ට්‍රෑම් කාර්, රික්‌ෂෝ අස්‌සේ කොළඹ කොටුවේ පොල් අතු කඩ!

"තණ්‌ඩලේ දෙන්න දෙපළේ දක්‌කනවා
කටුකැලේ ගාලෙ නොලිහා වද දෙනවා"

යන කරත්ත කවිය සිහියට නැගෙන විට, අඩසිය වසකට පමණ පෙර අතීතය මතකයට නැගෙන්නේ ඉබේමය. මෝටර් වාහන එවකට එතරම් දක්‌නට නොලැබුණු නිසා, ගම ගෙදරකට වාහනයක්‌ ආවොත් එය ඒ ගෙදරට ආඩම්බරය ගෙන දෙන්නක්‌ විය. අගනුවර ඇතුළු සියලු නගරවල පමණක්‌ නොව ගමේ ගොඩේ ද නිරතුරු දක්‌නට ලැබුණේ බක්‌කි කරත්ත, තිරික්‌කල, බරබාග හා බර කරත්තය. තනි පුද්ගලයකුගේ ගමනක්‌ සඳහා තිරික්‌කල යොදා ගත් අතර, කීපදෙනකු යනවා නම් බක්‌කි කරත්තය. බඩු මුට්‌ටුත් රැගෙන ගමනක්‌ යන විට භාවිත කෙරුණේ බර බාගයය. බරබාග හා බර කරත්තත් වෑන් ලොරි පරිද්දෙන් බඩු ප්‍රවාහනය සඳහා ද යොදා ගැනිණි.

යාන වාහන එතරම් දක්‌නට නොලැබුණු ඒ කාලයේ මනමාලියන් කැන්දාගෙන ඒමට පවා බක්‌කි කරත්ත යොදා ගත් අයුරු පැරැන්නන් විස්‌තර කරන්නේ අප කු=තුහලයට පත් කරවමිනි.

අඩසිය වසකට පමණ පෙර කොළඹ නගරයේ ද පොල් අතු ගෙවල් හා කඩ ද තිබිණැයි ඔවුහු කියා සිටිති. දශක දෙක තුනකට පමණ පෙර, කොළඹ කොටුවේ දෙතුන් තැනක ද, "දිවයින" කන්තෝරුව අබියස තැනක ද පොල් අතු කඩ තිබීමෙන් ඒ වග සිතා ගත හැකිය.

කොළඹට පොල් අතු ප්‍රවාහනය කළේ කුරුණෑගල ප්‍රදේශයේ සිට බර කරත්තවලිනි. ඒ කාලයේ රට පුරා මාර්ග අයිනේ තැන් තැන්වල කරත්ත නවතන ගාල් තිබුණු අතර, නුවර පාරේ කළගෙඩිහේන හන්දියද, කිරිබත්ගොඩ ගාල හන්දිය ද ගාල් තිබුණු තැන් දෙකකි.

කුරුණෑගල සිට කොළඹට දුර සැතපුම් 60 ක්‌ තරම් ය. මෝටර් රථයකින් ගමන් කරනවා නම් පැය එකහමාරකදී පමණ කොළඹට ළඟා විය හැකි නමුත්, හරකුන් දෙදෙනකු බැන්ද, පොල් අතු පටවා ගත් බර කරත්තයකට ඒ ගමන සඳහා දින තුනකට ආසන්න කාලයක්‌ ගතවිය. බර කරත්ත නැවත්තුවේ අතරමඟ ඒ ගාල්වලය.

කරත්ත වළං මුට්‌ටි, පොල්කටු හැඳි, පිඟන්, කෝප්ප, ලාම්පු, හිරමන, පනිට්‌ටු, හාල් තුනපහ, අල ළුEනු, කරවල යනාදිය ද රැගෙන ගිය අතර ගාල්වලදී උයා පිහාගෙන කා එහිම නිදීම කරත්තකරුවන්ගේ පුරුද්ද විය. සමහර කරත්ත යටින් රෝද දෙක මැද ලස්‌සෙන්, ගිමන් හැරීම, නිදියැම සඳහා ගෝනියක්‌ දෙකක්‌ එල්ලා තිබුණු අන්දම ද මා දැක ඇත.

නුවර පාරේ එන කරත්ත නැවැත්තුවේ කැලණි ගඟ අසබඩ පෑලියගොඩ හරියේය. මීගමු පාරෙන් එන කරත්ත ද නැවැත්තුවේ එහිය.

අඩසිය වසකට පමණ පෙර නුවර පාරෙන් හා මීගමු පාරෙන් ද, අගනුවරට එන්න තිබුණු එකම පාලම ඉංගිරිසි ආණ්‌ඩු කාලයේ 1895 මැයි 24 වැනිදා විවෘත කෙරුණු වික්‌ටෝරියා පාලම විය.

ඒ කාලයේ තඹ සතයකින් පවා බඩුවක්‌ ගත හැකි තත්ත්වයක්‌ පැවති නමුත්, නීත්‍යානුකූලව තවමත් වලංගු වුවද, දැන් නම් සතයේ හා දෙකේ කාසි වෙළෙඳපළේ අවලංගුයෘෘ

අද වැටුප් මට්‌ටම්, එදා වැටුප් මට්‌ටම් හා සමඟ සස¹ බැලුවහොත්, අහසට පොළොව මෙනි. පසු කලෙක ලේක්‌හවුසියේ සභාපතිවරයා බවට පත් ලක්‍ෂ්මන් ජයවර්ධනත්, "දිවයින" හා "ලංකාදීප" කතුවරුන් බවට පත් මෙරිල් පෙරේරා හා සිරි රණසිංහත්, මාත් එක දා එකට එම ආයතයේ කර්තෘ මණ්‌ඩලයට බැඳුණු අය වන අතර, ආරම්භයේදී අපට ගෙවූ වැටුප ගැන කීවොත් ඔබගේ දැස්‌ උඩ ඉන්දෙනවා උඩ ඉන්දෙනවාමයෘෘ කීයද දන්නවද? දවසකට රුපියල් 12.50 කි.ෘෘෘ

සැබැවින්ම එය සැලකිය යුතු වේතනයක්‌ වූ අතර පඩිය එකතු කොට, මා අක්‌කර කාලක තරම් ඉඩම් කෑල්ලක්‌ මිලට ගත්තේ රුපියල් 600.00 කට හෝ 900.00 කට හෝ පමණයෘෘෘෘ. අක්‌කර කාලකට පර්චස්‌ 40 ක්‌ ඇතුළත් වන අතර, දැන් සමහර ස්‌ථානවල පර්චසයක්‌ රුපියල් ලක්‍ෂ දෙක තුනක්‌ ද තරම් යෘෘෘෘෘ

මා පාසල් යන කාලයේ දිනක පෙරවරුවේ රුපියල් 1.50 ක්‌ හා බෑග් එකක්‌ ද රැගෙන බසයෙන් පොළොට ගොස්‌ එළවලු තුනක්‌ රැගෙන, කඩල ගොට්‌ටක්‌ ද කා බසයෙන්ම ආපසු ගෙදර ආවේ, සත 62 කුත් ඉතිරි කරගෙනයෘෘෘෘෘ

අඩසිය වසකට පමණ පෙර අගනුවර මාර්ගවල රේල් පීලි වැනි පීලි සවිකර තිබුණු අයුරු මට හොඳට මතකය. ඒ පීලි සවිකර තිබුණේ පීලි උඩ දිවූ ට්‍රෑම් කාර් සඳහා ය. විදුලි බලෙන් ට්‍රෑම් කාර් දිවූ හෙයින් පීලිවලට ඉහළින් විදුලි කම්බි ද සවිකර තිබිණි.

පිටකොටුව, කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, මරදාන, බොරැල්ල යනාදී ස්‌ථානවලට ට්‍රැම් කාර් එකෙන් ද යා හැකි විය.

ඒ කාලේ ටැක්‌සිය, රික්‌ෂෝ කරත්තය විය. අතරින් පතර ටැක්‌සි ද තිබුණු නමුත් රික්‌ෂෝවෙන් යැමට බොහෝ දෙනා ප්‍රිය කළහ.

දැන් නම් බස්‌ නැවතුම්පළවල් දෙකක්‌ අතර දුරක්‌ වැනි ඉතා කෙටි දුරක්‌ යැමට පවා ත්‍රිරෝද රථයකට රුපියල් 40.00 ක්‌, 50.00 පමණ ගෙවිය යුතු නමුත් රික්‌ෂෝකාරයන් අය කළේ සොච්චම් මුදලකි. රුපියලකින්, දෙකකින් පිටකොටුවේ සිට බොරැල්ලට වුවද රික්‌ෂෝවකින් යා හැකි වියෘෘෘෘෘෘ

අගනුවර දැන් හන්දියක්‌ හන්දියක්‌ පාසා ත්‍රිරෝද රථ ගණනාවක්‌ නවත්වා මගීන් එනතුරා බලා සිටින පරිද්දෙන්, රික්‌ෂෝ ද එවක ඒ ඒ තැන්වල නවත්වා තිබුණු අන්දම ද මතකය.

තට්‌ටු ගොඩනැඟිලි හැටියට ඒ කාලයේ වැඩිපුරම තිබුණේ තට්‌ටු දෙක තුනක ගොඩනැඟිලි පමණය. කොටි බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ පරණ මහ බැංකු ගොඩනැඟිල්ල, මීට අඩසිය වසකට පමණ පෙර ඉදිකෙරුණක්‌ වන අතර, ඊට පසුව ඉදි කෙරුණු සෙලින්කෝ ගොඩනැඟිල්ල ලංකාවේ උසම ගොඩනැඟිල්ල විය. උසම ගොඩනැඟිල්ල දැක බලා ගැනීමට හා එහි මුදුනටම ගොස්‌ අවට දැක බලා ගැනීමටද දිවයිනේ සතර දිග්භාගයෙන් මහජනයා ඇදී ආවේ බුරුතුපිටිනි.

ඉංග්‍රීසි ආණ්‌ඩුකාලයේ කොළඹ නගරයේ ඉදි කෙරුණු ගොඩනැඟිලි කීපයක්‌ ගැනද සඳහන් කිරීම මෙතැනට උචිතය. කොටුවේ රජ ගෙදර (ජනාධිපති මන්දිරය), එය අබියස පරණ මහ තැපැල් කන්තෝරුව, කාර්ගිල්ස්‌, මිලර්ස්‌ සාප්පු, ට්‍රාන්ස්‌වර්ක්‌ මන්දිරය, එය අබියස සී. ටී. ඕ. ගොඩනැඟිල්ල, මහ ලේකම් කාර්යාලය, පරණ පාර්ලිමේන්තුව (ජනාධිපති ලේකම් කාර්යාලය), ලේක්‌ හවුසිය, මරදානේ කාර්මික විද්‍යාලය, ටවර් රඟහල, එල්ෆින්ස්‌ටන් රඟහල යනාදිය එම ගොඩනැඟිලිය.

දැන් නම් දවල්ට සහරා කාන්තාරය පරිද්දෙන් අගනුවර උණුසුම් වූවද, එවක මෙතරම් උණුසුමක්‌ දැනුණේ නැත. විශාල ගසුත් කැලෑබද ස්‌ථානත් එවක කොටුවේ පවා තිබීම හා මෙතරම් මෝටර් වාහන කන්දරාවක්‌ එවක නොතිබීමද ඊට හේතුවය. කොටුවේ සම්බුද්ධාලෝක විහාරය පිහිටි ස්‌ථානය එවක කැලෑවක්‌ව පැවති අතර දිනක්‌ මා එතැනින් යන විට, කිනිස්‌සකුත් අමෝරාගෙන මා දෙසට ඉදිරියෙන් දිව ආවේ පික්‌පොකට්‌ කාරයෙකි ෘෘෘෘෘෘෘ

කොටුව පොලිස්‌ ස්‌ථානය හා අධිකරණයක්‌ද පිහිටා තිබුණේ පිළිවෙළින් දැන් හිල්ටන් හෝටලය පිහිටි ස්‌ථානයේ හා ගලධාරි හෝටලය පිහිටි ස්‌ථානයේය.

කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිට මල්වත්ත පාරේ ඉස්‌සර රා තැබෑරුම් කීපයක්‌ තිබිණි. තැබෑරුම් වැස්‌සවීම සඳහා ආර්. ප්‍රේමදාස මහතා දැරුවේ දැඩි ප්‍රයත්නයකි. කෙසේ හෝ අන්තිමේදී තැබෑරුම් වසා දැමීමට හැකි වූ අතර එයින් සන්තෝෂයට පත් නාගරික ජනතා ලැයිස්‌තුවකට මුදල් එකතු කොට, මොරිස්‌ මයිනර් කාර් එකක්‌ මිලදී ගෙන ඒ මහතාට තෑගි දුන්නේ කෘත ගුණ දැක්‌වීමක්‌ වශයෙනි.

මගේ ප්‍රථම කතුවරයා වූ ප්‍රවීන මාධ්‍යවේදී ඩී. ඇෆ්. කාරියකරවන මහතා, දිනක්‌ ප්‍රේමදාස මහතා සමග ගාලු පාරේ අවන්හළකින් බුරියානිවල රස බලා ඇති අතර බුරියානි දෙකේ මිල ගැන කීවොත්, ඔබ විමතියෙන් විමතියට පත් වනු නිසැකය. ගණන කීයද දන්නවද? රුපියල් දහයකි ෘෘෘෘෘෘෘෘ

දැන් ඩීසල්a දුම්රිය ධාවනය කෙරෙන නමුත් ඒ කාලයේ ධාවනය කෙරුණේ, අඟුරු කකා වතුර බිබී දිවූ යකඩ යකුන්ය.

දැන් පොලිස්‌ නිල ඇඳුම කාකි කමිසයත්, දිග කලිසමත් වූවද, එවක කොස්‌තාපල්වරුන්ට හා සැරයන්වරුන්ටද කාකි කමිසයත්, කොට කලිසමත්ය. හිසෙහි පැළඳුවේද කැප් තොප්පියක්‌ නොව කාකි පාට ලොකු තොප්පියකි.

කොළඹ මහ නගර සභා ගොඩනැඟිල්ල දැන් කොළඹ 07 පිහිටා ඇති නමුත් එවකට එය පිහිටා තිබුණේ ගෑස්‌ පහ හන්දියේය. එම ගොඩනැගිල්ල දැනුදු දක්‌නට ඇති අතර යොදාගෙන තිබෙන්නේ ව්‍යාපාරික කටයුතු සඳහාය.

එදා මෙදා තුර අගනුවර මාර්ග රැසක නම් වෙනස්‌ව ගොසිනි. පහත දැක්‌වෙන්නේ ඒ පිළිබඳ විස්‌තරයකි.

ඇල්බියන් පාර - ශ්‍රී ධර්මාරාම පාර, ආමර් වීදිය - ශ්‍රී සුමනතිස්‌ස මාවත, බාබර් වීදිය -මහා විද්‍යාලය මාවත, බේලි වීදිය - මුදලිගේa මාවත, බේස්‌ලයින් පාර - ඩැනිස්‌ටර් ද සිල්වා මාවත, බ්ලූමැන්ඩල් පාර - කේ. සිරිල් සී. පෙරේරා මාවත, බ්‍රවුන්රිග් පාර - කැප්පෙට්‌ටිපොල මාවත, බුqqලර්ස්‌ පාර - බෞද්ධාලෝක මාවත, කැම්බල් පෙදෙස - ආනන්ද රාජකරුණා මාවත, සෙක්‌කු වීදිය - ශ්‍රී කදිරේසන් වීදිය, චර්ච් වීදිය - සර් මොහමඩ් මාකස්‌ මාකර් මාවත, ඩාලි පාර - ටී. බී. ජයා මාවත, දෙමටගොඩ පාර - ශ්‍රී විජයරාම මාවත, ඩි්‍රබර්ග් පටු මඟ - ජයන්ත වීරසේකර මාවත, එඩින්බර්ග් චන්ද්‍ර වංකය - සර් මාකස්‌ ප්‍රනාන්දු පාර, ෆ්ලවර් පාර - සර් අර්නස්‌ට්‌ ද සිල්වා මාවත, ෆොaබ්ස්‌ පාර - දේවානම් පියතිස්‌ස මාවත, ජෙනරල් ලේක්‌ පාර - සර් ෙ-ම්ස්‌ පීරිස්‌ මාවත, ග්‍රීන් පාත් - ආනන්ද කුමාරස්‌වාමි මාවත, ග්‍රීන් වීදිය- සංඝමිත්තා මාවත, ග්‍රීන්ලන්ඩ් පාර - ඉසිපතන මාවත, හයි වීදිය - ඩබ්ලිව්. ද සිල්වා මාවත, කනත්ත පාර - ඩී. ඇස්‌. සේනානායක මාවත, කොච්චිකඩේ වීදිය - ශාන්ත අන්තෝනි මාවත, කෝටබෝම් වීදිය -ශ්‍රීමත් රාමනාදන් මාවත, ලේක්‌ පාර - බාල දක්‍ෂ මාවත, මැකලම් පාර - ඩී. ආර්. විජයවර්ධන මාවත, මැකාති පාර - විෙ-රාම මාවත, මුට්‌බාල් වීදිය - මුතුවැල්ල මාවත, නාරාහේන්පිට පාර - ඇල්විටිගල මාවත, නොරිස්‌ පාර - ඕල්කට්‌ මාවත, පාසන්ස්‌ පාර - චිත්තම්පලම් ගාඩිනර් මාවත, ප්‍රින්ස්‌ වීදිය - සර් බාරොන් ජයතිලක මාවත, රෙක්‌ලමේසන් පාර - අබ්දුල් කාදර් පාර, රයිෆල් වීදිය - ජස්‌ටින් අක්‌බාර් මාවත, රොස්‌මීඩ් පෙදෙස - ආකේඩියා උයන, ෂූ වීදිය - ශ්‍රී බෝධිරාජ මාවත, ෂෝර්ට්‌ස්‌ පාර - කුමාරන් රත්නම් පාර, බඩල් වීදිය - බණ්‌ඩාරනායක මාවත, උතුරු ස්‌කිනර් පාර - ජෝර්- ආර්. ද සිල්වා මාවත, ටොරින්ටන් පෙදෙස - තම්බයියා මාවත, ටරට පාර - ධර්මපාල මාවත, වෝල් වීදිය - ශාන්ත බෙනඩික්‌ වීදිය හා ආදුරුප්පු වීදිය - සර් රත්නජෝති සරවනමුත්තු මාවත.

විමල් වීරසේකර