ජ්‍යෙdතිෂය, යන්ත්‍ර මන්ත්‍ර හා ශාන්තිකර්ම විධි අයත් වන්නේද අෂ්ටාංග සමන්විත ආයුර්වේදයටයි. ආයුර්වේදය වේදයේ අංගයක් ලෙසට පවතී. වේදයේ සෘග්, යජුර්, සාම, අථර්ව යනුවෙන් කොටස් හතරක් ඇති නිසා එයට චතුර්වේද යන නම භාවිත වේ. මහා බ්‍රහ්මයා විසින් දිව්‍ය සෘෂීන්ට දේශනා කරන ලද වේදය බ්‍රාහ්මණයින් විසින් ආරක්‍ෂා කර පවත්වා ගෙන යනු ලැබේ.
චරක, සුශ්‍රැත, ආදී ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට මහ බඹු විසින් මිනිස් වර්ගයාගේ ආයුෂ, නුවණ, හා සැපය අනාගත කාලයේ පිරිහෙන අයුරු සලකා බලා එහි වර්ධනය පිණිස අෂ්ටාංගයට ගැලපෙන පරිදි අධ්‍යාය දහසකින් හා ශ්ලෝක ලක්‍ෂ ගණනකින් යුත් ආයුර්වේද මහා සංහිතාව නිබන්ධනය කර ඇත. මෙහි තිබූ ඉතා වටිනා ජ්‍යෙdතිෂ කරුණු ඇතුළත් කර බ්‍රිගු සෘෂිවරයා විසින් බ්‍රහ්ම චින්තා නම් ග්‍රන්ථයක් රචනා කර තිබේ. මෙය උපයෝගි කර ගෙන සුෙයි බාබුනම් ජ්‍යෙdතිර්වේදියකු තමාට පැවසු විශිෂ්ට ජීවන තොරතුරු හා අනාවැකි රැසක් පිළිබඳව පොල් බ්‍රන්ටන් මහතා විසින් A SERCH ෂභ SECREඔ ෂභෘෂ් ග්‍රන්ථයේ තොරතුරු සඳහන් කර ඇත. අනෙකුත් සෘෂිවරුන් විසින් සංග්‍රහ කරන ලද ජ්‍යෙdතිෂ හා වෛද්‍ය ග්‍රන්ථ ආයුර්වේද මහා සංහිතාව ඇසුරෙන් රචනා කළ ඒවාය.
මහා බ්‍රහ්මයාගෙන් මහා ආයුර්වේද සංහිතාව ඉන්ද්‍ර දෙවියන් ඉගෙන ගන්නා ලදී. සෘෂි යුගයේදී වාසය කළ අංගීරස් ආදී සෘෂිවරු පිරිසක් ලොවට අනාගතයේ සිදුවන ලෙඩ දුක් විපත් ගැන දිවසින් දැක එයට පිහිටක් වීම සඳහා හිමවත් පියසේ මහා සම්මන්ත්‍රණයක් පැවැත්වූහ. දිගු සාකච්ඡාවකින් පසු මේ සඳහා උපදෙස් ගැනීමට භාරද්වාජ නම් මහා සෘෂිවරයා ඉන්ද්‍ර දෙවියන් වෙත යවන ලදී. ඉන්ද්‍ර වෙතින් මනා කොට ආයුර්වේදය උගත් භාරද්වාජ ඒවා සෙසු සෘෂිවරුන්ට පවසන ලදී.
මෙම මහා සෘෂි සම්මේලනයට සහභාගි වූ සෘෂි නාම ලේඛනයට අංගීරස්, වශිෂ්ඨ, කාෂ්‍යප, භෘගු, පුනර්වසු, ආත්‍රෙය, ගෞතම, සාංඛ්‍ය, පුලසත්‍ය, නාරද, අගස්‌ති, වාමදේව මාර්කන්ඩේය, අශ්වලායන, භාරද්වාජ, විශ්වා මිත්‍ර ගාගර්ය, ශාලව, ශෞනක, මාරීච, මෛත්‍රෙය, ඛාදරායන යනාදි මහ රුංසිවරු රැසක් සහභාගි වී ඇත. අට්‌ටක, වාමක, වාමදේවා, භාරද්වාජ වශිෂ්ඨ, කාෂ්‍යප, භෘගු, යනාදි වශයෙන් බුදුරදුන් විසින් දීඝ නිකායේ දක්‌වා තිබෙන්නේද මේ සෘෂිවරුන් පිළිබඳවය. මේ පිරිස වේදයේ ආදි පුරුෂයන් ලෙස හා මන්ත්‍ර කර්තෘන් ලෙසට සැලකේ. වේද, ආරණ්‍යක, උපනිෂත්, මහා භාරත, හා පුරාණ යන ග්‍රන්ථවලද මෙම සෘෂිවරුන් ගැන සඳහන්ව ඇත.
සසරින් එතෙරවීමට නැණ බලයෙන් ක්‍රියා කරන තවුස් විශේෂය සෘෂි හෙවත් මුනි නමින් හැඳින්වේ. සෘෂි හෙවත් saටැ යන්නෙහි දකින්නා යන අර්ථයද ජනිත වේ. සෘග්වේදය පරම්පරා හතක සෘෂිවරු විසින් සම්පූර්ණ කරන ලද්දකි. ඔවුන් අතරින් ප්‍රමුඛස්‌ථානය විශ්වාමිත්‍ර, වශිෂ්ඨ, භාරද්වාජ, ගෞතම හා අත්‍රි යන මුනිවරුන්ට හිමිවන අතර ඔවුන්ගෙන් සමහරු සමකාලීනද සමහරු එයට පෙර හා පසු වාසය කරන ලද අයද වෙති. ජ්‍යෙdතිෂයට මුල් වූ සප්තසෘෂි ගණයට මරීච්, අත්‍රි, අංගීරස්, පුලස්‌ත්‍ය පුලඟ, කෘතු, වශිෂ්ඨ යන මුනිවරු ඇතුළුවෙති. ශ්‍රැතර්ෂි, කංඩර්ෂි, පරමර්ෂි, මහර්ෂි, බ්‍රහමර්ෂි, රාජර්ෂි, දේවර්ෂි වශයෙන් කොටස් හතකට සෘෂිවරු බෙදා ඇත.
දේව ගණයට අයත් නාරද, කණාද, ප්‍රෙච්තස්, අත්‍රි, මරීච්, පුලසත්‍ය, පුලඟ, ක්‍රතු හා භෘගු යනාදීහු ජ්‍යෙdතිෂය සම්බන්ධයෙන් වැදගත් වේ.
ඉන්ද්‍ර වෙතින් ශාසත්‍රය උගත් භාරද්වාජ මුනිවරයා ආත්‍රෙය පුනර්වසු මුනිවරයාට පෞද්ගලිකව එය උගන්වන ලදී. පුනර්වසු විසින් අග්නිවේශ භේල, ජතුකණී, පරාශර, භාරිත, ක්‍ෂාරපානි යන සිසුන් පස් දෙනාට එය ප්‍රගුණකර ඇත. වත්මත් ජ්‍යෙdතිෂයේ ඉහළින්ම සැලකෙන භෘහත් පරාශර හෝරා ශාස්‌ත්‍රය සංග්‍රහ කරන ලද්දේ මෙම පරාශර මුනීහු විසිනි. අග්නිවේශ විසින් අශ්නිවේශ සංහිතාව රචනා කර ඇත.
මෙම සෘෂිවරුන්ගෙන් බ්‍රහමර්ෂි භාරද්වාජ ඉන්ද්‍ර දෙවියන්ගෙන් වේදාංගයන් ඉගැනීමේ භාග්‍යය ලැබූ අතර අගීරස් සෘෂිවරයාගේ මුණුබුරුද ආචාර්ය බ්‍රහස්‌පතීගේ පුත්‍රයාද වෙයි. මොහුගේ ජීවිත කථාව විෂ්ණු පුරාණයේ දැක්‌වේ. ආශ්‍රමය ප්‍රයාග තීර්ථයේ තිබුණ අතර එතැනට රාම හා භරත පැමිණි බව රාමායනයේ දැක්‌වේ. මෙතුමා සප්ත සෘෂීන්ගෙන් කෙනෙකි.
කාෂ්‍යප සංහිතාව රචනා කළ කාෂ්‍යප සෘෂිවරයාද සප්ත සෘෂින්ට අයත්වේ. මෙම මුනිවරයා පිළිබඳ අද්භූත කථාව මහා භාරතයේ ආදි පර්ව 42 අධ්‍යායේ දැක්‌වේ. ධ්‍යානලාභී බලවත් සෘෂිවරයෙකි. ධ්‍යාන වඩමින් සිටි සෘෂිවරයාගේ ගෙල වටා නාග මළකඳක් රජු විසින් දැමීම නිසා මෙතුමාගේ ශාපයට ලක් වූ රජු කක්‍ෂක නම් නාගයාගේ දෂ්ටයට හසු වී මිය ගියේය. අදත් හින්දුවරු සර්ප බිය දුරු කිරීමට කක්‍ෂක සුක්‌තය භාවිත කරති.
චරක සංහිතාවේ සඳහන් සෘෂි සම්මේලනයට සහභාගි වු විශිෂ්ඨ සෘෂිවරයා අගස්‌තිගේ සොහොයුරෙකු වන අතර කාෂ්‍යප, අත්‍රි, භෘගු යන සෘෂිවරු තිදෙනා සමග ඉන්ද්‍ර දෙවියන් ළඟට ගොස් ආයුර්වේදය හා ජ්‍යෙdතිෂය උගත් බව කාෂ්‍යප සංහිතාවේ සඳහන් වේ. දශ ප්‍රජාපතීන්, සප්ත සෘෂින් හා වෛදික සෘෂිවරයින් අතර ප්‍රමුඛ ස්‌ථානයක් ලබා ඇති මොහු වෛදික මන්ත්‍ර රැසක් රචනා කර තිබේ. බ්‍රහ්මයාගේ පුත්‍රයෙකි. මව උර්වශී වන අතර පතිනිය අරුන්ධතීය. සුදාස් රජුගේ පුරෝහිත තනතුර ඉසූලු බව ඓතරේය බ්‍රාහ්මණය ග්‍රන්ථය කියයි. අරුන්ධතීපති, බ්‍රහමර්ෂි භෛරණ්‍යගර්භ, මෛත්‍රාවරුණි, වාරුණි යනාදී නම් රැසක්‌ම මොහු හැඳින්වීමට යෙදුන බව මහා භාරත සමාලෝචනයේ දැක්‌වේ. වශිෂ්ඨ සංහිතාවේ කතුවරයා වන අතර වාස්‌තු ශාස්‌ත්‍ර ජ්‍යෙdතිශාස්‌ත්‍ර, ධර්මසූත්‍ර, යෝග වෘශිෂඨ, සාංඛ්‍ය සාලි ආදී ග්‍රන්ථ රැසක් රචනා කර ඇත.
ගිනි දැල්ලෙන් උපන් භෘගු සෘෂිවරයා ජ්‍යෙdaතිෂය ලොවට දායාද කළ තවත් මුනිවරයෙකි. බ්‍රහ්මයාගේ මානස පුත්‍රයන් අතර මෙන්ම දශ ප්‍රජාපතීන් අතරටද ගැනෙන මොහු ඉන්ද්‍ර වෙත ගොස් ජ්‍යෙdතිෂය හා ආයුර්වේදය හැදෑරුවේය. සෘෂි සම්මේලනයටද සහභාගි විය. පුලෝමා දිව්‍යා යන පතිනියන් දෙදෙනකු විය. ව්‍යවන මුනිවරයා පුලෝමාගේ පුතෙකි. භෘගුගේ පුත්‍රයා භාර්ගවයි.
සෘෂි සප්තකයට හා දශ ප්‍රජාපතින්ට අයත් අංගීරස් මුනිවරයා චරකසුත්‍ර, චරක චිකිත්සිත යන දෙතැන්හි සඳහන් සෘෂි සම්මේලන දෙකටම සහභාගි වී ඇත. ස්‌තුතිපරක මන්ත්‍රවල එන ආකාරයට අංගීරස් අග්නිගේ පියා වෙයි. පැරණි පොත පත බොහොමයක අග්නි නාමයට පර්යාය නාමයක් ලෙස අගීරස් දක්‌වා ඇත. භෘගු පරපුර මෙන්ම අංගීරස් පරපුරද පෙර කල උතුරු දඹදිව පැතිරී පැවතුනි. මොහු අතින් ධර්ම ශාස්‌ත්‍ර රාජනීති, ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍ර යනාදි ග්‍රන්ථ ලියෑවී තිබේ. සෘෂි යුගයේ මේ නම දැරූ රුංසිවරු කිහිප දෙනෙක්‌ම සිටි බව පෙනේ.
බ්‍රහ්මයාගේ මානස පුත්‍ර භාවයෙන් ඔහුගේ කනින් උපන් පුලසත්‍ය සෘෂි තෙමේ චරක සූත්‍ර, චරකසිද්ධි යන දෙතැන්හිම ඇති සෘෂි නාමලේඛනවලට ඇතුළත් සප්ත සෘෂි ගණයට හා දශ ප්‍රජාපතින්ට අයත් වූ ත්‍රෙතා යුගාරම්භයෙහි දඹදිව වැඩ විසූ මුනිවරයෙකි. මොහු විසින් රචනා කරන ලද ජ්‍යෙdතිෂ හෝ ආයුර්වේද ග්‍රන්ථ ගැන පැහැදිලි සඳහන් නොමැත. රාවණ රජු පෞලස්‌ත්‍යයකු බැවින් මෙතුමා ලක්‌දිව වාසය කළ හෙළ රුංසිවරයකු ලෙසට ගත හැක. පොලොන්නරුවේ ඇති පැරකුම්බා පිළිමය මෙතුමාගේ රුවක් විය යුතු බවට මත පහළ වී තිබේ. දකුණු ඉන්දියාවේ සිද්ධ වෛද්‍ය ග්‍රන්ථවලද පුලස්‌ති නාමය සඳහන්ව ඇත.
චරකයේ සඳහන් සෘෂි සම්මේලනයට සහභාගි වූ නාරද සෘෂිවරයා පිළිබඳව මහා භාරතයේ හා පුරාණවලද ආඛ්‍යාන ග්‍රන්ථයන්හිද විචිත්‍ර වර්ණනා ඇතුළත් වේ. මෙතුමා ද බ්‍රහ්මයාගේ මානස ප්‍රත්‍රභාවය ලැබූ දේව සෘෂිවරයෙකි. පුනර්වසුට සමකාලීන වූ මොහු දෙව්ලොව පවා ඇසුරු කළේය. මොහුට දේවබ්‍රහ්ම, පිශුන, කාලිකාරක යන නම් තුනද තිබුන බව අභිධාන චින්තාමානික්‍යයේ සඳහන් වේ. ත්‍රිලොකඥ යන නම වාල්මිකී රාමායනගේ සඳහන් කර ඇත. මෙතුමා නාරද සංහිතා, නාරද සමෘති, නාරද පුරාණය, නාරද ධර්ම ශාසත්‍ර, වාස්‌තු ශාස්‌ත්‍ර ගාන්ධර්ව වේද, නාට්‍ය ශාස්‌ත්‍ර, ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍ර යන ග්‍රන්ථ ඇතුළුව ග්‍රන්ථ රැසක් නිර්මාණය කර ඇත. ක්‍රතු යුගයේ අවසන හෝ ත්‍රෙතා යුගයේ ආරම්භයේ ඉපිද දේවත්වයට පැමිණ දීර්ඝායුෂ්කව පාංඬව යුධිෂඨිරයේ කාලය දක්‌වා විසූ බව කියවේ. නාරද ධර්ම ශාස්‌ත්‍ර ග්‍රන්ථය දැනට ඉංග්‍රීසි බසටද නගා ඇත.
මෙහි දක්‌වන ලද්දේ ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රයට සම්බන්ධ වූ ග්‍රන්ථ රචනා කළ සෘෂිවරුන් කිහිප දෙනකුගේ තොරතුරු පමණි. දේව යුගය ඉක්‌ම ගොස් සෘෂි යුගය උදාවු පසුව ලෝකයට විවිධ ධර්ම ශාස්‌ත්‍ර උගන්වමින් වැඩ විසූ සෘෂිවරුන් රාශියකගේ තොරතුරු සංස්‌කෘත ග්‍රන්ථවල ඇතුළත් වේ.
සෘෂිවරුන් වනාහි ගිහි ජීවිතය හැරදමා වනගතව බවුන් වඩා දිව්‍යමය ශක්‌තීන් උපදවාගත් මුනිවරුන් වෙති. ඔවුන්ට දිව්‍ය බ්‍රහ්ම ලෝක කරා යැමට හැකිවිය. කල්ප ගණන් අතීතය හා අනාගතය දැකිය හැකි විය. මේ දිව්‍ය ඥනය යොදා ගෙන කලියුගයේ උපදින මිනිසුන්ගේ යහපත පිණිස ජ්‍යෙdතිෂ, ආයුර්වේද හා විවිධ ධර්ම ශාස්‌ත්‍ර නිපදවා ඇත. එවැනි සෘෂිවරු සිටින්නේ ස්‌වල්ප දෙනෙකි. බොහෝ සෘෂිවරු තම ආත්ම විමුක්‌තියට වඩා බාහිර දේ ගැන උනන්දුව දක්‌වා නැත.
මෙවැනි සෘෂිවරුන් ගැන තොරතුරු රැසක් බෞද්ධ ජාතක කථාවලද සඳහන් වේ. එම සෘෂිවරු ධර්ම ශාස්‌ත්‍ර නිපදවා නැත. කුද්දාල, මුදු ලක්‌ඛන, තක්‌ක හංගුට්‌ඨ, පීඨ වැනි ජාතක කථාවල මෙවැනි සෘෂිවරු ගැන සඳහන් වේ. දිට්‌ඨමංගලිකා කථාවේ අප මහා බෝසතුන් මෙවැනි ඉසිවරයකු බවට පත්වී පෝදා සඳ පලාගෙන ආකාශයේ මතුව වැඩහිඳ බොහෝ දෙනා මවිතයට පත් කළ බව සඳහන් වේ.
බුද්ධ කාලිනවද මෙවැනි රුංසිවරු කිහිප දෙනෙක් වාසය කළ බව සඳහන් වේ. අසිත හෙවත් කාල දේවල සාෂිවරයා විවේකය ගත කළේ දිව්‍ය ලෝකවලය. ආලාර කාලාම, උද්දක රාමපුත්‍ර, භාර්ගව හා ආමගන්ධ තවත් එවැනි රුංසිවරු වෙති. මේ සෘෂි පරම්පරාවේ අවසන් සෘෂිවරයා ලෙස මෑත කාලයේ වාසය කළ රමන මහා සෘෂිවරයා ගත හැක.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේද ගෞරවයට පාත්‍ර වූ රමන මහා සෘෂිවරයා ක්‍රි. ව. 1879 දෙසැම්බර් 29 දින ඉන්දියාවේ තමිල්නාඩු ෙච් තිරුවචුසි නම් කුඩා නගරයේ උපත ලැබූ අතර ශිව දෙවියන්ගේ අවතාරයක් ලෙසද සැලකේ. ජීවිත කාලයටම කෙටි අමුඩයකින් පමණක් සැරසුන මෙම මහා මුනිවරයා ප්‍රදීප කඳුවැටියේ විශේෂිත ගල්ගුහාවක ගුප්ත භාවනාවලට හා ධ්‍යාන සමාපත්තිවලට සමවැදෙමින් වසර ගණනක් වාසය කළේය.
දැවැන්ත කොටි ව්‍යාඝ්‍රයින් එතුමා අසල දැවටෙමින් වාසය කළ බවත් එතුමාගේ අත ලෙව කමින් ලෙන්ගතුව ආරක්‍ෂාව සැපයූ බවත් පෝල් බ්‍රන්ටන් මහතාද පවසා ඇත. සෘද්ධියෙන් ගමන් කිරීමට ජනයා බලා සිටියදී අහසට නැගීමට දිවැසින් ඕනෑ කෙනකුගේ තොරතුරු දැකීමට එතුමාට හැකිවිය. ඇසිපිය නොහෙලා සිටි බවද කියෑවේ. යහපත් මනසින් හා චින්ත ඒකාග්‍රතාවයෙන් යුතුව 1950 අප්‍රේල් 13 වැනි දින සමාධිගත වු එතුමාගේ දේහයට ගෞරව දැක්‌වීමට පැමිණි දෙවි දේවතාවුන් නිසා රාත්‍රියේ ආකාශය ගිනි කෙලි සංදර්ශනයක් ලෙසට දිස් වූ බව එකල පුවත්පත්වල පවා පළව ඇත. මේ ගැන අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිම්යන්ද සඳහන් කර ඇත.
මෙවැනිම උසස් ගණයට අයත් දිව්‍ය ශක්‌තිය ලැබූ යෝගීන් පිළිබඳ විස්‌මිත තොරතුරු රැසක් භාරත යෝගී ස්‌වාමි රාමා විසින් රචිත ඛසඩසබට අසඑය එයෑ Hසප්ක්‌හ්බ ඵ්sඑeර s ග්‍රන්ථයේ ඇතුළත්ව තිබේ. එය කියවන විට අදටද භාරත දේශය දිව්‍ය ශ්‍රනලාභි සෘෂි වරුන්ගෙන් හිස් වී නොමැති බව ඔබට වැටහෙනවා ඇත.
පී. සී. පතිරණ