ප්‍රවීණ ජ්‍යෙdතීර්වේදී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන
මගේ ජීවිතයේ හුඟාක් දේවල් මම ලබාගත්තේ බොහොම වෙහෙස මහන්සියෙන්. සමහර දේවල් දෛවෝපගතයි. සමහර දේවල් හරි කටුකයි. තවත් සමහර දේවල් බොහොම මිහිරියි...
ඒත් ඒ හැම දෙයක්‌ම වටා ගෙතී තිබුණේ හරි අපූරු කතාන්දරයක්. මම කවියෙක් වෙන්නේත් ජ්‍යෙdතීර් ශාස්‌ත්‍රඥයෙක් වෙන්නේත් අන්න ඒ වගේ හරි අපූරු කතා සමාජයට එකතු කරමින්. ඒ වගේ එකක් දෙකක් කියලම අපි අපේ විෂයට බහිමු. මොකද මගේ ජීවිතයයි මේ ජ්‍යෙdතිෂය කියන විෂයයයි දෙකක් නොවෙයි, එකක් නිසා.
අපි පටන් ගමු මගේ උපන් නැකතට අනුව එදා අපේ තාත්තලා මට නම තබාපු හැටි ගැන කතාවෙන්.
මම උපන්නේ කළුතර කළුගඟබොඩ කොහොලාන කියන ලස්‌සන ගමේ. ගෙට පිටිපස්‌සෙන් කළුගඟ. ගෙයි ඉස්‌සරහින් මහපාර... තාත්තා මගේ උපන් නැකතට ලැබුණ අකුරු දෙකකුත් අරගෙන ගිහින් තියෙනවා මට නමක් තියල ලියාපදිංචි කරන්න. අපේ ගෙදරට ටිකක් ඈතින් හිටපු විට්‌ටහච්චි කියන රෙජිස්‌ට්‍රාර් තැන ළඟට. එතුමා ජ්‍යෙdතිෂය ගැන ටිකක් දන්න කෙනෙක්... දරුවගේ නම තියන්න අකුරු හැටියට දුන්නේ ප. පි. කියන අකුරු දෙක. මම මේ හිත හිතා ආවේ පබිලිස් හරි පීතර් හරි දෙකෙන් එකක් කොලුවට තියන්න... තාත්තා කියල තියෙනවා.
විට්‌ටහච්චි මහත්තයා උපන් වේලාව ඉල්ලගෙන ගණන් හදලා කියලා තියනවා... ආපෝ ඒ නම් හරියන්නේ නැහැ. මේකා රජපැටියෙක් වෙනවා. අපි දාමු අනාගත රජ ගෙදරකට ගැලපෙන අලුත් තාලේ නමක්... ඔන්න ඔහොමයි මගේ නම පියසේන රතුවිතාන වුණේ.
ඊට පස්‌සේ මම හැදුණේ වැඩුණේ ඒ ගමේ.
මී අඹ, ඇටඹ, ගැටඹ, අට්‌ටික්‌කා, බාදුරා, බකිනි, දං, මාදං, හිඹුටු ආදී පලතුරු අතර කෙළිදෙළෙන් ගතව ගිය බාල කාලයට පස්‌සේ කොහොලාන බෞද්ධ කනිෂ්ඨ පාසලට ඇතුළු වෙලා ඉගෙන ගත්තා.
ඉගැනීමට මම සමත්කම් පෑව නිසා ගුරුවරු මට ආදරය කළා. එක පාරක් මම ගියා පාසල් යන එක අත්හැරලා පිනුම් ගහන්න. ඒ කාලේ හිටියා මලකඩුවා කියල ලංකාවම දන්නා පිනුම් කාරයෙක්. නැට්‌ටුවෙක්. එයාගේ ගෝලයා මැද්දවත්තේ තෝමස්... හරි අපූරු කරණං පිනුම් ගහන නැට්‌ටුවෝ දෙන්නෙක්. එක පාරක් ඔය මලකඩුවව හිරේට දැම්මාම හිරගෙදර තාප්පෙට උඩින් පිනුමක් ගහලා මිනිහ ගෙදර ආවා.
එක වරක් ඒ දෙන්නා ගමට ඇවිත් ගමේ ගොඩේ තරුණයන්ට පිනුම් ගහන්න උගන්නන්න පටන් ගත්තා. කොල්ලෝ ඉස්‌කෝලේ යැම අතහැරලා ගියා පිනුම් ගහන්න. ඉතින් මාත් ගියා. අන්තිමේ අපේ පන්තිය භාර ගුරුවරයා ඇවිත් මෙයා පිනුම් ගහල හරියන්නේ නැහැ... ඉගෙනීමට බොහොම දස්‌සයා කියලා මාව අරන් ගියා.
එදා ඉඳල මම හොඳට ඉගෙන ගත්තා. ජ්‍යෙෂ්ඨයත් සමත් වුණා. ගමේ පුණ්‍යවර්ධන සමිතියේ තිබුණ රාත්‍රි ඉංගී්‍රසි පාසලෙන් ඉංගී්‍රසිත් හොඳට ඉගෙන ගත්තා.
ඔය කාලේ මට තිබුණා ලොකු හිටිවන කවි පිස්‌සුවකුත්. මම ප්‍රසිද්ධ කවි මඩු බලන්න යනවා. ඒ කාලේ ප්‍රකට කවියෝ වන තිස්‌ස සිරිවර්ධන, කොහොලානේ සේන, පලාතොට අමර, විමල් රණසිංහ, සුසිල් කරුණාමුණි, පනාපිටියේ සේනාරත්න වැනි අය කවි කියන මඩුවලට මම ගිහින් කවි අහගෙන හිටියා. එහෙම අහගෙන ඉඳලා මමත් කවි කිව්වා. මටත් හොඳට කවිපද බඳින්න පුළුවන් වුණා. හිටිවන කවිත් කිව්වා.
දවසක් සිළුමිණ පත්තරේ තිබුණ කවි තරගයකට මම කවි පන්තියක් යෑව්වා. ගම්බද තරුණයා කියන මාතෘකාව යටතේ කවි තරගයක්. මම ඒකට ලියපු කවිය පළමු තැන අරගෙන තිබුණා. ඒ කවිය පත්තරේත් පළ වුණා. මට ඒ නිසා මගේ කවි ගැන හොඳ විශ්වාසයක් තිබුණා.
ඔය කාලේ දවසක් මම ගියා අපේ පොඩි අක්‌කා බැඳලා ගිහින් පදිංචිවෙලා හිටපු අත්තිඩියේ ගෙදරට. එතන තිබුණා විශාල තොරණක්. ඒ තොරණ ළඟ කවුදෝ කෙනෙක් කොළයක ලියාගත්ත කවි වගයක් කිය කියා තොරණ විස්‌තර කරනවා. මේ මොන එකක්‌ද කියලා මට හිතුනා. මම එතනට ගිහින් කිව්වා එතන ඉන්න ප්‍රධානියාට ඇයි මීට වඩා හොඳ නැද්ද හිටිවන කවියෙක් තොරණේ විස්‌තරය කිව්වා නම් කියලා.
මුලදී යෝජනාව ප්‍රතික්‍ෂේප වුණත් දෙවැනි, තෙවැනි දවසේ නැවත නැවත මම ඉල්ලන විට මට අවස්‌ථාවක් දීල බලන්න එයා කැමැති වුණා.
මගේ හිටිවන කවි අහලා එයාලා පුදුම වුණා. තොරණ බලන්න එන අයටත් මම කවියක් කියලා රුපියලක් අය කළා. වැඩේ හරිම ජනප්‍රිය වුණා.
ඊට පස්‌සේ මම දිගටම එතන කවි කියන්න වුණා. මට කුලිය හැටියට එයාලා දුන්නා රුපියල් 15 ක්. ඒක එදා ලොකු ගාණක්.
ඒ කාලේ ලංකාවේ බෞද්ධ පාසල් සාමාන්‍යාධිකාරී ලෙස වැඩ කළේ ඊ. ඩබ්ලිව්. අධිකාරම් මැතිතුමා. ඒකෙ ලේකම් ඇම්. ඩී. චන්ද්‍රසේන මැතිතුමා. චන්ද්‍රසේන මැතිතුමා තමයි මේ තොරණ කළේ. ඒ උත්තමයා මං ගැන පැහැදිලා මට කතා කරල මගේ අධ්‍යාපන සුදුසුකම් අහලා මෙහෙම කිව්වා.
මම තමුන්ට ගුරු පත්වීමක් හදල දෙන්නම්. ඒක හොඳට කරන්න ඕන කියලා. ඔන්න ඔතනින් පස්‌සේ තමයි මම පාඨශාලාචාර්යවරයෙක් වුණේ.
ඔය වෙනකොට කවියෙක්, ලේඛකයෙක් විදියට මම තරමක් ප්‍රසිද්ධයි. පත්තරවලට සඟරාවලට නිතර නිතර ලිව්වා. ඒත් ජ්‍යෙdතිෂය කියන දේ ගැන හසරක්‌වත් ඒ වන විටත් දැනං හිටියේ නැහැ.
ඔය කාලේ මම විවාහ වුණා. ටික කලකට පසු පුතෙකුත් උපන්නා. මම ගියා පුතාට උපන් නැකතට අනුව වේලාවක් බලලා කේන්ද්‍රයක් හදාගන්න ජ්‍යෙdතීර්වේදියෙක් ළඟට. ඒ උත්තමයා මට කිව්වා මහ පුදුම කතාවක්.
මේ ළමයා හරි දුර්වලයි... හඳහනක් හදන්න ඕන නැහැ. ආයුෂ පෙන්නුම් කරන්නේ නැහැ. ඕන්නම් අවුරුදු 12 ක් ජීවත් වෙයි කියලා. මම විශාල දුකකට පත් වුණා ඒ උත්තරෙන්.
මම තව තවත් අය ළඟට ගියා. ඒ හැම කෙනෙක්‌ම ඔය උත්තරය දීල 12 ඉලක්‌කයම කිව්වා... මට ජීවිතේ එපා වෙන තරමට වේදනායි.
ඔන්න ඔය කාලේ ලංකාදීපයේ කර්තෘ හිටියේ චන්ද්‍රරත්න මානවසිංහ මැතිතුමා. මාව උන්නැහේ ළඟට එක්‌කරන් ගියේ ඩී. බී. සෙනෙවිරත්න මහත්තයා. එයා මගේ බලාපොරොත්තු අලුත් කළා.
රතුවිතාන යන්න කෑගල්ලේ ඉන්නවා "සරා ගුරුන්නාන්සේ" කියලා කෙනෙක්. එයා ළඟ ඔය වගේ ප්‍රශ්නවලට උත්තර තියනවා. ඔන්න මට ජ්‍යෙdතිෂය ගැන උනන්දුවක් ඇති වුණ වෙලාව. මම ගියා එතනට.
මම දන්නේ සාමාන්‍ය ජ්‍යෙdතිෂය විතරයි. ඊට අනුව නම් මෙයා ජීවත්වන්නේ අවුරුදු 12 තමයි... සරා ගුරුන්නාන්සේ කිව්වා.
නැද්ද මේ මරණය කල්දමා ගන්න ක්‍රමයක්. මම ඒ අසීරු ප්‍රශ්නය ඔහුගෙන් ඇහුවා. මාව පුදුම කරවමින් එතුමා අපූරු උත්තරයක් දුන්නා.
ඒ ගැන ලියවිලා තියනවා භාව ජ්‍යෙdතිෂයෙ. ඔබ යන්න භාව ජ්‍යෙdතිෂය දන්න කෙනෙක් හොයාගෙන... මම ඇහුවා කොහේද එහෙම කෙනෙක් ඉන්නේ කියලා... එතුමා කිව්වා මෝඩර්න් පොත් සමාගමෙන් අහන්න කියලා.
මම ගියා එතැනට. එතැනින් දුන්නා පැපිලියාන ප්‍රදේශයේ ඉන්න ඕ. ඒ. පෙරේරා කියලා වෙද මහත්තයකුගේ නමක්. මම මේ ප්‍රශ්නය එතුමගෙන් ඇහුවාම එතුමා මෙහෙම කිව්වා.
මේක නම් රජෝ අමාරු වැඩක්. මේක භාව ජ්‍යෙdතිෂයෙන් කරන්න බෑ. ජයමිණි ජ්‍යෙdතිෂයේ තමයි ඕකට උත්තර තියෙන්නේ. හැබැයි ජයමිණි ජ්‍යෙdතිෂය දන්න අය ලංකාවේ නැහැ... ඉන්නේ ඉන්දියාවේ... ප්‍රශ්නයට උත්තරය ඒක වුණාම මම හරියට කලකිරුණා. ඒත් ජ්‍යෙdතිෂය කියල කියන්නේ මොකක්‌ද කියලා පොතපත හොයාගෙන හදාරන්න පටන් ගත්තා. මගේ දරුවා මරණයෙන් ගොඩගන්න ඉන්දියාවට ගිහින් හරි ජයමිණි ජ්‍යෙdතිෂය හදාරන්නයි මට වුවමනා වුණේ.
ඔය අතරේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධියකටත් සූදානම් වෙමිනුයි හිටියේ. ඔහොම ඉන්න අතරේ හරි අපූරු දෛවෝපගත සිදුවීමක් වුණා.
එතකොට ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා ලංකාවේ අගමැති. එතුමාගේ මැතිනියට සෙංගමාලය හැදිලා අසාධ්‍ය වෙලා හිටියා. ඔය වෙලාවේ එතුමියගේ කේන්ද්‍රය බලලා තියෙන්නේ නයිදු කියලා ඉන්දියානු ජාතික ජ්‍යෙdතීර්වේදියෙක්. එතුමා කියලා තියනවා මැතිනිය බේරාගන්න නම් ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට ඉඳන් ප්‍රාණ සෙත් කවියක් ගොතලා දින හතක් ඒක එතැන කියවන්න ඕන කියලා.
ප්‍රාණ කවි කියන්නේ සෙත්කවිවල ඉහළම එකට... ඒවා ලියන්න ජගතෙක් එදා ලංකාවේ නොහිටි තරම්. ඡේ. ආර්. මහත්තයා ඔය ගැන අහලා තියෙන්නේ ලංකාදීපයේ එවකට හිටපු කර්තෘවරයාගෙන්... මොකද මානවසිංහ මහත්තයා තමයි ලංකාවේ ඊට හිටපු නියම සුදුස්‌සා. එතුමා ඒ වන විට අන්ත්‍රා වෙලා. ලංකාදීපයේ චන්ද්‍ර සී. කුලරත්න කියන මහත්තයා තමයි කියල තියෙන්නේ මානවසිංහ මහත්තයාගෙන් ප්‍රාණ කවි ලියන්න ඉගෙනගත්ත පියසේන රතුවිතාන කියලා ගෝලයෙක් ඉන්නවා. එයා නම් නියම දක්‍ෂයා කියලා.
මෙන්න එයාලා මාව හොයාගෙන ආවා. මාව හොයාගෙන ආවේ ඔය දැන් සින්දු කියන සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ලොකු අයියා වන ධර්මදාස එදිරිසිංහ.
ඡේ. ආර්. මහත්තයා මාව යෑව්වා අර නයිදුයි, ධර්මදාස එදිරිසිංහයි එක්‌ක අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ළඟට... අර ප්‍රාණ කවිය කියන්න. අපි දින 7 ක් වගේ හිටියා. ඒ අතරේ තමයි මම අර ජයමිණි ජ්‍යෙdතිෂය පිළිබඳ ප්‍රශ්නය නයිදුට ඉදිරිපත් කළේ.
නයිදු කිව්වා ජයමිණි ජ්‍යෙdතිෂය ඉගෙන ගන්න කලින් සාමාන්‍ය ජ්‍යෙdaතිෂය, භාව ජ්‍යෙdතිෂය හොඳින් ඉගෙනගෙන ඉන්න ඕන කියලා. ඇත්තටම මම ඒ වන විට සරා ගුරුන්නාන්සේ ළඟත් ඕ. ඒ. පෙරේරා වෙද මහත්තයා ළඟත් යම් යම් පොත්පත්වලිනුත් ජ්‍යෙdතිෂය හොඳට හදාරලා කේන්ද්‍රයක් බලලා පලාපල කියන තත්ත්වයට දැනුම දියුණු කරගෙනයි හිටියේ. නයිදු අහපු ප්‍රශ්නවලට මම දීපු උත්තරවලින් ඔහු පැහැදුනා. ඔහු මට ගෙනත් දුන්නා සංස්‌කෘත පොතක්... මෙන්න මේක තමයි ජයමිණි ජ්‍යෙdතිෂය කියන්නේ කියලා.
මම ඒ පොත හාමුදුරු කෙනකු ලවා පරිවර්තනය කරවාගෙන හොඳින් හැදෑරුවා. ජයමිණි ජ්‍යෙdතිෂය මම ඉගෙන ගත්තේ එහෙමයි. පස්‌සේ තවත් වැඩිදුර හැදෑරුවා. ඉන්පසුව තමයි මම ලිව්වේ "ආයුබල නිර්ණය හා ජ්‍යෙdතීර් රෝග නිවාරණය" කියන පොත.
මගේ පුතා සම්බන්ධයෙන් කළ යුතු ප්‍රතිකර්ම හා ශාන්තිකර්ම මම අකුරටම කළා. ඊට අමතරව තිබුණා රත්රන් අළු මිශ්‍ර කරලා හදන දුර්ලභ ගණයේ බෙහෙතක් ශරීරගත කරන්න ඕන කියලා ප්‍රතිකර්මයක්. ඒ බෙහෙත මට හදලා දුන්නේ ප්‍රසිද්ධ බානගල වෙද මහත්තයා. අද ඔය ඉන්න බානගල දොස්‌තර මහත්තයාගේ පියතුමා.
මම ඒ ඔක්‌කොම කරල අවුරුදු 12 න් මැරෙනවා කියපු මගේ පුතාව මම මරණයෙන් ගලවා ගත්තා. මරණය අනාගතයට පලවාහැරියා. ඒ දරුවා තමයි කිත්සිරි රතුවිතාන කියන්නේ. අද මටත් වඩා දක්‍ෂ ජ්‍යෙdතීර්වේදියෙක්. ඇත්තටම මරණය පරාජය කරන්න පුළුවන්. හුඟක් අය මේක දන්නේ නැහැ. ඇතැම් තැන් තියනවා තවත් එහාට කල් දමා ගන්න බැරි.
ඔය අතරේ මම හුඟක් අනාවැකි කිව්වා පොතපත ලිව්වා. ප්‍රසිද්ධ අයට ප්‍රතිකර්ම කළා. රාජරාජ මන්දිරවල නායකයෝ ඉතා ළඟින් ඇසුරු කළා. ඒ හැමෝගෙම වගේ හඳහන් බැලුවා... නැකැත් හැදුවා.
එකපාරක් මම ළඟට ආවා මහත්තයෙක්. එයාගේ නෝනට තියන ශරීරාබාධයක් නිසා ස්‌වාභාවික දරු ප්‍රසූතියට යන්න බෑ. ශල්‍යකර්මයක් කරන්න ඕන. ශල්‍යකර්මය කරල බබාව ගන්න හොඳ නැකැත් වේලාවක් දෙන්න කියලා බබාගේ උපන් නැකත විදියට.
මම නෝනගේ වෙලාව ඉල්ලන් බැලුවා. එහි ශල්‍යකර්මයකට කිසිදු යෝගයක් නැහැ. මම කිව්වා මේ නෝනට කිසිදු ශල්‍යකර්මයක් නැහැ. දරුවා ප්‍රසූත කරනවා ස්‌වාභාවිකව මාර්තු මාසේ 01 දා කියලා.
ඒත් ඕනම නම් මෙන්න කියලා මම වෙලාවකුත් හදලා දුන්නා. අන්තිමේදී මොකද දන්නවද වෙලා තියෙන්නේ. වෙලාවට අනුව අර නෝනව ශල්‍යකර්මයට ගන්න හදනකොටම දොස්‌තර මහත්තයට ආවලු හදිසි අනතුරක් ගැන පණිවුඩයක්. එතුමා ශල්‍යකර්මය කල් දාලා යන්න ගිහින්. නෝනට හරියටම මම කියපු දින එනම් මාර්තු 01 වැනිදා දරුවා ඉපදිලා.
ඔය සිද්ධිය ඒ මහත්තයා පත්තරේට ලිව්වා. ඒකෙනුත් මාව හරි ප්‍රසිද්ධ වුණා.
මම අනාවැකි කියන්නෙක් ලෙස රටේ ප්‍රසිද්ධ වුණා. දේශපාලනඥයෝ තම අනාගතය ගැන රාජයෝග ගැන බලන්න මාව හොයාගෙන ආවා. සමහර රාජ්‍ය නායකයෝ මට ළඟ මිත්‍රයෝ වුණා. ඔය රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමා මගේ හොඳ මිතුරෙක්. ඒ වගේම විජය කුමාරතුංග, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක, ඡේ. ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක මාව ළඟින් ඇසුරු කළා.
මම එක පාරක් ප්‍රභාකරන්ගේ කේන්ද්‍රය හමුවෙලා ඔහුගේ මරණය ගැනත් අනාවැකියක් කිව්වා. ඔහු ජලාශ්‍රිත ප්‍රදේශයකදී ඝාතනය වන අයුරු හා කාලවකවානු මම කිව්වා. ඒක පළවුණේ ඔයාලගේ වත්මන සඟරාවේ. ඒ සඟරාවේ එම ලිපිය සහිත පිටපත ප්‍රභාකරන්ගේ මරණයට පසු හමුදාවට අත්පත් වුණු බඩු අතර ප්‍රභාකරන්ගේ රහස් ලියකියවිලි සහිත පෙට්‌ටියක තිබී සොයාගෙන තිබෙනවා. ලංකාවේ කවුරුවත් ඔය වගේ අනාවැකි කියල නැහැ දිනවකවානු සහිතව.
එතකොට ප්‍රේමදාස මහත්තයාගේ මරණය මම ඔහුට කිව්වා. සිකුරු මහ දශාව ලබා තිබියදී බාධක රාශියෙහි යෙදුන ඒරාෂ්ඨක අවස්‌ථාවකට මුහුණදී සිටින නිසා මාරක අවස්‌ථාවකට මුහුණපා සිටින වග මම ඔහුට කිව්වා. මේෂ ලග්නයට සිකුරු මාරක ග්‍රහයා 2-7 ස්‌ථානවලට අධිපතියා වී සිටින නිසයි මාරක දශාව උදා වුණේ.
මම කිව්වා සර්... මැයි දිනයේ රැස්‌වීමට යන්න. ඒත් ඔබතුමා පෙළපාලියට නම් යන්න එපා කියලා. මම එහෙම කිව්වේ මරණය සිදුවන්නේ චිර රාශියකදී හෙවත් මහමඟදී බව මම දැන සිටි නිසා. ඒත් එතුමා කරුණාවෙන් හිනාවෙලා මම දිහා බලලා මෙන්න මෙහෙම කිව්වා.
කමක් නැහැ රතු... මම මැරුණට කවුද අද මම වෙනුවෙන් අඬන්න ඉන්නේ කියලා... එතුමා දැඩි කලකිරීමකින් හා හිත්තැවුලකින් තමයි හිටියේ. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය එතුමාගේ පිට පටවන්න සමහරු උත්සාහ කිරීම ගැන එතුමා බලවත් සේ කලකිරී සිටියා.
එතුමාගේ වදන් එදා මගේ පපුවට මහ බරක් ලෙස දැනුන තවත් දවසක් නැහැ...
ඒ වගේම ගාමිණී දිසානායක මහත්තයාට අවශ්‍ය වුණා එතුමා ඉන්න ගේ ඉදිරි කෑල්ල කඩලා තව විශාල කරල හදන්න. එතුමා ඒක බලන්න මාව එක්‌ක ගියා. එතකොට එතුමා ජනාධිපති අපේක්‍ෂක වෙලා.
මම කිව්වා ඒක ඒ විදියට කඩල වෙනස් කරන්න එපා. එහෙම කළොත් වාස්‌තු විද්‍යා ශාස්‌ත්‍රයට අනුව ගෘහමූලිකයාට අපලයි කියලා.
එතුමා ඇහුවා අපල නම් කොහොමද ජනාධිපති අපේක්‍ෂකකම වගේ වාසනාවක් ලැබුණේ කියලා. මම කිව්වා ඒ ආශිර්වාදය තුළ මේ මාරකය සැඟවී ඇති කියලා. එතුමා ඒක එදා පිළිගත්තේ නැහැ. ජයමිණි ජ්‍යෙdතිෂයේ දැක්‌වෙන ආයුබල විනිශ්චය සිද්ධාන්ත අනුව මට පුළුවන් කෙනකුගේ මරණය සිදුවන අවස්‌ථා මෙහෙමයි... ඒකෙන් වැළකෙන අවස්‌ථාව තිබේ නම් පමණක් ඒවා මෙහෙමයි කියලා කියන්න. හැබැයි සමහරුන්ට අපිට කෙළින් කියන්න බැහැ. සමහරු පිළිගන්නේ නැහැ. සමහර නායකයෝ ළඟ ඉන්න බාගෙට ඉගෙන ගත්ත ජ්‍යෙdතීර්වේදියෝ කියන අය ඕවා දන්නේත් නැහැ.
ඒ වගේම මම ගාමිණී දිසානායක මහතාට කියපු දේවල් අහලා ඒවා නිසි අයුරින් එතුමා පිළිපැදලා තිබුණා නම් අද අපේ රටේ දේශපාලන ඉතිහාසය මීට වෙනස්. ලලිත් ඇතුලත්මුදලි මහතාටත් එහෙමයි. බැරි වෙලාවත් ප්‍රේමදාස මහතා අවසාන මොහොතේ මා කියූ දේ විශ්වාස කර ජයමිණි ජ්‍යෙdතිෂයට අනුව කළ යුතු ප්‍රතිකර්ම කර තිබුණා නම් ඒක අපේ රටේ දේශපාලන ඉතිහාසය මීට ඉදුරාම වෙනස්... බණ්‌ඩාරනායක පවුලේ සමහර අයටත් එහෙමයි.
ජ්‍යෙdතිෂය හරියට පිළිපැද්දා නම් හුඟ දෙනකුට මේ රටේ දේශපාලන ඉතිහාසය මීට වඩා වෙනස් කරන්න ඉඩ තිබුණා.
ජ්‍යෙdතිෂය තුළින් මරණය කල් දමාගන්නා ආකාරය ගැන ලබන සතියේ කියවමු.
ජ්‍යෙdතිෂය තුළින් ජීවිතය ජයගන්නා මාර්ගය ගැන අද පටන් සෑම ඉරිදාවකම අප සමග කතාබහ කරන්නේ මේ රටේ ප්‍රවීණතම ජ්‍යෙdතීර් ශාස්‌ත්‍රඥයාය. ජ්‍යෙdතිෂයේ වහලකු නොවී ජ්‍යෙdතිෂය ජීවිතයේ සහකරුවකු කරගන්නා ආකාරය ගැන ඔහු අපට කියා දෙනු ඇත. අද අපි මෙම ලිපි මාලාව අරඹන්නේ ඔහු ප්‍රවීණ කවියකු, ජ්‍යෙdaතීර්වේදියකු ලෙස ජීවිතය ආරම්භ කළ ආකාරය ගැන කතාකරමිනි. ජ්‍යෙdතීර්වේදයේ අපි නොදන්නා අක්‌මුල් ඔහුගේ දැනුම තුළින් සොයා යන මේ ලිපි මාලාව තුළින් සෑම සතියකම පාඨකයන්ගේ ප්‍රශ්න 5 කට ද පිළිතුරු දීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
අතිශය පෞද්ගලික කේන්ද්‍ර ගැටලු හැර ජ්‍යෙdතිෂ විෂයේ ඇති ගැටලු හා ගැඹුරු තැන් නිරවුල් කරගැනීමට ඉදිරියේදී මේ ලිපිනයට ලියා විමසන්න...
සාකච්ඡා කළේ බුලිත ප්‍රදීප් කුමාර