"ටයිටැනික්‌" නැවේ ඉරණම ජ්‍යෙතිෂ ඇසින්

අභාග්‍යමත් ලෙස මුහුදු බත් වූ "ටයිටැනික්‌" නැව එම ඉරණමට ගොදුරු වූයේ නැව් කප්පිත්තා නැවේ "සුක්‌කානම" වැරදි ලෙස හැසිරවූ නිසා යෑයි පසුගියදා එම විශ්මයජනක නෞකාව පිළිබඳව අලුත්ම මතයක්‌ ලොවට ඉදිරිපත් විය.

විශ්වකර්මයා විසින් නිපදවන ලද අරුම පුදුම මගී නෞකාවක්‌ ලෙසට හඳුන්වා තිබූ එම දැවැන්ත නෞකාව කිසිම ජගතෙකුට විනාශ කළ නොහැක්‌කක්‌ බවට නැවේ අයිතිකාරයා වන මහා බ්‍රිතාන්‍යය උදම් ඇනුවද සිය නැවුම් ගමනේදීම පැසිපික්‌ සාගරයේ අයිස්‌ කන්දක හැපී මුහුදුබත් වූ බව එවකට වාර්තා විය. ඒ වෙනුවෙන් වාර්තාගත චිත්‍රපටයක්‌ නිපදවීමටද පසුගිය කාලයේ චිත්‍රපට නිෂ්පාදකයෝ සමත් වූහ. එම චිත්‍රපටයේ නම වූයේද "ටයිටැනික්‌"ය.

"ටයිටැනික්‌" යනු දෙව්ලොවේ සහ පෘථිවියේ පුතුන් යෑයි සැලකෙන දැවැන්ත යෝධයින්ගෙන් සැදි ජාතියකි. ගී්‍රක්‌ මිථ්‍යා මත අනුව "සියස්‌" දෙවිඳුනට විරුද්ධව ඔව්හු යුද්ධ කිරීමට ගොස්‌ මුහුදු පත්ලේ අගාධයට වැටුණැයි පිළිගැනේ. ඒ දැන් මුහුදු පත්ලේ තිබෙන බවට විශ්වාස කෙරෙන "ඇට්‌ලැන්ටිස්‌" නම් මහාද්වීපය ඔවුන් වාසය කළ දේශය බව කියති. කෙදින හෝ මෙම "ඇට්‌ලැන්ටිස්‌" මහාද්වීපය මුහුදෙන් මතුවී එනු ඇති බවට ලෝවැසියෝ විශ්වාස කරති. ඒ "සුනාමියකින්" දැනට තිබෙන මහාද්වීපයක්‌ මුහුදු පත්ලට කි¹ බැස ඒ වෙනුවට පෘථිවියේ සමබරතාවය රකිනු වස්‌ "ඇට්‌ලැන්ටිස්‌" මතුවිය හැකි බවයි. මෙය දන්නේ උඩ ඉන්නා දෙවියෝ පමණි.

කෙසේ වතුදු "ටයිටෑන්" යෝධයින් සමරනුවස්‌ නිර්මාණය කරනු ලැබූ "ටයිටැනික්‌" නැවද එම යෝධයන් සොයා ගියා සේ ක්‍රි.ව. 1911 වසරේ පමණ අයිස්‌ කන්දක වැදී මුහුදුබත් විය.

"ටයිටැනික්‌" කිසි ලෙසකිනුදු අනතුරකට ලක්‌වීමට බැරි නෞකාවක්‌ බවට එහි නිෂ්පාදකයෝ උදම් ඇනූහ. නමුත් අප බුදුන්වහන්සේ වදාළා ඇති පරිදි ලොව සියලු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයෑයි සනාථ කරමින් එකී විශ්වකර්ම නිර්මාණයද (ටයිටැනික්‌ නැව) විනාශයට පත්විය.

"ටයිටැනික්‌" නැව අයිස්‌කන්දේ හැපී ගිලී ගිය වේලාව එවකට යුරෝපයේ සිටි ජ්‍යෙdතිෂඥයන්ට සොයාගත නොහැකි වූ බව කියනු ලැබේ. නමුත් ක්‍රි.ව. 1911 මැයි 31 දින "ගි්‍රනිච්" වේලාවෙන් අ.භා. 12.42 ට එංගලන්තයේ (ස්‌කොට්‌ලන්තය) "බෙල්ෆාස්‌ට්‌" වරායෙන් හාපුරා කියා මුහුදට දැමූ වග වාර්තා ගතවී තිබේ.

කිනම් කටයුත්තක්‌ හෝ හොඳ වැඩක්‌ හෝ නරක වැඩක්‌ හෝ ආරම්භ කිරීමට "වේලාවක්‌" තිබේ. "ටයිටැනික්‌" නැව මුහුදට දැමූ වෙලාවෙහි සායන කන්‍යාවේ 19û වැනි භාගය "බෙල් ෆාස්‌ට්‌" නාවික තටාංගනයෙන් පෙරදිග සිතිජයෙන් උදාවූ බව පෙනේ. ලග්න භාගයට මඳක්‌ "යටින්" පාපී අඟහරු උදාවී එන වග පෙනේ. තත්කාල ලග්නාධිපති බුධ 9 වැනි භාවයේ විය. නවවැන්න දීර්ඝ මුහුදු ගමන් පෙන්වන තැනයි. එහි බුධ, ශනි සමග සංයෝගව සිටි බව පෙනේ. ශනි, බාධාව, ප්‍රමාදය, අවහිර කිsරීම් ඇදවැටීම්, බිඳ වැටීම් නියෝජනය කරනු ලබන ග්‍රහයාය. බුධ-ශනි සංයෝගයට ගුරු සප්තමවෙනු පෙනේ. විස්‌මයජනක ලෙස ජලයට අධිපති චන්ද්‍රයා තමාගේම රාශිය වන කටකයේය. මෙම සතුට, යුරේනස්‌ සප්තමවෙයි. යුරේනස්‌ යනු ෙ€දවාචකවල නිවේදකයාය. මෙවැනි සායන ග්‍රහචාරයක්‌ ඇති "තත්කාලයක" කෙරෙන කිසිම කටයුත්තක ප්‍රතිඵල යහපත් විය නොහැක. මෙහි වඩාත්ම කැපී පෙනෙන්නා වූ ද, විශේෂ වැදගත් කමක්‌ ඇත්තා වූද ග්‍රහ යෙදුම වන්නේ මුහුදු චාරිකා (ඪධශ්ඨෑS) දැක්‌වෙන 9 වැන්නේ යෙදී ඇති බුධ-ශනි සංයෝගයයි.

නෞකාවක්‌ නාවික ගමනාගමනයට නීත්‍යානුකූල වන්නේ එය "කොමිෂන්" බලය ලත් පසුය. "ටයිටැනික්‌" නැව කොමිෂන් බලය ලබා ගැනීමේ අරමුණින් "සදමිටන්" වරාය බලා පිටත්ව ගියේ 1912 අප්‍රි. 02 දිනය. වේලාව උදේ 9.20 ය. "කොමිෂන් බලය" ලැබූ "ටයිටැනික්‌" 1912 අප්‍රියෙල් 10 වැනිදින "සදර්මිටන්" වරායෙන් හාපුරා කියා සිය නැවුම් චාරිකාව ඇරඹුවාය.

ගමනාරම්භයක නියම තත් කාලය සටහන් වනුයේ මෙහිදීය. "සදර්මිටන්" වරායෙන් "ටයිටැනික්‌" පිටත්වූ වේලාවෙහි තත් කාලය වශයෙන් ගැනෙනුයේ සායන සිංහ රාශියෙහි උදාව හා එහි ලග්නාධිපතියා වන රවි මුහුදු බලකාරයා වන "වරුණ" හෙවත් නැප්චූන්ට චතුරශ්‍ර වෙයි. නැප්චූන් සායන කටකය වූ 12 වැන්නේය. 12 වැන්න සැඟවුණු අනතුරු පෙන්වන ස්‌ථානයකි. මෙහි දැක්‌වූ "තත්කාල" දෙකේදීම ලග්නාධිපතීන් දෙදෙනා වන බුධ හා රවි (සායන කන්‍යා හා සායන සිංහ) පීඩාවට පත්වීම විශේෂයකි.

ඉහත "නරක" තත්කාලවලට වඩා සැඟවී ඇති ඉතාම අශුභ (ටයිටැනික්‌ නැවට) ග්‍රහ යෙදුම වන්නේ "ටයිටැනික්‌" නැව බෙල්ෆාස්‌ට්‌ හා සදර්මිටන් "වරායවලින් පිටත් වූ "වේලාවන්" නොව අප්‍රියෙල් 10-12-1912 දිනවලට පළමු "වසන්ත විෂුව" සන්ධියට හිරු පැමිණි (1912 මාර්තු 21) තත් කාලයෙහි මුහුදට, සාගරයට අධිපති අපේ "වරුණ" හෙවත් අපර දිගු වන්නේ නැප්චූන් ග්‍රහයා "මරණය" පෙන්වන 8 වැන්නෙහි සිටීමයි. "වසන්ත" හා "සරත්", "විඥව සන්ධි" දෙකට (මාර්තු 21 සැප්. 23) හිරු පැමිණෙන "තත්කාල්" ග්‍රහචාරයන් ලෝක සිදුවීම්වලට මග පාදන, අපට නොයෙක්‌ අවස්‌ථාවලදී පෙනී ගොස්‌ තිබෙන දෙයකි.

අප මෙහිදී අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතු වන්නේ ලොව පුවත්පත් සංස්‌කරණයේ හා නිෂ්පාදනයේ දැවැන්තයෙකු වශයෙන් විසිවැනි සියවසේ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතික මහා පුවත්පත් කලාවේදී ඩබ්. ටී. ස්‌ටීඩ් මහතාද මෙම නැවේ ගමන් ගනිමින් සිටියදී අනතුරට ලක්‌වී මිය යැමයි. බ්‍රිතාන්‍ය පුවත්පත් කලාවේදී ස්‌ටීඩ්ට මෙවැනි පුවත් පතකින් අපි ආචාර කරමු. "ටයිටැනික්‌" නැව ගැන කණගාටු වෙමු.

සුදර්ශී රුවන්පුර