ජාතික ගීය දෙමළෙන් ගැයීම අයිතියක්.. දෙමළෙන් ජාතික ගීය කිව්වම අපි සන්තෝෂ වෙන්න ඕන..

ජාතික ගීය දෙමළෙන් ගැයීම අයිතියක්.. දෙමළෙන් ජාතික ගීය කිව්වම අපි සන්තෝෂ වෙන්න ඕන..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම පුරවැසි අයිතියක් වන බව රජය පවසයි.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ නොහැකි බව පැවසෙන කිසිදු නීතියක්රට තුළ නොතිබූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

පසුගිය දා පැවැත්වුන ජාතික විධායක සභා රැස්වීමක දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ ලබා දිය යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් වුන අතර ව්‍යවස්ථාවේ සඳහන් කාරණයක් නැවතත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැති බව තමන් එම අවස්ථාවේ පෙන්වා දුන් බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

‘ව්‍යවස්ථාව අනුව ජාතික ගීය දෙමළ බසින් ගායනා කරන්න පුළුවන්. ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවසරය අවශ්‍ය නැහැ, පසුගිය රජයේ නායකයන්ට ඒ ගැන ප්‍රශ්න තිබුනත් කැබිනට් ඇමතිවරයෙක් ලෙස මම උතුරු පලාතේ උත්සවවල දී ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න ඉඩ දුන්නා’ ඇමතිවරයා පවසයි.

පසුගිය රජය සමයේ තමා උතුරු පළාතේ සහභාගි වූ උත්සව වලදී ජාතික ගීය සිංහලෙන් ගායනා කළ යුතු බවට උපදෙස් දීමට යුද හමුදාව ඉදිරිපත් වුනත් තමා ඊට ඉඩ නොදී ව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

‘එවැනි අවස්ථාවක ජාතික ගීය සිංහලෙන් කිව්වම අපි පස් දෙනකුට තේරෙයි. එහේ මිනිස්සු ඔක්කොම දන්නේ නැහැ මොනවද ඒකෙන් කියවන්නේ කියලා, දෙමළෙන් කිව්වොත් ඔක්කොටම තේරෙනවා. ඒ මිනිස්සු දෙමළෙන් අපේ ජාතික ගීය කිව්වම අපි සන්තෝෂ වෙන්න ඕන නේද?’

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු නව නීතියක් පනවා නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

‘අමුතුවෙන් අනුමැතියක් දෙන්න අවශ්‍ය නැහැ, තියෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න ජනාධිපති කෙනෙක් අමුතුවෙන් අනුමැතිය දෙන්න ඕන නැහැ.ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවේ තියෙන අයිතියක්’ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

– BBC

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us