්‍රියාත්මක වේ. එය අපට අපව වඩා පැහැදිලිව හඳුනා ගැනීමට මෙන්ම තේරුම් ගැනීමටත් උපකාරීවේ. අප තෝරාගන්නා මිතුරන් අපේ පෞරුෂයේ සහ අපේ විචාරබුද්ධියේ අගයන් වේ.එමනිසා මිතුරන් තෝරාගැනීමේදී අප සබුද්ධික විය යුතුය. යහපත් මිතුරු ඇසුර කොයි කාලේදීත් යහපතට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔබ තෝරාගන්න ඇසුරු කරන මිතුරන් ඔබේ ධනාත්මක චිත්තවේග උද්ධීපනය කළ හැකි මිතුරන් වීම ඔබේ ධනාත්මක බව වර්ධනයට හේතුවනු ඇත. එනිසා යහපත් ධන සිතුවිලි වලින් හා ක්‍රියාවෙන් පෝෂණය විය හැකි ඇසුරක් ලැබීම වඩ යහපත් වේ.
ඉහත කාරණා කරුණු ලෙස වටහාගන්න අවබෝධයෙන් යුතුව නැවත නැවත් කියවන්න, අධ්‍යයනය කරන්න පුහුණුවන්න ජීවිතයට මේ කරුණු ඈඳාගැනීමට නිරන්තරයෙන් උත්සුකවන්න. එවිට මෙතෙක් කල් ඔබට කළ නොහැකිව තිබූදෙය කළ හැකි බව වැටහේවි.
” කියවන්න, වටහාගන්න, ජීවිතයට ගලපාගන්න එහි හැසිරෙන්න ”
මනෝවිද්‍යා උපදේශක,
සුරංග ලක්මාල් මුදියන්සේ